[ratings]
මරණය අප කාටත් පොදුය. එය අපි හැමකෙනෙක්‌ම මුහුණ දියයුතු ශෝචනීය අවස්‌ථාවකි. එය කවදා කෙසේ සිදු වේදැයි නිශ්චිතවම කිව නොහැකි වුවත් අනගි ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයට අනුව තරමක්‌දුරට හෝ අනුමාන වශයෙන් කිව හැකිය. ජන්මියාගේ කේන්ද්‍රය නිවැරදිව සකසා ඇත්තේනම් මරණය සම්බන්ධව තොරතුරු බොහෝදුරට පැවැසිය හැක. මරණය විවිධාකාරය. කෙනෙකුට එය සුවදායක අවස්‌ථාවක් වුවත් තවත් අයෙකුට එය වේදනාකාරී අවස්‌ථාවක් විය හැක. යම්කිසි අයෙකුගේ මරණය සිදුවන්නේ කේන්ද්‍රයේ අටවැන්නේ සිටින ග්‍රහයන් අනුව ඊට බලපාන ග්‍රහ බලපෑම් අනුවය.
මරණය පිළිබඳ සලකා බැලීමේදී හත, අට, දෙක හා තුන යන ස්‌ථානද වැදගත්ය. මරණය. ආයුෂ, මරණය සිදුවන ආකාරය, කෙතරම් කාලයක් අසනීපයෙන් සිටිනවාද යනවග ආදී සියලු දෙයක් ගැනම ඉහත ස්‌ථාන හතර නිරීක්‍ෂණය කිරීමෙන් දැන ගත හැකිය. මෙම ස්‌ථාන හතරේම අධිපතියන් දුබලව සතුරු රාශිවල සිටීනම් ආයුෂ අඩුවිය හැක. තුනේ, අටේ බලවත් ග්‍රහයින් නොමැති නම් වැඩිකලක් ජීවත් නොවේ. ශුභ ග්‍රහයන් අටේ සිටීමද ජීවත්වීමට හේතුවන පිහිටීමක් නොවේ. රූපාලංකාරයෙන් යුතුව ටික කලක් ජීවත්ව සිටියත් දුක් නොවිඳ වැඩිකලක් ඔත්පලව නොසිට මැදි වයස සීමාවේදී මරණයට පත්විය හැක.
කේන්ද්‍රයක ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව කෙනෙකුගේ මරණය සිදුවෙන ආකාරය පැරණි ජ්‍යෙdතිෂ පොත්පත්වල සඳහන් කර ඇත. මේ අනුව කේන්ද්‍රයේ 4, 7, 10 යන ස්‌ථානවලදී ශනි, සඳු මිශ්‍රව සිටීම දියේ ගිලී මියයැමට හේතුවක් වෙයි. 8, 12 වැනි ස්‌ථානවල සඳු දුර්වල වීමද එම ප්‍රතිඵලයම වෙයි. සඳු, රවි, මීන රාශියේ සිටීමද දියේ ගිලීමෙන් වන මරණයකි. මකර රාශියේ සඳුද, දහවෙනි රාශියේ ශනිද සිටීම දියර වර්ගයක් විෂවීමෙන් මරණයට පත්වීමකි. සඳු මේෂ, වෘශ්චික වැනි රාශිය 6, 8 අධිපතින්ට සම්බන්ධවී සිටීම ආයුධවලින් මරණය ඇතිවීමට හේතුවකි. සඳු පාප දෘෂ්ටි සහිතව හෝ ශනි, රවි සමග යෝගව සිටීමෙන් තමන් විසින්ම දිවිනසා ගැනීමකි. මෙහිදී සිකුරු, මේෂ, වෘශ්චික රාශි දෙකේ සිටීනම් ස්‌ත්‍රියක් නිසා මරණය සිදුවෙයි.
ශනි, බුධ අටේ සිටීම බරපතළ පහරවල්වලින් ස්‌නායු පීඩාවට පත්ව දුකසේ මිය යැමකි. අට වැන්න මේෂ රාශිය වූයේ නම් හිස තැලීමෙනි. වෘෂභ රාශියේ නම් මුහුණද ආදී වශයෙන් ඊට ගොදුරුවෙන ස්‌ථානද මේ අයුරින් වටහාගත හැකිය. සිව්වැන්නාධිපතිගේ පිහිටීම අනුව නොයෙක් විදියේ මරණ ඇති කරන්නේය. මේ අනුව හතර අධිපතියා හයවැන්නේ සෙනසුරු හෝ රාහු සමග යෙදීම, අටවැන්නේ 6, 12 අධිපතියන් මිශ්‍රවීම වාහනවලින් වන අනතුරුවලින් මියයැමට හේතුවේ.
රවි, කුජ දහයේ හෝ හතරේ සිටීම උසකින් වැටී මරණය සිදුවීමකි. මේෂ, සිංහ, ධනු යන ලග්න හිමියන්ගේ හතරවැන්නේ මේ යෝගය යෙදීමද උසකින් වැටුණ දෙයකින් හෝ මරණය සිදුවෙයි. මිථුන, කුම්භ, තුලා යන ලග්නවලින් උපන් අයට මෙම යෝගය දහවැන්නේ යෙදීම එම ප්‍රතිඵලයම ඇතිකරයි. කැපුම්, කෙටුම්වල හේතුවෙන් සිදු කෙරෙන මරණ මෙයට වඩා වෙනස් පිහිටීම් ඇතිකරයි. මෙයද සඳුගේ බලපෑම අනුවම සිදුවෙයි. රවි, කුජ, ශනි, දහයේ සිටීම, 5, 9 ආදී ස්‌ථානවල සඳු සිටීම ඊට රාහු, ශනි, කුජ සංයෝගවීම, 2, 4, 10 ආදී ස්‌ථානවල සඳු ශනි, කුජ සිටීම ආදී යෝග පිහිපහරවල් නිසා මරණයට පත්වීමකි. ශනි, කුජ, රාහු අටවෙනි ස්‌ථානයේ සිටීමද ආයුධ පහරින් වන මරණයක් වෙයි. එමෙන්ම මරණය ක්‍ෂණිකය.
අටවැන්නේ සිටින ග්‍රහයින් අනුවද මරණය නොයෙක් ආකාරයෙන් සිදුවේ. එනම් රවි අටේ සිටීනම් ගින්දර හෝ විදුලි සර වැදීම නිසාද, සඳු සිටි කල දියර විෂවර්ග ශරීරයට ඇතුළු වී මරණයට පත්වීමද, බුධ සිටීම නිසා ස්‌නායු දුර්වලකම් නිසාද, බ්‍රහස්‌පති සිටීම බඩයැම හෝ වාත රෝග ආදියෙන්ද, සිකුරු සිටීම ආහාර නොමැතිවීම නිසාද සෙනසුරු සිටීම පිපාසය, වාතාබාධ ආදියෙන්ද මරණය සිදුවෙයි.
රවි, සඳු 6, 8 වැනි තැනක සිටීමත්, සිව්වැන්නේ කුජ සිටිනවිට ශනි දහයේ සිටීමද තිරිසන් සතුන් නිසා මරණයට පත්වීමට හේතුවෙයි. දහවැන්නේ රාහු, සිකුරු සිටීමද, නැත්නම් කුජ, ශනි අටේ සිටීම සර්පයින් දෂ්ට කිරීම නිසා මරණයට පත්වීමකි. කුජ හයවැන්නේ දුර්වලව සිටීම ශල්‍යකර්ම ආදියෙන් වන මරණයකි. රවි හතේ සිටිනවිට කුජ ගුරු 10 යේ සිටීමද මෙසේම වෙයි. මෙයද විෂක් ශරීර ගතවීමෙන් වන මරණයකි.
එමෙන්ම අටවැන්නේ වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශියක් වීනම් ස්‌වකීය ගමේදී මරණය වන බව කිව හැක. කිසියම් ජනමියෙකුගේ අටවැන්න උබය රාශියක් වී එම රාශි මිථුන, කන්‍යා, ධනු, මීන යන රැසක් වුවහොත් එම ජන්මියාගේ මරණය අතර මගකදී සිදුවන බව සඳහන් වේ. අටවැන්නේ රවි ග්‍රහයා තැන්පත්ව සිටීමෙන් උපන් ජන්මියා ගින්නකට හසුවීමෙන් මරණයට පත්විය හැකිය. අටවැන්න අධිපතියාගේ රාශියේ සඳු ග්‍රහයා සිටීමෙන් ජලයකින් මරණය සිදුවීමට ඉඩ ඇත. අටවැන්නේ බුධ ග්‍රහයා සිටීමෙන් උණ රෝගයකින් මරණය සිදුවිය හැක. අටවැන්නේ කිසිම ග්‍රහයෙකු නොසිට කිවිග්‍රහයා අටවැන්නට දෘෂ්ටි හෙළයි නම් සෙම් සහ වාත රෝගයකින් එම ජන්මියා මිය යන බව කියෑවේ.
අට වැන්නේ කිසිම ග්‍රහයෙකු නොසිට කුජ ග්‍රහයා අටවැන්නට දෘෂ්ටි හෙළයිනම් අධික ඌෂ්ණාධික රෝගයකින් එම අයගේ මරණය සිදු විය හැක. අටවැන්න ගුරු ග්‍රහයාට හිමිවී එම රාශිය කිසිම ග්‍රහයකු නොසිට කිසිදු දෘෂ්ටියකට ලක්‌නොවී එම රාශි අධිපති ගුරු ග්‍රහයා හේතු කොට ධාතු හීන කෘශරෝග, ක්‍ෂය රෝග, හෘදයාබාධා යනාදී රෝගයකින් එම ජන්මියාගේ මරණය සිදුවෙති. එමෙන්ම අටවැන්නේ කිසිම ග්‍රහයෙකු නොසිට කිසිම දෘෂ්ටියකට ලක්‌නොවී කිවි ග්‍රහයා අට අධිපතියා වීමේ හේතුවෙන් දියවැඩියා රෝගය, ප්‍රමේහ රෝග, ලිංගික රෝග නැතහොත් ස්‌ත්‍රීන් කරණ කොටගෙන වැළඳෙන කිසියම් රෝගයකින් මරණය විය හැක.
සිංහ රාශියෙන් ඉපදුන අයෙකුගේ අටවැන්න මීනයයි. මීන රාශිය අයත්වන්නේ ගුරුටය. මෙවැනි අය ජීවත්වීමට මගක් නොමැතිවීම හේතු කොටගෙන බොහෝ සෙයින් මරණයට පත්වේ. මරණය සිදුවන්නේ ගිනි තබාගෙනයි. තමන් පදිංචිව සිටින ස්‌ථානයකම රහස් තැනක ගිනි තබා ගෙන විනාශ වෙනු ඇත. තුලා රාශියෙන් ඉපදුන අයෙකුගේ අටවැන්න වෘෂභයයි. වෘෂභය අයත්වන්නේ සිකුරුටය. එහිදී රවි අටේ (වෘෂභයේ) සිටීමෙන් මරණය වන්නේ බොහෝ කලක් ආශ්‍රය කළ පෙම්වතෙකු හෝ පෙම්වතියක් ලබා ගැනීමට නොහැකිව සමාජයෙන් ලැබෙන නින්දා – අපකීර්තිය ඉවසා ගැනීමට නොහැකිවයි. මෙහිදීද තමන් විසින්ම ගිනි තබාගෙන දිවි හානි කරගනු ඇත.
වෘශ්චික රාශියෙන් ඉපදුනු අයගේ අටවැන්න බුද හිමි මිථුන රාශියයි. මිථුනයේ රවි සිටීම අනුව ඔහු හෝ ඇය වෙඩි තබා ගැනීමෙන් මරණයට පත්විය හැක. අටවැන්නේ ශනි ග්‍රහයා තැන්පත්ව සිටින ජන්මින්ගේ මරණය නිරාහාරව ආහාර නොලබා සිටීමෙන් සිදුවෙන බව පැවසේ. මෙහි සඳහන් කරන ලද අටවෙනි රාශියේ කිසිදු ග්‍රහයෙකු නොසිට රවි ග්‍රහයා පමණක් අටවැන්නට දෘෂ්ටි හෙළීමෙන් පිත්රෝගය හේතුවෙන් මරණය සිදුවෙන බව සඳහන් වෙයි.
We found this article from Divaina on 2012/06/22.
Also Sinhala to English Google word to word translation can be found here