[ratings]
අනාගතයේදී සිදුවිය හැකි දෙයක් කල්තියා ප්‍රකාශ කිරීම අනාවැකි කීම ලෙසට හැඳින්විය හැක. විවිධ කරුණු සම්බන්ධයෙන් මෙවැනි අනාවැකි ප්‍රකාශ කරනු ලැබේ. අනාවැකි කීම ජ්‍යෙdතිෂවේදීන්ට පමණක් සීමා වූ කාර්යයක් නොවේ. විවිධ විෂයයන් සම්බන්ධයෙන් ඒ පිළිබඳ විශේෂඥ දැනුම ලැබූ අය අනාවැකි පළකරති. අදාළ කරුණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ නිරීක්‍ෂණ සිදු කිරීමෙන් අනතුරුව මෙවැනි අනාවැකි ඔවුන් විසින් ඉදිරිපත් කරන අතර ඒවා බොහෝවිටම සත්‍ය බවට පත්වේ. සුප්‍රකට විද්‍යා ප්‍රබන්ධ රචක ආතර් සී. ක්‌ලාක් සූරීන් පළ කළ චන්ද්‍රිකා තාක්‍ෂණය හා සන්නිවේදනය පිළිබඳ අනාවැකිය අද මුලුමනින් යථාර්ථයක් බවට පත්වී තිබේ. පරිසර දූෂණය නිසා ලොවට සිදුවන විපත් ගැන පරිසරවේදීන් මෙයට බොහෝ කලින් කී අනාවැකි දැන් සත්‍ය වෙමින් පවතී.
කාලගුණ විද්‍යාඥයන්, භූවිද්‍යාඥයන්, අර්ථ ශාස්‌ත්‍රඥයන්, පරිසරවේදීන් හා වෙනත් විවිධ උගතුන්ගේ අනාවැකි මිනිස් වර්ගයාට විය හැකි විපත් වලකා ගැනීමටත් ඔවුන්ගේ දියුණුව හා යහපත සලසා ගැනීමටත් ඉමහත් පිටුබලයක් වී ඇත. ඕනෑම කරුණක් යථාර්ථයක් බවට පත්කර ගැනීමට පෙර ඒ පිළිබඳ පූර්ව සැලැස්‌මක් ගොඩනඟාගනී. සෑම සංවර්ධන ව්‍යාපෘතියක්‌ම මෙවැනි පුරෝකථනයක් පාදක කරගෙන ක්‍රියාත්මක වේ. ඒවාද අනාවැකි ලෙස සැලකිය හැකි අතර ඒ අනුව අනාවැකි ලෝකයේ ඉදිරි ගමනට අවශ්‍ය අංගයක් ලෙස ගත හැක.
ජ්‍යෙතිෂය මුලුමනින්ම ර¹ පවතින්නේ අනාවැකි පැවැසීමේ හැකියාව මතය. අනාගතයේ මිනිසාට හා ලෝකයට සිදුවිය හැකි දේ කල්තබා දැනගැනීමේ උපාය මාර්ගයක් ලෙසට ජ්‍යෙතිෂය නිර්මාණය කර තිබේ. ජ්‍යෙdතිෂයෙන් ලැබිය හැකි ප්‍රයෝජනයද එයයි. එය එසේ කළ නොහැකි නම් ජ්‍යෙdතිෂය කිසිදු වැදගත්කමක් නැති ප්‍රලාපයක් බවට පත්වේ.
එදා මෙදාතුර මිනිසා විසින් ජ්‍යෙතිෂය භාවිත කර තිබෙන්නේ මේ අරමුණ සඳහාය. පුරාතනයේ සිටම අපව විශ්මයට පත්කරවන අනාවැකි රැසක් ජ්‍යෙdතිෂය පාදක කරගෙන ප්‍රකාශ වී තිබෙන බවට ඓතිහාසික තොරතුරු ඇත. මේ නිසා අද දක්‌වාම මිනිසා හා ලෝකයේ පැවැත්මට සම්බන්ධ වූ නිවැරැදි අනාවැකි පැවැසීමේ හැකියාවක් ජ්‍යෙතිෂය සතුව ඇති බවට දැඩි විශ්වාසයක් බොහෝ දෙනා තුළ පවතී. අතීතයේ ලොව පැවැති බොහෝ ශිල්ප ශාස්‌ත්‍ර අභාවයට යද්දී ජ්‍යෙතිෂය මේ දක්‌වා පැවැතීමට මෙම ජනතා විශ්වාසය හේතු වී ඇත.
ජ්‍යෙතිෂ අනාවැකි පිළිබඳ ඓතිහාසික පසුබිම විමසා බලනවිට සිදුහත් කුමරු නියත වශයෙන් බුදු වන බවට කොණ්‌ඩඤ්ඤ බමුණා කී අනාවැකිය වැදගත් තැනක් ගනී. මහාවංශාගත තොරතුරු අනුව පණ්‌ඩුකාභය කුමරු මාමාවරුන් මරා රජවීම, ගෝඨාභය ඇතුළු කුමරුන්ගේ රාජ පදප්‍රාප්තිය, දුටුගැමුණු, විජයබා, මහපැරකුම්, පළමු හා දෙවන රාජසිංහ රජවරුන් ගැන කියෑවුණු සත්‍ය වූ අනාවැකි විශ්මයජනක ඒවාය. පළමු රාජසිංහ රජුගේ ජීවමාන කාලයේම රචිත සීතාවක සටන කාව්‍යයේ එතුමා ගැන කී අනාවැකි සඳහන්ව තිබේ. මේ හැර විවිධ රටවල රාජ්‍ය නායකයන් පිළිබඳ වූ සත්‍ය ජ්‍යෙdතිෂ අනාවැකි රැසක් ගැන තොරතුරු වාර්තාගතව තිබේ. මේ සියල්ලම ජ්‍යෙdතිෂයට සත්‍ය නිවැරැදි අනාවැකි පැවැසීමේ හැකියාව තිබෙන බවට නිදසුන් වෙති.
ජ්‍යෙතිෂය අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ පැවත එන්නේ බොහෝ දෙනාගේ ගෞරවයට හා සැලකිල්ලට පාත්‍ර වූ මෙවැනි අනාවැකි බොහෝ ගණනක් ඒ තුළින් ප්‍රකාශ වී ඇති බැවිනි. ජ්‍යෙdතිෂය දෙ ආකාරයකින් අනාවැකි ප්‍රකාශ කිරීමට යොදා ගැනේ. පුද්ගලයකුගේ කේන්ද්‍ර සටහන පරික්‍ෂා කර බලා උපතේ සිට මරණය දක්‌වා ඔහුට වැදගත් වන කරුණු සම්බන්ධව අනාවැකි පළ කරන අතර ලෝකායන ජ්‍යෙdතිර් විද්‍යාවට අනුව යම් යම් රටවලට, රාජ්‍යවලට හා රාජ්‍ය නායකයන්ට අදාළ සුබාසුබ තොරතුරු අනාවැකි මගින් ඉදිරිපත් කෙරේ.
මෙහිදී රටවල් හා රාජ්‍ය නායකයන්, රාජ්‍ය පාලනය ස්‌වාභාවික විපත්, අනාගත සුබ සිද්ධිය වැනි කරුණු පදනම් කරගත් ජ්‍යෙතිෂ අනාවැකි පළකරනු ලබන්නේ ඒ පිළිබඳ සුවිශේෂ දැනුමක් සහිත ජ්‍යෙතිෂවේදීන් පමණකි. මෙය අතීතයේදී කරනු ලැබුයේ රාජකීය ජ්‍යෙතිෂවේදීන් විසිනි. එම නිසා එම ශාස්‌ත්‍රීය දැනුම ඉතා රහසිගතව එක් ගුරු කුලයක් විසින් පියාගෙන් පුතාට වශයෙන් රැගෙන එන ලදී. සෙසු ජ්‍යෙතිෂවේදීන්ට එය ඉගැනීමට අවස්‌ථාවක් නොතිබුණ අතර දැනුම තිබුණත් ඔවුන්ට රාජ්‍ය අවසරය නොමැතිව මෙවැනි අනාවැකි කිව නොහැකි විය. එම නිසා එම ශිල්ප ක්‍රමද රාජ පරම්පරා සමගම අභාවයට ගොස් ඇත. වර්තමානයේ කියන මෙවැනි අනාවැකි බොහොමයක් වරදින්නේ අනුගමනය කරන ශිල්ප ක්‍රමවල ඇති දුර්වලතාවය නිසාය.
අතීත රාජ්‍ය සමයේදී රාජ සම්මානයට පාත්‍ර වූ මෙම ජ්‍යෙතිෂ ශිල්පය බ්‍රාහ්මණයන් විසින් හොඳින් ප්‍රගුණ කළ අතර ඔවුන් ඉතා ප්‍රවේසමෙන් හා සැලකිල්ලෙන් කරුණු පරීක්‍ෂා කර පැවසූ අනාවැකි වැරදුනේ ඉතා කලාතුරකිනි. එසේ වැරදුන විට රාජ දඬුවමට පවා ලක්‌වීමට සිදුවිය. ගංවතුර නියංසායවල් යුද ගැටුම් විපත් ආපදා ගැන ඔවුන්ගේ අනාවැකි නිවැරදි ඒවාම විය. ඒ නිසා ඔවුන් ගම්වර නම්බුනාම ආදිය ලබා රාජ්‍ය පූජිත විය. මෑත ඉතිහාසයේ විසූ භරණ ගණිතාචාර්යවරයා ද එබඳු අයෙකි.
ජ්‍යෙdතිෂයට අනුපම සේවයක් සැලසූ මහා ජ්‍යෙතිර්වේදී වරාහමිහිරාචාර්යින් භෝජ රජතුමාගේ දූ කුමරිය විවාහ වන තැනැත්තා සත්දිනකින් මිය යන බවට අනාවැකියක් පළ කළේය. එහෙත් ඇය විවාහ කරගත් දිළිඳු තරුණයා දින හතකින් අධිරාජ තනතුරු ලැබූ අතර ඔහුට යහපතක් මිස කිසිදු විපතක් නොවීය. තම අනාවැකිය ගැන ලඡ්ජාවට පත් වරාහමිහිරයෝ ජ්‍යෙතිෂය ගැන කලකිරී එය ගිනිබත් කිරීමට සිතා වන වැදුණි. එහෙත් එහි පැමිණි බ්‍රහස්‌පතීගේ උපදෙසින් තමා අතින් සිදුවූ වරද පිළිගෙන ඉන්පසු ජ්‍යෙතිෂයට ඉමහත් සේවයක් සැලසුවේය. අතීත පඬිවරුන් පවා වැරදි අනාවැකි කී බවට මෙය නිදසුනක් වේ.
කෙසේ වුවද ජ්‍යෙdතිෂයේ ගෞරවය හා චිරජීවනය ර¹ පවතින්නේ කියන අනාවැකි නිවැරදි නම් පමණි. නිවැරදි නොවන අනාවැකි වලින් සිදුවන්නේ අවැඩකි. පසුගිය කාලයේ නැවත සුනාමියක් හෝ ඒ සමාන වෙනත් විපතක් වන බවට ඇතැම් අය බොරු අනාවැකි පළකරමින් ජනතාව බියගැන්වූ සැටි අපි දුටුවෙමු. 2012 දී ලෝකය විනාශ වන බවට කියන අනාවැකි ද එබඳුම ඒවාය. ජනප්‍රිය වීම සඳහා කරුණු හරිහැටි නොදැන කරනු ලබන මෙවැනි ප්‍රකාශවලින් ජ්‍යෙතිෂය අවමානයට පත්වේ. ඒ නිසා අනාවැකි පළ කළ යුත්තේ වගකීම් සහිතවය. එය වැරදුන හොත් වරාහමිහිරයන් මෙන් තමා වරද පිළිගෙන ජ්‍යෙතිෂය නිවැරදි කළ යුතුය. එසේ නැත්නම් කිසි දිනක ජ්‍යෙතිෂය උගතුන්ගේ බුද්ධිමතුන්ගේ ගෞරවයට පාත්‍රවන විෂයක් බවට පත් කළ නොහැක. එයට එරෙහිව බුද්ධිමතුන් නගන තර්ක ඉදිරියේ ජ්‍යෙතිෂයටද වරාහමිහිරයන්ට මෙන් කැලෑ වැදීමට සිදුවේ.
යමකුගේ හිතට හිතෙන දේවල් ජ්‍යෙdතිෂයට සම්බන්ධ කර කියාපෑම අනාවැකි කීමක් නොවේ. ශාස්‌ත්‍රීයව කියන ජ්‍යෙdතිෂ අනාවැකි කිසිලෙසකින්වත් බොරු වන්නේ නැත. අප රට මෙන්ම පිටරටවල ද විශිෂ්ඨ පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර කියවා බලා උගත් ජ්‍යෙdතිෂවේදීන් පළකර ඇති අනාවැකි සත්‍ය වී තිබේ. එවැනි තොරතුරු
රැසක් වාර්තාගතව ඇත. ලිපිය දීර්ඝ වන නිසා ඒවා මෙහි දක්‌වා නොමැත. පූජ්‍ය කොටගම වාචිස්‌සර හිමිපාණන් රෝගාතුරව රෝහලේ සිටියදී කේන්ද්‍රය පරීක්‍ෂා කිරීමට කොලොන්නාවේ හාමුදුරුවන් ළඟට ගියවිට උන්වහන්සේ මේ මියගිය අයගේ කේන්ද්‍ර ගෙන එන්නේ මගේ දක්‍ෂකම් බැලීමට දැයි අසා ඉක්‌මනට ආපසු ගොස් මළගෙදර වැඩ ටික කරන්න යෑයි කියා ඇත. ආපසු පැමිණ බලනවිට කොටගම හිමියන් අපවත්ව ඇති බව අනාවරණ වී ඇත. අති පූජ්‍ය හේන්පිටගෙදර ඥනසීහ හිමියන් බලුපැටවකු උපන් වෙලාව දක්‍ෂ ජ්‍යෙdතිෂවේදියකු වෙත යවා කේන්ද්‍රයක් සාදවා ඇත. කේන්ද්‍රය සෑදීමෙන් පසු මේ ළමයා නම් පවුකාරයෙක් වලිගයක් හා කකුල් හතරක් ඇතුව ඉපදිලා තියෙන්නේ යෑයි කියා ඇත.
මොනතරම් වැරදි අනාවැකි කියවුණත් ජ්‍යෙතිෂයට ඇති ජනතා විශ්වාසය ආරක්‍ෂා වී තිබෙන්නේ මෙවැනි දක්‍ෂ ජ්‍යෙdතිර්වේදීන් එදා සිටි නිසාය. අදත් සිටින නිසාය.
ජ්‍යෙdතිෂයේ ගෞරවය නිවැරැදිතාව හා ශාස්‌ත්‍රීය බව ආරක්‍ෂා කරගෙන සුපරික්‍ෂාකාරීව කේන්ද්‍ර බලා නිවැරැදි අනාවැකි කීමෙන් එය අසාගන්නා අයට ඉමහත් සෙතක් සැලසෙන අතර ජ්‍යෙතිෂවේදියාගේ කීර්ති නාමය හැම තැනම පැතිර යයි. කියන කිසිදෙයක් ඒ විධියට ඉටු නොවීමෙන් කේන්ද්‍ර බලවාගන්නා අය කලකිරීමට පත්වේ. ඔවුන් ජ්‍යෙතිෂය කිසිදු සත්‍යතාවක් නැති ගසාකෑමේ මාර්ගයක් බවට චෝදනා කිරීමට පෙළඹේ. ඒ තත්ත්වය වෙනස් කළ නොහැකි නම් ජ්‍යෙතිෂයේ හාස්‌කම් ගැන කොතරම් ලිව්වත් කිව්වත් ඇති පලක් නැත. ඒ නිසා අප කළ යුත්තේ නිවැරදි අනාවැකි කීම තුළින් ජ්‍යෙතිෂය ජාත්‍යන්තර අවධානය කැඳවන විද්‍යාවක් බවට පත්කර ගැනීමයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here