තම ජීවිත කාලය තුළ නිවසක් ඉදිකරගන්නට අවස්‌ථාවක් එළඹීම භාග්‍යයකි. එසේම එය ජීවිතයේ එක් මංගල කරුණකි.
බාහිර කරදර සහ මානසික අසහනයෙන් තොරව සැනසීමෙන් ජීවත් වියහැකි නිවසක් ගොඩනඟා ගන්නට ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයෙහි සඳහන් වාස්‌තු විද්‍යාවෙන් උපදෙස් ලබා ගන්නා ලෙස මේ ශාස්‌ත්‍රය ලොවට හෙළිකළ තුන්කල් දක්‌නා ඉසිවරු ලෝකයාගේ සිත සුව පිණිස කියා සිටිති.
ගල් හා ගඩොල්
මේ වාස්‌තු විද්‍යා ශාස්‌ත්‍රය වලංගු වන්නේ ගලින් හා ගඩොලින් සාදන නිවාසවලට පමණක් බවද වාස්‌තු විද්‍යාවේ සඳහන් වේ.
ලී දඬුවලින්, වරිච්චියෙන්, මැටිවලින්, ඉළුක්‌වලින්, කොළ අතුවලින් හා භාරතයේ මෙන් තණකොළවලින් සාදන නිවසට අතු පැලට ගෙපැලට මේ වාස්‌තු විද්‍යාවෙන් නීති රීති පනවා නැත.
කුඩා බිම් කැබලි
අතීතයේ මෙන් නොව වර්තමානයේ වැඩිපුරම නිවෙස් තැනෙන්නේ පර්චස් 20 කට අඩු බිම් කැබලිවලය.
මෙබඳු බිම් කැබැල්ලක නිවසක් තනන්නට අවශ්‍ය වූ විටක ගෘහ නිර්මාණ ශිල්පියකු කැඳවාගෙන තම ඉඩමේ පිහිටීමද තමාගේ ආර්ථික තත්ත්වයද තමාගේ අවශ්‍යතාවන්ද අනුව නිවාස සැලසුමක් සකස්‌කරවා ගැනීම දැන් සිරිතක් බවට පත්වෙමින් පවතියි.
පළමු කොඩිවිනය
නිවාස සැලසුමක් සකස් කරන ගෘහ නිර්මාණ ශිල්පියා ජ්‍යෙdතිෂ් ශාස්‌ත්‍රයේ සඳහන් වාස්‌තු විද්‍යාව පිළිබඳව අවබෝධයක් නැති කෙනකු නම් ඔහු කරන්නේ රජයේ ප්‍රමිතීන්ට අනුව නිවසක් සැලසුම් කරදීමය.
පළමුවන කොඩිවිනය ආරම්භ වන්නේ එතැනින්ය.
ඔහුගේ නිවාස සැලසුමේ අත්තිවාරමේ දිග පළල අනුව ගොඩනැඟෙන නිවසේ වර්ගඵලය අඩුම තරමින් ගෘහ මූලිකයාට පමණක්‌වත් නොගැලපුණහොත් එම නිවස ගොඩනඟන පුද්ගලයා කෙබඳු බලපුළුවන්කාරයකු වුවත් ඔහුගේ විනාශය ක්‍රමයෙන් ළංවන්නට පටන් ගනියි.
ක්‍රි.මූ. පද්ධති
ක්‍රි.මූ පද්ධතිය අනුව නිවාස තනන අයගේ ජන්ම කේන්ද්‍රයේ සතර වැන්නේ උප ස්‌ථානාධිපතියාගේ ශක්‌තියේ බලය අනුව නිවස ගොඩනඟාගෙන ජීවත්වීමට කෙනකුට අවස්‌ථාව ලැබුණත් නිවස ගොඩනැඟීමට යොදාගත් ශුභ මුහුර්තයට අයත් අශුභ දශාවක් හෝ උත්පත්ති කේන්ද්‍රයේ අශුභ දශාවක් උදාවූ විට නිවසේ අශභ ග්‍රහ දෝෂ ක්‍රියාත්මක වන්නට පටන් ගනියි.
සතර දිශා දෝෂ
නිවස කොපමණ ලස්‌සන වුවත් කොපමණ නවීන වුවත් එම නිවසේ සතර දිශාවන්හි කැඩීම් බිඳීම් දික්‌වීම් කෙටිවීම් තිබුණහොත් පහත සඳහන් අශුභ ඵල ක්‍රියාත්මක වීමට පටන් ගනියි.
1. නැගෙනහිර සහ උතුරු දිශාව අතර ඊසානයෙහි නිවසේ අත්තිවාරමේ කැඩීමක් බිඳීමක්, දික්‌වීමක්, කෙටිවීමක් තිබුණහොත් ඒ හේතු කොටගෙන ලෙඩ රෝග, ධනහානි, අසහන, ස්‌ත්‍රීන් නිසා කරදර ඇති වේ. එයද කොඩිවිනයක් ලෙස සැලකේ.
2. නැගෙනහිර සහ දකුණ අතර පිහිටි ගිණිකොණ දිශාවේ නිවසේ අත්තිවාරමේ කැඩීමක්, බිඳීමක්, දික්‌වීමක්, කෙටිවීමක් තිබුණහොත් ඒ හේතු කොටගෙන අභාග්‍යවත් තත්ත්වයක් ඇති වේ. නිවසේ සැනසීම පළායයි. දරුවන්ට විපත් ඇති වේ. එයද තමා විසින් කරගන්නා කොඩිවිනයක් බවට පත් වේ.
3. නිවසේ බටහිර සහ දකුණ අතර පිහිටි නිරිත දිසාවේ නිවසේ අත්තිවාරමේ කැඩීමක්, බිඳීමක්, දික්‌වීමක්, කෙටිවීමක් තිබුණහොත් එම නිවසේ වෙසෙන ස්‌ත්‍රීන්ට හා දරුවන්ට අශුභ විපාකයන්ට මුහුණ දෙන්නට සිදු වෙයි. එයද කොඩිවිනයකි.
4. නිවසේ බටහිර සහ උතුර අතර පිහිටි වයඹ දිසාවේ නිවසේ අත්තිවාරමේ කැඩීමක්, බිඳීමක්, දික්‌වීමක්, කෙටිවීමක් තිබුණහොත් එම නිවස පිරිහීම කරා යයි. ධන ධාන්‍ය සතුට විනාශ වී යයි. එයද කොඩිවිනයකි.
දිසා දුර්විපාක
ඒ ඒ දිශාවන්හි අඩුවක් ඇතිව තැනෙන නිවසක වාස්‌තු දෝෂ ඇති වන්නේ ඒ ඒ දිශාවන්හි වාස්‌තු පුරුෂයාගේ අංග හීනවීම නිසාය.
මෙවැනි නිවසක් තැනීමෙන් මිලදී ගැනීමෙන් හා මෙවැනි නිවසක පදිංචි වීමෙන් බරපතළ දුර්විපාකවලට මුහුණ දෙන්නට සිදු වේ.
මේ දුර්විපාකයන් තමන් විසින් ම කරගන්නා කොඩිවින බවට පත්වෙයි.
දෙවියන්ගේ පවා පැසසුමට ලක්‌වූ ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයෙහි සඳහන් වාස්‌තු විද්‍යාවට අනුකූල නොවූ මහා මන්දිර හා වලව් ඉක්‌මනින් ගරා වැටී පරම්පරාවන් විනාශ මුඛය කරා ගියේය.
මංගල දොරටුව
නිවසක ප්‍රධානතම අංගයක් වශයෙන් සැලකෙන මංගල දොරටුවද දැන් කොඩිවිනයක් බවට පත්වෙමින් පවතියි.
මංගල දොරටුවේ දැන් අලුත්ම විලාසිතාව දෙපසට ජනෙල් ඈඳීමය.
එයින් අදහස් කරන්නේ මංගල දොරටුවට එක් පසෙකින් හෝ දෙපසින්ම දිග හෝ කෙටි ජනෙල් ඈඳීමය. නමුත් ඉසිවරු කියන්නේ මංගල දොරටුව තනිව සිටින සේ ස්‌ථාපිත කළ යුතු බවය.
එසේම මංගල දොර සඳහා පියන් දෙකක් යෙදිය යුතු බවටද නිර්දේශයක් වෙයි.
මංගල දොරටුව වාස්‌තු විද්‍යානුකූලව නිවසේ ඉදිරිපස බිත්තියේ නොතැබුවහොත් එයද ගෘහයට සහ ගෘහ හිමියාට වින කරන කොඩිවිනයක් බවට පත්වෙයි.
We found this article from Divaina on 2012/09/28.
Also Sinhala to English Google word to word translation can be found here