ගෘහාරම්භය සැප පිණිස විය යුතුයි

0
549
ගෘහාරම්භය
ගෘහාරම්භය

[ratings]

මේ මිනිස්‌ ලොව උපත ලබන සෑම කෙනකුටම නිවසක්‌ අවශ්‍ය වේ.

එහෙත් සසර දී කරන ලද කුසලාකුසල කර්ම ශක්‌තිය අනුව කෙනකුට ලැබෙන නිවස දෛවය විසින් තීරණය කරනු ලැබේ. දෛවයේ එම තීරණය උත්පත්ති මොහොතේ ජන්ම කේන්ද්‍රයේ සටහන් වේ. ඒ මෙසේය.

ජන්ම කේන්ද්‍රයේ සතර වැන්නත්, සතර අධිපතියාත්, සතර වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටි හා ක්‍රි. මූ. පද්ධතිය අනුව සතර වැන්නේ නැකැත්පතියාත්, බලවත් වූ තරමට හොඳ අලංකාර නිවාස පහසුවෙන් ලැබෙන වාසනාව උදාවේ.

ගෘහාරම්භ කාලය

කෙසේ වුවත් ගෘහාරම්භ කාලයෙහි උත්පත්ති කේන්ද්‍රයේ සතරවැන්න අධිපති ගෝචරයෙන් ශුභව සිටීම විශේෂ සුදුසුකමකි. එසේම උත්පත්ති කේන්ද්‍රයේ සතර වැන්නේ පාප ග්‍රහයන් ගමන් නොකරන කාලයක්‌ ද – සතර වැන්නට පාප දෘෂ්ටි නොවැටෙන කාලයක්‌ ද විය යුතුය.

ගෘහාරම්භයට නැකැත්

මුවසිරස, රේවතී, සිත, උත්‍රපල්, උත්‍රසල, උත්‍ර පුටුප, සා, පුස, දෙනට, මුල, පුනාවස යන නැකැත් ගෘහාරම්භයට ඉතා සුදුසු බව “විශ්ව කර්ම ප්‍රකාශය” හි සඳහන්ය.

ශුභ දවස්‌

හිරු දින, කුජ දින හැර සෙසු දින ශුභය. ශනි දින අශුභ බවට ද මතයකි.

ශුභ තීර්ථි

පුර දියවක – තියක – විසේනිය සැටවක – සතවක – දසවක – එකොළොස්‌වක – දොළොස්‌වක – තෙළෙස්‌වක – පසළොස්‌වක යන තීථි ශුභය. “විශ්ව කර්ම ප්‍රකාශය”

අශුභ තීර්ථි

01. පෑලවිය තීර්ථයෙහි නිවසේ වැඩ ආරම්භ කළහොත් දිළිඳු බව ඇතිවේ.

02. ජලවක තීර්ථයෙහි වැඩ ඇරැඹුවහොත් ධන හානි ඇතිවෙයි.

03 අටවක තීර්ථයෙන් නිවසේ වැඩ ඇරැඹුවහොත් සිටි තැනින් යන්නට සිදුවේ.

04. නවවක තීර්ථයෙන් නිවසේ වැඩ ඇරැඹූ විට අවි පහර ලැබේ.

05. අමාවක තීර්ථයෙන් වැඩ ඇරැඹුවහොත් රාජ භිය ඇතිවේ.

06. තුදුස්‌වක තීර්ථයෙන් වැඩ ඇරැඹුවහොත් අඹු දරුවන් නැසෙයි.

07. තුන් තීර්ථයක්‌ ස්‌පර්ශ කළ දිනය ද ඉතා අශුභය.

“ගෙබිම් ශාස්‌ත්‍රය.”

අශුභ යෝග

ද්විප්‍රකාර යාමිත්‍ර – වේධ – උපග්‍රහ – කත්රීයෝග – ඒකාර්ගල – ලත්තා – යුනි – ක්‍රකච යෝග – ද්වීප්‍රකාරපාත – වෛධෘති – වසතිපාත – කුලික – කණ්‌ඩක – කාල – යමඝණ්‌ඩ – ඉතා අශුභය.

“හෝරා හරණය”
පාප නක්‍ෂත්‍ර

ජන්ම නැකැතින් තුන්වැනි නැකැත – පස්‌වැනි නැකත, සත්වැනි නැකැත පාප නැකැත් වශයෙන් සැලකේ. ඒවාද දුරු කටයුතුය.

ලග්න ශුද්ධිය – 01

පාප ලග්න – පාප නවාංශක නොගත යුතුය. ගෙවල් සෑදීමට මුල්ගල් තැබීමට ලග්න ශුද්ධිය මෙසේ විය යුතු යෑයි සමහර ග්‍රන්ථවල සඳහන් වේ. ඒ මෙසේය.

01. ගෙහිමියා උපන් ලග්නයෙන් නම් නිරෝගී වේ.

දෙවැන්නට එන ලග්නයෙන් නම් දිළිඳු වේ.

03. තෙවැන්නට එන ලග්නයෙන් නම් විපත්තිදායකය. එහෙත් කීර්තිය ඇතිවේ.

04. හතරවැන්නට එන ලග්නයෙන් නම් හිතවතුන්ට විපත්තිදායකය.

05. පස්‌වැන්නට එන ලග්නයෙන් නම් දරුවන්ට අපලදායකය.

06. හයවැන්නට එන ලග්නයෙන් නම් සතුරන්ට විනාශය අත්වේ.

07. හත්වැන්නට එන ලග්නයෙන් නම් බිරිඳට අපලයි.

08. අටවැන්නට එන ලග්නයෙන් නම් පවුලේ ප්‍රධානියාට මාරකයි.

09. නවවැන්නට එන ලග්නයෙන් නම් රෝග පීඩා ඇතිවේ.

10. දහවැන්නට එන ලග්නයෙන් නම් කාර්ය සිද්ධිය ඇතිවේ.

11. එකොළොස්‌වැන්නට එන ලග්නයෙන් නම් ධන ලාභ ඇතිවේ.

12. දොළොස්‌වැන්නට එන ලග්නයෙන් නම් ධන හානි ඇතිවේ. සතුරු කරදර ඇතිවේ.

ලග්න ශුද්ධිය – 02

01. මුල්ගල් තබන තත්කාල ලග්න රාශිය පාප ග්‍රහයන් සහිත වූ විට හෝ පාප ග්‍රහ සප්තම දෘෂ්ටි සහිත වූ විට විපත්ති – ධනහානි – අනතුරු ඇතිවේ.

02 මුල්ගල තබන ලග්නයෙන් හය – අට – දොළහ යන භාවයක අව සඳු සිටියහොත් වසරක්‌ ඇතුළත දී බිරිඳට විපත් ඇතිවේ.

03. මුල්ගල තබන ලග්නයෙන් හය – අට – දොළහ යන භාවයක සඳු ශුභ ග්‍රහයන් සමඟ සිටියහොත් වසර තුනකින් බිරිඳ විපතට පත්වෙයි. ප්‍රමාදයට හේතුවේ.

විශේෂ

ශුභ ග්‍රහයන්ගෙන් තොර පාප දෘෂ්ටි සහිත මේෂ – තුලා – ධනු ලග්නයක්‌ උදාවන විට නිවාස වැඩ පටන් ගත් විට වැඩ ප්‍රමාද වේ. නිවාස හිමියා අලස තත්ත්වයකට පත්වේ.

ධනලාභ ලැබේ

ශුභ සංයෝග ශුභ දෘෂ්ටි සහිත මිථුන – කන්‍යා – මීන යන ලග්නයක්‌ උදාවන විට නිවාස වැඩ ආරම්භ කළහොත් ධන ලාභ ලැබේ.

පාප දෘෂ්ටි – පාප සංයෝග සහිත මකර – කටක – වෘශ්චික යන ලග්නයකින් නිවසේ වැඩ ආරම්භ කළහොත් නිකරුණේ වියදම් වැඩි වී වැඩ කටයුතු අතරමඟ නවතියි.

ශුභ ග්‍රහ දෘෂ්ටි ශුභ සංයෝග සහිත වෘෂභ – සිංහ – කුම්භ යන ලග්නයකින් වැඩ ආරම්භ කළවිට වැඩ කටයුතු හොඳින් සඵල වී දියුණුව ඇතිවේ.

වාස්‌තු චක්‍රය

තත්කාල කේන්ද්‍රයෙහි හිරු සිටි නැකැතින් නවය – දහය – එකොළහ – දොළහ – දහතුන – දහහතර – දාසය – දහඅට – දහනවය – විස්‌ස – විසි එක යන නැකැතකින් වැඩ ආරම්භ කළ යුතුය. එවිට ප්‍රමාද දොaෂ දුරුවේ.

කාලයක්‌ පවතින ගෙවල්

01. ලග්නයේ ගුරු – සතරෙහි ශුක්‍ර තුනෙහි ශනි – සයෙහි හිරු – ඇතිව සෑදූ නිවස සියක්‌ වසක්‌ පවතියි.

02 බුධ දස වැන්නෙහි ද සිකුරු ලග්නයෙහි ද හිරු එකොළොස්‌ වැන්නෙහිද – ගුරු කේන්ද්‍රගතවද සිටි කල්හි සෑදුව නිවස ද වසර සියයක්‌ පවතියි.

03. ගුරු සතරෙහි ද – සඳු දසයෙහි ද – හිරු කුජ එකොළොසෙහි ද ඇතිව ගෙයක්‌ සෑදුවහොත් එම ගෙය 80 වසරක්‌ පවතියි.

පුස – උත්‍රපල් – උත්‍රසල – උත්‍රපුටුප – අස්‌ලිස – මුවසිරස – සුවණ – රෙහෙණ – පුවසල – සියාවස යන නැකැතක්‌ උදාව පවතිද්දී ජන්ම නැකැතට සීහුම් බලා සාදන නිවස ශ්‍රියාවෙන් බැබළෙයි.

එසේ කියන්නේ තුන්කල් දක්‌නා ඉසිවරුය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here