ග්‍රහ බලපෑම් නිසා ඇතිවන විපත්

2570
ග්‍රහ බලපෑම්
ග්‍රහ බලපෑම්

ලෙඩ රෝග විපත් කරදරවලින් තොරව අපට ජීවත්වීමට හැකිනම් ඒ කොතරම් වාසනාවක්‌ද? “ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් නිරෝගී කම උතුම් ලාභය කැයි හැඳින්වෙයි. එය සත්‍යයක්‌. නිරෝගීව සිටීමටත්, දුක්‌කරදර ඇති නොවීමටත් මේ මිනිස්‌ දිවිය අපට භාග්‍ය උදාකරන්නේ නම් එය මොනතරම් සතුටක්‌ද? එහෙත් එවැන්නක්‌ අපට අපේක්‍ෂා කළ හැකිද? අපි හැමෝම කුමන අන්දමේ හෝ කරදරයකට ලෙඩ රෝගයකට භාජන වී සිටිමු. මේ සියල්ල කර්මය යෑයි සිතා කර්මයටම ඉඩදී බලා සිටීම අනුවණ කමකි. දුක්‌ කරදරවලට ගොනු ගතවන හේතූන් බොහොමයක්‌ ජ්‍යෙdaතීර්විද්‍යාවෙන් හා ගුප්ත විද්‍යාවෙන් හඳුනාගත හැකිය.

ජ්‍යෙdතිෂවේදයට අනුව කේන්ද්‍ර සටහනේ හය වැන්නෙන් (6) රෝග පිළිබඳ තතු සොයා බැලිය හැකිය. ආයුර්වේදයට අනුව වා, පිත්, සෙම් යන අංශවලින් යුත් රෝග සෑදෙයි. සෙමෙන් රෝග හටගන්නේ කටක, වෘශ්චික මීන යන ජල රාශියක ග්‍රහයන් අශුභ අයුරින් පිහිටි විටය. උෂ්ණයෙන් හා පිතෙන් රෝග හට ගන්නේ මේෂ, සිංහ, ධනු යන රාශිවල ග්‍රහයින් අයහපත්ව පිහිටීමෙනි. මිථුන, තුලා, කුම්භ රාශිවලින් උපන් අයට වාතයෙන් හටගන්නා රෝගද වෘෂභ, කන්‍යා, මකර යන රාශිවලදී (පඨවි), සෙම්, උෂ්ණය, වාතය, එකතුවීමෙන් ලෙඩ රෝගද ඇති කරයි.

ග්‍රහ දොaෂවලදී නැකැත් දොaෂ, ග්‍රහ දොaෂ, ඒරාෂ්ඨක දොaෂ විශේෂයෙන් මහදශා, අතුරු දශා, විදශාවලදී ඇතිවෙයි. ග්‍රහ අපල ලෙස සැලකෙන මේවා තුළින් ලෙඩදුක්‌ කරදර, කරමින් සිටි රැකියාව, අහිමිවීම, ගේදොර විනාශවීම, ජලයෙන් හෝ සුළඟින් විපත් ඇතිවීම, කුළුපග ඥති හිතවතුන් දුරස්‌වීම, මානසික වේදනා, කල්පවතින නිදන්ගත රෝග, කීර්තිය, බලය අහිමිවීම ආදී අවාසනාවන්ත කරුණු රැසක්‌ ඇති කරයි.

කේන්ද්‍ර සටහනේ යෝගකාරක ග්‍රහයන් හා කේන්ද්‍ර ස්‌ථානාධිපතියන්ද, ත්‍රිකෝණ බල ග්‍රහයන්ද අයහපත්, අශුභ තත්ත්වයෙන් දුර්වලව සිටීමෙන් යටකී අභාග්‍ය සම්පන්න දේවල් සිදුවෙයි. ග්‍රහ කොටුවේ මුලින් සඳහන් කළ පරිදි 6 වැන්නට අමතරව 8 වැන්න, 12 වැන්න යන ස්‌ථානවල ග්‍රහ හැසිරීම් දුර්වල නම් අශුභව සිටීනම් යහපත් දිවි පෙවතක්‌ අපේක්‍ෂා කළ නොහැකිය. රෝග පිළිබඳව 6 වැන්න හා 8 වැන්න කෙරෙහි සොයා බැලීමේදී අදාළ ලග්නය අනුව 6 වැන්නට, 8 ට ගැනෙන රාශිය හා එක්‌ රාශියකට අධිපති ග්‍රහයන් ගැනද දශා කාලවකවානුද සොයා බැලීම වටී. මෙහිදී සෙනසුරු සහ සඳු ග්‍රහයන් සිටින ස්‌ථානයන් එම ස්‌ථානවලට අයත් අධිපතියන් ගැනද තතු විමසන විට ලෙඩ රෝග විපත් පිළිබඳ කරුණු නිගමනය කළ හැකි වන්නේය. කේන්ද්‍ර සටහනේ 6, 7, 8 ස්‌ථානවල උෂ්ණ ග්‍රහයන් (මේෂ. සිංහ, ධනු ලග්නවල) සිටීමෙන් ලෙඩ රෝග ඇති කරයි. මෙම ස්‌ථානයක සඳු හෝ සිකුරු සිටීමෙන් ශරීරයේ තෙත් ගුණය වැඩිවීම නිසා රෝග පහසුවෙන් ඇතිවේ. සෙම් රෝග වඩාත් බහුල වන්නේ සඳු සමග රවි හෝ සඳු සමග කුජ හෝ සිටීමෙනි. ඇඟ උණුකරවීම මුත්‍රා ආබාධ, වකුගඩු ආබාධ, ඇති වන්නේ සිකුරු ග්‍රහයා සමග උෂ්ණ ග්‍රහයන් සිටින විටයි. සෙම් රෝගය වඩාත් ප්‍රබල වන්නේ සඳු, සිකුරු ග්‍රහයන් 02, 06, 08, 12 වැනි ස්‌ථානවල සිටීමෙනි. වකුගඩු ආබාධ ඇතිවන්නේ අඟහරු සමග සිකුරු සිටීමෙනි. කුජ සමග ශනි සිටීමෙන් ලේ ගමන් වේගය වැඩිකරවයි. පෙනහැලි ආබාධ ඇතිවීමට හේතුවක්‌ වන්නේ බුධ, ගුරු එකට සිටීමයි. මෙය හෘද රෝගවලටද බලපානු ලබයි. බොහෝ කාලයක්‌ දුක්‌විඳින හෝ නිධන් ගත රෝගවලට හේතුවක්‌ වන්නේ ශනි, කේතු ගේ අයහපත් පිහිටීම නිසාය. දියවැඩියාව, පිළිකාව, අත් කකුල් කැඩීම, කොරගතිය, වැනි දේවල් ශනිගෙන් සිදුකරයි. සෙනසුරු නරක තැනක, දශාවක, අතුරු දශාවක විදශාවක ගමන් කරන විට මේවා ඇතිකරයි. හමේ රෝග වැඩි වශයෙන් ඇතිවන්නේ කෙනකු අයහපත් තැනක සිටින විට හා කේතු දශාවලයි.

ස්‌ත්‍රීන් ගබ්සාවලට යොමුවන්නේ සඳු, කුජ ග්‍රහයන් දුර්වලව සිටීමෙනි. 6 වැන්න අධිපති ග්‍රහයා කුජ අඟහරු සමග සිටිවිට ලේ දූෂිත කරයි. සඳු දුබලව 6 වැන්නේත්, 8 වැන්නේ පාප ග්‍රහයන් සිටීමෙන් දරු ගැබ් නැසීමට හේතුවක්‌ වෙයි.

මානසික පීඩා බෙහෙවින් ඇතිවීමට හේතුපාදක වන්නේ 6 වැන්න අධිපතියා සමග ලග්නාධිපතියාත් බුධ ග්‍රහයාත් එක්‌ව සිටීමයි. අනවශ්‍ය දේවල් පවා සිතට යොමුකර ඒ ගැන සිතා පසුතැවිලි ඇතිකර ගනී.

සතුරු කරදර බොහෝදුරට ඇතිවන්නේ ලග්නාධිපති ග්‍රහයා 6 ත් 6 වැන්න අධිපති ග්‍රහයා ලග්නයෙත් (01) සෙනසුරු රාහු කේතු දෙදෙනා සමග සිටීමෙනි. තත්ත්වය පහත වැටීම, කීර්තිය අඩුවීම මින් සිදුවෙයි. සොර සතුරන්ගෙන් හෝ ගිනි බිය හෝ ඇතිවන්නේ 9 වැන්න අධිපති ග්‍රහයා 6 වැන්නේ, 6 ට දැක්‌ම ඇතිවූ විට 6 අධිපතියා ශනි සමග සිටීමෙනි. කුජ සමග 6 අධිපතියා සිටීමද ඉතා නරකයි. 6 වැන්නාධිපතියා 8 වැන්නේ වීමද නිතර ලෙඩ දුක්‌ කරදරවලට හේතුවකි. එසේම 6 අධිපති ග්‍රහයා 12 සිටීමෙන්ද සතුරු කරදර ලෙඩදුක්‌ නිසා වියදම් අධික වෙයි. ඉතුරුවක්‌ නැත. මානසික කරදර වැඩිවේ. 6 අධිපතියා දෙවැන්නේ සිටීමද මුඛ රෝග ඇති කරයි. එසේම සතුරන් මධ්‍යයේ ජීවත්වීමට සිදුවේ.

සඳු 6 වීමෙන් පෙනහැලි ආබාධ ඇතිකරයි. බුධ 6 වීමෙන් නහර හා ඉන්ද්‍රිය දුර්වලතා ඇති කරයි. ගුරු 6 සිටීමෙන්ද ශරීරය කෙට්‌ටු කරයි. සෙනසුරු 6 සිටීමෙන් සතුරන් අධිකවේ. කේතු 6 වීමෙන් ශරීරය කෙට්‌ටු කරයි. ළමා වියේ සිටම මන්ද පෝෂණයෙන් පෙළේ.

ග්‍රහ අපලවලදී රවිගේ අපලවලට ශිව දෙවියන්ගේ පිහිට පැතීම යෙහෙකි. ආඝෝර යන්ත්‍රය පැළඳීමද සුදුසුය. සඳුගේ අපලයට රතන යන්ත්‍රය හෝ නවනාථ යන්ත්‍රය පැළඳීම යහපති. මේ අනුව එක්‌ එක්‌ ග්‍රහයන්ට අපල කරන දෙවියන් පිදිය යුතු අතර පැළඳිය යුතු යන්ත්‍ර ගැනද පැරණි ශාන්තිකර්ම ගැන දත් උදවිය හඳුන්වා තිබේ. එහෙත් මේ වන විට එවැනි පැළඳියයුතු යන්ත්‍ර නිසි අයුරින් කරන අය සොයා ගැනීම විරලය.

අපල වලින් බේරීම කෙසේ වුවත් ආගමානුකූලව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙයි. ලෙඩ දුක්‌ කරදර ආවිට අවශ්‍ය වෛද්‍ය උපදෙස්‌, ප්‍රතිකාර ගැනීමද යෙහෙකි. යහපත් දිවි පෙවෙතක්‌ ගත කිරීමට යොමුවීම වඩාත් උචිතය.

We found this article from Divaina on 2013/04/05.
Also Sinhala to English Google word to word translation can be found here