කේන්දරේ හදන සාස්‌තරේ පාඩම් මාලා අංක 07

0
1424
පලාඵල
පලාඵල

[ratings]

අදාළ රාශියේ නවාංශකය නැකත හා නැකත් පාදය හඳුනා ගත යුත්තේ වම් පැත්තේ මුල්ම තීරුවේ ඇති ස්‌පුඨය අනුවය. උදාහරණයක්‌ වශයෙන් සාදන ලද කේන්දරයේ ලග්නය මකර වී එහි ලග්න ස්‌පුඨය 80, 180 වූවායෑයි සිතමු.ලග්න ස්‌පුඨය 8, 10 අයත් වන්නේ ස්‌පුඨ තීරුවේ 60, 400 ත් 100, 000 ත් අතරටය. එසේ නම් එම තිරස්‌ තීරුවත් මකර රාශිය සඳහන් වන 10 නි සිරස්‌ තීරුවත් යන තීරු දෙක එකට කැපෙන ස්‌ථානයේ “මී – උසල 4” යනුවෙන් සඳහන්ව ඇත. මෙයින් අදහස්‌ වන්නේ නවාංශක රාශිය මීන බවත්, නැකත උත්‍රසල බවත්, පාදය 4 බවත්ය. අනෙකුත් සෑම ලග්නයකදීම නවාංශක රාශිය, නැකත හා නැකත් පාදය සොයා යන්නේ මේ ආකාරයටය.

කේන්දරේ

බොහෝ පරණ කේන්දර වල නවාංශකය වැරදි ආකාරයට සඳහන් කර ඇත. මෙම ශාස්‌ත්‍රය මුඛ පරම්පරාගතව පැවත ඒමේදී ගුරු උපදේශයන් වරද්දවා තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක්‌ එයට බලපා ඇත. ස්‌ත්‍රී උපතකදී පුරුෂ රාශියකට අයත් නවාංශකයක්‌ ලැබුණොත් එය ස්‌ත්‍රී නවාංශක රාශියකට මාරු කරති. පුරුෂ උපතකදී ස්‌ත්‍රී නවාංශකයක්‌ ලැබුණොත් එය පුරුෂ නවාංශක රාශියකට මාරු කරති. එය තදබල වැරැද්දකි.

අපේ පෞද්ගලික සිතුම් පැතුම් අනුව උප්පත්තියේදී දරුවා ලබන ජ්‍යෙdතිෂ්‍ය පිහිටීම වෙනස්‌ කිරීම වැරදි ආකාරයට කේන්දරයක්‌ හදනවා හා සමාන ඉතා තදබල වැරැද්දකි. ජ්‍යෙdතිෂ ප්‍රකාශනයකදී එය සෘෂිවරුන්ගේ ප්‍රකාශ වලට යටත් වූ පදනමකට පාදක විය යුතුය. එසේ නොවී එක්‌ එක්‌ කෙනාගේ අදහස්‌ මෙම වටිනා ශාස්‌ත්‍රය තුළට ඇතුල් කළහොත් ශාස්‌ත්‍රයේ ඉදිරි පැවැත්මට තදබල හානියක්‌ සිදුවේ. එපමණක්‌ නොව පරණ කේන්දර වල ලග්න ස්‌පුඨයද සඳහන් කර නැත. පලාපලයක්‌ පැවසීමට මෙවන් කේන්දරයක්‌ අතට ගත් විට එය ලොකු අඩුපාඩුවක්‌ වේ. ලග්න ස්‌පුඨය සඳහන් නොකිරීම නිසා පලාපලය බැලීමට සූදානම් වන තැනැත්තාට එම කේන්දරයට අදාළ 22 නි දෙර්කාණාධිපති හඳුනාගත නොහැකිවා පමණක්‌ නොව ෂඩ් වර්ගය හඳුනා ගැනීමට ද අපහසු වන්නේය. පුස්‌කොළ වලින් සාදන ලද කේන්දර කෙරෙහි සාමාන්‍ය ජනතාව දක්‌වන්නේ මහත් විශ්වාසයකි. එම කේන්දර වල මෙවන් අඩු පාඩු ඇති බව ඔවුන් දන්නේ නම් එම පිළිගැනීම වියෑලී යන්නේය. එපමණක්‌ නොව එවැනි කේන්දර වල නැකතක්‌ ගණ යෝනි තත්ත්වයද පිළිවලට අංගසම්පූර්ණව සටහන් කර නැත. මා මෙහිදී ඔවුන් විවේචනය කරනවා නොව අංගසම්පූර්ණ නිවැරදිව කේන්දරයක්‌ සාදා දීම වැදගත් කොට සිතට ගැනීමට උනන්දු කරවීමටය.

අප දැන් උදාහරණ කේන්දරයේ නවාංශක රාශිය කුමක්‌ද කියා හඳුනා ගැනීමට උත්සාහ කරමු. මීට ඉහතින් අප විසින් සාදන ලද ලග්නය හා ස්‌පුඨය වූයේ වෘශ්චික 110 580 ය. භාව කේන්දර සෑදීමේ ගණිත වගු පොතේ 30 නි පිටුවට යොමු වෙමු. එහි යටින් ඇති කොටුවේ පළමු සිරස්‌ තීරුවේ 100 000 – 130 200 අතර ස්‌පුඨය සඳහන් තිරස්‌ තීරුවත් වෘශ්චික රාශිය සඳහන් සිරස්‌ තීරුවත් දෙක එකට කැපෙන ස්‌ථානයේ තුලා – අනුර 3″ වශයෙන් සඳහන් වන නිසා උදාහරණ වෘශ්චික කේන්දරයේ නවාංශක රාශිය තුලා වන අතර ළමයාගේ උපන් නැකත අනුව 3 නි පාදය වේ.

දැන් අපි ලග්න කේන්දරය මෙන් කේන්දර කොටුවක්‌ පහත සඳහන් අයුරු ඇඳ එම කේන්දරය මැද තුලා නවාංශකය යනුවෙන් සඳහන් කර ගත යුතුව ඇත. මෙම කේන්දරය වටේටද එක්‌ එක්‌ රාශීන් හිමි කර ගන්නා භාව වල නම් සටහන් කිරීම සඳහා පිටින් කුඩා කොටුවක්‌ ඇඳ ගන්න. එය ග්‍රහයන් පිහිටුවීම සඳහා ද පහසුවක්‌ ඇති කරවයි. කේන්දර සෑදීම සඳහා හොඳ පුහුණුවක්‌ ලැබුවාට පසු මෙම කොටුව අවශ්‍ය කරන්නේ නැත.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here