ජ්‍යෙතිෂයෙන් කියවෙන බුදු දහමේ හරය

0
693
බුදු
බුදු

[ratings]

කෙනකුගේ ජීවිතයේ ඉතාම වැදගත් අංගයක්‌ වන හඳහන ජ්‍යෙdතිෂයේ ඉතා වටිනා තැනක්‌ හිමිකර ගනී. එමගින් බොහෝ දෙනකුගේ ජීවිතය පිළිබඳ නිවැරැදි විග්‍රහයක්‌ ඒ මගින් ලබාගත හැකි වනුයේ නිවැරැදි දෛවඥවරයකු ලවා ඇසුර ලබාගෙන බව සිහි තබාගත යුතුය. ඉතා විශාල පරිමාවක කේන්ද්‍රයක්‌ හිමි ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාව මගින් බොහෝ අනාවැකි ඉදිරිපත් කළ හැකිය. කෙනෙකු මෙලොව බිහිවන විට ආකාශයේ පැතිර පවතින්නා වූ ග්‍රහ චාරයන් අනුව බලා එම ග්‍රහයන් විසින් ඇතිකරන හොඳ නරක විග්‍රහයක්‌ උපන් වෙලාවට සටහන් කර ගත හැකිය.

උපතේ සිට මරණය දක්‌වා කෙනකුගේ ජීවය හඳහනේ පවතින රාශීන් හා ස්‌ථානගත ග්‍රහයන් විසින් ලබා දෙනු ඇත. තවද පවතින රාශි වලින් ග්‍රහයන් හට ඇති දායකත්වය පිළිබඳවද නිවැරැදි ආකල්පයක්‌ ඔවුන් පිහිටීම අනුව නීච උච්ච සම මිත්‍ර සතුරු ආකාරයෙන් දත හැකිය. ඒ අනුව ග්‍රහයන් විසින් ඇතිකරන හොඳ නරක විපර්යාසයන්ද නිවැරැදි දෛවඥයකු විසින් විග්‍රහ කර දෙනු ඇත.

ජ්‍යෙdතිෂයේaදී සූර්යාට හිමි වනුයේ ප්‍රධාන ස්‌ථානයක්‌ වන අතර සඳුටද ඔහුගේ පුර පක්‍ෂ හා අව පක්‍ෂය අනුව ඵලාඵල වෙනස්‌ වන බවද නිගමනය වේ. අඟහරු, බ්‍රහස්‌පති, සෙනසුරු, සිකුරු, බුධ යන ග්‍රහ වස්‌තූන්ද කෙනෙකුගේ ජීවිතයේ පිබිදීම හා බිඳ වැටීම පිළිබඳව වගකීම් දරනු ඇත. මේ අතර ප්‍රමුඛත්වය ගන්නා ලෞකිකත්වයට උරදෙන සිකුරු ග්‍රහයාද ලෝකෝත්තර මාර්ගයට යොමු කරන සෙනසුරු ග්‍රහයාද ගැන තරමක අවබෝධයක්‌ ලබාගත යුතුය.

ග්‍රහ ලොව සුබ ඵල උදාකරන ග්‍රහයන් අතර සිකුරු ග්‍රහයා දෙවැනි වන්නේ බ්‍රහස්‌පතිට පමණි. බොහෝ විට සිකුරුගේ ස්‌වභාවය සන්දර්ශනීය ලෙස සුදානම් සුරූපිනියන්ට සමාන වේ. දැකීමට සිත් උපදන, සැපසේ වෙසෙන, සකලවිධ සත්වයන්ගේ උපත, දෙන ආදරය ප්‍රේමයටද සිකුරු මිනිස්‌ ජීවිතයට කාවදිනු ලබයි. ඉතාමත් කෙළිලොල් වූ සිකුරු සියලු විලාසිතාවන්ගේ ජීවයයි. මෙම සියලු ලෞකික සැප ලබාදෙන සිකුරු සතුරු වූ හොත් ඉතාම දරුණුම ෙ€දවාචකයක්‌ ද ජීවයට එක්‌කරනු ඇත.

තවද සෙනසුරුගේ ස්‌වභාවය අනුව දුකට අධිපති වන්නා සේම සියලු අශූභ ඵල නෙලා දෙන්නේද ඔහුමය. ශනි නරකම වුවත් යහපත් ඵල උදාකරන බවද සිහිතබා ගත යුතුය. කෙනකුගේ දිළිඳුකමට ලෙඩ දුකට සෙනසුරු ස්‌ථානගත රාශිය අනුව සිදුවේ. කෙනකුගේ මහලු වයස සෙනසුරාට හිමි බව ප්‍රකාශ කළත් පෙර කරන ලද පින් පව් කුසල් අකුසල් මත සියලු ඵල වෙනස්‌ වන බවද සිහිතබා ගත යුතුය. සෙනසුරු කෙනකුගේ ජීවිතයේ දුක උපදවන සහ පසුතැවිල්ලට ලක්‌කරන ජීවියා වුවත් ඔහුගෙන් සිදුවන යහපත්ම කාර්යය පිළිබඳව බොහෝ දෙනෙක්‌ අවබෝධ කර නොමැත. විශ්වයේ උත්තරීතර ස්‌ථානය වන දුක්‌ කෙළවර වන නිර්වාණයට ද මඟ හෙළි කිරීම සඳහා මෙම ග්‍රහයාගෙන් සුබවාදී මෙහෙයක්‌ ඉටු වේ. අපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහ භූතයන් විසින් සැකසුන මිනිස්‌ ශරීරයන් එම භූත කොටස්‌ හතරින්ම සැදී පවතින රමනීය ග්‍රහ තාරකාවක්‌ වන සෙනසුරුත් අතර මිනිස්‌ සිත හා කය අඛණ්‌ඩ සම්බන්ධයක්‌ පවතී. මනුෂ්‍යා සත්වයකු වුවත් සෙනසුරු ග්‍රහයකු වුවත් දෙදෙනාටම එකම භූත කොටස්‌ 4 සතුවීම නිසා යම් අසාමාන්‍ය සම්බන්ධයක්‌ පවතී. එම නිසා විශ්වයේ අශුභ ඵල උදාවීමත් අතර මෙම සම්බන්ධතාවය තහවුරු වන බව පැහැදිලිය.

ජ්‍යෙdතිෂ්‍ය අනුව බලන කල රවි- ශනි යෝගයද චන්ද්‍ර – ශනි, බුද – ශනි, ගුරු – ශනි යන යෝග කාරකයන් යම් ජන්ම පත්‍රයක සඳහන් වුවහොත් එම අවස්‌ථා ඉතා සියුම්ව විග්‍රහ කර බැලීමේදී බොහෝ විට සිදුවනුයේ යහපත් ඵල විපාකයන්ය. ඉවසීමෙන් ක්‍රමානුකූලව වැඩ කර දියුණු වන රවි – ශනිත් ජීවිතයේ මුල්භාගය කරදර වලට මැදි වුවත් පසුව ඉතාම කාර්ය බහුල නීතිගරුක සෘජු ප්‍රතිපත්ති වලට චන්ද්‍ර – ශනි කෙනෙක්‌ව යොමුකරයි. ගුණාගරුක සෘජු අරමුණ ඉවසීම නුවණ ආදියෙන් ශාස්‌ත්‍රීය ඉංජිනේරු ශිල්ප පුද්ගලයන් බුද – ශනිගෙන් බිහි වේ. මේ අතර ඉතා වාසනාවන්තම යෝගය වන්නේද ගුරු ශනිය. ලෞකික හා භෞතික දියුණුවට උරදෙන ධනය ලැබීමට මෙම යෝගය යහපත්ය. ව්‍යාපාර දියුණුවටද මෙම කාරක ශක්‌තිය බලපානු ඇත. එහෙත් මෙම යුගලයන් යම් අශුභ රාශියක තරගත වී ඇත්නම් යම් බාධක ලැබෙනු ඇත. මෙවන් අවස්‌ථාවලදී අප ලද අත්දැකීම් වලින් පැහැදිලි වනුයේ එම අවස්‌ථා ක්‍රියාවෙන් බැහැර කළ හැකි බවයි.

නමුත් රවි – බුද – ගුරු – සිකුරු – චන්ද්‍ර – ශනි යන මෙම අෙච්තනික වස්‌තූන් නිසා මිනිස්‌ සිතට බලපැවැත් වන ලෝකයේ අග්‍රම දැනුම ලබාගැනීමට මෙම අයගේ පිහිටීම සලකා බලනු ඇත. ලෞකික සැප අත්හැරෙන ලෝකෝත්තර සැපයට පාදක වන නිර්වාණ මාර්ගයට මඟ හෙළිකරන සම්භව ලබාදෙනුයේ ඉහත ග්‍රහ යෝගයෙන් සිකුරු ඉවත්වීමෙනි. කුජ ඉවත්වීමෙන් ශීලයෙන් ගුණයෙන් බුද්ධියෙන් හෙබි උතුම් මිනිසුන් බිහිවීම ඉතාම අනර්ඝතම පිහිටීමකි. ඉහත යෝගයට සිකුරු ලෞකික ග්‍රහ කාරකාව එක්‌ වීමෙන් කෙනකුගේ ජීවිතයේ මහා ආත්ම විශ්වාසයක්‌ හා ප්‍රීතියෙන් රාජ්‍ය තානාන්තර දරමින් කීර්තිය ප්‍රශංසාව ලබයි. නමුත් එය ලෞකික ස්‌වභාවය සාර්ථක වුවත් මේ මහා විශ්වයේ ස්‌වභාවය තේරුම් ගැනීම සඳහා ප්‍රඥ බලය වැඩිවීම ඉහත ග්‍රහ තරු අතර සෙනසුරුට ප්‍රමුඛත්වයක්‌ හිමිව ඇත. බුද සහ සෙනසුරු කාරක ග්‍රහයන් සිකුරුට මිත්‍රවීමත් ලෝකෝත්තර වශයෙන් වැදගත්ම අවස්‌ථාව වනු ඇත.

මේ අනුව කෙනකුගේ ජීවිතයේ ලෞකික පැත්ත සම්බන්ධව ගැටලු පැන නගිනු ලබන්නේ අන්තයටම සැප ලොල් වී එයට බාධක පැනනැගීමෙනි. කාමසුඛල්ලිකානු යෝගයක දී සිකුරුගේ සහ කුජගේ අද්විතීය මෙහෙයක්‌ ඉටුවෙනු ඇත. එනමුත් සැපයට ලොල් වූ සත්වයාට සැපය අඩුවන විට සිදුවනුයේ පසුතැවිල්ලකි. දුක වේදනාවකි. එම අවස්‌ථාවේදී බොහෝ අය යනුයේ තම දෛවඥයා හමුවී ඇති වී ඇති බාධක ගැන විග්‍රහයක්‌ ලබා ගැනීමය.

එහෙත් සෙනසුරු කෙනකුගේ ජීවිතයේ එම සියලුම බාධා වෙනස්‌ මාවතකට යොමුකරයි. සමහර විට එය අන්තයට ශරීරයට දුක්‌ දීමෙනි. එවිට අප හට මතක්‌ වනුයේ අත්තකිලමතානු යෝගයයි. එය ඉතා අසීරුම තත්ත්වයක්‌ වුවත් ප්‍රාණය නිරුද්ධ නොකර මෙම ගමන යැමට තරම් ශනි උත්සුක වනු ඇත. මෙම අවස්‌ථාවේදී අප හට සිහියට ගැනීමට සිදුවනුයේ ලෝකෝත්තර ධර්මයයි. එහිදී බුදට සුවිශේෂී අවස්‌ථාවක්‌ ලැබෙනු ඇත. බුද ග්‍රහයා sතිවිලි කාණ්‌ඩවලට යෝග්‍යතමයා වන නිසා ශනි – බුද එක්‌වීම ඉහත අන්ත දෙකටම නොයා ප්‍රඥවෙන් ගත සිත බැලීමට උපකාර වන බැවිනි. බුධගේ සෞම්‍ය සිතිවිලි නිසාම මැද මාවතකට ජීවිතය හැඩගැන්වීමට උපකාර වේ. එය මධ්‍යම ප්‍රතිපදාව වනු ඇති බව කාහටත් අවබෝධ වේ.

මෙසේ මෙම ග්‍රහයන්ගේ විග්‍රහය දෙස බැලීමෙන් සිදුවනුයේ ජීවිතයට යහපතක්‌ බවත් අයහපතක්‌ නොවන බවත් සිහිතබා ගත යුතුය. අප විසින් බොහෝ වෙලාවන් හිදී උපදෙස්‌ දෙනු ලබන්නේ මෙම සෙනසුරුගේ ග්‍රහචාරය ලබා ගෙවෙන වකවානුව තුළ ආමිස ප්‍රතිපත්ති පූජාවන් මුල්කරගෙන ලෝකෝත්තර මාර්ගයට අවතීර්ණය වීමට උත්සුක වන ලෙසය. එනමුත් එය, උපදෙස්‌ ලබා දෙන බෝධි පූජාවකට දානයකට සීමාවීම ලෞකික සැප ලබාගැනීම පිණිස කෙටිම මාර්ගය බව බොහෝ දෙනා සිතන බව අප ලද අත්දැකීමෙන් සටහන් කර තබන්නට සිදු වේ.

නමුත් එය ඊටත් වඩා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගන්නා ආධ්‍යාත්මික ස්‌වරූපයක්‌ ගන්නා ලෙස ලොව්තුරු බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයාට මහා කරුණාවෙන් දේශනා කළ වදාළ බව සිහියට ගනු ලබන්නේ නම් එය මහා සතුටකි.

මේ මහා සක්‌වලට අග්‍ර වූ පින්වත් රාජෝත්තමයාණන් වහන්සේ එය මෙසේ වදාළහ.

ඒකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ

සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං

සමතික්‌ඛමාය දුක්‌ඛදොaමනස්‌සානං අත්ථගම්ය

Æයස්‌ස අධිගමාය නිබ්බානස්‌ස සච්චි කිරියාය

යදීදං චත්තාරෝ සතිපට්‌ඨානාති.

සිව්පිළිසිඹියා අර්හත්වයට පැමිණි ආර්ය සංඝ රත්නය උදෙසා දේශනා කළ සතිපට්‌ඨාන සූත්‍රයේ අනිශංස පාඨයෙන් පැහැදිලි වන්නේ ඉහත ස්‌වභාවයයි. අන්තයට දුක්‌ දීමත් අන්තයට සැපදීමත් හැර වෙනත් මඟක්‌ ඇත්නම් ඒ මේ මගයි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. අනවරාග්‍ර සංසාරයේ සිට ඉතාම අපිරිසිදුව පැවත එන සත්ව සන්තානය පිරිසිදු මගට ගැනීමට ඇති ඒකායන මාර්ගය බවය. අනන්ත සසරේ අප විසින් දුක්‌ වූ වාර අනන්තයි. එම නිසා එම යෝගය පසුබෑමට ඇති නිවැරැදි මාර්ගය බවත්, බුදුන්ගේ නිර්මල දේශනාවේ සඳහන් පරිදි හැඬූ කඳුළු සප්ත මහා සාගර ඉක්‌මවන තරම් බවත් එයින් මිදීමට ඇති ඒකායන මාර්ගය බවත් සතර අපාය මිනිස්‌ ලොව ප්‍රේත යක්‍ෂ භව යන අපායන්හි විඳින දුඃඛ දොaමනස්‌නයන්ට එය සන්සිඳුවන්නට ඇති මග බවත් සඳහන් කළ හැකිය.

ඥණ ව්‍යවසන, රෝග, මානසික ව්‍යවසන, සීලයෙන් පිරිහීම ආදියෙන් සංසිඳීමට ඇති මග නිසාත් ඒකළොස්‌ මහා ගිනි නිවා මහා නිර්වාණයට පැමිණීමට තිබෙන මාවත බවත්ය. ජාති ජරා මරණ සෝක පරිදේව දුක්‌ඛ දොaමනස්‌ස උපායය ආදීන්ගෙන් මිදීමට උපකාර වන හා එයින්ම මිදීමට ඇති එකම මග මේ සකළවිධ දුක්‌ඛයන් ගෙන් තොරවීම සංඛ්‍යාවක්‌ වශයෙන් ගත්කළ අසංෙ€යH ප්‍රධාන සැපත ඒ මහා නිර්වාණය බවයි.

ඒ මහා නිර්වාණයට පැමිණීමට තීරණය කිරීම උපකාරී වන යාත්‍රාව වන්නේ සතර සතිපට්‌ඨානය යන්නෙන් ඉහතින් සඳහන් වේ. එබැවින් ඒ උතුම් වූ ලෝකෝත්තර සම්භව ලැබීමට උපකාර වන බුද සහ සෙනසුරුගේ ස්‌වභාවය අප කිසිවිටකත් අගය කර නොමැත.

සබ්බේ සත්තා උම්මත්තකා යන මැයෙන් ලෞකික අරමුණ කරා දිවෙන සත්වයාට යම් සේ තරමක සැනසීමක්‌ ළඟා කර ගැනීමට අවශ්‍ය නම් යායුතු මාර්ග වන්නේ මැදුම් පිළිවෙතය. ජ්‍යෙdතිෂ්‍යයේදී විග්‍රහ කරන ග්‍රහ තාරකා වන්ගේ විවිධ බලපෑම හොඳින් ස්‌පර්ශ කළහොත් හොඳ දෛවඥයකුට මේ මගින් අති විශාල මෙහෙයක්‌ ඉටු කළ හැකියි. අප වෙත එන සියලුම අය වෙත ඔවුන්ගේ ජීවිත විග්‍රහය ලබාදෙන අතර ඉහත මාර්ගය ඔස්‌සේ ඔවුන් දිනුම් කණුව වෙත ළඟා කර තැබීම මාගේ විශ්වාසයයි. සෙනසුරුගේ කාලය ලබන විට බොහෝ අය බයවන්නේ එම අය ලෝකය අතහැරීම සඳහා සුපුරුදු ධාර්මික පිළිවෙතකට නොපැමිණීමයි. එම නිසා සතුරු කාරණාව ලෞකිකත්වයට ඉතා තදින් ඇලුම් කරන බව පැහැදිලි වේ. එය තෘෂ්ණාව බව සනාථ වනු ඇත. නමුත් අපලයෙන් මිදීමට බෝධි පූජාවක්‌ කරනවා හැරෙන්නට එම අයව ප්‍රතිපත්ති පූජාවන්ට (දාන, ශීල, භාවනා – සීල, සමාධි, ප්‍රඥ ආදී ගුණයන් ප්‍රගුණ කිරීම සහ සිත එක අරමුණකට ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට) ලක්‌කර සෞභාග්‍යය උපකාරය ලබා දීම සබ්බ දානං ධම්ම දානං ජිනාති යන බුදු තෙපලූ අර්ථය ලබාදීමයි. මෙම ග්‍රහ විග්‍රහයේදී අප විසින් ලබාදීමට උත්සුක වූ සත්‍ය වටහාගෙන ජීවිතයට =භය නොවී සෙනසුරුට සිකුරුට මුහුණදී ජීවිතය ජය ගන්න ආධ්‍යාත්මික තෘප්තිය ලැබගන්න පාරමිතා පුරන ලෙස සඳහන් කර තබමි.

We found this article from Divaina on 2012/01/20.
Also Sinhala to English Google word to word translation can be found here