[ratings]
ජ්‍යෙතිෂ්‍ය යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ද යන්න ඊට අදාළ වෙනත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර විසඳාගත යුතු ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. කේන්ද්‍ර බැලීම, අත බලා ශාස්‌ත්‍ර කීම, ආරූඪයෙන් නැතහොත් ආවේශ වී ශාස්‌ත්‍ර කීම, අංජනම් එළි බැලීම, ආදී බොහෝ ගුප්ත ශාස්‌ත්‍ර ජ්‍යෙතිෂ්‍ය වශයෙන් හැඳින්වීම එයට හේතුවයි.
ජ්‍යෙතිෂ්‍ය යන්න සිංහල ශබ්ද කෝෂයේ විග්‍රහ කරන්නේ ග්‍රහ වස්‌තුන්ගේ පිහිටීම මිනිසාට බලපාන අන්දම උගන්වන ශාස්‌ත්‍රය වශයෙනි. එහෙත් ග්‍රහ චලිතය මිනිසා ඇතුළු සතුන්ටත් සමස්‌ත පරිසරයටත් කරන බලපෑම උගන්වන ශාස්‌ත්‍රය ජ්‍යෙතිෂය වශයෙන් හැඳින්වීම අතිශයෝක්‌තියත් නොවේ. “ජ්‍යෙතිස් ” යනු බැබලීම යන අර්ථයෙන් ග්‍රහ තාරකාවන්ට කියන නමකි. පෙර කරන ලද කුශලා කුශල කර්ම මෙයින් ප්‍රකාශ කරන නිසා “ජ්‍යෙතිෂ” නම් වන බවටද මතයක් තිබේ. කෙසේ නමුදු ග්‍රහ චලිතය හා නැකත් තරු වල චලිතය සැලකිල්ලට ගැන්මෙන් ජ්‍යෙතිෂ සිද්ධාත්මත අනාවැකි පළ කිරීම හා නැකත් සෑදීම කරනු ලැබේ.
එහෙත් ග්‍රහ තාරකා වල ගමනට කිසිදු සම්බන්ධයක් නොමැති විවිධ ගුප්ත විද්‍යාවන් ජ්‍යෙතිෂ්‍ය යෑයි වැරදි වැටහීමක් පැතිර යමින් පවතී. මේවා ව්‍යාපාර හෙවත් ජාවාරම් වශයෙන් කරනු ලබන අය වෙළෙඳ දැන්වීම් මගින් කරනු ලබන ප්‍රචාරයද ඊට හේතු වී තිබේ. එබැවින් ජ්‍යෙතිෂයේ පදනම එයින් ලබා ගත හැකි උසස් ප්‍රයෝජන හෙවත් ඔබට හා ඔබ පවුලේ අයට දියුණුව සඳහා ජ්‍යෙතිසයෙන් ලැබිය හැකි පිටුවහල පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.
දේවාරූඪයෙන් හෝ භූතා වේශයෙන් ශාස්‌ත්‍රකීම අණ – වින වශී ගුරුකම්, බලි තොවිල් අංජනම් ආදී ග්‍රහ චලිතය පදනම් නොවූ කිසිදු ගුප්ත විද්‍යාවක් ජ්‍යෙතිෂ්‍ය වශයෙන් පටලවා නොගත යුතුය.
හඳහන ජ්‍යෙතිෂ කටයුතු වල පදනමයි. හඳහන යන වචනය “සඳහන” යන්නෙන් බිඳී ආ වචනයකි. සඳහන් වන්නේ ග්‍රහ වස්‌තූන්ගේ පිහිටීමයි. කිසියම් අවස්‌ථාවක පෘථීවිය වටා පිහිටි රවි, චන්ද්‍ර, කුජ, බුධ,ගුරු ශුක්‍ර ශනි ….. කේතු යන ග්‍රහයින් ගේ හා නැකත් තරුවල පිහිටීම හඳහනේ සටහන් කර තිබේ. එසේ පිහිටි ග්‍රහයන් ගැන නිවේදනය වන කරුණු ජ්‍යෙතිර් විද්‍යානුකූලව පැවසීමට අනාවැකි පළ කිරීම යෑයි ද, එසේ ශුභ යෑයි සම්මත මොහොතේ උදාවන අවස්‌ථාව සොයා ගැනීමට “නැකත් සෑදීම” යෑයිද කියනු ලැබේ.
මේ අනුව ඡන්ම පත්‍රයක් හෙවත් හඳහනක් යනු ඕනෑම කෙනෙකුගේ අනාගත ජීවිතය සැලසුම් කර ගැනීමට අත්‍යවශ්‍ය වන ලියවිල්ලක් බව පෙනේ. එහෙත් ජන්ම පත්‍රය ප්‍රයෝජනයට ගනිමින් අනාගත ජීවිතය සැලසුම් කර ගන්නේ කෙසේදැයි තේරුම් ගත යුතුය.
පැරැන්නෝ ජීවිතය ධර්ම අර්ථ, කාම, මෝක්‍ෂ යෑයි සතර කොටසකට බෙදූහ. ජීවිතයේ පළමු කොටස ඉගෙනීම සඳහාය. දෙවැනි කොටස ඒ ඉගැන්ම යොදාගනිමින් ධනය ඉපයීමට යොදා ගත යුතුය. කාම හෙවත් කම්සැප – විවාහය – සිදු කළ යුත්තේ තෙවැනිවය. ජීවිතයේ අග කොටස පරලොව ජීවිතය හෙවත් මෝක්‍ෂය ලබා ගැනීමට වෙන් කළ යුතුවේ. කෙසේ නමුදු ඉගෙනීම, ධනය සම්පාදනය, විවාහය හා මෝක්‍ෂ මාර්ගය යන අවස්‌ථා හතරම සාර්ථක කර ගැනීමට ජ්‍යෙතිෂ්‍ය ඉවහල් කර ගත හැකි වන්නේය.
ඉගෙනීම ආරම්භ කරන අකුරු කියවීමේ නැකතට පමණක් නොව උසස් අධ්‍යාපනයටද මෙයින් ලැබිය හැකි පිටුවහල මෙතෙකැයි කිව නොහැක. ශිෂ්‍යයා උසස් අධ්‍යාපනයට යොමු කළ යුත්තේ ගණිතය, වෛද්‍ය වාණිජ හෝ කලා යන අංශවලින් කුමකටද යන්න ජන්ම පත්‍රය අනුව වටහා ගත හැකි වන්නේය.
ශනි බුධ යන ග්‍රහයින් බලවත් අය ගණිත අංශයට දක්‍ෂ වන අතර ගුරු වෛද්‍ය අංශයට දක්‍ෂතා පෙන්වයි. බලවත් වූ සිකුරු සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සුදුසු කෙනෙකු බිහි කරවයි. රවි බලවත් වූ විට පරිපාලනයටද කුජ බලවත් අය ආරක්‍ෂක අංශවලද විශිෂ්ට දක්‍ෂතා පෙන්වයි. මේ උදාහරන කිහිපයකි. ඉතා දක්‍ෂ ශිෂ්‍යයකු එක වරටම පසුබාන තත්ත්වයට පත්වන හේතුවද ජන්ම පත්‍රය මගින් හෙළි කරගත හැකි වේ.
ජ්‍යෙතිෂය ලොවට බිහි වූ මුල් අවදියේ එය බොහෝ දුරට යොදා ගෙන ඇත්තේ කෘෂිකර්මයට බව පෙනේ. සියලු කාලගුණ විපර්යාස ඇතිවන්නේ ග්‍රහ චලිතය හේතුවෙනි. රවි, බුධ, ශුක්‍ර හා සඳු ගේ බලපෑම මත වර්ෂාව හෝ නියඟය හට ගනී. පැළසිටුවීම, අස්‌වැන්න නෙළීම ආදී කටයුතු කෙරෙන්නේ මෙම කාලගුණය සැලකිල්ලට ගනිමිනි. කෘෂිකර්මාන්තය ඉතා උසස්‌ව පැවැති අතීතයේ පලිබෝධ නාශක තිබුණේ නැත. අලින් ඌරන්, හා විවිධ සතුන් මෙකලට වඩා සිටි එකල කෘෂිකර්මාන්තය ට මහත් රුකුලක් වුයේ ජ්‍යෙතිෂ්‍ය යි. මෙම උවදුරුවලින් බේරී අදට වඩා රසින් හා ගුණයෙන් එම සහල් හා වෙනත් බෝග නිපදවීමේදී ජ්‍යෙතිෂය යොදා ගත්තේ නම් ඊට අදාළ බොහෝ ගැටලු නිරාකරණය වනු ඇත.
ධනය ඉපයීම සඳහා ව්‍යාපාර ආරම්භ කරන බොහෝ දෙනකු එයින් අසාර්ථක වන්නේ තමන්ට සුදුසු වන්නේ කුමන ව්‍යාපාරයක් දැයි නොදන්නා බැවිනි. තමන්ට විශේෂ දක්‍ෂතා ඇත්තේ කුමන ව්‍යාපාරයකද? විදේශ රැකියාවක ද නැතහොත් රාජ්‍ය සේවයේ ද යන්න ජන්ම පත්‍රය පරීක්‍ෂා කර වටහා ගත හැකිය. එමෙන්ම ව්‍යාපාරයක හවුල්කරුවන් තමාට ගැලපේද නැද්ද යන්නද ජන්ම පත්‍ර මගින් මනාව වටහා ගත හැකි වන්නේ ය.
ජ්‍යෙතිෂය බොහෝ දුරට භාවිතා කරන අවස්‌ථාවක් ලෙස විවාහය හැඳින්විය හැකිය. එහෙත් ජ්‍යෙතිෂයේ සේවය පතන විවාහාපේක්‌ෂකයන් එය කළ යුත්තේ කෙසේ දැයි තේරුම් ගැනීම අවශ්‍ය වන්නේය. තමන් අපේක්‍ෂා කරන ආදරවන්තිය සමග විවාහ වීමට කලින්ම තීරණය කර පොරොන්දම් පරීක්‍ෂා කරන අයද විවාහ දිනයක් තීරණය කර ගැනීමට කෙලින්ම ජ්‍යෙතිෂවේදීන් කරා එන අයද ජ්‍යෙතිෂයේ පිහිට නිවැරැදිව ලබා ගන්නා අය නොවේ. ඒ සඳහා තම ජන්ම පත්‍රය අනුව විවාහයේ තත්ත්වය පරීක්‍ෂා කරගත යුතුය. බහු විවාහ යෝග, වැන්දඹු යෝග ආදිය මෙන්ම විවාහයට සුදුසු කාලයද කේන්ද්‍රය මගින් වටහා ගෙන පොරොන්දම් පරීක්‍ෂා කළ යුතුය. දරුපල පිළිබඳවද වෙන වෙනම පරීක්‍ෂා කර ගත යුතුවේ. දරුවෙකු අවශ්‍ය නමුදු දරුපල සඳහා බාධා ඇති වන අපල කාලයක් නම් එය මග හැරෙන කාලයද එමගින් දැනගත හැකිවේ. අවශ්‍ය පරිදි පිරිමි දරුවෙකු හෝ ගැහැණු දරුවෙකු ලබන ආකාරයද පිළිසිඳ ගැනීම් වළක්‌වන ආකාරයද ජ්‍යෙතිෂයේ සඳහන් වේ.
නිවාස ඉදි කිරීම හා උද්‍යාන නිර්මාණය හෙවත් වාස්‌තු විද්‍යාව ජ්‍යෙdතිෂයේ වෙනම අංශයකි. වාසය කරන අයට ශුභ ඵල උදාකරන ආකාරයට නිවසක් ගොඩනඟා ගැනීම සඳහා ගෙබිමක් තෝරාගන්නා ක්‍රමය, සැලසුම් නිර්මාණය කරන නීතිරීති පමණක් නොව ළිං කැපීම, උද්‍යාන නිර්මාණය කිරීම ආදිය ද ඊට අයත්ය. එපමණක් නොවේ ගෘහ භාණ්‌ඩ වන ඇඳ, පුටු, මේස, ආදිය මෙන්ම පාවහන් ආදිය නිර්මාණය කරන්නට පවා පුද්ගලයාට අනුව මිනුම් ගන්නා ක්‍රම එහි ඇතුළත්ය. සීගිරිය, රුවන්වැලි මහා සෑය, ශ්‍රී දළදා මාළිගාව, යෝධ ඇළ, ආදී නිර්මාණ නවීන ගොඩනැඟිලිවලට වඩා කොතරම් විශ්මය ජනකද? ඒ පුරාණ ගෘහනිර්මාණ ශිල්පයේ (ජ්‍යෙdතිෂයේ) වටිනාකම පෙන්වන සාක්‍ෂි වන්නේය.
පැරණි වෛද්‍යවරු ජ්‍යෙdතිෂ දැනුමින්ද පොහොසත් විය. ඒ වැළඳෙන රෝග නිවාරනයට ඖෂධ පමණක් ප්‍රමාණවත් නොවන බැවිනි. කර්මජ රෝග නිවාරනයට අත්‍යාවශ්‍ය වූ ශාන්ති කර්ම” මොනවා දැයි දැනගත හැක්‌කේ ජන්ම පත්‍රය මගිනි. එපමණක් නොවේ. මරණය සිදු වන කාලය හෙවත් ආයුෂ ද මරණයෙන් මතු උපත ගැනද එහි සඳහන් වන්නේය.
ඉහත සඳහන් කළේ ජීවිතයේ සෑම වැදගත් අවස්‌ථාවකම ජ්‍යෙdතිෂය යොදා ගැනීමෙන් උසස් ප්‍රතිඵල ලැබිය හැකි බවයි. එහෙයින් ජ්‍යෙdතිෂයෙන් ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන ඔබ ජ්‍යෙdතිෂය හා සැබෑ ජ්‍යෙdතිෂවේදියා හඳුනාගත යුතුය.
ජ්‍යෙdaතිෂය මෙලොව ජයග්‍රහණ ලැබීමට පමණක් නොව පරලොව අභිවෘද්ධිය සඳහා ද මග පෙන්වයි. කර්මය හා කර්ම ඵලය ගැන විශ්වාසය තහවුරු වන්නේ කර්ම විපාක ගැන පෙන්වන ජන්ම පත්‍රය විග්‍රහ කරන විටය. පෙර ආත්ම හා මතු ආත්ම ගැන සඳහන් වන වෙනත් කිසිදු විද්‍යාවක් නැත.
මෙලෙස වටිනාකම කියා නිම කළ නොහැකි ජ්‍යෙdaතිෂ්‍ය පාසල් විෂයක් ලෙස හෝ පවත්වා ගනිමින් අනාගත පරපුරට දායාද කළ යුතු කාලය එළඹ තිබේ.
We found this article from Divaina on 2011/09/09.
Also Sinhala to English Google word to word translation can be found here