අපි කිසිවකු පරාජයට පත්වීමට හෝ පරාජයක් ලැබීමට අකැමැති වෙමු. සියලුම දෙනා ජයග්‍රහණය ලැබීමට යම් යම් ක්‍රියාවන්ට ඉදිරිපත්වීම සාමාන්‍ය සිරිතකි. ජ්‍යෙdතිෂ වේදයට අනුව තමන් දරන උත්සාහයන් සාර්ථක කර ගැනීමට පංච පක්‍ෂි ක්‍රමය අනුගමනය කිරීම, භාවිත කිරීම, වඩාත් උචිත වෙයි. තරග විභාග, සම්මුඛ පරීක්‍ෂණ, නඩු කීම, විවාහ කටයුතු, නව ගෘහ ආරම්භ, ගෘහ ප්‍රවේශ, වැදගත් ගමන් බිමන්වල යෙදීම, ආදී ශුභ කටයුතුවලදී ජයග්‍රහණය ලබා ගැනීමට පංච පක්‍ෂි ක්‍රමය යොදා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල අපේක්‍ෂා කළ හැකිය.
හැම අගයකටම තමන් උපන් නැකතට අයත් (හිමි) පක්‍ෂියකු සිටී. උපන් නැකත නොදනී නම් තමා භාවිත කරන මුල් නමේ ස්‌වරය අනුව ද පක්‍ෂියා තෝරා ගත හැකිය.
ඔබේ උපන් නැකත අස්‌විද, බෙරණ, කැති, රෙහෙන, මුව සිරස යන නැකත් 05 න් එකක් වී නම් ඔබට අයත් පක්‍ෂියා වන්නේ භේරූඪයා නොහොත් රාජාලියාය. අද, පුනාවස, පුෂ, අස්‌ලිස, මා, පුවපල් යන නැකත් 06 ට යෙදෙන්නේ පිංගල නොහොත් බකමූණු පක්‍ෂියාය. උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකතකින් උපන් අයට යෙදෙන පක්‍ෂියා වන්නේ කාක නොහොත් කපුටාය. අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවණ යන නැකත් 06 ට යෙදෙන පක්‍ෂියා වන්නේ කුක්‌කුට නොහොත් කුකුළාය. දෙනට සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන නැකත් 05 න් උපන් අයට මයුර නොහොත් මොණරා අයත් වෙයි.
තමන්ගේ උපන් නැකත තමුන් නොදනී නම් අ. ආ ස්‌වරවලට අයත් පක්‍ෂියා වන්නේ භේරුඪ (රාජාලියා) පක්‍ෂියාය. ඉ, ඊ, ස්‌වරවලට බකමූණාය. (පිංගල) උ, ඌ ස්‌වරවලට යෙදෙන පක්‍ෂියා වන්නේ කුකුළාය. මයුර (මොණරා) අයත් වන්නේ ඔ, ඕ ස්‌වරවලටයි.
මෙම පක්‍ෂීන් පස්‌දෙනාගේ අවස්‌ථා පහක් වෙයි. එකී අවස්‌ථා මෙසේය. රජ, භෝජන, ගමන, නිදි සහ මරණ වෙයි. මෙම පංච පක්‍ෂි ක්‍රමවේදයේ පැය දෙකයි විනාඩි 24 ක් යාමයක් ලෙස සැලකෙයි. යාම ක්‍රමය අනුව දිවා කාලයට උදේ 6.00 සිට සවස 6.00 දක්‌වා යාම 05 ක්‌ද, රාත්‍රි කාලයට සවස 6.00 සිට පාන්දර 6.00 දක්‌වා යාම 05 ක් ද අයත් වෙයි. පක්‍ෂියාගේ අවස්‌ථා පිළිබඳව සැලකිලිමත් වීමේදී පුර පක්‍ෂය හා අව පක්‍ෂයත්, දවාල සහ රාත්‍රියත් යෙදෙන අයුරු දැනගත යුතු වන්නේය. පුර පක්‍ෂයේ උදේ 6 සිට සවස 6 දක්‌වා වූ යාම පහ වෙන්වන්නේ මෙසේය. පළමු යාමය 6 සිට 8.24 , 2 වැනි යාමය, 8.24 සිට 10.48, තෙවැනි යාමය, 10.48 සිට 1.12, සිව්වැනි යාමය 1.12 සිට 3.36, පස්‌වැනි යාමය 03.36 සිට 6.00 දක්‌වා සිදු වෙයි. අවපක්‍ෂයට ද යට කී අයුරින් කාලය වෙන්වෙයි. පක්‍ෂි අවස්‌ථා රජ, නිදි, මරණ, භෝජන සහ ගමන ලෙස වෙන්වේ.
උදේ 6 සිට 8.24 දක්‌වා භේරූඪ (රාජාලියා) භෝජන, 8.24 සිට 10.18 දක්‌වා ගමන 10.48 සිට 1.12 දක්‌වා රජ, 1.12 සිට 3.36 දක්‌වා නිදි, 3.36 සිට 6.00 දක්‌වා (සවස) මරණ යන අවස්‌ථාවල සිටී. මේ අවස්‌ථා සෙසු පක්‍ෂීන්ට එනම් පිළිවෙළින් (බකමූණා), පිංගල, කපුටු, කුකුලා, මොණරා යන අයට යටකී වේලාවන්ට යෙදෙනවිට පිංගල (බකමූණා) පිළිවෙළින් ගමන, රජ, නිදි මරණ, භෝජන, අවස්‌ථාවලට ලක් වේ. කපුටා, රජ, නිදි, මරණ, භෝජන, ගමන යන අවස්‌ථාවල යෙදෙයි. කුකුළා, නිදි, මරණ, භෝජන, ගමන රජ යන අවස්‌ථාවල යෙදෙයි. මොණරා, මරණ, භෝජන, ගමන, රජ, නිදි යන අවස්‌ථාවල යෙදේ. මෙම අවස්‌ථා යෙදෙන්aනේ ඉරිදාට සහ අඟහරුවාදා දිනවලටයි.
සඳුදා සහ බදාදා දින දෙකට පිළිවෙළින් කලින් සඳහන් කළ කාලය තුළ, භේරූඪ පක්‍ෂියා මරණ භෝජන, ගමන, රජ, නිදි යන අවස්‌ථාවල යෙදෙයි. පිංගල පක්‍ෂියා භෝජන, ගමන, රජ, නිදි මරණ, යන අවස්‌ථාවල යෙදී සිටී. කාක පක්‍ෂියා ගමන, රජ, නිදි මරණ, භෝජන අවස්‌ථාවල යෙදේ. කුක්‌කුට පක්‍ෂියා රජ, නිදි, මරණ, භෝජන, ගමන යන අවස්‌ථාවල යෙදේ. මයුර පක්‍ෂියා නිදි, මරණ, භෝජන, ගමන, රජ යන අවස්‌ථාවල යෙදී සිටී. පිංගල මරණ, භෝජන, ගමන, රජ, නිදි යන අවසථාවල යෙදේ. කපුටා භෝජන, ගමන, රජ, නිදි මරණ අවස්‌ථාවල යෙදේ. කුකුළා ගමන රජ, නිදි, මරණ, භෝජන යන අවස්‌ථාවල යෙදේ. මොණරා රජ, නිදි, මරණ, භෝජන ගමන යන අවස්‌ථාවල යෙදේ. මේ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවලද අවස්‌ථා 05 ක් යට කී අයුරට වෙනස්‌ව සිදු වෙයි. රාත්‍රියටද මේ තත්ත්වය වෙනස් වේ.
අවපක්‍ෂයට ද දිවා කාලයට සහ රාත්‍රි කාලයටද ඒ ඒ දින අනුව සහ කලින් සඳහන් කළ කාලවේලාවන් අනුව පක්‍ෂීන්ගේ අවස්‌ථා යෙදෙයි.
මෙහිදී රජ, භෝජන – ගමන යන අවස්‌ථා යෙදුණු පක්‍ෂියා ජයග්‍රහණය කරයි. ශුභ ඵල උදාකරයි. නිදි මරණ අවස්‌ථාවලදී අශුභ ඵල ලැබෙන නිසා එකී වේලාවන් යොදා ගැනීම සුදුසු නොවේ.
පක්‍ෂියා රජ හෝ භෝජන අවස්‌ථාවකට පිවිසි වේලාව පුර – අව මෙන්ම දවාලට හා රාත්‍රියට යෙදෙන ක්‍රම ගැන සැලකිලිමත්වීම වටී. ලංකා පංචාංග ග්‍රහස්‌ඵුට ලිතෙන් මේ ගැන වැඩි විස්‌තර දැනගත හැකිය.
තමන්ට හිමි පක්‍ෂියා රජ හෝ භෝජන අවස්‌ථාවලට පැමිණි කළ තරග කටයුතු සම්මුඛ පරීක්‍ෂණ රැකියා සඳහා ගමන් බිමන් විවාහ කටයුතු වැනි වැදගත් කාර්යයන්වල යෙදීම උචිතයි.
We found this article from Divaina on 2012/11/30.
Also Sinhala to English Google word to word translation can be found here