[ratings]
එනම් ලඝූ දෙකේ එකතුව සිදු වු අංශක කලා ගණන හඳුනාගැනීමටය. ලඝූ දෙකේ එකතුවේ අගය ලඝූ චක්‍රයේ මැද ප්‍රදේශයට අවතීරණය වී බැලිය යුතුය. එසේ සොයා ගෙන එම තීරුව දිගේ ඉහළට ගොස් අංශක අගයත් හරහට ගොස් කලා අගයත් ලබා ගන්න. එකතුවේ සංඛ්‍යාවටම නොතිබුනහොත් එයට ඉතා කිට්‌ටු සංඛ්‍යාවට ඇති අංශක කලා ගණන ලබා ගන්න. ඉන්පසු එම අංශක කලා අගයට ළමයා උපන් දවසේ රාශි ස්‌පුඨය එකතු කර ගන්න.
භාව කේන්දර සෑදීමේ ගණිත වගු පොතේ 30නි පිටුවේ ඇති වගුවෙන් එම රාශි ස්‌පුඨය අනුව සඳු ග්‍රහයා ගමන් කරන රාශීන් ඉදිරියේ ඇති උපන් නැකතත් නැකත් පාදයත් ලබා ගෙන සටහන් කර ගන්න. මෙම අවස්‌ථාවේ හඳුනා ගත් රාශිය අදාල නවාංශක කේන්දරය තුලින් හඳුනාගෙන එම රාශිය තුල “ච” යන්න යොදා සඳු පිහිටුවා ගන්න. මෙම අවස්‌ථාවේ හඳුනා ගත් නැකත ළමයාගේ උපන් නැකත වන අතර ඉදිරියෙන් සඳහන්ව ඇති අංකය නැකත් පාදයක් වේ. ඉන් අනතුරුව මහ දශා ශේෂය ද සාදාගත යුතු වන්නේ සඳු වෙනුවෙන් සාදන ලද ගණිත ක්‍රියා කාර කම මුල් කර ගෙනමය. ඒ සඳහා සඳු ගමන් කළ රාශිය හා ස්‌පුඨය පදනම් කර ගෙන භාව කේන්දර සෑදීමේ ගණිත වගු පොතේ 21 වෙනි පිටුවේ ඇති “චන්ද්‍ර ස්‌පුඨය” අනුව විංශෝත්තරී මහ දශා වගුව ” උපයෝගි කර ගෙන මහ දශා ශේෂය සොයා ගත යුතුය.
මෙම වගුවේ පළමු සිරස් තීරුව ඇත්තේ අංශක 00 සිට අංශක 15 40 දක්‌වා වන අතර එතැන් සිට අංශක 30 දක්‌වා 22 නි පිටුවේ සදහන්ව ඇත. දෙවැනි සිරස් තීරුවේ මේෂ, සිංහ, ධනු, යන රාශි තුන වෙනුවෙන්ද තුන්වැනි සිරස් තීරුවේ වෘෂභ, කන්‍යා, මකර වෙනුවෙන් ද හතර වෙනි.
තීරුවේ මිථුන, තුලා, කුම්භ වෙනුවෙන්ද පස්‌වෙනි තීරුවේ කටක, මීන වෙනුවෙන්ද වෙන් වී ඇත.
උදාහරණයක් වශයෙන් සඳු ග්‍රහයා කන්‍යා අංශක 5 කලා 20 ගමන් කරන්නේ නම් කන්‍යාට අයත් සිරස් තීරුවක් අංශක 5 කලා 20 දරණ තිරස් තීරුවත් එකට කැපෙන තැන වර්ෂ 2 යි මාස 1 දින 6 ක් වශයෙන් සඳහන්ව ඇති අතර ඊට ඉහළින් රවි කියා සඳහන්ව ඇත. එයින් අදහස් වන්නේ සඳු ග්‍රහයා කන්‍යා අංශක 5 කලා 20 ගමන් කරන විට හෙවත් ළමයා උපන් දවස වන විට රවි ග්‍රහයාගේ මහ දශාව උදාව පැවැති බවත් එම මහ දශාව ගෙවී අවසන් වීමට එතැන් සිට තවත් වර්ෂ 2 යි මාස 1 යි දින 6 ක් ඉදිරියට ශේෂව පවතින බවය.
මෙහිදී සැලකිල්ලට ගත යුතු විශේෂ කරුණක් ඇත. එනම් ස්‌පුඨය තීරුවේ අගයත් සඳහන්ව ඇත්තේ අංශක 20 න් 20 ට වැඩි වේවී යන පිළිවලටය. හොඳින් වගුව පරීක්‍ෂා කර බලන විට මෙය ඔබට වැටහෙනවා ඇත. අංශක 01 සිට 20 දක්‌වා අතර දශා කාල ප්‍රමාණයක් දැන ගැනීමට අවශ්‍ය වූ විට 23 නි පිටුවේ ඇති “චන්ද්‍ර ස්‌පුඨයේ කලා වලට මහ දශා වගුව ” උපයෝගී කර ගෙන බැලිය යුතුය.
උදාහරණයක් වශයෙන් චන්ද්‍රයා ගමන් කල රාශි ස්‌පුඨය කටක අංශක 16 කලා 45 ක් වුයේ යෑයි සිතමු. එවිට අංශක 16 කලා 40 සඳහන් තිරස් තීරුව හා කටක රාශිය සඳහන් වන අන්තිම තීරුව යන තීරු දෙක එකට කැපෙන ස්‌ථානයේ වර්ෂ 17 මාස 00 දින 00 ක් වශයෙන් සඳහන් වේ. ඊට ඉහළින් බුධ වශයෙන් සඳහන් වන්නේ බුධට අයිති මහ දශා ශේෂය පෙන්නුම් කිරීමටය. තව කලා 5 ක් ඉතිරිව ඇත. එම කලා 5 ට මහ දශා ශේෂය බැලීම සඳහා 23 නි පිටුවේ ඇති චන්ද්‍ර ස්‌පුඨයේ කලා වලට මහ දශා වගුවේ බුධ යටතේ කලා 5 ට අගය වශයෙන් මාස 1 යි දින 8 පැය 6 සිට මි. 00 වශයෙන් සඳහන්ව ඇත.
මෙම අගය ඉහතින් අප විසින් සොයා ගන්නා ලද මහ දශා ශේෂයෙන් අඩු කළ යුතුය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here