දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී

2979
දුප්පත්කමත්
දුප්පත්කමත්

කෙනෙක්‌ දුප්පත් හෝ පොහොසත් හෝ වන්නේ තමන්ගේ අතමිට ගැවසෙන මුදල් බලය අනුවය. පසුගිය දිනක මම වෙළෙඳසැළකට ඇතුළු වුන අවස්‌ථාවේ එහි කැෂියර් මේසය පිටුපස බිත්තියේ පුංචි කවියක්‌ මෙසේ ප්‍රදර්ශනය කර තිබිණි.

“ණයට දෙන්න බෑ

දුප්පත්කමත්

දුන්නොත් ගන්න බෑ

ගත්තොත් එන්නෙ නෑ

ඒනිසා දෙන්න බෑ”

මේ පුංචි කවිය ඇතුළේ අප සමාජයේ මහා දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ මිනිසුන් පිරිසකගේ යථාර්ථය සැඟවී ඇති අයුරු මම දුටුවෙමි. තේ එකක්‌ බොනගමන් මම ඒ කවියේ අභ්‍යන්තරයට රිංගා බැලුවෙමි. එහිදී මා පසක්‌ කළ සියල්ල මම දිවයින නැකත පාඨකයන් හමුවේ මෙසේ සටහන් තබමි.

ණයක්‌ ගත්තොත් ඒක ගෙවාගන්න බැරි පිරිස්‌ ඉතාම බහුලය. මේ අය අතර ලෝබකම නිසා ණය නොගෙවන අයද සිටිති. බොහෝ විට එවැනි අයගේම ජන්ම පත්‍රවල ආත්මාර්ථකාමී ග්‍රහ යෝග සටහන්ව පවතී. විශේෂයෙන් චන්ද්‍රයා මකර රාශියේ අංශක 15 ක්‌ තුළ සිටීම පුද්ගලයෙක්‌ දැඩි ආත්මාර්ථකාමියෙක්‌ කළ හැකි ග්‍රහ පිහිටීමකි. එහෙම අයගෙන්ද ණය ආපසු ලබාගැනීම අමාරුය.

ඇතැම් ජන්ම පත්‍රවල චන්ද්‍රයා දෙපස ග්‍රහයින් නොසිටීම නිසා “කේම දෘම” නම් යෝගයක්‌ උදාවෙයි. එසේ වූ අයටද මුදල් ලැබීම දුර්වල මට්‌ටමකට වැටේ. රාජ යෝගයක්‌ කේන්ද්‍රයේ සටහන් වුවත් මෙම යෝගය නිසා එයද අහෝසි වෙයි. පෙර භවයක තෘෂ්ණාව හා ද්වේෂය යන අකුසල් දෙක උපයෝගී කර සිදු කළා වූ අකුසල කර්මයක ප්‍රතිඵලයක්‌ මේ භවය පුරා ක්‍රියාත්මක වන තත්ත්වය එමගින් පෙන්වයි.

මෙයට අමතරව කේන්ද්‍රයේ 2 වන භාවය – එයට හසුවූ රාශිය එම අධිපතිග්‍රහයා ඔහු සිටින භාවය හා රාශිය දෙවැන්නේ සිටින ග්‍රහයින් දෙවැන්නට හා දෙවැන්න අධිපතියාට දෘෂ්ඨ§ දෙන සුබ අශුභ ග්‍රහයින් හා ඔවුන් සිටින රාශි හා භාව පිළිබඳවත් මුදල් වලට කාරක ග්‍රහයින් වන පුරසඳු ගුරු, ශුක්‍ර හා බුද යන ග්‍රහයින්ගේ සුබාසුබ පිහිටීම් යන සියල්ල පරීක්‍ෂා කර බැලීමෙන් කෙනෙක්‌ සතු මුදල් බලය පරීක්‍ෂා කළ හැක.

ලග්නාධිපති ග්‍රහයා 08 වැන්නාධිපති සමග යෝගවී සූර්යාට ආසන්නව (අස්‌තවී) 06-08-09 යන ස්‌ථානවලින් එකක සිටිය හොත් එම පුද්ගලයා ධනවත් පවුලක ඉපදුනත් ධනය මිල මුදල් ක්‍ෂය කරගෙන ණය බරින් පීඩිතව ජීවත්වන තැනැත්තෙක්‌ වෙයි. එසේම ශනි සඳු සිකුරු නීචවී රවි කුම්භ රාශිගතව සිටීමෙන්ද යම් පුද්ගල කේන්ද්‍රයක පවතී නම් ඔහුටද අතමාරුවක්‌ කරගත්තත් එය පවා ආපසු ගෙවා ගැනීමට අධික අපහසුකම් යෙදේ.

ධනස්‌ථානය හෙවත් දෙවැන්න අධිපතියා සිකුරු සමග 12 වැන්නේ සිට සෙනසුරු 4 වැන්නේ සිටින කේන්ද්‍ර හිමිකරුවන්ටද අතමාරුවක්‌ පවා ආපසු ගෙවා ගැනීමට නොහැකි මුදල් අමාරුකම් පිහිටයි. එසේම 9-10-11 යන භාවාධිපතියන් නීචවී සිටීමත් 8 අධිපති ලග්න ගතවීමත් ලග්නාධිපති 22 වන දෙර්කාණ අධිපති ග්‍රහයා සමග 08 වැන්නේ සිටීමත් නිර්ධන යෝගයකි. 05 හා 09 අධිපතියෙක්‌ සමග 2 වැන්න අධිපති 6-8-9 යන තැන්වලින් එකක සිටීමත් මුදල් ඉතාම හිඟ මිනිසකු බවට පත් කරයි.

මේ අන්දමට පුද්ගල කේන්ද්‍රවල නිර්ධන යෝග බොහෝ ප්‍රමාණයක්‌ පවතී. දෙවැන්නාධිපති ග්‍රහයා කේන්ද්‍රයේ 6-8-12 යන නරක ස්‌ථානයක සිට පීඩාවීම ඇතිවුව හොත් එම පුද්ගලයාට සාමාන්‍යයෙන් මුදල් ලැබුණත් ස්‌වකීය අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට අපොහොසත් වේ. එසේම දෙවැන්නට පතිත වන අශුභ ග්‍රහ දෘෂ්ඨි අනුව එම ග්‍රහයින් සිටි රාශි භාව වලට අනුව කියවෙන කරුණු කාරණාවන්ට වැයවීම් සිදුවී මුදල් බල හීන වෙයි. උදාහරණයක්‌ ගතහොත් 5 වැන්නේ සතුරුව සෙනසුරු සිට 2 වැන්නාට සතුරු දෘෂ්ඨියක්‌ ලබාදීමෙන් ජන්මියා විශාල වශයෙන් රේස්‌ ලොතරැයි සූදුව වැනි දේවලින් තම මුදල් විනාශ කර ගනී.

එසේම දෙවැන්නට ධන කාරක ග්‍රහයින්ගෙන් සුබ දෘෂ්ඨි පතිත වේ නම් මිල මුදල් තත්ත්වය යහපත්ව පිහිටයි. 2 වැන්න අධිපතියාද සුබ ස්‌ථාන සුබ සංයෝග ආදියෙන් යුක්‌ත නම් යම් ආකාර ඉතිරියක්‌ද කරගත හැකිය.

සිකුරු 6 වැන්නේ සිට දෙවැන්නා දකීනම් ණයට ගැනීමෙන්ද ණයට දීමෙන්ද මුදල් තත්ත්වය යහපත් වේ. විශේෂයෙන්ම දෙවැන්න අදිපතියාද සුබ තත්ත්වයේ පිහිටිය යුතුය. විශේෂයෙන් එවැනි අයට ඖෂධ බෙහෙත් ශාලා උත්සව ශාලා කුලී නිවාස හරක්‌ එළුවන් වැනි සතුන්ගෙන්ද මුදල් ලැබීමේ මාර්ග බිහිවෙයි.

දෙවැන්නාධිපතියාත් ධන කාරක ග්‍රහයිනුත් පීඩාවී ඇත්නම් මුදල් ලැබීම් සාර්ථක තත්ත්වයේම නැත. එසේ පීඩා කළ ග්‍රහයින්ගේ මහදශා අන්තර් දශා විදශා ගත කරන කාලවලත් එම ග්‍රහයින් ග්‍රහ චාරයේදී දෙවැන්න හරහා ගමන් කරන කාලවලත් ජන්මියාට මුදල් අතින් බොහෝම අමාරුකම් ඇති කරයි. ඒ අනුව තමන්ට කුමනවූ අන්දමකින් හෝ ලැබෙන්නට ඇති මුදල් නොලැබී ප්‍රමාද වෙයි. චෙක්‌පත් පවා හිස්‌ තත්ත්වයෙන් පවතී. මුදල් උපයන මාර්ගවලට අවහිර බාධක ඇති කරයි. තමන් සන්තකව පවතින මුදල් වැයවී යැම් මෙන්ම රන් රිදී බඩු මුට්‌ටු පවා උකස්‌ කිරීමටද සිදු වෙයි.

මේ අන්දමට මුදල් ලැබීම් නොලැබීම ඇති වන්නේ පෙර භවයන්හි තුන්සිත පහදා දන් නොදුන් බැවිනි. දන්දීමෙන් ආයු වර්ණ, සැප, බල, ප්‍රඥ, පංච සම්පත්තිය ලැබේ. “බල” යන සම්පත්තිය මුදල් ලැබීමට බලපායි. එනිසා මේ භවය තුළ දන්දීම ඊළඟ භවයේ ලෞකික විමුක්‌තිය ඇතිකරනු ඇත.

We found this article from Divaina on 2012/10/12.
Also Sinhala to English Google word to word translation can be found here