ගෘහාරම්භය සැප පිණිස විය යුතුය

0
607
ගෘහාරම්භය
ගෘහාරම්භය

මේ මිනිස්‌ ලොව උපත ලබන සෑම කෙනෙකුටම නිවසක්‌ අවශ්‍යවේ. එහෙත් සසර දී කරන ලද කුසලාකුසල කර්ම ශක්‌තිය අනුව කෙනෙකුට ලැබෙන නිවස දෛවය විසින් තීරණය කරනු ලැබේ. දෛවයේ එම තීරණය උත්පත්ති මොහොතේ ජන්ම කේන්ද්‍රයේ සටහන් වේ. ඒ මෙසේය

ජන්ම කේන්ද්‍රයේ සතර වැන්නත්, සතර අධිපතියාත්, සතර වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ඨි හා ක්‍රි.මූ. පද්ධතිය අනුව සතර වැන්නේ නැකත්පතියාත්, බලවත් වූ තරමට හොඳ අලංකාර නිවාස පහසුවෙන් ලැබෙන වාසනාව උදාවේ.

ගෘහාරම්භ කාලය

කෙසේ වුවත් ගෘහාරම්භ කාලයෙහි උත්පත්ති කේන්ද්‍රයේ සතරවැන්න අධිපති ගෝචරයෙන් ශුභව සිටීම විශේෂ සුදුසුකමකි. එසේම උත්පත්ති කේන්ද්‍රයේ සතර වැන්නේ පාප ග්‍රහයන් ගමන් නොකරන කාලයක්‌ද -සතර වැන්නට පාප දෘෂ්ඨි නොවැටෙන කාලයක්‌ද විය යුතුය.

ගෘහාරම්භයට නැකත්

මුවසිරස, රේවතී, සිත, උත්‍රපල්, උත්‍රසල, උත්‍ර පුටුප සා, පුස, දෙනට, මුල, පුනාවස යන නැකත් ගෘහාරම්භයට ඉතා සුදුසු බව විශ්ව කර්ම ප්‍රකාශය යෙහි සඳහන්ය.

ශුභ දවස්‌

හිරු දින, කුජ දින හැර සෙසු දින ශුභය. ශනි දින අශුභ බවට ද මතයකි.

ශුභ තීර්ථි

පුර දියවක – තියක – විසේනිය – සැටවක – සතවක – දසවක – එකොළොස්‌වක – දොළොස්‌වක – තෙලෙස්‌වක – පසළොස්‌වක යන තිථි ශුභය. “විශ්ව කර්ම ප්‍රකාශය”

අශුභ තීර්ථි

1 පෑලවිය තිථියෙහි නිවසේ වැඩ ආරම්භ කළ හොත් දිළිඳු බව ඇතිවේ. 2. ජලවක තිථියෙහි වැඩ ඇරඹුවහොත් ධන හානි ඇතිවෙයි. 3. අටවක තිථියෙන් නිවසේ වැඩ ඇරඹුවහොත් සිටි තැනින් යන්නට සිදුවේ. 4. නවවක තීථියෙන් නිවසේ වැඩ ඇරඹූ විට අවි පහර ලැබේ. 5. අමාවක තීථියෙන් වැඩ ඇරඹුවහොත් රාජ භිය ඇතිවේ. 6. තුදුස්‌වක තීථියෙන් වැඩ ඇරඹුවහොත් අඹුදරුවන් නැසෙයි. 7. තුන් තීර්ථියක්‌ ස්‌පර්ශ කළ දිනයද ඉතා අශුභය.

(ගෙබිම් ශාස්‌ත්‍රය)

අශුභ යෝග

ද්වීප්‍රකාර යාමිත්‍ර – වේධ-උපග්‍රහා – කත්රියෝග – ඒකාශීල – ලන්තා – යුනි – ක්‍රකච යෝග – ද්වීප්‍රකාරපාත – වෛධාති – වසතිපාත – කුලීක – කණ්‌ඩක – කාල යමගණ්‌ඩ යන යෝග ඉතා අශුභය. (හෝරාභරණය.)

පාප නක්‌ෂත්‍ර

උත්පත්ති ජන්ම නැකතින් 03 වන නැකත, 05 වන නැකත 07 වන නැකත, පාප නැකත් වශයෙන් සැලකේ. ඒවාද දුරු කටයුතුය.

ලග්න ශුද්ධිය -01

පාප ලග්න – පාප නවාංශක නොගත යුතුය. ගෙවල් සෑදීමකට මුල්ගල් තැබීමට ලග්න ශුද්ධිය මෙසේ විය යුතු යෑයි සමහර ග්‍රන්ථවල සඳහන් වේ. ඒ මෙසේය.

1. ගෙහිමියා උපන් ලග්නයෙන් නම් නිරෝගි වේ. 2. දෙවැන්නට එන ලග්නයෙන් නම් දිලිඳු වේ. 3. තෙවැන්නට එන ලග්නයෙන් නම් විපත්තිදායකය. එහෙත් කීර්තිය ඇතිවේ. 4. හතර වැන්නට එන ලග්නයෙන් නම් හිතවතුන්ට විපත්තිදායකය. 5. පස්‌වැන්නට එන ලග්නයෙන් නම් දරුවන්ට අපලදායකය. 6. හය වැන්නට එන ලග්නයෙන් නම් සතුරන්ට විනාශය අත්වේ. 7. හත් වැන්නට එන ලග්නයෙන් නම් බිරිඳට අපලයි. 8. අට වැන්නට එන ලග්නයෙන් නම් පවුලේ ප්‍රධානියාට මාරකයි. 9. නව වැන්නට එන ලග්නයෙන් නම් රෝග පීඩා ඇතිවේ. 10. දහ වැන්නට එන ලග්නයෙන් නම් කාර්ය සිද්ධිය ඇතිවේ. 11. එකොළොස්‌ වැන්නට එන ලග්නයෙන් නම් ධන ලාභ ඇතිවේ. 12. දොළොස්‌ වැන්නට එන ලග්නයෙන් නම් ධන හානි ඇතිවේ. සතුරු කරදර ඇතිවේ.

ලග්න ශුද්ධිය -02

1. මුල්ගල් තබන තත්කාල ලග්න රාශිය පාප ග්‍රහයන් සහිත වූ විට හෝ පාප ග්‍රහ සප්තම දෘෂ්ඨි සහිත වූ විට විපත්ති – ධනහානි – අනතුරු ඇතිවේ.

2. මුල්ගල තබන ලග්නයෙන් හය – අට – දොළහ යන භවයක අව සඳු සිටියහොත් වසරක්‌ ඇතුළත දී බිරිඳට විපත් ඇතිවේ.

3. මුල්ගල තබන ලග්නයෙන් හය – අට -දොළහ යන භාවයක සඳු ශුභ ග්‍රහයන් සමඟ සිටියහොත් වසර තුනකින් බිරිඳ විපතට පත්වෙයි. ප්‍රමාදයට හේතුවේ.

විශේෂ

ශුභ ග්‍රහයන්ගෙන් තොර පාප දෘෂ්ඨි සහිත මේෂ, තුලා, ධනු, ලග්නයක්‌ උදාවන විට නිවාස වැඩ පටන් ගත් විට වැඩ ප්‍රමාද වේ. නිවාස හිමියා අලස තත්ත්වයකට පත්වේ.

ධනලාභ ලැබේ

ශුභ සංයෝග ශුභ දෘෂ්ඨි සහිත මිථුන, කන්‍යා, මීන යන ලග්නයක්‌ උදාවන විට නිවාස වැඩ ආරම්භ කළහොත් ධන ලාභ ලැබේ.

පාප දෘෂ්ඨි, පාප සංයෝග සහිත මකර -කටක – වෘශ්චික යන ලග්නයකින් නිවසේ වැඩ ආරම්භ කළහොත් නිකරුනේ වියදම් වැඩිවී වැඩ කටයුතු අතර මග නවතියි.

ශුභ ග්‍රහ දෘෂ්ඨි ශුභ සංයෝග සහිත වෘෂභ, සිංහ, කුම්භ යන ලග්නයකින් වැඩ ආරම්භ කළවිට වැඩ කටයුතු හොඳින් සඵල වී දියුණුව ඇතිවේ.

වාස්‌තු චක්‍රය

තත්කාල කේන්ද්‍රයෙහි හිරු සිටි නැකතින් නවය, දහය, එකොළහ, දොළහ, දහතුන, දහහතර, දාසය, දහඅට, දහනවය, විස්‌ස, විසිඑක යන නැකතකින් වැඩ ආරම්භ කළ යුතුය. එවිට ප්‍රමාද දොaෂ දුරුවේ.

කාලයක්‌ පවතින ගෙවල්

1. ලග්නයේ ගුරු – සතරෙහි ශුක්‍ර තුනෙහි ශනි – සයෙහි හිරු – ඇතිව සෑදු නිවස සියක්‌ වසක්‌ පවතියි.

2. බුධ දස වැන්නෙහිද, සිකුරු ලග්නයෙහිද, හිරු එකොළොස්‌ වැන්නෙහිද – ගුරු කේන්ද්‍ර ගතවද සිටි කල්හි සෑදුව නිවසද වසර සියයක්‌ පවතියි.

3. ගුරු සතරෙහිද – සඳු දහයෙහිද – හිරු කුජ එකොළොසෙහිද ඇතිව ගෙයක්‌ සෑදුවහොත් එම ගෙය 80 වසරක්‌ පවතියි.

පුස – උත්‍රපල් – උත්‍රසල – උත්‍රපුටුප – අස්‌ලිය – මුවසිරස – සුවණ -රෙහෙණ – පුවසල – සියාවස යන නැකතක්‌ උදාව පවතිද්දී ජන්ම නැකතට සීහුම් බලා සාදන නිවස ශ්‍රියාවෙන් බැබළෙයි.

එසේ කියන්නේ තුන්කල් දක්‌නා ඉසිවරුය.

We found this article from Divaina on 2013/02/15.
Also Sinhala to English Google word to word translation can be found here