[ratings]
සෙනසුරු ග්‍රහයා ගැන කතා කරනවිට ඇතමුන් තුළ බියක් පවතී. මොහු කෘෂ ශරීරයකින් හෙබි රතුවන් ඇස් ඇති වාතාධික, කම්මැලි හා කුසීතවූ කොර, මහලු හිඟන්නෙකු ලෙස පුරාණාචාර්යවරුන් හඳුන්වා තිබේ. දිළිඳුකම හා අවාසනාවන්තකම පොදි බැඳගත් වැඩියෙන් දුක් විඳින්නෙකු ලෙස සෙනසුරු ගැන කියවේ.
ශනි ග්‍රහයා දුෂ්ට ග්‍රහයෙකු බව කීවත්, ඔහු යම් කේන්ද්‍ර සටහනක බලවත්ව ශුභ දෘෂ්ටි ලැබ සිටින්නේ නම් අශුභ ඵල අපේක්‌ෂා කළ නොහැකිය. කේන්ද්‍රයේ සෙනසුරා 07 වැන්නේ සිටීම නිසා විවාහ මංගල කටයුතුවලට අශුභ තත්ත්වයන් උදාකරන්නේ යෑයි ඇතැම් හු කියති.
විවාහස්‌ථානය වූ 07 වැන්නේ ශනි බලවත්ව (ස්‌වකේෂත්‍ර/උච්ච) සිටී නම් ශුභ ඵල අපේක්‌ෂා කළ හැකිය. ශනි ස්‌වක්‌ෂේත්‍රවන්නේ මකර කුම්භ ලග්න වලටයි. උච්ච වන්නේ තුලා ලග්නයටයි. මේෂයට නීච වන අතර, කටක, සිංහ, වෘශ්චික රාශිවලට සතුරුවේ. වෘෂභ, මිථුන, කන්‍යා රාශිවලට මිත්‍රවේ. ධනු, මීන දෙකට සමවේ.
උච්ච ස්‌වක්‌ෂේත්‍ර බලයෙන් ශනි 07 වැන්නේ සිටි විට නියම වයස් කාලයේදී විවාහ මංගල යෝග උදාවී යහපත් සහකාරියක හෝ සහකරුවකු ලැබේ. සෙනසුරු 07 වැනි ස්‌ථානයේ නරක අංශයක සිටීමෙන් එහිදී ශනිට පාප ග්‍රහයෙකු පෙනුනොත් සහකාරියට හෝ සහකරුට යහපත් තත්ත්වයක් අපේක්‌ෂා කළ නොහැකිය. විශේෂයෙන්ම ශනි කුජගේ දැක්‌මට ලක්‌වීමෙන් විවාහයේ ගැටලු හා දෙදෙනාගෙන් එක් අයෙකු වෙන්වීම සිදුවේ. හත්වැන්න අධිපතියා ශනි වී අධික බලයෙන් යුක්‌තව සිටිනවා. යහපත් සැපවත් විවාහ මංගල්‍යයක් සිදුවනු ඇත.
දිග් බල ස්‌ථානයක් වූ හත්වැන්නේ ශනි යෙදීමෙන් ගෘහ ජීවිතයේ දුක් කරදර, දොම්නස් තත්ත්වයන් හොඳින් තේරුම් කරගෙන ඒවා ඉවසා, පසු කාලීනව සමාජයේ දැන උගත් ප්‍රකට අයකු බවට පත්වන්නේය. විවාහය දෙදරා යන තත්ත්වයක් උදානොවේ.
එසේම ශනි 07 වැන්නේ සිටීම නිසා විවාහය ප්‍රමාද වීම්ද ඇති කරයි. අසනීප තත්ත්වයේ පසුවන (ලෙඩ රෝග වූ) සහකරුවකු හෝ සහකාරියක ලැබෙන්නටද ඉඩ තිබේ. මෙය බොහෝ දුරට තහවුරු වන්නේ හත්වැන්නට වැටෙන සෙසු බලවත් ග්‍රහයන්ගේ දෘෂ්ටි අනුවයි. පාප ග්‍රහයන්ට (රවි, කුජ, රාහු, කේතු, අව සඳු) පෙනීම සිදුවී නම් ශුභ දායක තත්ත්වයක් අපේක්‌ෂා කළ නොහැකිය. හත්වැන්නේ සිටින ශනිට පාපයන්ගේ දැක්‌ම ඇතිවීමෙන් පවුල් ජීවිතයේ (විවාහ) නා නා විධ අසමානතා උද්ගතවේ. බලවත්ව සෙනසුරු 07 වැන්නේ තැන්පත්ව සිටීනම් බිරිඳගෙන් දේපළ දැවැදි ලැබේ. එසේම බිරිඳටද සහකරුගෙන් වස්‌තුව දේපළ ලැබීමේ භාග්‍ය උදාකරයි.
සිංහ ලග්න හිමියන්ගේ ශනිs 07 වැන්නේ (කුම්භ) සිටීමෙන් විවාහ දිවිය වාසනාවන්ත වේ. එවන් පුරුෂයෙකුට හෝ ස්‌ත්‍රියකට ලැබෙන සහකාරිය හෝ සහකරු ලස්‌සන රූප හෝභාවක් ඇති වන්නේය. එසේම බල රහිතව 07 සිටින ශනිට පාප ග්‍රහයෙකු පෙනීමෙන් යුග දිවියේ එක් අයෙකුගේ මරණයද කලින් සිදුවීමට ඉඩ තිබේ. මෙය විශේෂයෙන් කුජ ග්‍රහයා කෙරෙහි බලපානු ලබයි. විවාහ පොරොන්දම් ගැලපීමේදී ශනි 07 සිටින හඳහන්වලට ශනි 07 ට හෝ ශනිට 07 පෙනෙන හඳහන් හෝ ගලපා ගත හැකිය. එසේම ශනිට යෝග්‍ය වූ වෙනත් බලවත් ග්‍රහයෙකු 07 සිටින කේන්ද්‍රද ගැලපේ.
ස්‌ත්‍රී පක්‌ෂයේ උදවියගේ හඳහන්වල ශනි 07 වැන්නේ සිටීමෙන්ම විවාහය ගැන අශුභ අදහස් ඇති කර ගැනීම නුසුදුසුය. එවන් කේන්ද්‍රවලට ගැලපෙන කේන්ද්‍ර කොතෙකුත් තිබේ. හත්වැන්න අධිපතියා සමඟ 05 අධිපතියාද සිටීනම් ආලය ප්‍රේමය පදනම් කරගෙන විවාහය සිදුවීමට පුළුවනි. 07 වැන්න සෙනසුරුගේම රාශියක් වී එහි ශනි සිටිවිට විවාහය ඉක්‌මන් කරවයි. එසේම එකී විවාහය වාසනා වන්ත විවාහයක් ලෙසද සැලකිය හැකිය. ශනිගේ දශා කාලයක වුව විවාහය සිදුවීමට ඉඩකඩ සැලසෙන්නේ විවාහ කාරක ග්‍රහයින්ගේ අතුරු දශා විදශාවලදීය.
මේ ලග්න හිමියන්ගේ 07 වැන්න සිකුරට අයත් තුලා රාශියවේ. ශනිට තුලාව උච්ච නිසා උගත්, වාසනාවන්ත සහකරුවකු, සහකාරික ලැබේ. විවාහයෙන් පසු දියුණුව වැඩිවේ.
වෘෂභ ලග්න හිමියන්ගේ 07 වැන්න අයත් වන්නේ රජටයි. විවාහය යහපත්ය. සහකරු හෝ සහකාරිය උත්සාහයෙන්ම දියුණුවට පත්වේ.
මිථුන ලග්න හිමියන්ගේ 07 වැන්න වන්නේ ගුරුට අයත් ධනුවයි. ගුරු 07 සිටින මිථුන ලග්න හිමියන්ටද උසස් විවාහයක් කරගත හැකිය. ඇතැම් විට විවාහය ප්‍රමාද වීමටද ඉඩ ඇත.
කටක ලග්න හිමියන්ගේ 07 වැන්න අයත් වන්නේ ශනිටයි. (මකර) ශනි සිකුරුට කේන්ද්‍ර ගතව සිටී නම් ඉතා වාසනාවන්ත උසස් විවාහයක් සිදුවේ.
සිංහ ලග්න හිමියන්ගේ 07 වැන්න අයත් වන්නේත් ශනිටයි. (කුම්භ) ශනි 07 වී නම් යහපත් ඉක්‌මන් විවාහයකි. එසේම එයට වැඩි කල් ගත නොවේ.
කන්‍යාවෙන් උපන් ලග්න හිමියන්ගේ 07 වැන්න අයිතිවන්නේ ගුරුටයි (මීන) ගුරු 07 සිටින කන්‍යා ලග්න හිමියන්ගේ විවාහය වැඩි කලක් සාර්ථකව ගෙනයා නොහැකි වන්නේය. විවාහයේ ප්‍රීතිය අඩුවේ.
තුලා හිමියන්ගේ 07 අයිතිවන්නේ කුජටයි. වැඩිකල් නොගොස් යහපත් විවාහයක් කුජ 07 සිටින තුලා ලග්න හිමියන්ට සිදුවේ.
වෘෂ්චික ලග්න හිමියන්ගේ 07 වැන්න අයිති වන්නේ සිකුරුටයි. විවාහය වාසනාවන්තයි. එය ප්‍රමාද නොවේ.
ධනු ලග්න හිමියන්ගේ 07 වැනි ස්‌ථානය අයත්වන්නේ බුධටයි (මිථුන) බොහෝ විට ඥති සබඳතා මත විවාහය සිදු වීමට පුළුවන. සැපවත් විවාහ ජීවිතයකි.
මකර ලග්න හිමියන්ගේ 07 වැන්න අයත් වන්නේ සඳුටයි. (කටක) සඳු 07 සිටින මකර ලග්න අයට උත්සාහවන්ත සහකරු, සහකාරියක ලැබේ. විවාහයෙන් පසු ජීවිතය ඉතාමත් සාර්ථක වෙයි. එහෙත් සඳුÊ07 වැන්නේ ශනිගේ දෘෂ්ටි ලබා සිටීමෙන් විවාහය ප්‍රමාදවේ. එතරම් සඵලදායක නැත. එහෙත් කුජගේ දෘෂ්ටි ලැබීමෙන් විවාහය ඉක්‌මන් වේ.
කුම්භ ලග්නයෙන් උපන් අයගේ 07 වැන්න අධිපතියා වන්නේ මේ ග්‍රහයාය (සිංහ) විවාහය ගැන පවතින අධික අපේක්‌ෂාව නිසා එය ප්‍රමාද කරයි. ඥති සම්බන්ධතා ඇති සහකරු, සහකාරියක් විවාහයට ලැබේ. විවාහය වාසනාවන්තයි. මීන ලග්නයෙන් උපන් අයගේ 07 වැන්න අයත්වන්නේ බුධටයි. (කන්‍යා) ගුණවත් නැණවත් සහකරුවකු හෝ සහකාරියක ලබයි. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකිය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here