[ratings]
නිවසක සියලු අංග පැතිර පවතින ප්‍රදේශය තුළ එක සම මට්‌ටමේ නිර්මිතයන් මෙන්ම ඇතැම් විට දෙමහල් ඉදිකිරීම් ද ඇති කිරීමට සිදු වේ. එහිදී ගෘහ හිමියාගේ අවශ්‍යතාවය මත ගෘහ නිර්මාණ ශිල්පියා විසින් නොයෙකුත් අංග එයට ඇතුලත් කරනු ලබති. ඇතැම් නිවාසවල වර්තමානයේ දක්‌නට ලැබෙන දර්ශනයක් නම් නිවසේ එක් කොටසක් පමණක් සම මට්‌ටමින් ඉහළට එසවීමයි. පරිසරයෙන් බැහැරව නගර වලට කොටු වී සිටින බොහෝ පිරිසක් තම නිදහස මේ තට්‌ටු ගොඩනැගිලි වල සිර කරති. එයට ප්‍රිය කිරීම නිසා මේ අංග නිවැරදි නොවන තැන් වලද පිහිටුවති.
නිවසක වර්ග පිණ්‌ඩය කොටස් දෙකකට බෙදා දක්‌වති. එකක් නම් සූර්ය ස්‌ථානයයි. එය පැතිරී තිබෙන්නේ වයඹ සිට ගිනිකොණ දක්‌වා ප්‍රදේශය තුළය. දෙවැන්න චන්ද්‍ර ස්‌ථානයයි. එය පැතිර පවත්නේ නිරිත පෙදෙසට බරව වයඹ සිට ගිනිකොණ ප්‍රදේශය තුළය. එය රූප සටහනකින් තේරුම් ගත හැකිය. යම්කිසි ඉඩමක මෙම ස්‌ථානයන් උස්‌ව හෝ පහත්ව තිබේ නම් ඉඩමේ පදංචි වීමට ප්‍රථම එA ගැන සැලකිල්ල දැක්‌විය යුතුය. මෙම ස්‌ථානයන් හි ඉදිකිරීම් උස්‌වීම පහත් වීම නිවසේ ගෙ හිමියාට බලපායි. වෙසෙසින්ම සූර්ය ස්‌ථානය තුළ යම් අංග ප්‍රමාණයක් උස් වී තිබේනම් එය ගෙහිමියාට සුභ දායි නැත. එA මගින් ඔහුගේ සෞඛ්‍ය හා දියුණුව අඩාල කරනු ලබයි. මේ උස් වීම සිදු විය යුත්තේ නිරිතට බර වන ප්‍රදේශයේ දීය. මෙහිදී දෙමහල් තට්‌ටුවට ගොඩ නගින පඩි පෙළ සෘජුවම දකුණට බර නොකර නිරිත පක්‌ෂයට වන්නට පිහිටුවීම වඩාත් සුදුසුය. නමුත් ගෘහ පිණ්‌ඩයේ මර්මස්‌ථානයන් මධ්‍ය රේඛාවන් කැපී නොයන ලෙසට මෙම පඩි පෙළ සකස් කර ගැනීමට වග බලා ගත යුතුය.
මැටියෙන් සකස් කරන ගෙවල් අද බහුලව දක්‌නට හැකි වන්නේ නැත. එයට හේතුව සිමෙන්ති ගඩොල් සහ බ්ලොක් ගල් සුලභවීමත් එAවා පහසුවෙන් ලබා ගත හැකි වීමත්ය. නමුත් නිවස අසලින් හාරා ගත් මැටි වලින් නිවාස තැනීම ඉතාමත් ලාභදායී වේ. සිමෙන්ති ස්‌වල්පයක් යොදා වැලි රහිතව සාදා ගත හැකි සරල මැටි ගලක් මීට කලකට ඉහත ගම්උදා ව්‍යාපාරය ප්‍රබලව පැවති සමයේදී හඳුන්වා දෙන්නට සිදු විය. එය අප්‍රිකානු රටවල ඉතා ජනප්‍රිය ක්‍රමයක් විය. ලංකාවට මේ ගල පිළිබඳව දැනුම් වත් කිරීම කරන ලද නමුත් ජනප්‍රිය වීම පමා විය. අනූව දශකයෙන් පසු මෙය ගැන යම් කිසි පිබිදීමක් ඇති වී ඇත. එයට හේතුව පරිසර හිතකාමීව නිවාස තනන්නන්ට මෙම ගල ප්‍රයෝජනවත් වීමයි. එය අද කර්මාන්තයක් වී තිබේ. නුමුත් කර්මාන්ත වශයෙන් මේ ගල තනා මිලදී ගන්නවාට වඩා නිවෙස් ලාභියා විසින්ම ගල නිෂ්පාදනය කොට පරිහරණය කිරීම ප්‍රශස්‌ථ කාරණයකි. මෙයට වැලි කපරාරුව අවශ්‍ය නොවේ. මේ ගල තැනීමට ගේ අසලින් පස් ගන්නේ නම් අනුගමනය කළ යුතු පියවරයන් පිළිබඳව මයමතයේ දක්‌වා ඇත්තේ මෙසේය.
ඉන්ද්‍රd වෙන් පස් ගත ගෙය හැරලා යෙත්
අග්නි දෙසින් පස් ගත ලෙඩ වෙලා නසිත්
දකුණු දිගින් පස් ගත ගවයොම නසිත්
නිරිත දෙසින් පස් ගත සුව පත්කර දෙත්
වරුන දිගින් පස් ගත හොත් ලෙඩ වේලු-වයඹ දිගින් පස් ගත හොත් දරු මියෙලු
උතුරු දිගින් පස් ගත හොත් සිත පීඩාලු -ඊශාන දිගින් පස් ගත හොත් යහපත් වේලු
මෙම කවි පදයන්ට අනුව නිරිත හා ඊශාන දිශාවන්ගෙන් පස් ගැනීම අනුමත කර තිබේ. මෙම ප්‍රදේශ වල තිබෙන පස තෙතමනයෙන් යුක්‌තය. පස් එයින් ඉවත් කර ගැනීමෙන් එම ප්‍රදේශ වඩා විවෘත වේ. එය ගෙයි ධනය වැඩි කරන්නටත් සතුට වැඩි කරන්නටත් හේතු වේ.
We found this article from Divaina on 2012/04/27.
Also Sinhala to English Google word to word translation can be found here