ශක්‍රයා – මහා බ්‍රහ්මයා – සුරගුරු ආදී නම් කීපයකින් හඳුන්වන දේවත්වයෙන් හා බ්‍රහ්ම තත්ත්වයෙන් පුදන ජන සමාජයේ ඇදහිලි තත්ත්වයට පත්වූ මිත්‍යාව පිළිගත් පිරිසක් ඇත. හින්දු සාහිත්‍යයේ දෙවියන් ගැනද දක්‌වා තිබීමත් බමුණන් අපේ රටේ පිරිස මුලාකොට මේ ආකල්ප ගොඩනගා ඇති බවත් පැහැදිලිව පෙනෙයි.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදු සසුනට රිංගා ගත් බමුණු පිරිස නිර්මල වූ බුද්ධ දර්ශනය කිලිටි කිරීම පිණිස දේව හා බ්‍රහ්ම සංකල්ප, මිත්‍යාව එක්‌කර ඇත්තේද එලෙසිනි. ඔවුන්ට ඕනෑ කළේ තම දර්ශනය ගොඩනැඟීමටයි. දේවත්වයට පත්කර ගෙන සිටින මේ නම් කෙසේ ඇතිවී දැයි විමර්ශනයෙන් යුතුව බැලීම වටී. කරන්නන් වාලේ කිරීම නොව හොඳින් තේරුම් බේරුම් කරගෙන යමක් ගැන සිතා බැලීම බුද්ධිමත් සමාජයට උතුම් ක්‍රියාවක් වන බැවින් මේ ගැන විපරම් කර බැලීමට සිත්වූයෙමි.
සෙත් සවි කලාව නම්වූ පොතේ ඡන්දස් ශාස්‌ත්‍රය පිළිබඳව මෙසේ සඳහන් කර ඇත. ඡන්දස් ශාස්‌ත්‍රය මුලින්ම නිර්මාණය කරන ලද්දේ මහේශ්වරයා විසින් බවද මහේශ්වරයාගෙන් මහා බ්‍රහ්මයාද මහා බ්‍රහ්මයාගෙන් සනත් කුමාර බ්‍රහ්මයාද සනත් කුමාර බ්‍රහ්මයාගෙන් අගස්‌ති මුනිවරයාද අගස්‌තිගෙන් සුරගුරුද සුරගුරුගෙන් සක්‌දෙව් රජුද සක්‌දෙව් රජුගෙන් අනන්තයාද අනන්තයාගෙන් පිංගලාචාර්යවරයාද ඉගෙන ගත් බව සඳහන් කර ඇත.

මහේශ්වර හෙවත් ඊශ්වර, මහාබ්‍රහ්ම, සුරගුරු, සක් දෙව්රජ හින්දු ජනයාගේ දේවත්වයෙන් පිදුම් ලබන දෙව්වරු කීපදෙනෙකි. මේ අනුව කල්පනාකර බලන කල මේ නම්වලින් හදුන්වන බුද්ධිමත් මනුෂ්‍ය කොටසක් මෙලොව ජීවත්වූ බවත් එම මනුෂ්‍යයන්ගේ බුද්ධියේ සුවිශේෂත්වය නිසාම ජනයා විසින් ඔවුන් අමුතු හාස්‌කමක් ඇති දෙවිවරුන් යෑයි සිතුවා විය හැක. හිරු දෙවියන්ගේ සැලකීම මෙන් සිතිය හැක.
මහේශ්වර, මහාබ්‍රහ්ම, සනත් කුමාර, බ්‍රහ්ම අගස්‌ති, සුරගුරු, සක්‌දෙව්රජු, අනන්තයා, පිංගලාචාර්ය යන අය මනුෂ්‍යයන් නොවේ නම් දක්‍ෂ කාව්‍යකරුවන් වීමේ වරම ලබා ගත්තේ කොහොමද? තව්තිසා දෙව්ලොව හෝ අනෙක් දෙව්ලොව සිට මනුෂ්‍යයන් නොවන දෙවිවරු විසින් කාව්‍ය ශාස්‌ත්‍රය නිපුන කලානම් එය කවර හේතුවක් මතවත් මනුෂ්‍යයන් අතරට එන්නේ නැත. එනිසා මිත්‍යාව අතහැර තේරුම් ගන්නට වෙන්නේ ඇත්තටම මේ අය මනුෂ්‍යයන්ම විය යුතු බවයි.
පංච මහා බලවේගය
ලෝකයේ ඇති ප්‍රධාන වස්‌තු අටක් ඇත. භූමිය, ජලය, අග්නිය හෙවත් ගින්න, වාතය, ආකාශය, සූර්යයා, චන්ද්‍රයා සහ ස්‌වර්ගය යන වස්‌තු අට වෙයි. ආකාශයෙන් වායුවද වායුවෙන් ගින්නද ගින්නෙන් ජලයද ජලයෙන් භූමියද උපදී. ආකාශය හෙවත් හිස්‌තැන වායුව පිරී ඇත. එබැවින් ආකාශය වායුවේ උත්පත්ති ස්‌ථානයයි. වායුන්ගේ ඝට්‌ටනයෙන් හෙන හටගනී සුළු ගින්නකට සුළං වැදීමෙන් ගින්න පැතිරී යයි. එහෙයින් වායුව ගින්නේ උත්පත්ති ස්‌ථානයයි.
පරමානුවාදය, ඉලෙක්‌ට්‍රොන හා නියුට්‍රොන ක්‍රියාකාරිත්වය මෙතැනදී සිහිකිරීමෙන් එය සනාථ කරගත හැක. සැර ගින්නෙන් රත්වන විට තද ලෝහ පවා දියවෙයි. ද්‍රව බවට පත්වෙයි. එහෙයින් ගින්න ජලයේ උත්පත්ති ස්‌ථානයයි. ඔක්‌සිජන් හා හයිඩ්‍රජන් ප්‍රතික්‍රියාව මෙතැනදී කල්පනා කළ යුතුයි. ජලය සිඳීමෙන් ලුනු හට ගනී. ශරීරයේ දහදිය වියළී කුණු බවට පත්වේ. ද්‍රවයෝ මිදුණ කල්හි ද්‍රව්‍ය බවට පත්වේ. එහෙයින් ජලය භූමියේ උත්පත්ති ස්‌ථානයයි. සූර්යයා හා චන්ද්‍රයා සියලු ප්‍රාණීන්ගේ පැවැත්මට අෙත්‍යාපකාරී වන වස්‌තු දෙකකි. ස්‌වර්ගය සැප බලාපොරොත්තුවන සියලු දෙනාම ප්‍රාර්ථනා කරන තැනකි. මෙසේ බලන කල භූමිය ජලය ගින්න, වාතය, ආකාශය, සූර්යයා, චන්ද්‍රයා, ස්‌වර්ගය යන මොවුහු ලොව පවතින ප්‍රධාන වස්‌තු අටවන බවට පැහැදිලි වෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච මහා බලවේගය හෙවත් පංචමහා භූතයින් ලොව පවත්නා ප්‍රධාන වස්‌තු අටෙන් බිඳී ආ බවක් පෙන්විය හැක.

මේ අනුව බලන කල සාධාරණව සිතිය යුතු සිතිවිල්ල නම් මුලින්ම වායුව පමණක් තිබුණ හිස් අවකාශයේ වායුව භ්‍රමණය වෙමින් ඝට්‌ටනය වීමෙන් දහනය ඇතිවී ඔක්‌සිජන් හා හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය තිබීම නිසා ඒවා එක්‌වීමෙන් ජලය නිර්මාණය වෙන්න ඇතැයිද භ්‍රමණය වෙමින් පැවතුණ මෙම ජල කොටස ගෝලයක් බවට පරිවර්තනය වෙමින් පැවැතිය හැකි බවද ක්‍රම ක්‍රමයෙන් කල්යැමේදී ජලය ඝනී බවට පත්වෙමින් ද්‍රව්‍ය කොටස් බවට පත්වී භූමිය නිර්මාණය වෙන්න ඇතැයි යන නිගමනය වේ.
වායුව – ගින්න – ජලය- ගණ ද්‍රව්‍ය පිළිබඳව හසල විද්‍යා දැනුමක් ඇති බුද්ධිමතුන් මේ පිළිබඳව අදහස් එළිදක්‌වන්නේ නම් ඉතා යහපති. හිරු ආත්මයටත්, සඳු සිතටත් මූලික වන බැවින් මේ දෙදෙනාගේ කිරණ වල ආකර්ෂණීය බලයෙන් විවිධ මට්‌ටමෙන් වෙනස්‌කම් බලපාන්නට ඇතැයි සිතීමද වටී.
විෂ්ණුගේ දස අවතාරය
විෂ්ණු යනු විෂ්ව Ý අණු හෙවත් විශ්වයේ පවතින අණු යන අර්ථය දිය හැක. විශ්වයෙන් නිල් පැහැය ගනී. විෂ්ණුගේ පාටත් නිල් පාට වෙයි. විශ්වයේ ඇතිව භූමි වස්‌තුව අවස්‌ථාවෙන් අවස්‌ථාව වෙනස් වෙමින් වර්ධනය වුණ ආකාරය විෂ්ණුගේ දස අවතාරය හා බැඳෙයි.
මත්ස්‍ය අවතාරය
මේ අපේ ලෝකය මුලදී ජලය ගෝලයක් නම් ජලයේ ඇතිවෙන්නේ මත්ස්‍ය හෙවත් මාළුවන්ය. විෂ්ණු දස අවතාරයෙන් මුල් එක මත්ස්‍ය අවතාරය වෙයි.
කුර්ම අවතාරය – ක්‍රමයෙන් ජලය ගිනි බවට පත්වෙමින් පඨවි හෙවත් තද ගතිය ඇතිවිය. එතැන් සිට පොළව ඇතිවිය. පොළොව සහ ජලය ඇති බැවින් දිය ගොඩ දෙකටම සරිලන සත්වයෙක් ඇතිවිය. එම සතා කුර්ම හෙවත් ඉබ්බාය. විෂ්ණුගේ දෙවැනි අවතාරය එයයි.
වරාහ අවතාරය – මෙසේ තවත් කල් යත්ම ඉබ්බාගේ පරිණාමයෙන් ඌරා ඇතිවිය. මෙය විෂ්ණුගේ තුන්වැනි අවතාරය වෙයි.
නරසිංහ අවතාරය – ක්‍රමක් ක්‍රමයෙන් ලෝකය වර්ධනය වෙමින් පවතින විට සිංහයකු බඳුවූ නරයින් හෙවත් සිංහ ගති ලක්‍ෂණ ඇති මිනිසුන් ඇතිවිය. එය විෂ්ණුගේ හතර වැනි අවතාරය වෙයි.
වාමන අවතාරය – දඩයම් යුගයේ මිනිසා මෙසේ තවත් දියුණුවට යන විට මනුෂ්‍ය රූපය වුණත් බහිරව ගති ලක්‍ෂණයෙන් යුත් මනුෂ්‍ය කොට්‌ඨාසයක් ඇතිවිය. සතුන් හීලෑ කරමින් එඩේර යුගය ගතකළ මිනිස්‌සු විය හැක. ඔවුන්ට එක තැනක නැවතී සිටීමට නොහැක.
තැන්තැන් වල සතුන් සමඟ යනු ඇත. පිග්මි වරු, නීග්‍රෝ යන ගෝත්‍රිකයන් මෙම කොටසට අයත් වෙයි. විෂ්ණුගේ පස්‌වැනි අවතාරය වන වාමන අවතාරය නමින් නම් වන්න ඇත්තේ මෙම කොටස විය හැක.

පරශුරාම අවතාරය – පරශු=රාම යනු ක්‌ෂත්‍රීයයන් විනාශ කරන්නා යනුයි. පොරවක් සහිතවූ රාම යන තේරුමයි. රාම තුන් දෙනාගෙන් පරමශුරාම එක්‌අයෙකි.
රාම අවතාරය – බලසම්පන්න මනුෂ්‍යයෙකි. යුද්ධයෙහි දක්‍ෂයෙකි. ජීවිතයේ වැඩි කාලයක් යුද්ධ කරමින් වන ගතව වාසය කළ රජකෙනෙකි. එදා හෙළයේ විසූ අසුරයෙක්‌වූ යක්‍ෂ ගෝත්‍රික රාවණා මහා බලපරාක්‍රයෙන් යුත් දසබලධාරී රජ කෙනෙකි. ඔහුගෙන් සුරයන් හෙවත් සූර්යය වංශයේ අයට බලවත් කරදරයක් වූයෙන් ඔහු විනාශ කිරීමට රාම නම් සුරයාට පුළුවන් විය. විෂ්ණුගේ හත්වැනි රාම අවතාරය මෙය විය.
කෘෂ්ණ අවතාරය – කෘෂ්ණ යනු කාලවර්ණයන් යුත් නිල් පාට යන අදහසයි. විශ්වයේ ඇති පැහැය නිල් පාටයි. කළු පාට – දම්පාට මෙම විශ්වයේ ඇත. විශ්වයේ එක් කොටසක් වන කෘෂ්ණ අවතාරය විෂ්ණුගේ අටවැනි අවතාරය වෙයි.
බුද්ධ අවතාරය – ක්‍රමයෙන් ලෝකය දියුණු වෙමින් මිනිසාගේ බුද්ධි වර්ධනය වැඩිවූහ. එසේ වෙමින් සර්වඥතා ඥණය පහළවූ බුද්ධ හෙවත් සියලු දෙයින්ම බුද්ධියෙන් කෙල පැමිණි සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ පහළ විය. එතැන් සිට බුද්ධිය ලෝකයේ ඇතිවිය. විද්‍යාවෙන් ලෝකය දියුණු විය. නව සොයා ගැනීම්වල මුල එතැනයි. විෂ්ණුගේ නම වැනි බුද්ධ අවතාරය එයයි.
කල්කී අවතාරය – කල්කී අවතාරය යනු බුද්ධ අවතාරයෙන් පසු අනාගතයේදී හෙවත් කලියුගයේ කෙලවර ඇතිවන ලෝකයේ කෲරත්වය හා නිදහස වනසන්නා යන තේරුම ඇති අවතාරයයි. කල්කී අවතාරයත් සමඟ සියලු සත්වයන්ගේ විනාශය ඇතිවෙයි. කලියුගයේ සම්පූර්ණ ආයු කාලය වර්ෂ 432000 (හාර ලක්‍ෂ තිස් දෙදාහකි) 2014 අප්‍රේල් 14 වන විට අවුරුදු 5115 ක් ඉන් ගෙවී ගොස්‌ය. කලියුගය තවත් ඉදිරියට අවුරුදු හාර ලක්‍ෂ විසිහය දාස් අටසිය අසූ පහක් පවතී.
මෛත්‍රී බුදුන් බුදුවන තුරු හා ඉන් ඉදිරියේ බුද්ධ කාලය පවතින තුරු බුද්ධ අවතාරය පවතී. කලියුගයේ කෙලවර කල්කී අවතාරයට අයත් වෙන්නේ ඉන් පසුවයි. මේ අනුව විශ්වයේ යුගයෙන් යුගය සිදුවූ බලපෑම ගෙන හැර දක්‌වමින් විශ්ව Ý අණු හෙවත් විෂ්ණු දේවත්වයෙහිලා පෙන්නාදී ඇත.
We found this article from Divaina on 2014/03/30.