ජ්‍යෙතිෂයට අනුව සෑම කෙනකුටම වාහනයක්‌ ඇත

1894
ජ්‍යෙතිෂයට
ජ්‍යෙතිෂයට

මෙලොව උපදින හැම පුද්ගලයකුම උප දින්නේ එක්‌තරා වාහනයකට හිමිකම් කියා පාමිනි. මෙය කාර්, බස්‌, වෑන් වැනි වාහනයක්‌ නොව ජ්‍යෙතිෂ දශානුකූලව හිමිකම් කියාපාන වාහනයකි. ඒ අනුව එක්‌ එක්‌ පුද්ගලයා එක්‌ එක්‌ වාහනයකට හිමිකම් කියාපාන අතර කොටළු, අශ්ව, හස්‌ති, මහීෂ, හිවල්, සිංහ, කවුඩු, හංස හා මොනර යනු එම වාහනය.

එක්‌ එක්‌ පුද්ගලයාට එක්‌ එක්‌ කාල වකවානුවලදී එක්‌ එක්‌ දශාවන් උදාවීම සාමාන්‍යයෙන් සිදු වන දෙයකි. ඒ ඒ පුද්ගලයා උපදින්නේද ඒ ඒ නැකත් යටතේය.

ජන්ම නැකතේ සිට දශා නැකත දක්‌වා තිබෙන නැකත් සංඛ්‍යාව ගණන් කොට නමයෙන් බෙදූ විට කිසියම් දශාවකට අයත් වාහනය සොයා ගත හැකිය. එසේ බෙදු විට ඉතිරි වන ශේෂය එක නම්, කොටළු වාහනය හිමිවන අතර, දෙක නම්, හිමි වන්නේ අශ්ව වාහනයය. ගජ වාහනය, තුනටය. හතර නම්, මහීෂ වාහනය අයත්ය. හිවල් වාහනය පහටය. සිංහ වාහනය හයටය. හත නම් කාක වාහනය හිමිවන අතර අට නම් හංස වාහනයය. නමය එනම් බින්දුව නම්, හිමිවන්නේ මයුර වාහනයය. එවැනි වාහන නමයක්‌ද තිබීම ඊට බින්දුව හිමි වීමට හේතුවය.

ජන්ම කේන්ද්‍රයට අනුකූලව ඒ, ඒ, වාහනය හිsමිවන පුද්ගලයන්ට අත්වන පල විපාක පෞරාණික ජ්‍යෙතිෂය ග්‍රන්ථයක්‌ වන මානසාගරීහි සඳහන්ය. පහත දැක්‌වෙන්නේ ඒ පිළිබඳ විස්‌තරයකි.

කොටළු වාහනය

නැණ නුවණද, ලඡ්ජා ගතියද, ධන සම්පත හා ඇඳුම් පැළඳුම් ද එතරම් ඇතැයි සිතිය නොහැකි කෙනෙක්‌ විය හැකිය.

අශ්ව වාහනය

ස්‌ථිර ගතියක්‌ නොමැති සැලෙන සුලු චපල ගති ඇති ආහාර ගැනීමේදී පමණට වඩා ආහාර බුදින සෑහෙන නැණ නුවණක්‌ සහිත ගව සම්පතටද හිමිකම් කියන දැඩි සිරුරක්‌ තිබිය හැකි විවිධාකාර කටයුතු කරන කෙනෙක්‌ වන්නට පුළුවන.

හස්‌ති වාහනය

කරන නොයෙකුත් කටයුතු ඉෂ්ට සිද්ධ කර ගන්නා හැම විධියකින්ම වාගේ සැප සතුට බුක්‌ති විඳින දෙවි දේවතාවුන් මෙන්ම මහණ බමුණන්ද පිදීමට කැමැත්තක්‌ දක්‌වන සිතේ සතුටකින් ජීවිතය ගෙනයන ගරු බුහුමනට පවා පාත්‍ර වන, යහපත් ගති පැවතුම් සහිත සේනාධිපතියකුගේ තත්ත්වයට පත්විය හැකි, අලංකාරයට ප්‍රියමනාප ගතියක්‌ දක්‌වන වංචල ගතියක්‌ පැවැතීමට ඉඩ කඩක්‌ ඇති දුෂ්ට කෙනෙකු වීමට ඉඩ ඇත.

මහීෂ වාහනය

කාය ශක්‌තියෙහි හා බුද්ධි මට්‌ටමෙහිද දුර්වලතාවයක්‌ සහිත කරත්තය උපයෝගී කරගෙන ලබන ආදායමින් ජීවිතය ගෙන යන කෙනෙක්‌ විය හැකිය.

හිවල් වාහනය

බෙහෙවින් චංචල ස්‌වභාවයක්‌ සහිත බිරිඳද නිතර දෙවේලේම වාගේ ලෙඩ රෝගවලින් පෙළීමට ඉඩ ඇති දුක්‌කරදර නිරතුරු තිබිය හැකි, සතුරන්ගේ පීඩාවලට ගොදුරු වන්නට ඉඩ කඩක්‌ තිබෙන ධනය හානි වන, කෑම බීම හිමිවන, වෙළෙඳහෙළදාමෙන් පාඩු විඳිය හැකි කෙනෙක්‌ වන්නට ඉඩ ඇත.

සිංහ වාහනය

කාය බලයකින් යුතු භෝග සම්පත් සහිත තමන්ගේ සතුරන් විනාශ කරන කෙනෙක්‌ වන්නට පුළුවන.

කවුඩු වාහනය

චංචල ස්‌වාභයක්‌ සහිත වුවද නිර්භීත, අපිරිසිදු කමකින් යුතු නීච ගති ඇත්තන්ගෙන් ගරු බුහුමන් ලැබීමේ ඉඩක්‌ ඇති සමහරවිටක, ආණ්‌ඩුවේ නීති නියෝග යනාදිය නිසා බියට පත් විය ෙෙෙ කරන පහත් පෙළේ අදහස්‌ සහිත කෙනෙක්‌ වීමට ඉඩ ඇත.

හංස වාහනය

විවිධ කලාවන් පිළිබඳ දක්‌ෂතාවක්‌ සහිත බමුණන්ට ලෙන්ගතුව සිත් ගන්නා ආහාරපාන සපයන දිනෙන් දිනම උසස්‌ තත්ත්වයකට පත්වන කෙනෙක්‌ වන්නට පුළුවන.

මොනර වාහනය

සැප සම්පත හොඳට ලබන, ධෛර්යවන්ත, කලා කටයුතුවල හපන්කමක්‌ දක්‌වන යාග ක්‍රීඩාවලට කැමැත්තක්‌ දක්‌වන සිත් ගන්නා මිහිරි බසින් කතා බස්‌ කරන ප්‍රණීත ආහාරපාන බුදින්නට කැමැත්තක්‌ දක්‌වන යහපත් ආහාරපාන ලබන කෙනෙක්‌ විය හැකිය. වාහන තිබෙන්නේ ගමන් කිරීම සඳහාය. එහෙත් ජ්‍යෙතිෂ්‍යානුකූලව හිමි වන කොටළු හස්‌ති සිංහ ආදී වාහන නමයට අනුකූලව අත්වන පල විපාකවලට අනුව ජීවත්වන්නට හැම කෙනකුටම සිදුව ඇත.

We found this article from Divaina on 2012/07/27.
Also Sinhala to English Google word to word translation can be found here