ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහයින්ගේ පිහිටීම අනුව පලාපල

3510
ග්‍රහයින්ගේ
ග්‍රහයින්ගේ

[ratings]

ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රයේ සඳහන් ග්‍රහ චක්‍රයේ ප්‍රධාන ග්‍රහයන් නව දෙනෙකි. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, කිවි, ශනි, රාහු හා කේතු එම ග්‍රහයන් නව දෙනාය. කේන්දරයක කොටු දොළහෙන් කොටු නමයක හෝ ඊට අඩු ගණනක මේ ග්‍රහයන් නවදෙනා සිටිනු දැකගත හැකිය.

“මානසාගරී” නමැති පැරණි ජ්‍යෙතිෂ්‍ය ග්‍රන්ථයෙහි දැක්‌වෙන ආකාරයට, මේ ලිපිපෙළෙන් විස්‌තර කෙරෙන්නේ කිsසියම් පුද්ගලයකුගේ කේන්දරයක ඒ ඒ ස්‌ථානවල ඒ ඒ ග්‍රහයන් පිහිටා සිටීමෙන් අත් වන පල විපාකය.

හිරු ග්‍රහයා

1. ලග්නයේ, එනම්, පළමු වැනි කොටුවේ හිරු පිහිටා සිටි අවස්‌ථාවක උපත ලද කෙනකුට බාල වයසේදීම වාගේ ලෙඩ රෝග වැළඳිය හැකිය. අක්‌ෂි රෝගවලින්ද පීඩා විඳීමේ ඉඩ කඩ ඇත. ඇසුරුකම් පවත්වන්නේ, පහත් පළේ පුද්ගලයන් හා සමගය. තමා ජීවත්වන ගෙදරදී ලබන සතුටක්‌ සන්තෝෂයක්‌ නැති තරම්ය. ශරීරයද විකෘති විය හැකිය. දරු මුණුපුරන්ද නොසිටින ස්‌වභාවයකි.

2. හිරු දෙවැන්නෙහි සිටිය කල පුතුන්ගෙන් හීන, කෙට්‌ටු සිරුරක්‌ රත් පැහැති නෙත් යුගළක්‌ හා රළු ස්‌වභාවයේ කෙස්‌ද සහිත, දීන ගති ඇති කෙනෙක්‌ විය හැකිය.

තඹ වැනි ලෝහ සහිත ධනවතකු විය හැකි නමුත් ගෙදර දොරදී නම් සතුටකින් සන්තෝෂයකින් සිටින සෙයක්‌ දක්‌නට නැත.

3. තෙවැන්නේ හිරු සිටියදී උපත ලැබූ විට සොයුරන්ට විපතක්‌ විය හැකි නමුත් මිතුරු මිතුරියන් හා සමග කුලුපගව හැසිරෙන්නට පුළුවන.

පුතුන් ඇතුළු දරු මල්ලන් ඇති, අතමිට සරු ධෛර්ය සම්පන්න, ඉවසීමේ ගති ගුණය සහිත කාන්තාවන්ට ප්‍රියමනාපකමක්‌ දක්‌වන කෙනකු වන්නටද පුළුවන.

4. හතර වැන්නේ හිරු සිටින විට, ජන්ම ලාභය ලැබුවේ නම්, නැදෑයන් සිටින, මුදු මොලොක්‌ සිතක්‌ ඇති, ගීත වාදනයට ඇල්මක්‌ දක්‌වන කෙනකු විය හැකිය. සටන්වලට බිය නොවන සෙයකි. ධනය බෙහෙවින් තිබෙන ස්‌ත්‍රීන්ද බොහෝ සිටිය හැකි රජුන්ගේ ප්‍රසාදය දිනා ගන්නා කෙනෙක්‌ද විය හැකිය.

5. පස්‌ වැන්නේ හිරු සිටින අවස්‌ථාවක උපත ලැබුවහොත් බාල වියේ දී බොහෝ දුක්‌කරදර විඳීමට ඉඩක්‌ ඇත. දිළිඳු ගතියකින් යුතු තරුණ වියේදී ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි කෙනෙක්‌ද විය හැකිය. දරුවකු වශයෙන් ලබන්නේ එකම පුතෙකි. අන් කෙනකු සතු වාසස්‌ථානයක පදිංචිව සිටිය හැකිය. චංචල ස්‌වභාවයේ කෙනකු විය හැකි අතර කෲර ස්‌වභාවයේ වැඩ කටයුතු කරන නරක නපුරු සිතක්‌ සහිත කෙනකු වන්නට ද බැරි කමක්‌ නැත.

6. හය වැන්නේ හිරු සිටි විටක නම් යෝගශීලී, ඥනාන්විත, තමන්ගේ ජනයාගේ හිතසුව පිණිස වැඩකටයුතු කරන තම නෑසියන්ගේ සිත්සතන් සන්තෝෂයට පත් කරන සිහින් සිරුරක්‌ සහිත, තමන් ජීවත් වන වාසස්‌ථානයේදී සැපයකින් සිටින විලාසවත් සතුරන්ගෙන් ජය ගන්නා යහපත් විධියේ කටයුතු කිරීමට කැමැත්තක්‌ දක්‌වන දැඩි ස්‌වභාවයේ අංග සහිත කෙනකු වන්නට ඉඩ ඇත.

7. හිරු හතේ සිටිය දී උපත ලැබුවහොත්, ස්‌ත්‍රී ගති ලක්‌ෂණ සහිත, සැපක්‌ බිඳීමේ ශක්‌තියක්‌ නැති චංචල ස්‌වභාවයේ ගති ලක්‌ෂණ සහිත පව් වැඩ කිරීමට පෙළඹෙන එතරම් උසද, එතරම් මිටිද නොවූ සම සිරුරක්‌ සහිත, පිගු පැහැති කෙස්‌ ඇති මන බඳනා සිරුරකට හිsමිකම් නොකියන කෙනකු විය හැකිය.

8. අට වැන්නේ හිරු සිටින විට උපන්නේ නම්, චංචල ගති පැවතුම් සහිත ත්‍යාගශීලී ගතියකින්ද යුතු නුවණැති පුද්ගලයන් හා සමග ඇසුරු කිරීමට කැමැත්තක්‌ දක්‌වන, නිරතුරුවම වාගේ රෝග පීඩාවලින් පෙළිය හැකි කතා කිරීමට බලගතු කැමැත්තක්‌ දක්‌වන භාග්‍යවන්තභාවය අඩු ශීලවන්ත ජීවිතයක්‌ ගත නොකරන අපිරිසිදු වස්‌ත්‍ර ඇඟලා ගන්නා නොහොබිනා නීචයන් ඇසුරු කිරීමට කැමැත්තක්‌ දක්‌වන පිටස්‌තර තැනක වාසය කළ හැකි කෙනකු වන සෙයකි.

9. නම වැන්නේ හිරු සිටින කල උපත ලැබුවේ නම් ඇත්ත කතා කිරීමට කැමැත්තක්‌ දක්‌වන හොඳ කෙස්‌ වැටියක්‌ තිබිය හැකි තමන්ගේ කුලයේ අයට හිතසුව සලසන වැඩකටයුතු කිරීමට කැමැති දෙවියන් මෙන්ම බමුණන්ද කෙරෙහි ඇල්මක්‌ දක්‌වන පළමු වසරේදී පමණ රෝගී තත්ත්වයක සිට තරුණ වයසේදී නිරෝගී තත්ත්වයට පත් වන ධනය බොහෝ තිබිය හැකි දිගු කලක්‌ ජීවත් වන සිත් ගන්නා සිරුරක්‌ සහිත කෙනකු වන්නට පුළුවන.

10. හිරු දස වැන්නෙහි සිටින අවස්‌ථාවක උපන්නේ නම් ගුණවත්, සුව සම්පන්න දීමට කැමැත්තක්‌ දක්‌වන අභිමානවත් ගති පැවතුම් සහිත වුවද මුදු මොළොක්‌ හදවතකින් යුතු පිරිසිදු කමට කැමැත්තක්‌ දක්‌වන නැටුම්, ගැයුම් රුචි කරන, රජයේ ගරු බුහුමනට පාත්‍ර වන වයස්‌ගත වන විට රෝගී තත්ත්වයක පසු විය හැකි කෙනකු වන්නට ඉඩ ඇත.

11. කේන්දරයේ එකළොස්‌ වැන්නෙහි හිරු සිටියදී උපත ලැබූවෙක්‌ නම් රාජ්‍ය සේවයට සම්බන්ධ වන, ධනවතකු මිනිස්‌ ගුණ දන්නා කෙනකු විය හැකිය. එසේ වූවද, භෝග සම්පත්තියෙන් හීන කෙනකු වන්නට ද ඉඩ ඇත. හීන්දෑරී කාන්තාවන්ට ඇල්ම දක්‌වන තමන්ගේ නෑසියන් සන්තෝෂයට පත් කිරීමට කැමැත්තක්‌ ඇති කෙනෙක්‌ද විය හැකිය.

12. දෙළොස්‌ වැන්නේ හිරු සිටියදී උපන් කෙනකු නම් නැණ නුවණ හීන කාමුක ගති සහිත, පර ස්‌ත්‍රීන් සොයා යන කුරුල්ලන් මැරීමට කැමැත්තක්‌ දක්‌වන නපුරු සහගත ගති ලක්‌ෂණ සහිත සිත් අදනා සිරුරක්‌ නොමැති රට කරවන්නන් හා පවත්නා සම්බන්ධයෙන් ධනය ලබන, කොණ්‌ඩාවල ආබාධ තිබිය හැකි කෙට්‌ටු සිරුරක්‌ සහිත කෙනකු වන ස්‌වභාවයකි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here