ජ්‍යෙතිෂයයි ගොවිතැනයි

0
595
ගොවිතැනයි
ගොවිතැනයි

[ratings]

වී ගොවිතැන ප්‍රධාන කොට ඇති සියලුම වගා කටයුතුවලදී පැරණි සිංහලයන් නියම ලෙස කල් යල් බලා ජ්‍යෙතිෂයට මුල් තැනදී කටයුතු කළ වග පෙනී යයි. “කැට කොළ චක්‍රය” නමින් වගා නැකැත් සඳහන් පුස්‌කොළ ග්‍රන්ථයක්‌ද තිබේ. “නැකැත් වදුළ” නමැති පැරණි පොතින්ද වගා නැකැත් පෙන්වාදී ඇත. ජ්‍යෙdතිෂ කරුණු ගැන නොසළකා ඇතැමුන් වගා කටයුතු කර අලාභහානි ලබා ගනිති. ඉරිදා දිනය තුළ වී වපුල අයට අවශ්‍ය ජලය නොලැබී වගාව දුර්වල වෙයි. නැතිනම් කුඹුරෙහි ජලය රැඳවීමට බාධක ඇති වෙයි. කක්‌කුටු කරදර නිදසුනට ගත හැකිය.

සඳුදා දිනයේදී වපුලොත් ගොයම වැඩෙයි. එහෙත් අස්‌වැන්න අඩුවෙයි. අඟහරුවාදා නම් කුඹුර පාලුවෙයි. බදාදා, බ්‍රහස්‌පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා නම් වැඩි අස්‌වැන්න ලැබෙයි.

කුඹුරු වැපිරීමට අනුගමනය කරන පැරණි පිරිත් රාශියක්‌ ඇත. ශුභ දිනය උදාවූ විට නියර මත වී ටිකක්‌ ඉසියි. බිත්තර වියට තබාගෙන ඇති වී මෙයට ගනු ලබයි. ප්‍රදේශයන්ට අනුව වැපිරීමේ ක්‍රම වෙනස්‌ වෙයි. පළමුව නියර මත හබරල ගසක්‌ සිටුවති. හබරල පැළය ඌරා විසින් විනාශ නොකරයි. පැළය ඉදිරියේ මඩ ඉස ඒ මත වී ටිකක්‌ ඉසිනු ලබයි. එවිට සබ්බ පාපස්‌ස… ගාථාවද කියයි. අදත් වප් මඟුල් උත්සවවලදී මේ සිරිත දැක ගත හැකිය. සමහරු පුවක්‌ අතු දෙකක්‌ මත වී ඉසිති. තවත් අය කුඩා ප්‍රමාණයේ කරු දෙකක්‌ සිටුවා ඒ මත බෙලි කටු දෙකක්‌ තබා මැද මඩ පුරවා ඒ මත වී ඇට හලති. මෙයට “වී වැඩීම” යයි කියනු ලැබේ. වී වැඩීම ශුභ දිනයක කළ පසු තම කුඹුරේ වී වැපිරීමට තවත් නැකතක්‌ අවශ්‍ය නැත.

අමු වැපිරීමට යොදා ගෙන ඇත්තේ අඟහරුවාදා දිනයටය. පුර පක්‌ෂයේ හත්වැනි තිථිය සිකුරාදා දිනය කුම්භ ලග්නය සහ මුව සිරස නැකත ගුරු හෝ බුධ හෝරාව යොදා ගත් සිකුරාදා දිනයද මුං වැපිරීමට යොදාගෙන ඇත. අනුර නැකත යෙදෙන දිනයන්හි තල වැපිරීමට ශුභය. අඟහරුවාදා, සෙනසුරාදා, සඳුදා, බදාදා යන දිනයන් සමඟ යෙදෙන සිත, උත්‍රසල, අස්‌විද, උත්‍රපුටුප, උත්‍රපල, සියාවස හා සා යන නැකැත් මුං වැපිරීමට ශුභය. සා නැකත යෙදෙන අඟහරුවාදා දිනය කුරහන් වැපිරීමට ශුභය. මුල නැකතින් උපන් අය ධාන්‍ය වැපිරීමට බිජුවට රෝපණයට ශුභවෙයි. පොල් වගාවටද අත්ගුණය හා නැකත බලපානු ලැබේ.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here