පුද්ගලයකුගේ කේන්ද්‍ර සටහනේ අට වැන්නට සුවිශේෂි ස්‌ථානයක් හිමිවෙයි. මෙම ස්‌ථානය මරණය, ආයුෂ ප්‍රමාණය, අන් අයගෙන් දේපළ ලැබීම්, විවාහ සහකරු/සහකාරියගේ ධනය, දේපළ ආදී දේවල් ගැන පරීක්‌ෂා කෙරේ. මරණය සිදුවන අයුරුද දැනගැනීමට හැකි වේ. කෲර වූ ග්‍රහයන් අටවැන්නෙ අධිපතිවීම හෝ තැන්පත් වීම හෝ අට දැකීම හෝ බොහෝවිට අයහපත් ඵල ලැබීමට හේතුවෙයි. එසේ වුවත් සෞම්‍ය ග්‍රහයන් (චන්ද්‍ර, බුධ, ගුරු, සිකුරු) මෙම ස්‌ථානයේ තැන්පත්ව හා ඔවුන්ගේ දැකීම ලැබීම නිසා කේන්ද්‍ර හිමිකරුට/හිමිකාරියට නියමිත අපල අශුභ තත්ත්වයන් තරමක් දුරට හෝ වැළැකී යන අවස්‌ථාද ඇති කරයි.
සිත පිළිබඳ කරුණු මානසික පීඩා හෝ මානසික ආබාධයන් ගැනද අටෙන් බැලිය හැකිය. එසේම අන්සතු දේපළ තමාට අයිතිවීම, ලැබීම හෝ නොලැබීම, විවාහයෙන් දායාද ලැබීම් හෝ නොලැබීම්, වෙළෙඳ ව්‍යාපාර කර්මාන්ත ආදියෙන් ලාබ හෝ පාඩු ලැබීම් පිළිබඳවද තතු 08 වැන්නෙන් කියෑ වේ.
අටවැන්න අධිපති ග්‍රහයා 08 වැන්නේම සිටීමෙන් එකී පුද්ගලයා උද්යෝගීවන්තව තම කටයුතු මැනවින් කරගනී. ආගම දහමට ලැදි වේ. අනපේක්‌ෂිත පරිදි උරුම හිමිකම් ලබයි. පව් කිරීමට පෙළඹෙන්නේ නැත.
අටවැන්න අධිපතියා 09 වැන්නේ නොහොත් පුණ්‍යස්‌ථානයේ සිටී නම් මුහුණේ අවයවයන්හි සුළු අඩුපාඩුකම් ඇති වේ. තමා ලත් දැනුමට වඩා දැනුම් ඇත්තකු සේ කටයුතු කිරීමෙන් පාඩු සිදුකරගනී. නැදැ හිත මිත්‍ර සබඳතා පළුදු වේ. සමාජ විරෝධී වැඩවලට සොර සතුරන් සමඟ එක්‌වෙයි.
අට අධිපතියා 10 වැන්නේ සිටීමෙන් බලය උපයෝගී කරගෙන අසම්මත ක්‍රියාවල යෙදෙයි. විවාහ සහකරු/සහකාරියගේ ඥතීන් හා විරුද්ධ කම් ඇති කරගනී. ආයුෂ බල වැඩි වේ. මරණින් පසු තමාගේ නාමය බොහෝ කලක් පවතී. මෙම ස්‌ථානාධිපතියා නීචව සිටීනම් දරුවනට අපලයි.
වැයස්‌ථාන ගතව (11) අට අධිපතියා සිටිවිට තරුණ වියේදී සැප ලබයි. මිතුරන් අඩුයි. ආදායම් තත්ත්වය සරු නොවේ. නුවණින් යුතුව කටයුතු කරයි. එහෙත් සමාජයෙන් ගෞරව නොලබයි. මෙම ග්‍රහයා පාපී ග්‍රහයකු (රවි, කුජ, ශනි, රාහු, කේතු) වී නම් ආයුෂ අඩු වේ. සෞම්‍ය ග්‍රහයකු වී නම් ආයුෂ වැඩි වේ.
මාරකස්‌ථානාධිපති 12 වැන්නේ නම් සුළු දේවලට පවා සිතමින් කරදර විඳී. ආයුෂ බල අඩුයි. උපයාගත් ධනය නොදැනුවත්වම වියදම් වේ. කටහඬ ගොරෝසුයි. කථාකරන වචන රළුයි. අනුන් රැවටීමට දක්‌ෂයි. නඩු හබ කරදරවලට යොමු වේ.
ලග්නගතවූ අට අධිපතියා ස්‌නායු දුර්වලතා මොළේ ආබාධ ඇති කරයි. තමගේ පාඩුවේ වැඩ කරගනී. ලැබීම්වලට වඩා වියදම් අධිකයි. ලෙඩ රෝගවලින් අඩුවක් නැත. අන් අයගේ අපවාදවලට ලක් වේ.
අට අධිපතියා 02 වැන්නේ සිටීම ඉතා සුභයි. එහෙත් අදාළ ග්‍රහයා පාපියකු නම් ශුභ ඵල අත් නොවේ. ආයුෂද අඩු වේ. සොරකම් කිරීමට පෙළඹේ. මුඛයේ, උගුරේ දත්වල ආබාධ ඇතිවිය හැකිය. අනපේක්‌ෂිත පරිදි මරණය සිදු වේ. පවුල් ජීවිතයේ කරදර ඇති වේ.
අට අධිපතියා 03 වැන්නේ වී නම් ළමාවියේ ඉගනීම් කටයුතුවලට දක්‌ෂ නොවේ. ආයුෂ අඩුයි. ශරීරයේ අංගවල හීනතා ඇති කරයි. සහෝදරාදීන් අඩුයි. නෑදැ හිතමිත්‍රයන් සමඟ රණ්‌ඩු සරුවල් ඇති කරගනී. ආශ්‍රය කරන අය සමඟ සැක සිතයි.
අට අධිපතියා සිව්වැන්නේ සිටි විට පියා සමඟ ආරාවුල් ඇති කරගනී. ඥතීන් සමඟ දේපළ ඉඩකඩම් නිසා භේද ඇති වේ. පෙනහැලි ආබාධ ඇති වේ. කෝප සහගත සිතුවිලින් යුක්‌තයි. සිව්වැන්නේ සඳු/සිකුරු වී නම් ශුභයි. නිවාස ලාභ ලබයි.
05 වැන්නේ අට අධිපතියා සිටී නම් රහස් – ගුප්ත කටයුතුවලට ආශා කරයි. දරු සම්පත් නොලැබී යා හැකිය. ඥනවන්ත වුවත් වැඩ කටයුතුවලට එතරම් දක්‌ෂතා නොදක්‌වයි. හෘදයේ ආබාධයක් මත මරණය සිදු වේ.
ශරීරය කෙට්‌ටුකරන ලෙඩ රෝගවලින් පෙළෙන අයගේ 08 අධිපතියා 06 වැන්නේ සිටිය හැකිය. අට අධිපති සමඟ සඳු සිටිවිට ලෙඩ රෝග අධිකයි. සිකුරු සමඟ නම් ඇස්‌වල ආබාධ වැඩිය. රාහු හෝ කේතු සමග සිටීමද ලෙඩ රෝග නිසාම දිවි තොර වේ.
විවාහ ජීවිතයේ ගැටලු, අවුල් ඇති කරන්නේ 08 අධිපතියා, 07 වැන්නේ සිටීමෙනි. බොහෝවිට අවිවාහකව සිටීමට සිදු වේ. රහස් සතුරන් සිටී. ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලබයි. අට අධිපතියා පාපයකු නම් බිරිඳට හෝ ස්‌වාමියාට මාරක අපල ගෙන දෙයි.
We found this article from Divaina on 2012/10/05.
Also Sinhala to English Google word to word translation can be found here