නිරෝගීත්වයේ නිවුන්නු

1819
ආයුර්වේද
ආයුර්වේද

[ratings]

ආයුර්වේදයත් ජ්‍යෙතීර්වේදයත් භූත විද්‍යාවත් යන ත්‍රිත්වය එක්‌කිරීමෙන් මිනිසාට ලබාගත හැකි සහනය මෙතෙක්‌ යෑයි කිව නොහැක. අද මෙන් වෛද්‍ය විද්‍යාව නොදියුණු පෙර කල අපේ මුතුන්මිත්තන් උණ සෙම්ප්‍රතිෂ්‍යාවේ සිට දරුණු ලෙඩ රෝගවලින් මිදීමට අනුගමනය කළේ මෙම ත්‍රිත්වය බව ඉතා පැහැදිලිය. එහෙත් අද මිනිස්‌ වර්ගයාගේ අභාග්‍යයට මෙම ත්‍රිත්වය එක්‌කොට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරු අල්පය.

ප්‍රථමයෙන්ම ආයුර්වේදය යන්නෙහි කෙටි අදහස විමසා බැලීමේදී ආයුෂය කැමැත්තවුන්ට පවත්නා වූ ශාස්‌ත්‍රය ආයුර්වේදය ලෙස ගත හැකිය. මෙයද කොටස්‌ අටකට බෙදා දක්‌වා ඇත.

“කායබාල ග්‍රහොද් වංග

ශල්‍ය අන්ෂ්ඨා ජරා වෘෂා”

ෆ ශල්‍ය තන්ත්‍රය

ෆ ශාලාක්‍ය තන්ත්‍රය

ෆ කාය චිකිත්සා තන්ත්‍රය

ෆ ග්‍රහරෝග චිකිත්සා තන්ත්‍රය හෙවත් භූත විද්‍යාව

ෆ අගධ තන්ත්‍රය හෙවත් විෂවෙදකම

ෆ කෘමාරභෘත්‍යය හෙවත් බාලරෝග හා ස්‌ත්‍රි රෝග චිකිත්සාව

ෆ රසායන තන්ත්‍රය

ෆ වාජීකරණ තන්ත්‍රය

මාතෘකාවට අදාළව කථාකිරීමේදී අපට වැදගත්වන්නේ ග්‍රහරෝග චිකිත්සාව හෙවත් භූත විද්‍යාවයි. මෙය රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී මානසික හා ශාරීරික වශයෙන් ඉතා වැදගත් අංගයකි. සමහර රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී කොතෙක්‌ ප්‍රතිකාර කළද යහපත් ප්‍රතිඵල පෙනෙන්නට නොමැති අවස්‌ථා අපට දැකගත හැක. එවැනි අවස්‌ථාවලදී ආයුර්වේද ශාස්‌ත්‍රානුකූලව විවිධ උපක්‍රම යොදාගත හැකි බව සඳහන් කරනු කැමැත්තෙමි.

“විධිමන්ත්‍ර සමා යුක්‌තං

ඖෂධං සඵලං භවේ ”

මෙහි අරුත නම් යම් විටෙක ඖෂධවලින් ප්‍රතිඵල නොමැත්තේනම් විධිමත් වූ මන්ත්‍ර කර්මයක්‌ යෙදිය යුතු බවයි. මෙහිදී ශාස්‌ත්‍රය කෙරෙහි මනා අවබෝධයක්‌ ඇති වෛද්‍යවරයා අතින් ප්‍රථමයෙන් කෙරෙනුයේ රෝගියාගේ ඡන්ම පත්‍රය පරීක්‍ෂාවයි. එහිදී ඒ ඒ පුද්ගලයාගේ ඡන්ම පත්‍රයෙහි භාවස්‌ථාන පරීක්‍ෂා කිරීමේදී රෝගය කුමක්‌ද යන්නත් එය ශරීරයේ කුමන ස්‌ථානයක ඇත්ද යන්නත් අවබෝධකරගත හැකි අතර එයට අනුරූපීව ඒ ඒ ශාන්තිකර්මයන් සඳහන් කරයි.

උදාහරණ ලෙස – බෝධි පූජා, සෙත්කවි, තෙල් මැතිරිලි, යන්ත්‍ර පැළඳවීම, මුතු මැණික්‌ පැළඳවීම ග්‍රහ ශාන්තිකර්ම ආදී පිළිවෙත් නියම කරයි. මෙවන් පිළිවෙත් නිසි පරිදි සිදුකිරීමෙන් රෝගියාට සහනය ලැබේ.

ඉහත කාරණය ගැන ඉතා සැළකිලිමත්ව බැලීමේදී පෙනී යන්නේ ඡන්ම පත්‍රයෙහි ඒ ඒ කර්මස්‌ථානයන් පූර්ව ජාති කර්මයන් පෙන්නුම් කරන බවයි. රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී රෝග බලය, ශරීර බලය මෙන්ම කර්ම බලය පිළිබඳව අවධානය යොමුකිරීම ඉතා වැදගත් බව සැළකිය යුතු විශේෂ කාරණයකි. මෙවැනි කාරණාවලට පැහැදිලි නිදසුන් බෞද්ධ දර්ශනයේද සඳහන් වේ. චක්‌ඛුපාල තෙරුන් වහන්සේගේ කතාවස්‌තුව එයට හොඳම නිදසුනකි. එනම් රහත් බවට පත්වූ පසු චක්‌ඛුපාල තෙරුන් වහන්සේ අන්ධභාවයට පත්විය. ඒ පිළිබඳව අනෙක්‌ භික්‍ෂූන් වහන්සේලා බුදුරදුන්ගෙන් විමසීමේදී චක්‌ඛුපාල භික්‍ෂුව පූර්ව ජාතියෙහි දක්‍ෂ අක්‍ෂි වෛද්‍යවරයකු බවත් එකල ඔහු විසින් සුවකළ රෝගියකු නැවත ඔහු විසින්ම අන්ධභාවයට පත්කිරීමේ ඵලවිපාකය ලෙස රහත්භාවයට පත්වූ පසුවද මෙලෙස උන්වහන්සේ අන්ධභාවයට පත්වූ බව ගෙනහැර දැක්‌විය.

මෙය යම් යම් රෝගීන්ටත් කර්මය ඵලදෙන බවට ඇති එක්‌ නිදසුනක්‌ පමණි. මෙවැනි උදාහරණ එදිනෙදා අප අතර පැවතියද එය සාමාන්‍ය ඇසට නොපෙනේ. එහෙත් ධ්‍යාන වැඩූ පුද්ගලයන්ට හා ජ්‍යෙdතිෂ්‍ය ශ්‍රාස්‌ත්‍රය මැනවින් ප්‍රගුණකළ තැනැත්තාට මේවා ඉතා ඉක්‌මනින් පැහැදිලි ලෙස අවබෝධ කරගත හැක.

ආයුර්වේදයෙන් බැහැරව ඉන් ඔබ්බට ඒ පිළිබඳව සොයා බැලීමේදී බටහිර වෛද්‍ය විද්‍යාව ඉතා ඉහළ තාක්‍ෂණික ක්‍රමවේදයක්‌ ඔස්‌සේ උසස්‌ තලයකට පැමිණ ඇති බව පිළිගත හැකිය. එමෙන්ම සෘෂිවරුන් බඳු අති දක්‍ෂ විශේෂඥ වෛද්‍යවරුන්ද බොහෝ සිටියි. එහෙත් සමහර රෝගීන් හිටි හැටියේම මරණයට පත්වන අවස්‌ථා බොහෝවිට අප දැක ඇත්තෙමු. අනතුරුව කරන ලද පරීක්‍ෂණයන්ගෙන් පෙනී යන්නේ වැළඳී ඇති රෝගී තත්ත්වය ඉතා සුළු එකක්‌ බවයි. එහෙත් රෝගියා මියයනතුරුම අති නවීන තාක්‍ෂණයට හෝ අති දක්‍ෂ වෛද්‍යවරයාට එම තත්ත්වය අවබෝධකර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි.

එහෙත් ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රයට අනුව මෙවැනි පුද්ගලයන්ගේ ඡන්ම පත්‍රය ඉතා සූක්‍ෂම ලෙස පරීක්‍ෂා කිරීමේදී පෙනීයන්නේ ඔහුගේ කර්ම බලය ඉතා ප්‍රබල බවයි.

ඒ අනුව සලකා බැලීමේදී යම් යම් රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ඡන්ම පත්‍රය පරීක්‍ෂා කිරීමෙන් නූතන යන්ත්‍ර සූත්‍රවලට පවා හසුනොවන රෝගාබාධ හඳුනාගැනීමට හැකියාව ඇති බව පැහැදිලිය. දැන් සිදුවිය යුත්තේ යන්ත්‍ර සූත්‍රවලට හෝ මිත්‍යාවට යටනොවී ප්‍රඥාගෝචරව සිතා බලා කටයුතු කිරීමය.

We found this article from
Divaina
Also Sinhala to English Google word to word translation

can be found here