ජන්ම පත්‍රයෙන් හෙළිවන කම්ම නියාමය

1742
කම්ම නියාමය
කම්ම නියාමය

[ratings]

සත්ත්වයන්ගේ විවිධත්වයට හේතුව ධර්ම යෑයි බුදුන් වදාළහ. එනම් සමහර මිනිසුන් දීර්ඝායුෂ විඳින අතර සමහරු අඩු වයසින් මිය යති. සමහරු ආබාධ සහිතය. තවත් අය ආබාධවලින් අඩුය. ධනවත් මෙන්ම දුප්පත් අයද කුලීන මෙන්ම එසේ නොවන අය ද ආදී වශයෙන් වන විවිධත්වයට හේතුව පෙර කර්ම විපාක වේ. මේ පිළිබඳ දීර්ඝ විස්‌තර චුල්ල කම්ම විභංග සූත්‍රය හෝ කම්ම විභංග සූත්‍රය හා මලිනෝවාද සූත්‍රය ආදියෙන් දැනගත හැකි වන්නේය.

ජීව අජීව වූ සියල්ලේම ඉපදීම ඇතුළු වරින්වර සිදුවන වෙනස්‌වීම්වලට හේතුව කර්මයම නොවේ. ඒවා උතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම ආදී කරුණු පහක්‌ නිසා සිදු වේ. කර්මය ඉන් එකකි. එහෙත් කර්මය නිසා මනුෂ්‍යයාට සිදුවන බලපෑම කොතෙක්‌දැයි බොහෝ අයගේ අවධානයට ලක්‌වී නැත. දික්‌වැල්ලේ මහින්ද හිමියන් විසින් රචිත “කර්ම විපාකය” නම් ග්‍රන්ථය බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාට පල දුන් කර්ම විපාක ගැන විස්‌තර කර ඇති අතර මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් රචිත “මේ ජීවිතයේදීම පලදෙන කර්මය” නම් ග්‍රන්ථයේa වර්තමාන සමාජය තුළින් ගත් සත්‍ය කතා මගින් කර්ම විපාක ගැන උදාහරණ රාශියක්‌ දක්‌වා තිබේ.

කර්මය වූ කලී අවබෝධ කර ගැනීමට ඉතා දුෂ්කර වූ ගැඹුරු කරුණකි. කර්ම විෂයය අචින්ත්‍ය යෑයි බුදුහිමියන් වදාළේ එබැවිනි. කර්මය අපට බලපාන ආකාරය පිළිබඳව තරමක්‌ දුරට හෝ අවබෝධ කර ගත හැකි එකම ලෞකික විදිහට ජ්‍යෙdතිෂයයි. ජන්ම පත්‍රයේ සඳහන් වන්නේ ජන්මියා විසින් කළ පූර්ව කර්ම ගැන විස්‌තරයකි. මෙම ලිපියෙන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අදහස්‌ කරමු.

සෙනසුරු ඒරාෂ්ටක අපලය, රාහුගේ අපලය යනාදී වශයෙන් අපල නම් කරන අතර රාහු ඇවිද්දවනවා, සෙනසුරු දුක්‌ විඳවනවා ආදී කියමන් ද තිබේ. මෙම ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ ග්‍රහයන් අපල කරන බවකි. “සෙනසුරු විෂ්ණු දෙවියන්ටත් බටකොළ කැව්වා” යනුවෙන් ප්‍රකට කියමනක්‌ ඇති වූයේ සෙනසුරු අපල කාලය නිමවන තෙක්‌ විෂ්ණු දෙවියන් ඇත් රුවක්‌ මවාගෙන සිටි බැවිනි. එහෙත් මේවා ජනප්‍රවාද මිස සෘෂිවරුන්ගේ කියමන් නොවන්නේය. අහසේ භ්‍රමණය වන සෙනසුරු ග්‍රහයා මිනිසුන්ට දුක්‌ දෙන්නේ කෙසේද? මේ සියල්ල හෙවත් දුක්‌ කරදර කර්ම නිසා සිදුවන බව පහත සඳහන් ශ්ලෝකයෙන් කියෑවේ.

න රාජ දෝෂෝ නච මන්ත්‍රිනශ්ව

න ශත්‍රැ දෝෂෝ නච බන්ධුවර්ගාත්

නක්‍ෂත්‍ර දෝෂෝ නච තාරකානාම්

පූර්වේෂු හෙතො( ඵල මෙව චෛනත්

එනම් “රජුන්ගේ ද ඇමැතිවරුන්ගේද, සතුරන්ගේද නැකැත්වලද, නෑයන්ගේද ග්‍රහ තාරකාවලද දෝෂ නැත්තේය. පෙර කරන ලද කුශලා කුශල කර්මවල විපාක යෑයි දත යුතුය.”

මේ අනුව ශුභ ඵල හෝ අපල ඇති කරවන්නේ ග්‍රහයකු නොවන බවත් ග්‍රහයන් හෝa කර්මවිපාක පිළිබඳව විනිශ්චයක්‌a පමණක්‌ කළ හැකි බවත් අවධාරණය කෙරේ. පාප ග්‍රහයා පාපියක විපාක පෙන්වන අතර ශුභ ග්‍රහයා කුශල විපාකයන් පෙන්වා දෙයි. ග්‍රහයන්, ශුභ ග්‍රහයන් හා පාප ග්‍රහයන් යෑයි හඳුන්වාදී ඇත්තේ ද මෙම පදනම අනුව බව දත යුත්තේය. ගුරු, බුධ, සිකුරු, පුරසඳු කුශල විපාක ද ශනි, කුජ, රවි, රාහු, කේතු සහ අව සඳු අකුසල විපාක පෙන්වා දෙන්නේය.

සත්වයකු මෙලොවට බිහිවීමට හේතුවන කර්මය “ජනක කර්මය” වශයෙන් හැඳින්වේ. පෙර භවයේ මිය යන විට අන්තිමට ඇති වූ සිත හෙවත් චුති සිත මෙම භවයේ නැවත වරක්‌ පහළ වීම මගින් මෙය ඇතිවන අතර ඊට අයත් කුශල කර්ම ශක්‌තිය අනුව සත්වයාට මෙලොව උප්පත්තිය ලබා දෙයි. මේ පූර්වකර්ම ශක්‌තිය අනුව ඔහු හෝ ඇය ඉපදෙන තැන තීරණය වේ. කුශල කර්ම ශක්‌තියක්‌ ක්‍රියාත්මක වූයේ නම් ජන්මියා සැපත්ව ජීවත් වන පවුලකම මව්පියන්ට දාව උපදී. ශරීර වර්ණය, ශක්‌තිය මෙන්ම නිරෝගී අඟපසඟ හා බුද්ධිමත් බවද ලබාදේ. එමෙන්ම යම් අකුශල කර්මයක්‌ උපතකට හේතු වී නම් ජන්මියා දුගී පවුලක දිළිඳු මව්පියන්ට දාව, සමහරවිට ඇස්‌, කන් ආදී ශරීර අංගවිකලව ඉපදීමට ඉඩ තිබේ.

මෙම ජනක කර්ම බලය ජන්ම පත්‍රයේ පළමුවැනි භාවය හා එයට අධිපති ග්‍රහයන් අනුව පරීක්‍ෂා කරනු ලැබේ. පළමුභාවයේ ශුභ ග්‍රහයන් ශුභ පලද පාප ග්‍රහයන් අශුභ ඵල ද පෙන්වයි. ලග්නාධිපතිගේ බලවත් ග්‍රහයකු ලග්නයේ සිටි විට බොහෝ ශුභ ඵල දේ. ලග්නය මේෂ හෝ සිංහ වී රවි ලග්නයේ සිටි විට නායකත්ව ගතිගුණ දෙයි. ලග්නය කටක හෝ වෘෂභ වී සඳු එහි සිටි විට බොහෝසැපද අධික ධනය ද කාරුණික ගතිගුණ ද ලබා දෙයි. ලග්නය මිථුන හෝ කන්‍යා වී බුධ එහි සිටි විට ඉගෙනීමේ අති දක්‍ෂ බුද්ධිමත් කෙනකු බව පෙන්වයි. ලග්නය කටක වී ගුරු ලග්නයේ නම් කෝටියක්‌ දෝෂ භංග කරන ප්‍රඥවන්ත සැපවත් කෙනකු උපදවයි. ලග්නය මීන හෝ ධනු වී ගුරු ලග්නයේ නම් ඉතා වාසනාවන්ත හා ප්‍රඥවන්ත මෙන්ම උතුමකු බවද පෙන්වයි. ලග්නය තුලා හෝ වෘෂභ වී සිකුරු ලග්නයේ නම් ආකර්ෂණ පෙනුම ඇති කම්සැප විඳින සැපවත් කෙනකු බව පෙන්වයි.

ලග්නය පාප ග්‍රහයන්ගෙන්a දුර්වලවීම ජනකකර්මය දුර්වල බව පෙන්වයි. උදාහරණයක්‌ වශයෙන් ලග්නයේ ශනි දුර්වලනම් වාතාධික රෝගියෙක්‌ විය හැකි කලකිරුණු ගති ඇති දුර්වල කෙනකු උපදවයි. කුජ දුර්වලව ලග්නයේ නම් හිසේ තුවාල ඇතිවන ක්‍රෝධයෙන් පෙළෙන කෙනකු බව පෙන්වයි.

ඉහත දක්‌වන ලද්දේ ජනකකර්මය, ලග්නභාවය හා සම්බන්ධ වන ආකාරයයි. ආයුෂ තීරණය වන්නේ ද ජනකකර්මය අනුවය. වයස අවුරුදු 80 ආයුෂ හිමි බවට මෙම කර්ම අනුව තීSරණය වූවා යෑයි සිතමු. එය එසේ වීමට බාධා ඇති කරන කර්ම, දෙකක්‌ ගැන ධර්මයේ සඳහන් වේ. එනම් උපපීඩක කර්ම උපඝාතක කර්මයයි. උපපීඩක කර්ම යනු පරමායුෂ ගෙවීමට බාධා කරන සතුරු පීඩා හා රෝගාබාධ ඇති කරන කර්ම වේ. කේන්ද්‍රයේ මේ තත්ත්වය පෙන්වන්නේ 6 වැනි භාවයෙනි. එබැවින් කේන්ද්‍රයේ හයවැන්නට සතුරු ස්‌ථානය හෙවත් රෝග ස්‌ථානය යෑයි කියනු ලැබේ.

හය අධිපති ග්‍රහයා ලග්නයේ සිටින විට සතුරු රෝග පීඩා නිරන්තරව ඇති බව පෙන්වයි. ලග්නාධිපති ග්‍රහයා හයවැන්නේ නම් තමන් විසින්ම සතුරන් ඇති කර ගනී. නැතහොත් සතුරන් සමග කටයුතු කර යුතුවූ ආරක්‍ෂක අංශයක රැකියාවක යෙදෙනු ඇත. හය වැන්නේ මුලවත් ග්‍රහයන් සිටින විට අශුභ ඵල මගහරවා ශුභ ඵල ලබාදෙයි. එනම් හයවැන්නේ සෙනසුරු බලවත්වන විට සතුරන්ගේ ජය ලබා දෙයි. රෝග පීඩා අඩු කරයි.

උපඝාතක කර්ම යනු ජනක කර්මයට සම්පූර්ණයෙන් බාධා කරන කර්ම වේ. හදිසි මරණයකින් ජන්මියාගේ දිවි තොරවීම අකුශල උපඝාතක කර්ම පෙන්වයි. එය හඳුනාගන්නේ කේන්ද්‍රයේ අටවැනි භාවයෙනි. අටවැන්න දුර්වල සඳු තැන්පත්ව සිටියදී ශනි ඒ මතින් ගමන් කරන කාලය මාරක අපල ගෙන දෙනු ඇත.

ජනක කර්මයට උදව් කරන කර්ම උපස්‌ථම්භක කර්ම යෑයි කියනු ලැබේ. එය කේන්ද්‍රයේ හත්වැන්නෙන් නිවේදනය කෙරේ.

ස්‌ථම්භ යනු කණුවට කියන නමකි. යමක්‌ ඇදවැටෙන්නට ගොස්‌ වැළැක්‌වීමට යොදන කණුවක්‌ මෙන් උපස්‌ථම්භක කර්ම ජන්මියාට අතදෙයි. හත්වැන්නෙන් විවාහය හා සහකරුවන් ගැන කියන්නේ එබැවිනි. හතට බලවත් ග්‍රහයන්ගේ තැන්පත්වීම් දැකීSම් ලැබී ඇති නම් ජන්මියා බලවත් උපස්‌ථම්භක කුශල කර්ම කර ඇති බව දත යුතුය.

හත්වැන්නේ සිකුරු සඳු බුද ආදී න් සිටී නම් ජන්මියාට බොහෝ ආධාරකරුවන් මෙන්ම යහපත් භාර්යාව හෝ සැමියා ලබයි. බලවත් සිකුරු නිසා ස‚ භාර්යාවන් ද සඳුගෙන් මාතු භාර්යාවන් ද, බුධගෙන් භගිනි භාර්යාවන්ද දුර්වල කුජගෙන් චෞර භාර්යාවන් ද, රවිගෙන් ස්‌වාමි භාර්යාවන් ද, ශනි ගෙන් වධක භාර්යාවන් ද ලබනු ඇති බව පෙන්වයි.

ඉහත දක්‌වන විපාක දෙන ආකාරය අනුව ජනක උපස්‌ථම්භක උපපීඩන, උපඝාතක යන කර්ම ජන්ම පත්‍රය අනුව හඳුනා ගන්නා ආකාරයයි. එමෙන්ම අප විසින් මෙම ආත්ම භවයේදී කරන කර්ම මතුවට විපාක දෙන බැවින් අකුශලකර්ම වලින් වැළකීමට අධිෂ්ඨාන කරගත යුතුය.

We found this article from Divaina on 2011/10/28.
Also Sinhala to English Google word to word translation can be found here