කේන්දරෙන් කියවෙන ඔබේ රැකියාව

0
852
කේන්දරෙන්
කේන්දරෙන්

[ratings]

ඕනෑම පුද්ගලයකුගේ කේන්ද්‍රයේ භාව හෙවත් කොටු 12 ක්‌ ඇත. ඉන් 10 වැනි භාවය රැකියාවට මූලික වන අතර අනෙකුත් භාවයන්ද රැකී රක්‍ෂා කටයුතු පිළිබඳ පලාඵල අනාවැකි සඳහා බොහෝදුරට උපකාරී වේ. උප්පත්ති කේන්ද්‍රයට අනුව යෙදෙන බලවත් යෝගවලින් ඇතිවන බල දුබල තත්ත්වයන් හමුවේ ඇතැම්විට මේවායේ වෙනස්‌කම්ද ඇතිවිය හැකිය.

එබැවින් සෑම විටම ජන්මියකුගේ රැකියාව පිළිබඳ අනාවැකි පළ කිරීමේදී දහවැන්නේ සිටින ග්‍රහයා පමණක්‌ සලකා රැකියාව කෙසේද යන වග තීරණය කළ නොහැකිය.

පළමු භාවය බලවත් වීමෙන් පාලන ක්‍ෂේත්‍රයේ දක්‍ෂතා දක්‌වන්නකු වන අතර මන්ත්‍රී ධුර, දිසාපති, තානාපති ධුර වැනි නිලතලවලට හිමිකම් කීමේ වාසනාව ඔවුන් සතුය. තැනට සුදුසු නුවණ හා නිර්භීතකම එවැන්නන්ගේ ප්‍රධාන ගති ලක්‍ෂණ වේ. දෙවැනි භාවය බලවත් වීමෙන් මුදල් ක්‍ෂේත්‍රය හා බැඳුණු රැකියාවලට යොමුවන අතර බැංකු ප්‍රධානීන් ව්‍යාපාර හිමිකරුවන් වීමේ භාග්‍යය එවැනි අයට හිමිය.

ඒ හැරුණු විට නිවේදන කටයුතුවලින්ද උසස්‌ ප්‍රතිඵල ලැබීමේ වාසනා ගුණය හිමිය.

තුන්වැනි භාවය බලවත් වීමෙන් ආරක්‍ෂක අංශයන්හි උසස්‌ නිලතල ලැබීමද වෘෂභ ලග්නයේ ඉපිද ලග්න භාවයේ සිකුරු පිහිටීමෙන් කලා අංශයේ දක්‍ෂයෙකු වීමද සිදුකරයි. ප්‍රසිද්ධ ලේඛකයන් වීමේ භාග්‍යයද මොවුනට හිමිය.

හතරවැනි භාවය බලවත් වූවන් ඉඩම් හිමි වැවිලිකරු, රථ වාහන ගෙන්වා බෙදා හැරීම හා විදේශගතව තම ආර්ථික දියුණුව උදාකර ගනී. පස්‌වැනි භාවයෙන් ගුරු වෘත්තිය, නීති, මිනින්දොaරු, ග්‍රාම නිලධාරී ආදී තනතුරු ලාභ දැකිය හැකි අතර රසායන ක්‍ෂේත්‍රයේ විද්‍යාඥයන් වීමට තරම් භාග්‍යයක්‌ මොවුනට ඇත. හයවෙනි භාවය බලවත් වීමෙන් වෛද්‍ය, රසායනාගාර කටයුතු, සාත්තු සේවා, ඖෂධවේදී කටයුතු ආදියෙන් දියුණු වේ.

සත්වෙනි භාවය බලවත් වූ විට ස්‌ත්‍රී රෝග, සෝම රෝග පිළිබඳ විශේෂඥයින් වීමේ හැකියාව පවතින අතර මෝස්‌තර ශිල්පීන්, රූපලාවන්‍ය කටයුතු ආදියට සමත්කම් දක්‌වන්නන් වන අතර සුවඳ විලවුන් විසිතුරු භාණ්‌ඩ හා ක්‍රීඩා භාණ්‌ඩ අලෙවියෙන් දියුණු වීමට වාසනාව ඇති වේ.

අටවෙනි භාවය බලවත් වීමෙන් අවමංගල සේවා ආයතන තුළින් දියුණුව සලසා ගන්නා අතර එම ව්‍යාපාර සඳහා ඉතා ප්‍රසිද්ධියට පත් වේ.

නමවෙනි භාවය, බලවත් වීමෙන් සුළු වශයෙන් හෝ පාප ක්‍රියාවන්ට හසුනොවී ලෝ වැසියන්ගේ ප්‍රශංසා මධ්‍යයේ ඕනෑම රැකියාවක ඉතා සාර්ථකව නියෑළීමට දක්‍ෂ වන අතර ඕනෑම දෙයක්‌ එක්‌වර දුටු පමණින් කළ හැකි වීම මොවුන් සතු විශේෂත්වයකි.

දහවැනි භාවය බලවත් වීම තුළ රාජ්‍ය අංශයේ රැකියා ලැබීමට වාසනාව උදාවේ. ලේඛකයන්, විවිධ ක්‍ෂේත්‍රවල විද්‍යාඥයන් වී ලෝක පූජිත වීමටද මෙවැන්නන්ට භාග්‍ය ඇති අතර මුද්‍රණ කර්මාන්තයෙන්ද දියුණුව සැලසේ.

එකොළොස්‌ වැනි භාවය බලවත් වූවන්ට උකස්‌ අංශයේ රැකියා හිමිවන අතර රන් භාණ්‌ඩ නිෂ්පාදනය, අලෙවිය මැණික්‌ කර්මාන්තය නියෝජනය කරයි. දොළොස්‌වන භාවය බලවත් වීම තුළින් උපන් ගමෙන් පිටදී දියුණුව ලබන අතර කැටයම් කර්මාන්තය, පොල් වගාව, අලෙවිය, පොහොර නිෂ්පාදනය හා අලෙවිය තුළින් තම දියුණුවට මාර්ගය සලසා ගනී.

මීට අමතරව ජන්ම පත්‍රයේ පිහිටි විවිධ ග්‍රහ යෝගද රැකියා සඳහා ප්‍රබල ලෙස බලපෑම් ඇති කරයි. මේවා ධන යෝග, රාජ යෝග ලෙස හැඳින්වේ. ඒ හැරුණු විට රැකියා ලබා ගැනීමේදී විවිධ බාධකද මතුවිය හැක. බොහෝවිට මේ සඳහා ඒ ඒ පුද්ගලයාගේ ග්‍රහ අපලද බලපායි.

බොහෝ අවස්‌ථාවල කෙනකුගේ කේන්ද්‍රයට අනුව ඔහුට හිමි රැකියාව කුමක්‌ද යන්න සෙවීමේ කාර්යයේදී ඒ සඳහා ලග්නයෙන් ලැබෙන්නේ අර්ධ පිළිතුරකි. එබැවින් සම්පූර්ණ නිගමනයකට එළැඹීමට නම් අදාළ පුද්ගලයාට හිමි නවාංශකයද පරීක්‍ෂා කර බැලිය යුතු අතර කරුණු කාරණා හොඳින් තේරුම්ගෙන කල්පනාකාරීව සිහි බුද්ධියෙන් කටයුතු කිරීම තුළින් සියලු බාධක මගහරවා ගනිමින් තමාට හිමි ජීවන වෘත්තිය තුළින් ජීවිතය ජයග්‍රහණය කළ හැකිය.

We found this article from Divaina on 2012/01/06.
Also Sinhala to English Google word to word translation can be found here