දෙවැනි සිල් පදය කඩන ග්‍රහයෝ

1278
දෙවැනි
දෙවැනි

01 ලග්නය මේෂ වී කුජ 08 වන භාවයෙහි උපතේදී තැන්පත්වන පුරුෂයන් ඉක්‌මන් කේන්තිකාරයෝය. අධික සොර සිත සහිත මොවුන්ගේ වැඩ කටයුතු අධික වේගයෙන්ය. මැති ඇමැතිවරු වැනි තේජස්‌ ඇත්තෝද එවැනි ඇත්තන් අසුරු කරන්නෝද පාතාල නායකයෝද පාතාල ක්‍රියාකාරීන්ද මෙම ග්‍රහ තත්ත්වය අනුව උත්පත්තිය ලද අය විය හැකිය. පරදාර සේවනයට තදින් ඇල්ම දක්‌වන මොවුන් වංචාවෙන් උපයන ලද දෑ ඒ සඳහා නොපැකිලිව වියදම් කරයි. ශාන්තුවරයෙක්‌ වුවද කුජ මහ දශා, අතුරු දශා කාලයන්හි මෙම නීච තත්ත්වයට පත්විය හැකිය.

2 ඉහත පිහිටීම සහිත වනිතාව අධික සැර පරුෂ කමින් යුතුය. සොරසිත නිතරම ඇතිවේ. කොල්ල කණ්‌ඩායම් නායිකාවන් ගණිකා නිවාස පාලිකාවන් වැනි අයට මෙම ග්‍රහ තත්ත්වය පිහිටා තිබිය හැකිය. අඟහරු මහ දසා, අතුරු දසා කාලයේ මෙම නීච තත්ත්වයන් වැඩිපුර ප්‍රදර්ශනය වේ. මේ නිසාම රාහු මහ දශාව ලබන විට තම කෙරුවාවන් හෙළිවිය හැකිය. නීතියට අසුවී දඬුවම් විඳීමට සිදුවිය හැකිය. නින්දිත ලෙස අවමන් විඳීමට සිදුවේ. මේ නිසාම දුක්‌ත මරණයක්‌ පවා හිමි විය හැකිය. යහපත් පවුල් ජීවිත ගත කරන්නන් නෙමඟට යොමු කර වංචාවෙන් වස්‌තුව ලබා ගන්නා බැවින් ඊළඟ භවය ද අන්ත දුක්‌ත තත්ත්වයට පත්විය හැකිය.

3 වෘෂභ රාශියෙන් ජන්මය ලබා සිකුරු 08 වන භාවයෙහි උපතේදී තැන්පත් වන පුරුෂයාගේ සිතද සොරකමට බරය. ඔවුන්ගේ සොරකමේ ඉලක්‌කය වන්නේ සෞම්‍ය ගති ඇති තරුණ කාන්තාවන්ය. මෙම කාන්තාවන් රැවටීමටද මොවුන් ඉතා දක්‌ෂය. මුලදී මුළාකර ගත හැකිදේ ගනී. එසේ නොමැති වුවහොත් බලහත්කාරකමින් ගනී. බොහෝ තරුණ කතුන්ගේ නිරුවත් පිංතූර සකසා හෝ සොරාගෙන ඒවා ප්‍රසිද්ධ කරන බව දන්වමින් යම් යම් දෑ සොරා ගැනීමට මොවුන් සමත්ය. තරුණ කතුන්ගේ අඩුපාඩුවක්‌ සොයාගෙන එම හිඩසින් රිංගා ඔවුන් සතු දෑ වංචා කිරීමටද මෙම චෞරයන් ඉතා දක්‌ෂය. සිකුරු මහ දශා, අතුරු දශා කාලයන්හි වැඩිපුර කරනු ලබන මෙම නීච ක්‍රියා හේතුකොටගෙන අන්ත දුක්‌ විඳීමට සිදුවේ. රැකියා අහිමිවීම අපවාදයන්ට ලක්‌වීම්. සමාජ රෝගයන්ට ගොදුරුවීම් මෙම භවයේ සිදුවේ. ඊළඟ උපත ලබන භවය තිරිසන් ප්‍රේත ආත්මයක්‌ වීම මේ නිසාම වැළැක්‌විය නොහැක.

4 වෘෂභ රාශියෙන් උත්පත්තිය ලබා ශුක්‍ර 08 වන භාවයෙහි තැන්පත් ස්‌ත්‍රියගේද සොර සිත ක්‍රියාත්මකය. තම මව මෙන්ම ස්‌වාමියාද රවටා තමාට වඩා වයසින් බාල තේජස්‌ සහිත පුරුෂයන් ඇසුරු කිරීමට මොවුන් ඉතා දක්‌ෂය. එම පිරිමින්ගේ බිරින්දැවරුද රවටයි. එම පිරිමි සතු දැ ඉන්පසු වංචාවෙන් ගැනීම සිදුකරයි. මෙම රැවටීම කලක්‌ සිදුකරගෙන යා හැකි අතර රවි, කේතු මහ දශා අතුරු ලැබූ විට ගැරහීමට ලක්‌වීම ද සිර ගෙවල්වල උසාවිවල තැපීම ද සිදුවිය හැකි අතර ඊළඟ බවය අන්ත දුක්‌ඛදායකය.

5 මිථුන රාශියෙන් ජන්මය ලබා උපත් දී බුධ 08 වන භාවයෙහි තැන්පත් වීමද සොර සිත ක්‍රියාත්මකය. වෙළෙඳ ව්‍යාපාර ආදියෙහි දක්‌ෂය. එහෙත් හොරට කිරුම් මිනුම් හොර ගණන් දැමීම් ආදියට ඉතා සූරය. අන්සතු දේපළ ඉඩකඩම් හොර ඔප්පු සාදා විකුණන්නට ද මෙම ග්‍රහ පිහිටීම ඇත. අනුන්ගේ බුද්ධිය සොරකම් කරන බුද්ධිමය සොරුන්ටද මෙම ග්‍රහ පිහිටීම ඇත. අනෙකුත් ග්‍රහ පිහිටීම් අනුව කථිකත්වයද හිමිව ඇත්තේ වංචාකාර තෙල් බේත්කරුවන්, රාජ්‍ය දේපළ වෙන්දේසි වන අවස්‌ථාවන්හිදී අඩු මිලට ලබාගෙන වැඩි මිලට විකුණන වැනි කූට උපායන් ක්‍රියාත්මක කිරීමටද මෙම ජන්මීන් දක්‌ෂය.

6. මෙම ග්‍රහ පිහිටීම සහිත ස්‌ත්‍රියද හොර ගණන් දැමීම ආදියට දක්‌ෂය. එමෙන්ම අනිකුත් ග්‍රහ පිහිටීම්ද පාපකාරී වුවහොත් ගණිකා වෘත්තිය වැනි අපචාරයන්ට යොමුවන අතර ලබා ගන්නා මුදලට තම සේවය ලබා නොදී ගනුදෙනුකරුවාගේ ඉන ඉහ අතගාගෙන පැන යැමට තරම් මෙම වනිතාව සූරය. ගුරුවරියක්‌ වුවද, වෛද්‍යවරියක්‌, හෙදියක්‌ වුවද වෙනත් ඕනෑම කාර්යයක්‌ කළ ද මෙම ග්‍රහ පිහිටීම සහිත වනිතාව තම සේවය නිසි ලෙස ලබා නොදී ශරීර හොරු මානසික හොරු, කාල හොරු යන එකකින් කුමන හෝ තත්ත්වයකට පත්වේ. වෙලාවට තම කාර්යයට වාර්තා නොකර හොර අත්සන් ගැසීමද සොර කමකි. මෙය එක අතකින් කාලය හොරකම් කිරීමකි. එයද වංචාවකි. පැමිණ අත්සන් කළද තම වගකීම නිසි ලෙස ඉටු නොකරන්නේ ශරීර හොරුය. කිසියම් කාර්යයක්‌ තමාට සිතා මතා නිවැරැදිව කිරීමට හැකියාව තිබියදී එසේ නොකර යන හැටියට ඔහේ කිරීම මානසික හොරකමක්‌ය. මනස ක්‍රියාත්මක වීම වැඩිවන්නේ ප්‍රයෝජන ගන්නා තරමටය. එසේ නොකර සිටීම තමාටද අනුන්ටද අවැඩකි. මේ නිසා අපවාදයන්ට ලක්‌වීම ආදියට මෙම භවයේ දී ලක්‌වන අතර ඊළඟට අප ලබන භවයේදී අන්ත දුක්‌ත තත්ත්වයට පත්විය හැකිය.

7 කටක ලග්නයෙන් ජන්මය ලබා 08 වන භාවයෙහි සඳු තැන්පත් පිරිමියාට විවාහයෙන් තැන්පත් ධනය වර්ධනය වුවත් සොරකම සිතෙහි අධිකව ඇත. විවාහ සහකරුගේ දේපළ තමාටම ලබා ගැනීම සඳහා කූට උපක්‍රම යොදයි වංචාවෙන් ලබා ගන්නා ඒවා වැය කරන්නේ පරදාර සේවනයටයි. මෙම නීච ක්‍රියා හෙළිවීම ආදිය හේතුකොටගෙන සඳු මහ දශා අතුරු දශා කාලයන්හි තම ජීවිතය පවා හානිකර ගැනීමට යොමුවේ. තම ජීවිතය තමා විසින් හානිකර ගැනීම සංසාර චක්‍රයේදී ආත්ම දහස්‌ ගණනකට නැවත මිනිස්‌ ආත්මයක්‌ ලබා ගැනීමට නොහැකි පාපකර්මයන් වන්නේය.

8 මෙම ග්‍රහ පිහිටීම සහිත වනිතාව තම මවුගේ වස්‌තුව සොරා ගැනීමට යොමුවේ. එමෙන්ම තම ස්‌වාමියා උපයන දෑද සොරකම් කර නිකරුණේ වියදම් කරයි. බොහෝවිට රූපලාවන්‍ය වැනි කටයුතු සඳහා මෙම ග්‍රහ පිහිටීම් සහිත වනිතාව වියදම් කරයි. එමෙන්ම කාම සුඛවිහරණය සඳහාද වැය කිරීමට මැය පෙළඹේ. සඳු මහ දසාවත් අතුරු දසා කාලයන්හිදී මෙම නීච කටයුතු හෙළිවීමෙන් තම ජීවිතය පවා හානිකරගන්නා තත්ත්වයටම මෙම භවයේදීම පත්වේ.

9 සිංහ ලග්නයෙන් උත්පත්තිය ලබා රවි 08 වන භාවයෙහි උපතේදී තැන්පත් වන පුරුෂයා කුඩා කල සිට සොරකමට හුරුවේ. තම පියාගේ වස්‌තුව සොරකම් කිරීමෙන් සොරකම පටන් ගන්නා මෙම ජන්මියා වයසින් මුහුකුරා යත්ම රාජ්‍ය දේපළ වංචා කිරීමට යොමුවිය හැකිය. එය උත්පත්තියේදී පිහිටන අනිකුත් ග්‍රහ පිහිටීම අනුව මුදල් අයකරන රජයේ වැසිකිළියේ සිට රාජමන්දිරය දක්‌වා විවිධ අයුරින් කිරීමට මග පාදා ගනී. රජයේ සේවකයෙක්‌ නම් රජයට පක්‍ෂපාතීව මහජන සේවයට කැපවනවාට වඩා තම අයිතිවාසිකම් ගැන කතා කරමින් කාලය කා දමන්නෙකි. සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයන්හි සහ රවි මහ දශා අතුරු දසාවන්හිදී මෙම චෝර ගති හෙළිවිය හැකි අතර හිරේ විලංගුවේ වැටීම පවා සිදුවිය හැකිය.

10 මෙම පිහිටීම සහිත වනිතාවන්ද රාජ්‍ය සම්පත් සොරකම් කිරීමට පෙළඹේ. ඊට අමතරව රජයේ සේවයේ නියුතු තනතුරු දරන්නෝද නොමඟට යවමින් වරදට පොළඹවා ඔවුන් සතු දෑ වංචාකරති. මෙය දෙවැනි සිල්පදය පමණක්‌ නොව තෙවැනි සිල් පදය ද කැඩීමකි. තෙවැනි සිල්පදය කඩන ග්‍රහයාගේ ලිපියෙන් ඒ පිළිබඳව කරුණු බලාපොරොත්තු වන්න.

11 කන්‍යා ලග්නයෙන් ජන්මය ලබා බුධ 08 වන භාවයෙහි උපතේදී තැන්පත් ස්‌ත්‍රී පුරුෂ ජන්මීන් බුද්ධිය මෙහෙයවමින් වංචා කිරීමට දක්‌ෂය. හොර ගණන් දැමීම, අනුන්ගේ නිර්මාණ වංචා කිරීම ආදිය මොවුන්ගේ වංචාවන් වන අතර බුධ කුජ සිකුරු මහ දශා අතුරු දශා කාලයන්හි මේවා අසුවී දඩ ගෙවිම් ආදියට මුහුණ දීමට සිදුවේ.

12 තුලා රාශියෙන් ජන්මය ලබා සිකුරු 08 වන භාවයෙහි තැන්පත් ජන්මීන් බොහෝවිට තරුණ ස්‌ත්‍රීන් නොමඟ යවා ඔවුන් සතු දෑ වංචා කරයි. ස්‌ත්‍රීන් තම වෙළඳ කටයුතු සඳහා යොදා ගැනීමට දක්‌ෂය. අසභ්‍ය චිත්‍රපට වීඩියෝ පට නිෂ්පාදකයනට බොහෝවිට මෙම ග්‍රහ පිහිටීම ඇත. මේ සඳහා විපාක මෙම ආත්මයේ පමණක්‌ උපදින වෙනත් ආත්මයන් වලදීද ලැබේ.

13 මෙම ග්‍රහ පිහිටීම සහිත වනිතාවද තම නිරුවත පෙන්වා වංචා කිරීම් කිරීමට පෙළඹේ. එසේම අන් ශරීරද වංචා සහගතව විකුණයි. සිකුරු, රවි, ගුරු මහ දශා අතුරු දශා කාලයන්හි මෙම වංචාවන් හෙළිවී ජීවිතය දුක්‌ත තත්ත්වයට පත්විය හැකි අතර ඊළඟ භවයද දුගතියට පත්වීම නියතය.

14 වෘශ්චික රාශියෙන් උපත ලබා 08 වන භාවයෙහි කුජ උපතේදී තැන්පත් පුරුෂයා රහසිගත කටයුතු සඳහා දක්‌ෂය. හොර කණ්‌ඩායමේ නායකයන් ලෙස ක්‍රියාත්මක මොවුන්ගේ නීච ගති කුජ ශනි සඳු රාහු මහ දශා අතුරු දශාවන්හිදී හෙළිවේ.

15 ඉහත ග්‍රහ පිහිටීම සහිත වනිතාව සැර පරුෂය. එහෙත් තම නියම ස්‌වභාවය නිතර සඟවා ගැනීමට සමත්ය. ලාබාල වනිතාවන් වංචාවෙන් රවටා ගෙන විත් දුරාචාරයේ යොදවා මුදල් උපයයි. චෞර රැජිනියන් බවට පත්වේ. කුජ ශනි රාහු සඳු මහ දශා අතුරු දශාවන්හිදී මෙම කෙරුවාවන් අසුවේ. හිරේ විලංගුවේ පවා වැටී අන්ත දුක්‌ත තත්ත්වයට පත්විය හැකිය.

16 ධනු ලග්නයෙන් උපත ලබා ගුරු 08 වන භාවයෙහි තැන්පත් ජන්මීන් ආගමික ස්‌ථානවලින්ද ආගම් මුල්කරගෙන කරන කටයුතු වලින්ද වංචා කරයි. පංසලේ පිං කැටයේ සිට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ චෙක්‌පොත දක්‌වාද පල්ලියේ ඉටිපන්දමේ සිට බැංකු ගිණුම දක්‌වාද උපතේදී සිදුවන අනිකුත් ග්‍රහ පිහිටීම් මත වංචාව කරයි.

17 මෙම ග්‍රහ පිහිටීම සහිත වනිතාවන් ආගමික නායකයන්a සමඟ අනියම් සම්බන්ධතා ගොඩනගා ගනිමින් එම ස්‌ථාන සතු දේපළ වංචා කිරීම්වල යෙදේ. මෙය තෙවැනි සිල්පදයද කැඩීමකි.

18 මකර රාශියෙන් ජන්මය ලබා ශනි 08 වන භාවයෙහි රවිට හිමි රාශියෙහි තැන්පත් වීමද රාජ්‍ය සම්පත් හොරකම් කරන ග්‍රහ පිහිටීමකි. රාජය සම්පත් සොරකම් කිරීම යනු රටේ ජීවත්වන හිඟන්නාගේ සිට රජතුමා දක්‌වා වන සියලු දෙනාගෙන්ම හොරකම් කිරීමයි. ඔහු හිඟන්නාගේද හොරාය. තමාට නියමිත රාජකාරි නොකිරීම හොර අත්සන් ගැසීම, වැඩ නොකර වැටුප් ගැනීම, නියමිත කාලයේ සේවය නොකර අතිකාල කර මහජන මුදල් වංචා කිරීම, ආදියද හිඟන්නාගේ සිට රජතුමා දක්‌වා සියලු රටවැසියන්ගෙන් කරනු ලබන හොරකම්ය. ඕනෑම දුක්‌ත තත්ත්වයකට මුහුණ දීමට සෙනසුරා සූදානම් බැවින් මේවායේ විපාක මෙම භවයේදී නොලැබුණත් ඊළඟ භවයේදී අන්ත අසරණ තත්ත්වයට පත්වේ. විශේෂයෙන් තිරිසන් ලෝකයේ මී හරක්‌, කුකුළන්, බූරුවන්, අලියන් වැනි ජන්ම ලැබීමට මෙවැනි වංචාවන් ඉවහල් වේ.

19 කුම්භ රාශියෙන් ජන්මය ලබා සෙනසුරා 08 වන භාවයෙහි තැන්පත් ජන්මීන්ද අසරණයන්ගෙන් කම්කරුවන්ගෙන් වංචා කිරීමට පෙළමේ. අසරණයන්ගෙන් වැඩගෙන නියමිත දීමනා නොගෙවීම, සුළු දෙයක්‌ ලබා දී ඊට වඩා වැඩි දෙයක්‌ ලබා ගැනීම මෙම ග්‍රහ පිහිටීම සහිත ජන්මීන්ගේ සිරිත වුවද ලෝකය සියලු දෙනාටම අයිතිය යන හැඟීමෙන්ද කටයුතු කරයි. මෙම චරිතය ප්‍රකටව පෙනෙන බැවින් කිසිවකු රැවටීමට මොවුන්ට අපහසු නොවේ.

20 මීන ලග්නයෙන් ජන්මය ලබා 08 වන භාවයෙහි ගුරු තැන්පත් ජන්මීන්ගේ සොර සිත නිතර ක්‍රියාත්මක වේ. එහෙත් හොරකම යමක්‌ කමක්‌ ඇති අයගෙන් පමණි. තම සුඛවිහරණය ගැනම නිතර සිතන මෙම ජන්මීන් වංචාකරන්නේ ඉතා සූක්‍ෂමවය.

21 මෙම ග්‍රහ පිහිටීම සහිත වනිතාව නිතර යමක්‌ කමක්‌ ඇති අය නොමඟ යවමින් වරදට පොළඹවා ගනිමින් ඔවුන් සතු දැ වංචා කරයි.

කවුරුන් කෙසේ කොහොම කොතන කළත් හොරකම් නම් හොරකමමය. දඬුවම් ලැබීමට වේලාවක්‌ කලාවක්‌ නැත. මෙලොවදී නැතිනම් එලොවදී තමා කළ දෙය තමා පසු පස පැමිණේ. මෙම ග්‍රහ පිහිටීම් තත්ත්වය මෙම ආකාරයෙන්ම පිහිටියා යෑයි කෙනෙකු හොරෙක්‌ වන්නේ නැත. ඒ සඳහා බලපාන අනිකුත් පාපකාරී ග්‍රහ පිහිටීම් ද තිබිය යුතුය. තමාට අන්සතු දැ වංචාවෙන් ගැනීමට සිතෙනවා නම් කළයුතු වන්නේ දිනපතා තෙරුවන් වැඳ මට අයිති නැති කිසිවක්‌ මම වංචාවෙන් ලබා නොගනිමි යෑයි අධිෂ්ඨානය දිනපතා ඇතිකර ගැනීමය. මෙම සිල්පදය ආරක්‌ෂා කර ගැනීමෙන් අපට මෙම භවය මානසික සැනසීමෙන් ගත කළ හැකි අතර සංසාර චක්‍රයේ ඊළඟ භවය වඩා සැපවත්කර ගැනීමට හැකිය.

We found this article from Divaina on 2012/11/02.
Also Sinhala to English Google word to word translation can be found here