වාස්තු විද්‍යාවට මූලික වන දෙවියා විශ්වකර්මයි. දේව කතා ඇතුළත් ග්‍රන්ථවල දැක්වෙනවා ශක්‍ර දෙවියන් පවා විශ්වකර්ම දෙවිඳු වෙත ගොස් උපදෙස් ලබාගෙන ඇති බව. එනිසා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා තම ක්ෂේත්රය ඉතා ගෞරවයෙන් ආරක්ෂා කර පැවතගෙන යැම සඳහා ලෝක පාලන දෙවියන් හා බහිරව යක්ෂයා කුළුපග කරගෙන පොළවේ ඇති වස්තූන්ගේ ආරක්ෂාවට බහිරවයා දෙවියකු වශයෙන් සැළකූ බව. එහෙත් සමහරෙක් බහිරවයා ඇසින් දකින තුරු සමච්චලයට ලක්කර විශ්වාසයක් නොතබයි. කුමන ආගමිකයන් වේවා ඔවුන් ඔවුන්ගේ ඇදහිලි අනුව විවිධාකාරව බහිරව පූජා පවත්වයි.
මහපොළවේ ආරක්ෂාව සඳහා මහා බහිරවයන්, සංහාර බහිරව, අසීනාග බහිරව, රූරා බහිරව, කාල බහිරව, තොට බහිරව, තාම මැඩ, පාතාල බහිරවයන් පොළවේ යට කොටස ආරක්ෂා කරගෙන ඇත. මේ නිසා භූමියක් පරීක්ෂා කිරීමේදී මෙකී දෘෂ්ටි කෝණයෙන් මුළු බිම් ක්ෂේත්රයක්ම හසුකර ගත යුතුයි. මෙහිදී ප්රමුඛ වශයෙන් අපට ජීව හා අජීව ආදී වස්තූන් කෙරෙහි සියලු සම්පත් කොටස් වෙන්කර ගත හැක.
එහි මූලික සාධක තුනක් ඇත. ඒවා ජීව සම්පත් භූත, මනුෂ්‍ය, තිරිසන් යනුයි. මේ භූතයන් මිනිස් ඇසට නොපෙනෙන විශ්වාසයක් මත පදනම් වූ වස්තූන් ලෙස පෙන්වයි. ඔවුන් දෙවියන්, යක්ෂයන්, ප්‍රේත භූතාදීන් වශයෙන් විස්තර වේ. මේ සියලුම දෙනා ආගන්තුකයන් වශයෙන් හැඳින්වේ. බහිරව දෙවියන්ගේ අවසරය මත මොවුන්ගේ පැවැත්ම හා විනාශය ර¹ පවතී. ඊළඟ ජීවීන් මනුෂ්‍යයන්ය. මනුෂ්‍යයාට භුමිය පරිහරණය කිරීම සඳහා අවසරය බහිරවයා විසින් දිය යුතුයි. එබැවින් අපි අපේ සසර ගමනට මනුෂ්‍යත්වයක් ලබන අවධීන්වල මහ පොළොවේ, භූමියේ තාවකාලික අයිතියක් ලබාගත යුතුයි. එම අයිතිය ඉතාම ගරුත්වයෙන් බහිරවයාට කරදරයක් හිරිහැරයක් නොවන පරිදි අයිතිය උරුම කරගත යුතුයි.
වාස්තු පුරුෂ රූපයේ දැක්වෙන පරිදි එම ඉඩමේ පතිත පුරුෂ රූපයට ජීවය දිය යුතුයි. එම ජීවයේ සමබරතාවය ද වැදගත් වේ. එසේ නොවුණහොත් බහිරවයා කෝප වී පදිංචි නිවැසියන්ට පරම්පරා හතකට දිවි ඇති තෙක් විවිධ හිරිහැර කරදර ඇති කරයි. එනිසා මේ කාර්යයන් කරන හැමකටම වාස්තු විද්‍යානුකූලව ජ්‍යොතිර් විද්‍යානුකූලව හැම කාරණාවක්ම සිදුවිය යුතුයි.
පාද බෙදීම, ප්ලෑන් වර්ග කිරීම, ප්ලෑන් පාද බෙදීම, නැකත් ආදී හැම කාර්යයකින්ම මෙම සමබරතාවයන් රැකේ.
වාස්තු විද්‍යා පරීක්ෂණයන් විවෘත මනසකින් කළ යුතුයි. තවද වාස්තු විද්‍යා න්‍යායයන් ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රීය මූලධර්ම මෙන්ම සමාජ විද්‍යාව පිළිබඳව දැනුමක් ද තිබීම වැදගත් වේ. එමෙන්ම වාස්තු විද්‍යාඥයාගේ දර්ශනයකට එක් රූප රාමුවකට පොළවේ වෙසෙන කුරා, කුහුඹියා පවා ඇතුළත් විය යුතුයි. එමෙන්ම මේ රූප රාමුව තුළ දැක්වෙන විවිධ කාරකයන්ද හසුකර ගත යුතුයි. වාස්තු විද්‍යාඥයා තුළ නිර්භවයද කරුණාවද තිබිය යුතු බව පුරාණ වාස්තු විද්‍යාඥයන් පිළිගෙන ඇත.
නිවසක් ඉදිකරන විට අය වැය ඇති වෙන්නේ කෙසේදැයි හොඳින් බැලිය යුතුයි. අය වැය සැකසීමේදී සමහර වාස්තු විද්‍යාඥයන් ශූන්‍ය පරිහරණය කරයි. ශූන්‍ය යනු බිංදුවයි. වැය යනු වැය වීමයි. ඉතිරුවක් නැති බවයි. වැය හරියට නොයෙදුණහොත් සමබරතාව ගිලිහී යයි. එයින් යෑපීමක්ද නැත. එය හරියට “සිත මිස කය නැති බඹලොවක් වැනිය” වැය මෙන්ම නිවසේ ආයුෂ දැනගත යුතුයි. මෙය වරද්දා ගතහොත් නිවසට ගොඩවුණදා සිට නොයෙකුත් රෝගාබාධද, ඔත්පලවීම්, අඹුසැමි භේද, වෙන්වීම්, හදිසි අනතුරුවලට භාජනය වීම්, දූදරුවන්ගේ ගැටුම්, අධ්‍යාපන කටයුතු අඩාලවීම, විවාහ බාධක, මල්වර ප්‍රමාද, ඉපදෙන දරුවන් මන්ද බුද්ධික හා අංග විකල දරුවන් ඉපදීම මෙන්ම අකල් මරණ ආදියට ද ගොදුරු වේ. එපමණක් නොව සැදූ ගෙය බද්දට, උකසට බැඳීම, විකිණීම් හා එදා වේල පවා සොයාගෙන කෑමට නොලැබෙන මහා අගාධයක ඇද වැටේ. මෙය සත්‍යයයි. අපේ අත්දැකීම් තුළින් අප දැක ඇත. එමෙන්ම එම නිවාස ඉදිකිරීමට බාධා පමුණුවයි.
මෙවන් ක්රමයන් අනුගමනය නොකර මුදල් තිබූ පලියට, මාන්නයට, අසල්වැසියා පරදවන සිතින් තට්ටු ගෙවල් ඉදිකිරීම් කරන විට තමා පහළට වැටෙන්නේ නොසිතූ අයුරින්ය. නිවසක් ඉදිකරන විට සැබෑ අවබෝධයක් නොමැති වාස්තු විද්‍යාඥයන් එවැනි ශාස්ත්‍රඥයන් පරම්පරාවෙන් සොයාගත් ඒවා කීවද ඒවා
වැරැදි බව නුවණැත්තන් සිතට ගෙන හරියට කරගතහොත් ඔහුට පෙර ආත්මයේදී මහපොළවෙන් ලබාගත යුතු උරුමය මියයන තුරු වාසනාවන්තව සෞභාග්‍යයෙන් පිරී ජීවත් විය හැකි බව සහතිකයි.
අද කොන්ත්‍රාත් පදනම මත නිවාස ඉදිකර ගනී. කොන්ත්‍රාත්කරුවන් එහි හොඳ නරක නොදැන ඔවුන්ගේ වාසිය තකා පර්චස් හතක හෝ 30 හෝ වේවා මුළු ඉඩමේ වැට මායිම සිටම බිත්ති බැඳීම කරයි. වැට මායිම බිත්තිය වේ. එම බිත්තිය වැහි ජලයෙන් සේදී යයි. එවන් බිත්ති සමහරුන් ඇළක්, දොළක් ගලා යන්නේද එම ගලායන ඇළේ සිටම බිත්තිය ගොඩනංවා ඇත. එම බිත්තිය නිතර ගලායන සේදීයන බිත්තිය මෙන්ම නිවසේ ධනයද ගලා සේදී යන්නේ සූනියමක් ලෙසින්ය. එවන් හැම බිත්තියක්ම ඇත්නම් එම බිත්ති ඉදිකර ඇත්තේ පෙරේත පාදයේය. එනිසා ඉඩමට අරක්ගත් මියගිය අයවළුන් පෙරේතයන් වී ඉපිද සිටින අයගේ ද එවන් වාසස්ථාන වේ. එවැනි නිවාසවල ජීවත් වන්නන්ට සෙතක් කිසිදාක නොලැබේ.
වාස්තු විද්‍යාව නොදැන අයුතු වංචනිකව මුදලින් ලෝගුව, මඩිය පුරවා සැප විඳින කොන්ත්‍රාත්කරුවන් මෙලොවදීත් එලොවදීත් අපා දුක් විඳින බව හොඳින් දැන ගනිත්වා.
We found this article from Divaina on 2013/03/29.
Also Sinhala to English Google word to word translation can be found here