ග්‍රහයන් අනුව ලෙඩ රෝග

3003
ලෙඩ රෝග
ලෙඩ රෝග

තුන්දොස්‌වලින් එකක්‌ දෙකක්‌ හෝ තුනම කිපීමෙන් නොයෙකුත් රෝග පීඩා බලපෑමට හේතු පෙනෙන අතර එයට නවග්‍රහයන් බලපාන්නේ කෙසේද යන්න බලමු. මනුෂ්‍යයාගේ සිත පිළිබඳව බලපාන ප්‍රධානම ග්‍රහයා සඳු වන අතර, සිතට අමතරව සෙම් සහ සෙම් සම්බන්ධ අසනීපද සෙම් ධාතුවට සහ ජලය සම්බන්ධව ද බලවත් වෙයි. ඇස්‌ පිළිබඳව ද සඳු බලපාන අතර රුධිරය, වැඩිම රුධිර ධාවනයන් සඳුගේ බලපෑම අනුව සිදුවෙයි. හෘදයට අධිපතිකම දරන සිව්වන රාශිය වන කටක රාශියේ අධිපති බව ද සඳුට හිමිවෙයි. සඳු ග්‍රහයා දුර්වල වීම හේතුවෙන් ලේ විෂවීම සම්බන්ධ අසනීප ඇති කරයි.

ජන්මියාගේ ආත්ම කාරක ග්‍රහයා වශයෙන් හඳුන්වන රවි, සිංහ රාශියට අධිපති වන අතර, ශරීරය පාලනයේ ප්‍රධානියා ද වෙයි. ඇටවලටත්, දත්වලටත් විශේෂ බලයක්‌ ඇති කරන රවි දුර්වල වූ කේන්දර හිsමියන්ට දත්වල ආබාධ ඇති කරයි. අටවැන්නේ රවි සිටියොත් අඩු වශයෙන් දත් වැටීම සිදුවන අතර දුර්වල රාශිගතව සිටී නම් විකෘති දත් ඇතිවන අතර දෙවැන්නේ රවි සිටීමෙන් ද විකෘති දත් ඇතිවීමට හේතුකරයි.

ස්‌වභාවයෙන්ම උපතින්ම සැඩ පරුෂ කලබලකාරී. නපුරු බලපෑම්වලට සම්බන්ධ ග්‍රහයා වශයෙන් කුජ හැඳින්වෙන අතර, උණුසුමට සම්බන්ධ අසනීප පිළිබඳව ද ප්‍රධානත්වයක්‌ ගනී. ජන්ම කේන්ද්‍රයේ අඟහරුගේ දුර්වලවීමෙන් හිසට සම්බන්ධ අසනීප, ලිඟු පෙදෙසට සම්බන්ධ රෝග, ඇපන්ඩිසයිටිස්‌ රෝගයට ද කුජ ප්‍රධාන වශයෙන් බලපායි.

පෘථිවියට සම්බන්ධතා ඇති බුධ ග්‍රහයා ශරීරයේ සම, මාංශ පේෂි, වා, පිත්, සෙම් ආදී තුන් දොස්‌ සම්බන්ධ අසනීපවලට බලපායි. මිථුන, කන්‍යා රාශිවලට අධිපති වන බුධ දුර්වල වීමෙන් උරහිස්‌, බෙල්ල, බඩ සහ බඩවැල් සම්බන්ධ රෝගවලට හේතු වෙයි. නිව්මෝනියාව, ලිංගික රෝග, උදර රෝග, මුත්‍රා රෝග බලපෑමට හේතු වෙයි.

ධනු, මීන රාශිවලට අධිපති ගුරු ශරීරයේ රස ධාතුවට අධිපති වෙයි. උකුල, කලවා, පාද අයත් වන අතර ගුරු දුර්වල වීමෙන් එම අවයවයන්හි ආබාධ ඇතිවෙයි. බොහෝ විට වකුගඩු අසනීප පිළිකා, ලියුකේමියා වැනි රෝග ද ගුරු දුර්වල වීමෙන් ඇතිවන බව මා කරන ලද කේන්දර පරීක්‍ෂණ අනුව පෙනී ගොස්‌ ඇත. සෙංගමාල රෝගය ද ගුරු දුර්වල වීමෙන් ඇති කරයි.

සඳු ග්‍රහයා සිකුරු ද ජල ගුණයෙන් යුක්‌ත සෙමට සම්බන්ධ රෝග පීඩාවලට ප්‍රධාන වන අතර, ශුක්‍ර ධාතුවට ද විශේෂ බලයක්‌ ඇති කරයි. සිකුරු දුර්වල වීම තුළින් ලිංගික දොaෂ හෝ එවැනි අසනීප ද බලපායි. මුත්‍රා සම්බන්ධ අසනීප, සුද යැමේ රෝගය ද දුර්වල වූ ශරීරයක්‌ ද ඇති කරයි.

මකර, කුම්භ රාශිවලට හිමිකම් ඇති, මනුෂ්‍ය ශරීරයට අධික වධ හිංසා වේදනා මෙන්ම සිතට දුක්‌ වේදනා ගෙන දෙන ග්‍රහයා වශයෙන් ශනි හඳුන්වයි. ශනි දුර්වල වීමෙන් වාතාධික අසනීප හන්දිපත් අමාරු, වේදනා කකුල්වල ආබාධ, කල්ගත වන තුවාල, වන කැළල් ඇති කරයි.

අංශභාගය වැනි අසනීප, ශරීරය කෙට්‌ටු කරන විකෘති කරන, අසනීප, වැටීම් හැපීම්වලින් පීඩා ඇති කරයි. සිතේ දැඩි අසහනය හේතුවෙන් ඇතිවන උන්මාද ගති (පිස්‌සුව) ඇති කරන අවස්‌ථා පෙනේ. කටක රාශියේ ශනි සිටියදී උපන් අයගේ අඩු වයසින් දත් වැටීම, දත් රෝග හේතුවෙන් දත් ගැලවීමට සිදුවෙයි. වෘෂභ ධනු රාශි උදා වී ශනි දුර්වල වී පාප දෘෂ්ටියට අසුවීම ද විකාති දත් ඇතිවීමට හේතුවක්‌ වෙයි.

ඡායා ග්‍රහයන් වන රාහු කේතු යන ග්‍රහයන් දුර්වල වීම තුළින් බලපාන අසනීප අතර, රාහු දුර්වල වීමෙන් ලේ උෂ්ණ සම්බන්ධ අසනීප, ලේ ගමනේ දුර්වලවීම හෝ අධික වීමෙන් ඇතිවන අසනීප, බෝවන රෝග. මුත්‍රා දෝෂ ඇති කරයි. භූත දෝෂ සම්බන්ධ අසනීප වස විෂ ශරීරගත වීමෙන් ඇතිවන අසනීප, උණසන්නිපාත රෝග ඇති කරයි. නින්දේදී බියවීමද ඇති වෙයි. සර්ප විෂ ශරීරයට ඇතුළුවීම ද සිදුවෙයි. කේතු ග්‍රහයා දුර්වල වීමෙන් සෙම්, වාත සම්බන්ධ අසනීප, මුත්‍රා දොaෂ, ශරීරය දුර්වල වීම. ශරීරයේ අප්‍රාණික ගතිය, දද, කුෂ්ඨ, තුවාල ගෙඩි වැනි අසනීප ඇතිවේ. බොහෝ දුරට රාහු ග්‍රහයාට සම්බන්ධ අසනීප කේතු දුර්වල වූ අයට ඇති කරයි.

We found this article from Divaina on 2013/03/01.
Also Sinhala to English Google word to word translation can be found here