[ratings]
මීළඟට කුජ ග්‍රහයා නවාංශක කේන්දරයේ පිහිටුවා ගැනීමට කටයුතු කළ යුතුය. පෙරදි රවි ග්‍රහයා නවාංශකයේ පිහිටුවා ගැනීමට කටයුතු කළ ආකාරයට කුජ ග්‍රහයා පිහිටුවා ගැනීමට කටයුතු කළ යුතු අතර ඊළග ග්‍රහයන් වන බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු, කේතු, යුරේනස් හා නැප්චුන් යන ග්‍රහයන් ද නවාංශක කේන්දරයේ පිහිටුවා ගැනීමට කටයුතු කළ යුතුවේ.
අප දැන් මේ වන තෙක් සාදා ගෙන ආ උදාහරණ නවාංශක කේන්දරයේ රවි ඇතුලු ග්‍රහයන් පිහිටුවා ගැනීමට යොමු වෙමු. මේ සඳහා ලංකා පංචාංග ග්‍රහස්‌පුඨ ලිතේ 94නි පිටුව පෙරලා ගන්න. ග්‍රහ අනුපිළිවල අනුව පළමුවෙන් රවි ග්‍රහයා තුළ නවාංශක කේන්දරයේ පිහිට විය යුතුය.
ලිතේ රවි නවාංශක වාරය නමැති තිරස් තීරුවට යොමු වී ළමයා උපන් සැප්තැම්බර් මාසයේ 9නි දිනට යොමු වන්න. 94 නි පිටුවේ දකුණු අත පැත්තේ තීරුවේ සැප්තැම්බර් 6 වන දින සටහන්ව ඇති අතර ඊළඟට සඳහන්ව ඇත්තේ සැප්තැම්බර් 10 දිනය. සැප්තැම්බර් 6 දා සඳහන් තිරස් තීරුව දිගේ නවාංශකය යනුවෙන් සඳහන් සිරස් තීරුව වෙත එන්න. එහි “තු” යන්න කියා සඳහන්ව ඇත. තු යන්නෙන් සඳහන් කර ඇත්තේ තුලා නමැති රාශියේ මුල් අකුරටයි.
ඒ ආකාරයට මෙම තීරුවේ ඉහළ සිට පහළට රාශින් සටහන් කර ඇත්තේ අනුපිළිවෙළටය. ඉඩ සීමාව සැලකිල්ලට ගෙන රාශින්ගේ නම් වල මුල් අකුර පමණක් සටහන් කර ඇත.
මෙම සටහන අනුව තේරුම් ගත යුතු වන්නේ සැප්තැම්බර් 6 නි දින නාවික පැය 22.48 ට (22.48 – 12.00 =රාත්‍රි 10.48 ට) රවි ග්‍රහයා තුලා නවාංශක රාශියට පැමිණි බවය.
සැප්තැම්බර් 6 දින සම්මත ඔරලෝසු වේලාවෙන් රාත්‍රි 10.48 ට තුලා නවාංශකයට පැමිණි රවි ග්‍රහයා සැප්තැම්බර් 10 දින උදේ 9.10 වනතෙක්‌ම තුලා නවාංශකයේම ගමන් කරන බවය. ඒ අනුව සැප්තැම්බර් 6 දින, සැප්තැම්බර් 7 දින, සැප්තැම්බර් 8 දින, සැප්තැම්බර් 9 දින යන කාල තුලදී රවි ග්‍රහයා සැරිසරන්නේ තුලා නවාංශක රාශිය තුළදීමය.
එසේ නම් උදාහරණ කේන්දරයේ ළමයා උපන් 9 නි දින තුළදී ද රවි ග්‍රහයා තුලා නවාංශකයේ සිටින නිසා උදාහරණයට ගත් තුලා නවාංශක කේන්දරයේ තුලා නවාංශක රාශියට අයත් පළමු කොටුවේ “ර” යන්න යොදා රවි ග්‍රහයා පිහිට විය යුතුය.
මීළඟට සඳු ග්‍රහයා නවාංශක කේන්දරයේ පිහිටුවීමත් ඒ අනුසාරයෙන් උපන් නැකත හා නැකත් පාදය සොයා ගැනීමත්, මහ දශා ශේෂය සොයා ගැනීමත් කළ යුතුය. මේ සඳහා පහතින් විස්‌තර කර ඇති තොරතුරු ගැන අවධානය යොමු කරන්න.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here