[ratings]
දෛවය පිළිබඳව බොහෝ දෙනකු තුළ දැඩි විශ්වාසයක් පවතී, වාසනාවන්ත දෛවය – අවාසනාවන්ත දෛවයයි කොටස් දෙකකින් යුක්‌ත මෙම දෛවය අඅතරින් වාසනාවන්ත දෛවයම කවුරුත් අපේක්‍ෂා කරනු ලබයි. දෛවය වෙනස් කරන බොහෝ සාධක පවතින බව පෙනේ. බුදුරජානන් වහන්සේ “පතිරූපදේශවාසෝච” යනාදි වශයෙන් මංගල සූත්‍රයේදී දේශනා කලේත් සුදුසු ප්‍රදේශයක වාසය කිරීමෙන් යහපත් දෛවයක ඵල භුක්‌ති විදීමට ලැබෙන බවය.
දෛවය වෙනස් කරන බොහෝ සාධක ඇත. ඒ අතර තමන් භාවිතා කරන නම් ගම් – ඇස්‌වහ කටවහ – හෝවහ – පදිංචි භූමිය – පදිංචි නිවස – ඒ ආශ්‍රිත ගහකොල – තම සිතුවිලි – ආශ්‍රිත සමාජය – යංත්‍ර මංත්‍ර ගුරුකම් යක්‍ෂ පිසාච භූතයන් මේ ආදි වශයෙන් කෙනකුගේ දෛවය වෙනස් කරවන කරුණු රාසියක් ඇත.
ඒ අතරින් ඛනිජ ද්‍රව්‍යයක් වන මැණික් ගල්වලට ද ප්‍රමුඛස්‌ථානයක් ලැබෙන බව පෙර පඬි බසයි – යහපතට මෙන්ම අයහපතටද මැණික් ගල් යොදාගත හැකි බව ඒ විද්‍යාව හැදැරීමේදී ඔබට දැනගත හැකිවනවා ඇත.
ඔබට අද යහපතට යොදාගත හැකි ඔබේ දෛවය වෙනස් කරගත හැකි මැණික් වර්ග කිහිපයක් පිළිබඳව පෙර පඬි බසට නුව කරුණු ස්‌වල්පයක් දක්‌වමි.
පද්මරාග පැළදීමෙන්
රජයෙන් – පියාගෙන් ඇතිවෙන අර්බුද මඟහැරී හදිසි වාසි අත්වීමත් – බලාපොරොත්තු නැති අනතුරුවලින් මිදීමත් – සිතේ එඩිතර කම මානසික ප්‍රබෝධය ඇතිවීම – ඥණය දියුණුවීම ඌෂ්ණාධික රෝග පහවීම – තීක්‍ෂණ බුඬියක් ඇතිවීම හවස ප්‍රියා ස්‌ථානයක් වීම ශ්‍රියා කාන්තාවගේ ආගමනය යන සුභඵල ප්‍රධානය සිදුවේ.
මුතු පැළැදීමෙන්
වැඩිහිටි කාන්තාවන්ගෙන් – මවගෙන් – උපකාර ලැබීම – තමාගේ දියුණුවට ඔවුන්ගෙන් උපකාර ලැබීම – සෞභාග්‍යය උදාවීම – සිත තුළ පහන් සිතුවිලි ඇතිවීම – කාගේත් ගෞරවාදරයට ලක්‌වීම – සීතාධික රෝගා බාධාදියෙන් වැලකීමත් සිදුවේ.
රතු මැණික් පැළැදීමෙන්
සහෝදර – සහෝදරියන්ගේ – ඇසුරු කරන අයගේ සමගිය ඇතිවීම – සොරසතුරු බිය පහවීම – සමාජයෙන් තමාගේ දියුණුවට සහය අත්වීම – කරන කියන කටයුතු වලින් ජයග්‍රහනය අත්වීම – කීර්තිය ඇතිවීම – විවිධ කර්මාන්ත ආරම්භය – ලක්‍ෂණ නිවාස, වාහන ලැබීම, උණ සන්නිපාත රෝග පහවීම ආදි සුබඵල අත්වේ.
මරකත – පසිංගල් පැළැදීමෙන්
ධාරණ ශක්‌තිය දියුණුව – අධ්‍යාපන කටයුතු දියුණුවීම – ධාරණ ශක්‌තිය ඇතිවීම – අනවශ්‍ය ලැඡ්ජා බය ඉවත්ව සමාජයේ ඉදිරියට යැමේ හැකියාව – කතිකත්වය දියුණුවීම – උසස් වීම් ප්‍රසිධියට පත්වීම්, සමේ රෝග පහවීම ආදී සුබඵල උදා කරන්නේය.
පුෂ්පරාග මැණික් පැළැදීමෙන්
උසස් ප්‍රභූන්ගේ ගෞරවාදරයට පාත්‍රවීම – රාජකීයන්ගෙන් ගරු නම්බු ලැබීම – විවිධ විද්‍යාවන් කෙරෙහි සිත ඇදී යැම – යස ඉසුරු දියුණුවීම. පරිත්‍යාග සීලී බව ඇති වීම – සතුරන් පහවීම යහපත් නිවාස යාන වාහන ලැබීම – අපස්‌මාර වැනි වසංගත රෝගාබාදා දියෙන් ආරක්‍ෂා වීම ආදී සුබඵල ප්‍රධානය කරයි.
දියමන්ති පැළැදීමෙන්
ස්‌ත්‍රී පුරුෂයන්ගේ සමගිය ඇතිවීම – ආලය ආදරය තහවුරු වීම – විනෝදය ප්‍රීතිය දියුණු වීම – ආහාරපාන ඇඳුම් පැළඳුම් හිඟ නොවීම – කර්ණ – ඡ්වර ආදී රොdaග පහවීම ආදී සුබඵල උදාකරයි.
නිල් මැණික් පැළැදීමෙන්
සිත්වේදනා පහවීම – සේවකාදීන්ගේ ගෞරවාදරයට පාත්‍රවීම හදිසි ධනලාභ ඇති කිරීම – ශරීරයේද – සිතේද සැහැල්ලු බවක් ඇතිවීම – සතුට උදාවීම – අන්‍යයන් මවිතකරන අයුරින් යහපත් සිරිත් අනුගමනයට යොමු වීම. අංග විකලා දී රෝග තත්ත්වයන්ගේ පහවීමත් සිදුවේ.
සත්මෙධය පැළැදීමෙන්
පැරණි විද්‍යාවන් කෙරෙහි සිත ඇදීයැම – පෞරාණික වස්‌තු නිධන් වස්‌තු ලැබීම – වරප්‍රසාද ලැබීම – අයිතිවාසිකම් තහවුරු වීම – සංචාරයෙන් ලාභ ලැබීම – ගරු නම්බු ලැබීම – සිතේ ව්‍යාකූල බව පහවීම – උන්මන්ත රෝගාබාධ පහ වීම සිදුවේ.
වෛරොඩි පැළැදීමෙන්
බාහිර හිරිහැර කරදර යන්ගෙන් දුරවීම – විවිධ විද්‍යාවන් හැදැරීමට යොමුවීම – සිතේ සතුට ඇතිවීම – විෂ ඝොර සර්පාදීන්ගෙන් ඇතිවෙන උපද්‍රවයන්ගෙන් ඈත්වීම, සිතේ සන්සුන් බව ඇති වීම – පිරිසිදු බව ඇතිවීම – සමාජයේ ගෞර්වයට කරුණාවට ප්‍රාත්‍රවීම – විෂම වාතරෝගද ගෙඩි වන රෝග පහවී සිතේ සතුට සාමය දියුණු වන්නේය.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here