ග්‍රහයින් හඳුනාගෙන පලාපල කියමු

2125
ග්‍රහයින්
ග්‍රහයින්

තාරකා උපයෝගී කරගෙන බිහිවී ඇති ජ්‍යෙdතිෂ කොටස්‌ තුනකට බෙදා වෙන් කර ඇත. එහෙත් එම ග්‍රහ තාරකා අතරට මෑත කාලයේදී යුරේනස්‌, නැප්චූන්, පුල්ටෝ යනුවෙන් තවත් ග්‍රහයන් තිදෙනෙක්‌ එකතු වී ඇත. නව ග්‍රහයන් මණ්‌ඩල ග්‍රහයෝ ඡායා ග්‍රහයෝ සහ තාරා ග්‍රහයෝ යනුවෙන් කොටස්‌ තුනකට බෙදා වෙන්කර ඇත. රවි සඳු දෙදෙන මණ්‌ඩල ග්‍රහයන් වශයෙන් ද කුජ, බුධ, ගුරු, කිවි, ශනි තාරා ග්‍රහයන් වශයෙන්ද රාහු, කේතු ඡායා ග්‍රහයන් වශයෙන් හැඳින්වෙයි.

ග්‍රහ මණ්‌ඩල ප්‍රධානියා වශයෙන් රවි ග්‍රහයා සැලකෙන අතර තාරා ග්‍රහයන් වශයෙන් හඳුන්වන ග්‍රහයන් ඔවුනොවුන්ට වෙනස්‌වූ අණ්‌ඩාකාර කක්‌ෂ තුළ සූර්යයා වටා ගමන් කරන අතර සඳු ග්‍රහයා පෘථුවිය වටා ගමන් කරන බව ද ජ්‍යෙdතිෂයේ සඳහන් වෙයි. රවි ග්‍රහයා ප්‍රමුඛ අනෙකුත් සියලුම ග්‍රහයන් නැගෙනහිර දෙසින් උදාවීමත්, බටහිරින් බැස යැමත් සිදුවෙයි. සූර්යාට ඉතාමත් ළඟින්ම ගමන් කරන ග්‍රහයා වශයෙන් බුධ හඳුන්වා දී ඇති අතර කිවි පෘතුවිය, කුජ, ගුරු ශනි යන ග්‍රහයන් පිළිවෙළින් සූර්යාට කිට්‌ටුවෙන් ගමන් කරයි. මෙම ග්‍රහයන් සූර්යාට ඈත්ව පිහිටා ඇති දුර ප්‍රමාණය සඳහන් කළහොත් බුධ කක්‌ෂය සැතපුම් කෝටි 4 ක්‌ද, සිකුරු පක්‍ෂය සැතපුම් කෝටි 7 ක්‌ද, කුජ කක්‌ෂය සැතපුම් කෝටි 14 ක්‌ද, ගුරු කක්‌ෂය සැතපුම් කෝටි 48 ක්‌ද සෙනසුරු කක්‌ෂය සැතපුම් කෝටි 88 ක්‌ද වෙයි.

සූර්යයාත්, ග්‍රහයන් අතර ඇත දුර ප්‍රමාණය මෙන්ම, ඔවුන් ගමන් කරන වේගයන්ද ඇති බව සඳහන් කළ යුතුව ඇත. බුධගේ ගමන් වේගය පැයට සැතපුම් 108000 ක්‌ද, කිවි පැයට සැතපුම් 79200 ක්‌ද, කුජ පැයට සැතපුම් 54000 ක්‌ද, ගුරු පැයට සැතපුම් 28800 ක්‌ද, ශනි පැයට සැතපුම් 21600 ක්‌ද වෙයි. ඉතාමත් සෙමින් අඩුම වේගයෙන් ගමන් කරන ග්‍රහයා වශයෙන් ශනි ග්‍රහයාට රාශි 12 තුළ ගමන් කිරීමට අවුරුදු 30 ක්‌ ගතවන බව ද පෙනේ. මධ්‍යම වේගයෙන් ගමන් කරන තුරුම රාශි 12 ගමන් කිරීමට අවුරුදු 1 ක්‌ද, කුජට රාශි 12 තුළ ගමන් කරන්න අවුරුදු එකහමාරක්‌ද ගත වෙයි. බුධ සිකුරු දෙදෙනා එක්‌ අවුරුද්දක්‌ තුළ රාශි 12 ක්‌ ගමන් කරයි.

ජන්ම පත්‍රයක පලාපල කීමේදී ග්‍රහයන් ගමන් කර ඇති බල – දුබල අවස්‌ථා පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන පලාඵල ප්‍රකාශ කිරීම වඩාත් නිවැරදිව නිගමනයට බැසීමට උපකාරී වන බව ද මම අත්දැක ඇත්තෙමි. රාහු – කේතු සදාකාලිකවම වන ග්‍රහයන් වශයෙන් හඳුන්වයි. රවී – සඳු වක්‍රවීමත් නොවන අතර අනිකුත් සියලුම ග්‍රහයන් වක්‍ර අනුවත්‍ර, අස්‌ත උදා, නිවෘර්ති වක්‍රාස්‌ත, වහෝදා යනුවෙන් නොයෙකුත් ආකාරයෙන් ගමන් කරයි.

ග්‍රහයින් ඉදිරියට ගමන් කරමින් සිටියදී ඉදිරියට යැම නවතා ආපසු හැරී ගමන් කිරීම වක්‍රවීම වශයෙන් හැඳින්වෙයි. අනුවත්‍ර ගමන යනු ආපසු ගමන් කළ ග්‍රහයෙක්‌ එම රාශිය පසුකර පසු පස රාශියට ගමන් කිරීම වෙයි. තවදුරටත් විග්‍රහ කළහොත් ගුරු ග්‍රහයා මීන රාශියේ ගමන් කරමින් සිට ආපසු කුම්භ රාශියට ගමන් කිරීම අනුවක්‍ර ලෙස හඳුන්වා දීමට පුලුවන. ග්‍රහයෙක්‌ තම ස්‌වභාවික ගමන් විලාශයෙන් හෝ වක්‍රව ආපසු ගමන් කරමින් සිටියදී සූර්යයාගේ ග්‍රහණයට අසුවීමෙන් එම ග්‍රහයාගේ දීප්තිය, ආලෝකය සම්පූර්ණයෙන් නැතිවී යැම වශයෙන් හඳුන්වා දීම අස්‌තවීම වශයෙන් හඳුන්වාදීමට පුළුවන. අස්‌තවීම පිළිබඳ සඳහන් කළහොත් බුධ අංශක 14 ක්‌ද, ගුරු අංශක 11 ක්‌ද, සිකුරු අංශක 10 ක්‌ද, කුජ අංශක 17 ක්‌ ද, ශනි අංශක 15 ක්‌ද රවීට කිට්‌ටුවීමෙන් අස්‌ත බවට පත්වෙයි.

යම්කිසි ග්‍රහයෙක්‌ ඔහු ගමන් කරමින් සිට අස්‌තවී නම් එම ග්‍රහයා වක්‍රාක්‌ත වීම ලෙසින් හඳුන්වා දීමට පුළුවන. ග්‍රහයන්ගේ උදාවීම යනුවෙන් හඳුන්වා දී ඇත්තේ රවීගේ රශ්මියෙන් තම දීප්තිය නැතිවී ගොස්‌ සිටියදී රවීගේ ග්‍රහණයෙන් මිදී බලය ආලෝකය පතුරුවන්න පටන් ගැනීම වශයෙන් හැඳින්වෙයි. එසේම වක්‍රව ගමන් කරමින් සිටි ග්‍රහයා උදාවී ගමන් කරයිද? එම ග්‍රහයා වක්‍රෝදය වශයෙන් හඳුන්වා දී ඇත. ග්‍රහයෙක්‌ ආපසු ගමන් කරමින් හෙවත් වක්‍රව සිට එම ගමන නවත්වා නැවතත් ඉදිරියට ගමන් ඇරඹීම නිවෘර්ත වෙයි. ග්‍රහයන් ගමන් කරන අතරතුරදී වක්‍රවී එම වක්‍රයේද වංගු සහිත මාර්ගයක ගමන් කරන වාහනයක්‌ මෙන් එහෙට මෙහෙට හැරෙමින් ඇදවී ගමන් කිරීම කුටිල ගමන වශයෙන් හඳුන්වා දීමට පුලුවන.

ග්‍රහයින් විවිධ අයුරින් ගමන් කරන අතරදී යම් ග්‍රහයකුගේ ගමනේ වේගය ක්‍රම ක්‍රමයෙන් අඩුවීමෙන් ගමන් කිරීම මන්ද ගමන යනුවෙන් සඳහන් වෙයි. එම ග්‍රහයා ඉතාම සෙමින් ගමන් කරමින් එම කක්‌ෂය වටා ගමන් කරයිද එම ගමන මන්දකර ගමන වශයෙන් හඳුන්වා දීමට පුලුවන.

ගමනේ වේගය අඩු වැඩිවීමක්‌ නැතිව ස්‌වභාවික අයුරින් සිදුවීම සමා ගමන වශයෙන්ද ගමන් කර වේගය ක්‍රමයෙන් ටිකින් ටික වේගවත් කරමින් ගමන් කිරීම සීග්‍ර වශයෙන් ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේදී හඳුන්වා දී ඇත. සීමාව ඉක්‌මවා අධික වේගවත් ගමනක යෙදෙන ග්‍රහයා සීග්‍රතර ගමන වෙයි.

ග්‍රහයින් පිළිබඳව තවදුරට විග්‍රහ කර බලන කල බාල ග්‍රහයින් සහ වෘද්ධ ග්‍රහයන් වශයෙන් කොටස්‌ කර ඇති අතර බුධ සිකුරු බාලයන් වශයෙන්ද ගුරු ශනි කුජ වෘද්ධ ග්‍රහයන් වශයෙන් ද හඳුන්වා දීමට පුළුවන. බුධ, සිකුරු ග්‍රහයන් නිතරම රවිට කිට්‌ටුවෙන්ම ගමන් කරන අතර රවි අංශක 23 කටත්, සිකුරු අංශක 47 කටත් ඈත් නොවන බව ද පෙනේ. සූර්යයාගෙන් සම සප්තමයට පත්වූ වෘද්ධ ග්‍රහයෝ චන්ධ වෙයි. පෘතුවියත්, සූර්යයාත් අතර රවි සමඟ, බුධ සිකුරු එකම රාශියක ගමන් කිරීම බාල සංයෝග වීම වශයෙන් හඳුන්වා දීමට පුළුවන. බාල සංයෝග අවස්‌ථාවේදී එම ග්‍රහයින් වක්‍ර වන බව ද පෙනේ. කිවි බුධ, ගුරු කුජ යන ග්‍රහයින් යුද්ධයකින් ජයගෙන හෝ සඳු සමඟ එක්‌වී ගමන් කිරීම වෙෂ්ඨා බලයෙන් යුක්‌තවීම වශයෙන් හඳුන්වා දෙයි. පෘථුවියෙන් සහ සූර්යයාගෙන් පිටවී රවි සමඟ එකට ගමන් කල උපරිම සංයෝගය වශයෙන් හැඳින්වෙයි. බුධ, සිකුරු වක්‍රවීමට ඔවුන් දෙදෙනා බාල සංයෝග අවස්‌ථාවේ ගමන් කළ යුතුය.

ග්‍රහයින්ගේ ගමන සිදුවන අවස්‌ථාවේදී ගෙන දෙන පල විපාක විවිධ අයුරින් පෙන්නුම් කරදී ඇතත් බොහෝ විට ඔහුව හෝ අනුවක්‍රව ගමන් කරන වකවානුවලදී ධනලාභ රජයෙන් ගරු නම්බු කීර්ති ප්‍රශංසා ආදී ශුභඵල ගෙන දෙන බව ද සඳහන් වෙයි. ග්‍රහයෙක්‌ උච්චව ගමන් කරනා කාලයට සමාන බලයක්‌ වක්‍ර ගමනේ යෙදෙන ග්‍රහයාගෙන්ද ලබාදෙන්නට හේතු වන බව ද පෙනේ. වක්‍රව ගමන් කරන ග්‍රහයා සමඟ තවත් ග්‍රහයෙක්‌ සංයෝග වී නම් ඔහුට එම බලයෙන් කොටසක්‌ බෙදී යන්නට හේතු වෙයි. යම් ග්‍රහයෙක්‌ උච්ච රාශි ගතවී සිටියදී වක්‍රවීම තුළින් නීච රාශියක ගමන් කරන ග්‍රහයින් ගෙන දෙන අශුභ ඵල සමාන තත්ත්වයක්‌ ගෙන දෙන බව ද සඳහන් වෙයි. එසේ වුවද නීච රාශියේ ගමන් කරන ග්‍රහයෙක්‌ වක්‍රවීමෙන් අශුභ ඵල නසා උච්ච ග්‍රහයෙකුගේ බලයට සමාන බලයක්‌ ගෙන දෙන බව ද පැරණි ජ්‍යෙdතිෂය ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත.

ක්‌ෂේත්‍රව ගමන් කරන ග්‍රහයකුගේ බලයට සමාන ශුභඵල තත්ත්වයක්‌ වක්‍රව ගමන් කරන වර්ගෝත්තම ග්‍රහයකුගෙන් ගෙනදීමට හේතු වෙයි. ග්‍රහයකුගේ වෙෂ්ඨා ස්‌ථාන, දින කාල ගමන්චාරය අනුව එහා බලය අඩුවී ක්‍රමයෙන් හීන වී යන බව ද සඳහන් කළ යුතුව ඇත.

We found this article from Divaina on 2012/12/14.
Also Sinhala to English Google word to word translation can be found here