ග්‍රහයින් 9 දෙනෙකි. මේ ග්‍රහයින් අතර සුබ ග්‍රහයෝද අශුභ ග්‍රහයෝද වශයෙන් කොටස් 2 කි. සුබ ග්‍රහයින් වශයෙන් හඳුන්වන ග්‍රහයෝද ඇතැම් ලග්නවලට අශුභ ඵල දෙති. මෙම ග්‍රහයින් සේම නරක ග්‍රහයින් ලෙස හඳුන්වන ශනි, කුජ, රාහු, කේතු ආදී ග්‍රහයින්ද අපල පමුණුවන අතර ඒවාගෙන් මිදීමට විවිධ සෙත් ක්‍රම ඇත.
මේෂ ලග්නයෙන් උපන් සැමට අසුබ ඵල දෙන ග්‍රහයින් වන්නේ ශනි, බුද, සිකුරු යන ග්‍රහයින්ය. එනිසා ඔවුන් පාප ග්‍රහයෝ ලෙස ක්‍රියා කරන්නෝය. එහෙත් ඔවුන් කේන්ද්‍රයේ සුබවාදීව පිහිටා ඇත්නම් එතරම් අශුබවාදී නොවනු ඇත. මේ අනුව වෘෂභ ලග්නයට ගුරු, සිකුරු, සඳු පාපියෝ වෙති. ඒ නෛසර්කික සුබ ග්‍රහයෝම වෘෂභ ලග්නයට පාපීන් වෙන අන්දමය. රවි සහ සෙනසුරු සුබ ග්‍රහයින් වෙයි. රාජ යෝග කාරකයා සෙනසුරු බවට පත්වෙයි.
ඒ අනුව මිථුන ලග්නයට රවි, ගරු, කුජ යන ග්‍රහයෝ පාපී ග්‍රහයින් වන අතර සිකුරු හොඳම ග්‍රහයා වෙයි. කටක ලග්නයට බුද සහ සිකුරු පාපියෝ වන අතර කුජ, ගුරු ග්‍රහයින් සුබයෝ වෙයි. මෙයින් කුජ වඩාත්ම සුබයා වෙයි. සිංහ ලග්නයටද බුද සහ සිකුරු පාපීන්ම වන අතර කුජ සුබයා වෙයි. කන්‍යා ලග්නයට කුජ, සඳු ගුරු පාප ග්‍රහයින් වන අතර සිකුරු සහ බුද සුබයෝ වෙති.
තුලා ලග්නයට රවි, කුජ, ගුරු පාප ග්‍රහයින් වන අතර සෙනසුරු සහ බුද සුබග්‍රහයින් වෙයි. සඳුදා සුබයෙක් ලෙසට ගණන් ගැනේ. වෘෂ්චික ලග්නයට කුජ, බුද, සිකුරු පාපි ග්‍රහයින් වෙයි. ගුරු, සඳු, රවි සුබයෝය. ධනු ලග්නයට එකම පාපියා සිකුරුය. මකර ලග්න හිමියන්ට කුජ, ගුරු, සඳු අශුබ ග්‍රහයින් වන අතර බුද, සිකුරු යහපත්වේ. කුම්භ ලග්නයට ගුරු, සඳු, කුජ අශුබයින් වන අතර සිකුරු සුබයා වෙයි. මීන ලග්නයට රවි, බුද, සිකුරු, සෙනසුරු අශුබයින් වන අතර කුජ, ගුරු දෙදෙනා සුබයින් වෙයි.

මෙසේ අසුබ ග්‍රහයින් කේන්ද්‍රයේ පිහිටා සිටින අන්දම අනුව ඔවුන්ගේ මහ දශා, අතුරු දශා, විද්‍යා මෙන්ම ග්‍රහ ගෝචරයට අනුව ඵලාපල ඇති කරයි. ඒ අනුව ඔවුනොවුන්ගේ අපල දුරුකර ගැනීමට පෙර කාලවල මෙසේ සෙත් ශාන්ති ඇතිකර ගත් බව පෙනේ.
විෂ්ණු දෙවිඳුන්ට සෙත්කවි කීම
රවි ගේ අපලවලට විෂ්ණු දෙවිඳුන්ට සෙත්කවි කීම, විෂ්ණු දෙවිඳුන් ප්‍රමුඛ දෙවි දේවතාවුන්ට පුද පූජා පැවැත්වීම මෙන්ම සුර්ය මණ්‌ඩලය විෂ්ණු ආඝෝරය, යන යන්ත්‍ර පැළඳීම සිදුවිය. රතන යන්ත්‍රයද බලගතුය. එය පැළඳ ගන්නා තැනැත්තා පස් පවෙන් තොරව ධර්මානුකූල වීම හෝ නොවීම මත රතන යන්ත්‍රයේ ගුණාගුණ ක්‍රියාත්මක වෙයි. දේව පූජා, සෙත්කවි කීම් ආදී කටයුතුවලට පෙර ඉඹුල් කොළ සහිත ඔසු කොළ වර්ග 8 ක් තම්බා ගත් වතුර මිශ්‍රව දියනා පිරිසිදු විය යුතුය. පූජා කිරීමට රතු නෙළුම් විශේෂිත වෙයි.
සඳු අපලයට නම් පත්තිනි මෑණියන්ට, සුමන් සමන් දෙවිවරුන්ට සෙත්කවි කීම ඔවුන්ට පුද පූජා පැවැත්වීම සුදුසුය. දිවුල් කොළ අත්තික්‌කා කොළ සමග ඔසු කොළ වර්ග 9 ක් මිශ්‍රව තැම්බූ ජලය මුසු කළ ජලයෙන් ස්‌නානය කර එකී පුද පූජාවලට සහභාගි විය යුතුය. මහා අභිසම්භිධාන යන්ත්‍රය කර පැළඳීම සුදුසු වේ. සුදු මල් වට්‌ටියක් පුද කළ යුතුය.
කුජ ග්‍රහයාගේ අපලවලට කතරගම විෂ්ණු දෙවිවරුන්ට පුද පූජා තැබීම සෙත්කවි කීම කළ යුතුය. කොළොන් කොළ මිශ්‍ර ඔසු කොළ වර්ග 9 ක් තැම්බූ වතුර මිශ්‍ර ජලය ස්‌නානය කර පිරිසිදුවීම ඊට පෙර සිදුවිය යුතුය. රතු මල් වට්‌ටියක් පූජා කළ යුතු අතර මහා අභිසම්භිධාන යන්ත්‍රය කර පැළඳීම මෙන්ම රතු කැකුළු සහල් පිටිවලින් තැනූ කිරි දානයක් දීම යෝග්‍ය වේ.
බුද ග්‍රහයාගෙන් පැමිණෙන අපල සඳහා විෂ්ණු දෙවිඳුට පුද පූජා තැබීම හා සෙත්කවි ගායනා කළ යුතුය. නාමල් මෙන්ම කහ පාට මල් පූජා කිරීමද අවශ්‍ය වේ. එවැනි පූජාවන්ට පෙර කොහොඹ කොළ මිශ්‍ර ඔසු කොළ වර්ග 9 ක් මිශ්‍ර තැම්බූ වතුර මුසු කළ ජලය ස්‌නානය කර පිරිසිදු විය යුතුය. විෂ්ණු ආඝෝරය හෝ මහා අති සම්භිධාන යන්ත්‍රය කර පැළඳීම සේම ධාන්‍යවර්ගවලින් තැනූ රස කැවිලි දන් දීම ඉතා සුදුසුවේ.
ගුරු ග්‍රහයාගේ අපලවලටද විෂ්ණු දෙවිඳුට පුද පූජා තැබීම මෙන්ම සෙත්කවි කීම යෝග්‍ය වේ. කහ මල් වට්‌ටියක් පූජා කිරීම සහ ඊට පෙර බෝ කොළ පාවට්‌ටා (ආඩතෝඩා) කොළ මිශ්‍ර ඔසු කොළ වර්ග 9 ක් තැම්බූ වතුර මිශ්‍ර ජලය ස්‌නානය කර පිරිසිදු විය යුතුය. මහා අභිසම්භිධානය මෙන්ම නාරසිංහ යන්ත්‍රය පැළඳීම යෝග්‍ය වේ. ධාන්‍යවලින් සැකසූ රස කැවිලි විලඳ මී පැණි දන්දීමද යෝග්‍ය වේ.
සෙත්කවි
සිකුරුගේ අපල සඳහා පත්තිනි මෑණියන් ඇතුළු දෙවි දේවතාවුන්ට පුද පූජා තැබීම මෙන්ම සෙත්කවි ගායනා කිරීමත් කරඳ කොළ මිශ්‍ර ඔසු කොළ වර්ග 9 ක් තැම්බූ වතුර මිශ්‍ර ජලය ස්‌නානය කර පිරිසිදු විය යුතුය. පාට පහක මල් සහිත වට්‌ටියක් පූජා කිරීම සිදු කළ යුතුය. රතන යන්ත්‍රය හෝ නවනාථ යන්ත්‍රය පැළඳ ගත යුතුය.
සෙනසුරු අපලයට විෂ්ණු කතරගම දෙවිවරුන්ට භාර හාර පුද පූජා තැබීම සෙත්කවි කීම සිදුකළ යුතුය. ඊට පෙර නුග කොළ මිශ්‍ර ඔසු වර්ග 9 ක් තැම්බූ වතුර මිශ්‍ර ජලය ස්‌නානයකර පිරිසිදු විය යුතුය. නිල් මල් වට්‌ටියක් පූජා කළ යුතු අතර රතන මහා අභිසම්භිධාන, විෂ්ණු ආඝෝරය, ශනි ම!ත්‍යqංජය වැනි කුමක් හෝ යන්ත්‍රයක් කර පැළඳ ගැනීම යහපත්ය. සෙනසුරාදා දිනවල එළඟි තෙල් මිශ්‍ර කිරි බත් කපුටන්ට දීම කිරි අම්මාවරුන්ට දන්දීම වයෝව!ද්ධ අයට දන්දීම යෝග්‍ය වේ.
රාහුගේ අපලවලට ගම්බාර දෙවිඳුට කතරගම, විෂ්ණු වැනි දෙවිවරුන්ට සුදු රතු මල්, වට්‌ටියක් සමග පුද පූජා තබා භාර හාරවීම ඊට පෙර ඊතණ, වැටකේ දළු සමග ඔසු කොළ වර්ග 9 ක් තැම්බූ වතුර මිශ්‍ර ජලය ස්‌නානය කර පිරිසිදු විය යුතුය. නාගර්ජුනරතන මහා අභිසම්භිධාන යන යන්ත්‍රවලින් එකක් පැළඳීම දේව දාන පැවැත්වීම ඉතා සුදුසුවේ.
කේතුගේ අපලවලට විෂ්ණු කතරගම දෙවිවරුන්ට පුද පූජා තබා භාර හාර වීම මෙන්ම සෙත් කවි ගායනය, කිරීම ඊට පෙර ඊතන, කොළොන් කොළ ඇතුළු ඔසු කොළ වර්ග 9 ක් තැම්බූ වතුර මිශ්‍ර ජලයෙන් ස්‌නානය කළ යුතු අතර කෙසෙල් කොළ එලා ඒ මත සිට ස්‌නානය කළ යුතුය. ඉඳුනු කෙසෙල් ගෙඩි සමග රස කැවිලිද වෙනත් ආහාර (බත් ව්‍යාංජන) දන්දී මියගිය ඥතීන්ට පිං පැමිණවීමද සිදුකළ යුතුය. සුදු, කහ, මල්, නෙළුම් මල් පූජා කළ යුතුය. රතන නවනාථ වැනි යන්ත්‍රයක් පැළඳීම වඩාත් යෝග්‍ය වේ.
පැරැණි සෙත් ශාන්ති
මෙසේ නවග්‍රහයින්ගේ අපල සඳහා පැරැණි සෙත් ශාන්ති පවතින අතර ස්‌නානයට සාදන ඔසු අතර ඒ ඒ ග්‍රහයින්ට නියමිත ප්‍රධාන ඔසු කොළ, දඬු, මුල්, මල් අතරට ඉතිරි ඔසු පහත දක්‌වන වර්ගවලින් ප්‍රධාන එක සමග නවයක් වනසේ මිශ්‍ර කරගත හැක. ඒ ඔසු වර්ග මෙසේය.
කොහොඹ, වදකන, අමුකහ, විළඳ, කලාඳුරු, බැබිල, කටුපිල, විෂ්ණු ක්‍රාන්ති, සඳුන්, දේවදාර, ඊතන, පාවට්‌ටා, දෙහි ලොත්සුඹුල, තල, උඳුපියලිය, සතකුප්ප, දිවුල්, කරඳ, සමන්පිච්ච, දෙළුම් කොළ, ගල් සෙවල, සැවැන්දරා, වැල්මී, නෙලුම් රේණු, අශෝක මයිල කොළ හා මල්කී කිරිඳිය, බෙලි, මූණමල්, අත්තික්‌කා, ඉඹුල් වෙනිවැල් ආදී ඔසු (කොළ, දඬු, අල, මුල්, මල්) අමු හෝ වියළි වශයෙන් ගතහැක. ඒ ඒ ග්‍රහයයට අයිති වාර්ගය සමග එයින් 8 ක් එකතු කොට ඔසු වර්ග 9 සාදාගත හැකිය.
ඊට අමතරව බෝධිපූජා නිවැරදි ලෙස පවත්වා සෙත් ශාන්ති කරගත යුතුය.
We found this article from Divaina on 2014/04/13.