ජ්‍යෙතිෂයේ ගුප්ත විද්‍යාත්මක පසුබිම

2048
ජ්‍යෙතිෂයේ
ජ්‍යෙතිෂයේ

[ratings]

(දෙවන කොටස)

ජ්‍යෙතිෂයේ සඳහන් රවි ග්‍රහයා අභ්‍යවකාශයේ සරණ සූර්යයාට සම්බන්ධ කරමින් ග්‍රහ ගණිතයක්‌ ගොඩ නගා ඇති අතර එම සූර්යයා ප්‍රධාන සෞරග්‍රහ මණ්‌ඩලයට දේවත්වයක්‌ ආරෝපනය කරමින් මිනිසාට හා සමස්‌ත ලෝකයට ශුභා ශුභ ප්‍රතිඵල උදාකරන ආකාරයක්‌ද ගොඩනගා තිබේ. මේ දෙකම එක්‌වී ජ්‍යෙතිෂය හැදී ඇත. දෙවියන් ලෙසට පිළිගත් ග්‍රහයන් සඳහා විශේෂිත වූ පූජා රටාවක්‌ද එහි තිබේ. ජ්‍යෙතිෂවේදියකු තුළ මේ ගැන මනා දැනුමක්‌ තිබිය යුතුය. එසේ නොමැතිව ජ්‍යෙතිෂය සාර්ථකව භාවිතකර ප්‍රතිඵල ලැබිය නොහැක.

අතීතයේ සිටි ප්‍රකට දක්‍ෂ ජ්‍යෙතිෂවේදීන් මේ පිළිබඳ මනා නිපුණත්වයක්‌ ලැබ සිටියහ. මෑත අතීතයේ විශිෂ්ට කේන්ද්‍ර පලාපල කථනයෙහිද නම් දරා සිටි ආචාර්ය ඡේ. ඊ. සේදරමන් මහතා ග්‍රහ බලි ශාන්ති කර්ම පිළිබඳ විශේෂඥ දැනුමක්‌ ලැබූ කෙනෙකි. එයින් ඈතට යනවිට ලංකාවේ විවිධ පෙදෙස්‌වල වාසය කළ ප්‍රකට බලි ආචාර්යවරු සියලු දෙනාම අංක එකේ ජ්‍යෙතිෂ වේදියෝය. එයින් පෙනී යන්නේ ග්‍රහයින්ගේ දේවත්වය පිළි නොගෙන හොඳ පලාපල කථකයකු විය නොහැකි බවයි.

ගණිත ඇදුරන් ලෙසින් හඳුන්වනු ලැබූ පැරණි ජ්‍යෙතිෂවේදීන්ම බලි ආචාර්ය වරුන්ද වූ අතර ඔවුන් සියලු දෙනාම විශිෂ්ට ගණයේ ජ්‍යෙතිෂ දැනුමකින් යුක්‌ත වූහ. වර්තමානයේ මෙන් පරිගණක හෝ වෙනත් ඉලෙක්‌ට්‍රොනික මෙවලම් භාවිතයක්‌ එකල නොවීය. අඩු තරමේ ඔරලෝසුව පවා මෙරට භාවිතයට පැමිණියේ ලන්දේසි පාලන යුගයේදීය. පෑතැටිය භාවිත කර හෝ පියවර මගින් අවච්චායා චක්‍රය භාවිත කර කේන්ද්‍ර සකස්‌ කරන ලදී. රාත්‍රී කාලයේ වෙලාව ගැනීම ඉතා දුෂ්කර විය. කෙහෙල් දල්ලක්‌ වැනි උපක්‍රම භාවිත කර වේලාව සකසා ගන්නා ලදී. නමුත් එම කේන්ද්‍ර ඇසුරෙන් කියන ලද පලාපල විශ්මය ජනක ඒවාය. කේන්ද්‍රයේ නිවැරදිතාව ජ්‍යෙතිෂවේදියාගේ දැනුම හා දක්‍ෂතාව මත තීරණය විය. ඒ නිසා ජ්‍යෙතිෂවේදියා සතුව ප්‍රබල ගුප්ත ශක්‌තියක්‌ තිබුණි. එම ගුප්ත ශක්‌තිය ඔවුන් විසින් ඇතිකරනු ලැබුවේ ග්‍රහ දෙවිවරුන්ට පූජා පවත්වා වැඳුම් පිදුම් කිරීමෙනි. යමකු දුටු පමණින් ඔහුට සිදුව ඇති දේ කිවහැකි දැනුමක්‌ ඔවුන් සතුවිය.

ජ්‍යෙතිෂයට අදාළ ගුප්ත විද්‍යා පොත පත විශාල සංඛ්‍යාවක්‌ ලංකාවේ විවිධ ජ්‍යෙdaතිෂ ගුරුකුල සතුව පවතී. ඒවායේ ඇතුළත් තොරතුරු සියල්ල මෙවැනි ලිපියකින් ඉදිරිපත් කළ නොහැක. අප විසින් කරන්නේ ජ්‍යෙතිෂයේ ගුප්ත විද්‍යාත්මක පදනම පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්‌ පමණි.

බලි ශාන්ති කර්ම වලදී ජ්‍යෙතිෂයේ ගුප්ත විද්‍යා පදනම මනා ලෙස දැකිය හැක. මේවා පවත්වනු ලබන්නේ හුදෙක්‌ම ග්‍රහයින්ගෙන් ඇතිවන විවිධ අපල උපද්‍රව නැතිකරගෙන යහපත උදාකර ගැනීම සඳහාය. බලි ශාන්ති කර්ම විධි උඩරට, පහතරට, සබරගමු, ඌව, නුවර කලාවිය වශයෙන් ප්‍රභේද රාශියක්‌ තිබේ. නමුත් අන්තර්ගතය විමසා බලන විට මේ සියල්ලෙහිම පොදු සමානකමක්‌ දක්‌නා ලැබේ.

හිරු දෙවියන් ප්‍රධානව ග්‍රහදෙවියන් පිදීම ඉතා ඈත කාලයේ සිට පැවත එන්නකි. ලොව පැරණිම ශිෂ්ටාචාරවූ සුමේරියන්, බැබිලෝනියන් ඊජිප්තු, ඉන්දු නිම්න හා චීන ශිෂ්ටාචාර තුළ ග්‍රහ පූජාවන් පැවතීමෙන් මෙය සනාථ වේ. ඇතැම් ග්‍රන්ථවල දේශීය බලි ශාන්ති කර්මවල උපත කෝට්‌ටේ රාජ්‍ය සමයේ වූවක්‌ බව පවසා ඇතත් එය එසේ නොවන බව පෙනේ. නමුත් ඒ යුගයේ ඒවා බෙහෙවින් ප්‍රචලිතව පැවතුනි.

ජ්‍යෙතිෂය මෙන්ම ග්‍රහ පූජා විසින්ද ඉන්දියාවේ ආරම්භ වී මෙරටට පැමිණි බවට අදත් අප භාවිත කරන පොත් පත්වල ඇති කරුණු වලින් සනාථ වේ. ජ්‍යෙතිෂ සිද්ධාන්ත මෙන්ම ග්‍රහ ශාන්තිද බ්‍රාහ්මණ භාෂාව වූ සකු බසින් රචනා වී ඇත. පසුව ඒවා හෙළ බසට නගා තෙරුවන් ගුණ කවනු ලැබුවේ තොටගමු ශ්‍රී රාහුල, වීදාගම ආදී යතිවරුන් හා අප්‍රකට ගණිත ඇදුරන් විසිනි.

බලි ශාන්තිකර්මවලදී නවග්‍රහයින් දේවත්වයට පත්කර පුද පූජා වන්දනාමාන පවත්වා ආතුරයන්ට යහපත ඉල්ලා සිටිනු ලැබේ. මෙහිදී කෙරෙන හැම කටයුත්තක්‌ම කරනු ලබන්නේ ජ්‍යෙතිෂයට අනුව උගත් ජ්‍යෙතිෂ ඇදුරකු විසිනි.

ග්‍රහලෝක හා නැකැත් තරුවලට අධිපති දෙවියන් සිටින අතර චන්ද්‍ර සූර්ය දෙවියන් පිළිබඳවද තොරතුරු ත්‍රිපිටකයේ සඳහන් වේ. මහාසමය සූත්‍රය, චන්ද හා සූරිය පරිත්ත ඒවාට නිදසුන් වෙති. ඈත පුරාණයේ සිට අප රට වාසීන්ද ග්‍රහයන් දෙවියන්සේ සලකා ඇත. රාහු ලබනවා, සෙනසුරු ලබනවා, සිකුරු ලබනවා යනුවෙන් අදත් අපගේ ජනවහරෙහි කියවෙන්නේ ග්‍රහයින් දෙවි දේවතා ගනයට ඇතුළත් කිරීමෙනි. ඒ නිසා ජ්‍යෙතිෂය සමග ගුප්ත විද්‍යාත්මක සබඳතාවක්‌ නිරන්තරවම පවතී.

සූර්ය දිව්‍යරාජයා ප්‍රධාන නවග්‍රහ මණ්‌ඩලය ප්‍රබල දෙවියන් ලෙසට සලකා ඒ දෙවියන්ගේ තොරතුරු මේ ශ්ලෝකවලට හා කවියට නගා ඇත. 15 වන සියවසේ රචිත සඳ කිඳුරු දා කවෙහි රත්ගත් (කුජ) සොමි (චන්ද්‍ර) පත්මන් (රවි) ලෝ සතුන් රැක දෙත්වායි ප්‍රාර්ථනය කර ඇත. පැරකුම්බා සිරිත හා තවත් එවැනි ප්‍රශස්‌ති කාව්‍යවල ග්‍රහදෙවියන් සම්බන්ධ වූ මෙවැනි කවි ඇතුළත්ය.

නවග්‍රහ දෙවියන්ගේ ස්‌වරූපයන් කවියට නගා සෙත් පතන කවි බොහෝ ගණනක්‌ ග්‍රහ ශාන්තිකර්ම වලදී භාවිත කෙරේ. මේ එවන් කවි කිහිපයකි.

ඉන්ද්‍ර දිගේ හිරු දෙවිඳුට ඉඹුල් විමනයෙන් දා
රන්බත් බෝජන වළ¹ සිරිවස සුරතින් දා
රථවාහන නැගී ඇවිත් ලොව කරුණාවෙන් දා
ඉන්ද්‍ර දිගින් හිරු වඩින්න නමා සිරස වැන් දා

අග්නිදිගේ කිවි දෙවිඳුට කරඳ විමන යෙන් දා
උඳු බත් බෝජන වළ¹ චාමර සුරතින් දා
ගජ වාහන නැගී ඇවිත් ලොව කරුණාවෙන් දා
අග්නි දිගින් කිවි වඩින්න නමා සිරස වැන් දා

ඉසානයේ ගුරු දෙවිඳුට එබෝ විමනයෙන් දා
රන්බත් බෝජන වළ¹ කලසක්‌ සුරතින් දා
සිංහ වහන නැගී අවුත් ලොව කරුණාවෙන් දා
ඉසානයෙන් ගුරු වඩින්න තමා සිරස වැන් දා

මේ අයුරින් වරුන දිග නුග විමනක නිල්වන් බත් බෝජන වළ¹ හදවට සුරතින් දරා කපුටු වාහනයක්‌ අරා ශනි දෙවි වැඩ සිටියි. සෞම දිග කොසඹ විමානයක සුදුබත් භෝජන වළ¹ ජයසක සුරත දරා මහිස වාහනයක බුධ දෙවි වැඩි සිටී. වයඹ දිග දිවුල් විමානයක උඳුබත් බෝජන වළ¹ බද වෙලුව සුරත දරා ඇත් වාහනයක සඳු දෙවි වැඩ සිටියි. පාතාලයෙහි රඹ විමනක පඬුබත් භෝජන වළ¹ පොත ලකවැල අත දරා සැවුල් වාහනයක කේතු හෙවත් බඹදෙවි වැඩ සිටී. නිරත දිග වැටකේ විමනක තලකිරි බෝජන වළ¹ රේමස සුරත දරා පත්ම වාහනයක පනි හෙවත් රාහු දෙවි වැඩ සිටී.

නවග්‍රහ දෙවියන්ගේ රූප අඳිනු ලබන්නේ මේ ආකාරයටය. ග්‍රහයන්ගේ විවිධ අපල සඳහා පිළිවෙත් නියම කරන්නේද මේ තොරතුරු වලට ගැලපෙන පරිදිය. ඒ ඒ ග්‍රහයින් සඳහා ග්‍රහයන්ගේ වර්ණයෙන් මල් හා පාට රෙදි කොඩි ආදිය ගන්නා අතර ග්‍රහයාට හිමි තෙල් වර්ග විවිධ බෝජන නියම කරන්නේද මේ තොරතුරු පදනම් කරගෙනය. එයින් ජ්‍යෙdaතිෂයට ගුප්ත විද්‍යා පදනම බලපා ඇති ආකාරය පිළිබිඹු වේ.

ග්‍රහයින් සඳහා කෙරෙන ශාන්තිකර්ම වලදී ග්‍රහ දිෂ්ටි ගෙන්වීම සඳහා විවිධ මන්ත්‍රද භාවිත කෙරේ. මේ එවැනි මන්ත්‍ර කොටසකි.

ඕං හී්‍රං ඉන්ද්‍රdවෙන් සූර්ය දිෂ්ටි ඕං හ්‍රSං ගිනි කොනින් කවි දිෂ්ටි ඕං හ්‍රSං යමදිගින් කුජ දිෂ්ටි ඕං හ්‍රSං නෛරිත්‍යාවෙන් පනි දිෂ්ටි ඕං හ්‍රSං වාරුන්‍යා වෙන් ශනි දිෂ්ටි ඕං හ්‍රSං ව්‍යඛ්‍යාවෙන් සඳු දිෂ්ටි ඕං හ්‍රSං සෞම්‍යාවෙන් බුධ දිෂ්ටි ඕං හ්‍රSං ඊශානයෙන් ගුරු දිෂ්ටි ඕං හ්‍රSං පාතාලයෙන් බඹ දිෂ්ටි නවග්‍රහ දේව දිෂ්ටිම් කන්දකුමාර දිෂ්ටි දිෂ්ටි ù ග්‍රහ අපල සඳහා පළඳවන මහා නවනාථ, නවග්‍රහ මණ්‌ඩල නාගාර්ජුන, සූර්ය මංඩල, නවකුණ්‌ඩරාජ වැනි යන්ත්‍ර ජප කිරීමට හා ග්‍රහ පූජාවලට නවග්‍රහ දෙවියන් කැඳවීමට මෙවැනි මන්ත්‍ර රාශියක්‌ භාවිත කොරේ. නිසි පුද පූජා තබා දිෂ්ටි ගෙන්වා ගුප්ත විද්‍යා නියමයන් අනුව කෙරෙන යන්ත්‍ර පැළැඳවීමෙන් ග්‍රහ අපල දුරු වන්නේ ඒවායේ පවතින ගුප්ත ශක්‌තිය නිසාය. ශනි මූර්තුංජය, මහා මුර්තුංජය, රූප ශිලම්බරි චක්‍ර ශීලම්බරි, නවනීල මංඩල වැනි යන්ත්‍රවල බල පිහිටන්නේ නවග්‍රහ දෙවිවරුන්ට නියමිත පුද පූජා තබා දිෂ්ටි ප්‍රාණ පලිප්පු ජප මන්ත්‍ර නිසි ලෙස සම්පූර්ණ කර කවි ශ්ලෝක සැහැලි යාදිනි ගායනා කර ගුප්ත විද්‍යානුකූලව කටයුතු කිරීමෙනි. මේවා වත්මන් ජ්‍යෙdaතිෂවේදීන් ද ග්‍රහ අපල නැති කිරීමට භාවිත කරති. ඉන් ජ්‍යෙdaතිෂයේ ගුප්ත විද්‍යා පදනම තහවුරු වෙයි.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here