[ratings]
උපත ලබන ගැහැණු පිරිමි හැමකෙනකු සඳහා ම ජන්ම කේන්ද්‍රයක් සකසා ගත හැකිය. කේන්ද්‍රයක් නොමැති කිසිම කෙනකු දැන් සොයාගත නොහැකි තරම්ය.
කේන්ද්‍රයක කොටු දොළහකි. එම කොටු දොළහ සලකුණු කෙරෙන්නේ, ඔරලෝසු කටුව ගමන් කරන පැත්තට නොව, වාමාවෘතවය. කේන්ද්‍රයේ ඉහළින්ම මැද පිහිටි කොටුව එකය. වම් පැත්තේ මැද පිහිටි කොටුව හතරය. පහළ මැද පිහිටි කොටුව හතය. දකුණු පස මැද පිහිටි කොටුව දහයය. කොටු දොළහ සලකුණු කිරීම ඒ ආකාරයට සිදු කෙරෙන අතර, රාශි දොළහ හා භාව දොළහ යනුවෙන් ද එම කොටු දොළහ හැඳින්වීම නක්‍ෂත්‍රයේදී සිදු කෙරෙන දෙයකි.
ජ්‍යෙdතිශ් ශාස්‌ත්‍රයට අනුකූලව, ලග්න ස්‌ථානය, කේන්ද්‍රයක ඉහළින් මැදලස්‌සේ පිහිටි පළමුවැනි කොටුවය. ධන ස්‌ථානය, සහෝදර ස්‌ථානය, බන්ධු ස්‌ථානය, පුත්‍ර ස්‌ථානය, ශත්‍රැස්‌ථානය, කලත්‍ර ස්‌ථානය මාරකස්‌ථානය, පුණ්‍ය ස්‌ථානය, කර්මස්‌ථානය, අයස්‌ථානය හා වැය ස්‌ථානයද වශයෙන් සැලකෙන්නේ, පිළිවෙළින් දෙකේ සිට දොළහ දක්‌වා ඇති සෙසු කොටුය.
මේ භාව දොළසේ කිසියම් භාවයක සුභ ග්‍රහයන් පිහිටා ඇත්නම් හෝ ශුභ ග්‍රහ දෘෂ්ටීන් ඊට බලපා ඇත්නම් එම කේන්ද්‍ර හිමියා අභිවෘද්ධියකට පත්වන බවත්, පාප ග්‍රහයන් පිහිටා ඇත්නම් හෝ පාප ග්‍රහ දෘෂ්ටීන් බලපා ඇත්නම් කේන්ද්‍ර හිමියාට අසුභ තත්ත්වයක් උදාවන බවත් ජ්‍යොතිෂයේ සඳහන් ය.
ලග්න ස්‌ථානය ද ඇතුළු එම ස්‌ථාන දොළහේ ඒ ඒ ස්‌ථානවලින් පෙන්නුම් කෙරෙන පල විපාක මෙසේය.
1. ලග්න ස්‌ථානය – අදාල පුද්ගලයාගේ රූප ස්‌වභාවය, වර්ණය, තලකැලැල් ආදී ලක්‍ෂණ, ජාතිය, වයස් ප්‍රමාණය ලබන සැප සම්පත් හා මුහුණ දෙන දුක් දොම්නස් සහ සැහැසි බව.
2. ධන ස්‌ථානය – හිමිවිය හැකි රිදී රත්තරන් වැනි ලෝහ වර්ග, ගනුදෙනු කරන ස්‌වභාවය, රුවන්ද ඇතුළු ධන සම්පත හා සංග්‍රහ කටයුතු.
3. සහෝදර ස්‌ථානය – සොයුරු සොයුරියන්, දැසි දසුන් අනුන් යටපත් කිරීමට ඇති හැකියාව හා තමන් බලා කියා ගන්නා දරුමල්ලන් යනාදීන්.
4. බන්ධු ස්‌ථානය – මිතුරු මිතුරියන්, ගෙවල්දොරවල්, වාසය කරන ගම බිම, කෙත්වතු හා හරකාබාන.
5. පුත්‍ර ස්‌ථානය – නැන නුවණ, දරුඵල, මන්ත්‍ර ශාස්‌ත්‍ර හා විද්‍යා ශාස්‌ත්‍ර, යනාදිය.
6. ශත්‍රැ ස්‌ථානය – තමන්ට සිටින සතුරන්, කරන කෲර ක්‍රියා. වැළඳෙන ලෙඩ රෝග හා නැදිමයිලන්.
7. කලත්‍රස්‌ථානය – යුද ගැටුම්වලට ඇති ඉඩකඩ, වෙළහෙළදාම් කටයුතු, විවාහ ජීවිතය හා ගමන් බිමන් යනාදිය.
8. මාරක ස්‌ථානය – ගංගා ද ඇතුළු ජලය සහිත ස්‌ථානයන්හි කෙරෙන ගමන් බිමන්, මාර්ගයන්හි ගමන් බිමන්වලදී සිදුවන දුෂ්කරතාවන්, ආයුෂ ප්‍රමාණය හා ඇති විය හැකි අනතුරු මාරක යනාදිය.
9. පුණ්‍ය ස්‌ථානය – ධර්මානුකූලව දිවි පෙවෙත ගත කිරීම, වාසනා ගුණය, ශීලවන්ත භාවය, පුණ්‍ය ස්‌ථානය වෙතට කරන ගමන් බිමන් හා හික්‌මුණු ගතිය යනාදිය.
10. කර්ම ස්‌ථානය – ව්‍යාපාර මුද්‍රා, රාජ්‍යමාන, පියාට දක්‌වන ගෞරව සැලකිලි හා කරන විශේෂ කටයුතු යනාදිය.
11. වැය ස්‌ථානය – ඇතුන්, රන්වන් සේසත්, මංගල්‍යයන් හා ලාභ යනාදිය.
12. බැස ස්‌ථානය – සිදුවිය හැකි කරදර හානි, දානමාන කටයුතු, මිල මුදල් වැය වීම්, මුහුණ දිය හැකි දඬුවම් හා බන්ධනයන් යනාදිය.
හිරු, සඳු, කුජ, බුධ, ගුරු, කිවි, ශනි, රාහු හා කේතු යන නවග්‍රහයන්, එක් එක් පුද්ගලයාගේ කේන්ද්‍රයන්හි, එක් එක් ස්‌ථානවල රැඳී සිටිය හැකිය. ඒ නිසා එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයට පල විපාක අත්විය හැකිය.
පින්වත් පුද්ගලයන්ගේ ග්‍රහ පිහිටීම් යහපත් ආකාරයට සිදුව ඇත. අකුසල් කර ඇති අයගේ ග්‍රහයන් පිහිටා ඇත්තේ පීඩා ගෙන දෙන ආකාරයකටය. කෙනකු කර ඇති කුසල් අකුසල් අනුව ග්‍රහ පිහිටීම් ද එක් එක් ආකාරයට වෙනස් විය හැකිය.
ඒ වග ඔප්පු කිරීම සඳහා කේන්ද්‍ර දෙක තුනකින් උදාහරණ දැක්‌වීමට පුළුවන. බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේත්, ඉන්දියාවේ නිදහස් සටනේ පුරෝගාමියා වූ මහත්මා ගාන්ධිතුමාගේ හා උතුර – නැගෙනහිර වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා අමු තිරිසන් ම්ලේච්ඡයකු පරිද්දෙන්, 30 වසරක් තිස්‌සේ දරුණු සටනක නියෑලී අන්තිමේදී විනාශ වී ගිය වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේත් කේන්ද්‍ර මේ සඳහා උචිතය.
එකදිගට වසර 60 ක් තිස්‌සේ බ්‍රිතාන්‍ය රජ කිරුළ දරා එහි දියමන්ති ජුබිලිය ඊයේ පෙරේදා පැවැත්වූ එළිසබෙත් රැජනගේ කේන්ද්‍රයේ ඒ ඒ ග්‍රහයන් පිහිටා ඇත්තේ මේ ආකාරයෙනි.
එකේ කුජය, දෙකේ ගුරු හා ශුක්‍රය, තුනේ බුධය, හතරේ රවිය, හයේ රාහුය, හතේ චන්ද්‍රයාය, එකොළෙහේ ශනිය. දොළහේ කේතුය,
මකර ලග්න හිමි කර ගෙන මහ රැජින උපත ලැබුවේ 1926 අප්‍රේල් 21 වැනිදාය.
මහත්මා ගාන්ධිතුමා 1869 ඔක්‌තෝබර් 2 වැනිදා උපන් කෙනෙකි. ලග්නය තුලාය.
කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව එකේ කුජ බුධ හා ශුක්‍රය, දෙකේ ශනිය, හතරේ කේතුය, අටේ ගුරුය, දහයේ රාහුය, එකොළහේ චන්ද්‍රයාය, දොළහේ රවිය.
ලෝකයේ දරුණුතම ත්‍රස්‌තවාදියා බවට පත් ප්‍රභාකරන් උපන්නේ 1954 ජුනි 26 වැනිදාය. ඔහුගේ ලග්නය වෘෂභය.
කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටා ඇත්තේ දෙකේ කේතු ද, තුනේ ගුරුද, හයේ ශනි, බුධ හා ශුක්‍ර ද, හතේ රවි හා සඳු ද, අටේ රාහුද, දහයේ අඟහරු ද සිටින ආකාරයටය.
එළිසබෙත් මහ රැජිනගේ ද, මහත්මා ගාන්ධිතුමන්ගේ ද ග්‍රහ පිහිටීම් අනුව හා ලේ උරා බොන රීරියකකු මෙන් ක්‍රියා කළ ප්‍රභාකරන්ගේ ග්‍රහ පිහිටීම් අනුවද කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම් අනුව, ඒ ඒ පුද්ගලයන්ට අත්වන පලාපල මැනවින් තේරුම් ගත හැකිය
We found this article from Divaina on 2012/06/22.
Also Sinhala to English Google word to word translation can be found here