ඔබේ උපන් දිනය සහ නම ඇසුරුකර ගනිමින් ඔබගේ ජීවිතයේ අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳව පිරික්‌සීමට අංක විද්‍යානුකූලව සාධක හතරක් මූලික වේ. එම සාධක අංක හතරේ එකතුවෙන් “මහා සාධක අංකය” නොහොත් “බලගතු අංකය” (SඔRධභඨ භඹඵඊER) සෑදේ. මෙම අංකය ඔබගේ ජීවිතයේ දෛවය හෙවත් ඉරණම සමඟ සෘජුවම සබඳතා දක්‌වන බව අපගේ පර්යේෂණයන් ගෙන් මනාව හෙළිවී ඇත.
එම සාධක හතර (4) මෙසේය(-
1. පෞද්ගලික නාම අංකය – INDIVIDUALITY
NAME NUMBER
(ඔබේ නමට ඇති අක්‍ෂර ගණනය කිරීමෙන් ලැබෙන තනි අංකය)
2. දෛව අංකය – FATE NUMBER (කර්ම අංකය)
(වර්ෂය, මාසය හා දිනය එකදිගට එකතු කිරීමෙන් අවසානයට ලැබෙන තනි අංකය)
3. දෛනික අංකය – DIURNAL NUMBER (ජීවන අංකය)
(උපන් දවස පමණක් ගණනය කිරීමෙන් ලැබෙන තනි අංකය)
4. ප්‍රධාන නාම අක්‍ෂරය – CHIEF NAME LETTER
NUMBER
(නමේ මුල් අක්‍ෂරය සඳහා ලැබෙන සංඛ්‍යාත්මක අගය)
ඉහත සඳහන් සාධක හතර මුල්කර ගනිමින් ඕනෑම අයෙකුගේ ගති ගුණ, ස්‌වරූපය ඇතුම් බොහෝ දැ පිළිබඳව සත්‍ය පලාපල විස්‌තරයක් පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.
අංක විද්‍යාත්මක ක්‍රමවේදයන් සිංහල හෝ දමිළ අකුරු උපයෝගිකර ගනිමින් කළ නොහැක්‌කකි. ඒ සඳහා පහසු හා සුදුසුම භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. එහි ඇති අකුරු 26 උපයෝගි කරගනිමින් පහසුවෙන් ම ඔබට “මහා සාධක අංකය” හෙවත් “බලගතු අංකය” (STRONG NUMBER)) සොයාගත හැකිය.
මෙම වගුව ඉතා පැරණි අංක විද්‍යාත්මක වගුවක් වන අතර මෙහි නිර්මාතෘවරයා වන්නේ පයිතගරස් (PYTHAGORAS) තුමාය. අංකයන් දියුණු කර විද්‍යාවක් බවට පත්කරලීමට එතුමාගෙන් සිදුවූ සේවාව අපමණය. මිල කළ නොහැකිය.
මෙතුමා විසින් නිර්මාණය කරන ලද මෙම වගුව උපයෝගි කරගනිමින් ඔබගේ හෝ ඕනෑම අයෙකුගේ නමට වටිනාකමක් ලබාදීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.
දැන් අප “බලගතු අංකය” (STRONG NUMBER)) සොයා ගන්නේ කෙසේදැයි බලමු. ඒ සඳහා පහත සඳහන් උදාහරණය අනුගමනය කරන්න අප මෙම සතියේ උදාහරණය ලෙස යොදාගන්නේ ලොව ඉතාම ජනප්‍රිය ලේඛක ලෙසින් ජනහද දිනූ විලියම් ෂේක්‌ස්‌පියර් (WILLIAM SHAKESPEARE)) මැතිඳුන්ගේ නාමයයි.
1. පෞද්ගලික නාම අංකය සෙයාගන්නේ මෙලෙසිනි(-
WILLIAM SHAKESPEARE
5+9+3+3+9+1+4+1+8+1+2+5+1+7+5+1+9+5 = 79
= 7 + 9 = 16 = 1 + 6 = 07
විලියම් ෂේක්‌ස්‌පියර් මහතාගේ පෞද්ගලික නාම අංකය වන්නේ කේතු ග්‍රහයාට අයත් අංක 07 ය. උදාර සිතිවිලි හා උදාර වූ දිවි පෙවතකට නැඹුරු තාවයක් දක්‌වන අංකයක් ලෙස මෙම අංකය හැඳින්විය හැක. දෙවියන්ගේ පිහිට ලැබෙන අතර උසස් තත්ත්වයක් කරා ජන්මියා මෙහෙයවීමට මෙම පෞද්ගලික නාම අංක 7 ට හැකියාව ඇත. මෙතුමාගේ නමේ මුළු අංකමය වටිනාකම 79 වේ.
ජීවිතයේ මුල් කාලයේදී යම් යම් ගැටලු පැන නැඟුනද, පසුව තම් ස්‌ථානෝචිත ප්‍රඥව මෙහෙයවීම තුළින් ශීඝ්‍ර දියුණුවක් කරා ගමන් කරනු ඇත. නිදහස්, නිවහල් දිවියක් ගත කිරීමේ වැඩි කැමැත්තක් මොවුන් තුළින් දැකගත හැකි අතර ජනතා ආකර්ෂණයත්, ජනප්‍රියත්වයත් මෙම පුද්ගලයන් වෙත හඹා එනු ඇත.
නිර්භීත ගති ලක්‍ෂණ පෙන්නුම් කරන අතර ඉතා ඉක්‌මනින් ම සුරුවිරු ක්‍රියා හේතුකොටගෙන ප්‍රසිද්ධියට පත්වේ. ස්‌ථිර ගති ගුණ හේතුවෙන් අන්‍යයන්ට පහසුවෙන් ළඟාකර ගත නොහැකි ජයග්‍රහණයන් අත්කර ගැනීමේ මනා හැකියාවක් මොවුන් හට උපතින් ම ලැබී ඇත. ඇත්ත වශයෙන්ම මොවුන් අපූරු පුද්ගලයන් ය.
පෞද්ගලික නම් අංක 07 න් උපන් ඔබ, සැඟවුණ දක්‍ෂතා රාශියකින් සමන්විත අයෙකු වෙයි. ගවේෂණයට වැඩි කැමැත්තක් දක්‌වන අතර විද්‍යා, දර්ශන, ආගම් පිළිබඳව සොයා යන බොහෝ දෙනකු මෙම නාමික අංක 07 න් උපත ලැබූවන් වෙති. ජීවිතය පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කරන අතර තම අධ්‍යයනයන් හී ප්‍රතිඵල මහජනයාගේ සිත් ඇදගෙන්නා ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මොවුන් ඉතා දක්‍ෂ වේ.
අධ්‍යාපන කටයුතු වලදී විශේෂඥයන් ලෙසින් කටයුතු කරන නාමික අංක 7 න් උපත ලද පුද්ගලයන්, බොහෝ විට ශාන්ත චරිතයකට හිමිකම් පාන්නන් වන අතර නිර්මාණාත්මක කුසලතාවන්ගෙන් පිරිපුන් අයවේ.
පෞද්ගලික නාම අංක 7 න් උපත ලද මහා කවියකු වූ විලියම් ෂේක්‌ස්‌පියර් රසවතා ද සැඟවුණ නිර්මාණාත්මක හැකියාවන් රැසකින් යුත් වාසනාවන්ත අයෙකු විය. නාට්‍ය රචකයකු, කවියකු හා නළුවකු ලෙසින් ජනතාව එකසේ රසවත් කිරීමට තරම් ෂේක්‌ස්‌පියර් දක්‍ෂයකු වූ අතර ඔහුගේ නිර්මාණ කලාකාමි රසිකයන් ආදරයෙන් වැළඳගත් බවට සාක්‍ෂි එමට ඇත.
කලා හැකියාවන් රැසක් දෝතින් තුරුළු කරගෙන උපත ලද විලියම් ෂේක්‌ස්‌පියර්, නාමික අංක 7 න් කියෑවෙන බොහෝ ගති ගුණ විදහා පාන ලද උත්තම පුරුෂයකු විය. කේතුට අයත් අංක 7 සතු ගුප්තමය ලක්‍ෂණයන් ද මොහු සතුව තිබූ බවට සාක්‍ෂි ඇත. එය සනාථ කරමින් විලියම්ගේ ජීවිතයේ 1585 සහ 1592 අතර වසර 7 ක කාලයක් ඔහු පිළිබඳව කිසිම තොරතුරක් දැනගත නොහැකි වූ අතර එම කාලය විද්වතුන් විසින් හඳුන්වනුයේ විලියම් ෂේක්‌ස්‌පියර්ගේ නැතිවූ වසර (THE LOST YEARS) ලෙසටය.
2. දෛව අංකය සොයන ආකාරය(-
විලියම් ෂේක්‌ස්‌පියර් උපත ලබා ඇත්තේ 1564 අප්‍රේල් මස 26 වැනි දාවකය. ‘අප්‍රේල්’ යනු හතරවැනි මාසය යි. විලියම්ගේ උපන් දිනයට අදාළ සියලුම අංක තනි අංකයක් බවට පත්වන තෙක්, එක දිගට එකතු කරන්න. 1+5+6+4+4+2+6 = 28 = 2+8 = 10 = (බිංදුවේ අගයක් නොමැති බව සලකන්න) ඒ අනුව විලියම් ෂේක්‌ෂ්පියර්ගේ දෛව අංකය වන්නේ රවිග්‍රහයාට අයත් අංක 1 ය.
අපගේ කථා නායකයා වූ විලියම් ෂේක්‌ස්‌පියර් ද දෛව අංක 1 න් උපත ලබා ඇති බැවින් ඔහු වටාද හිරු හෙවත් රවිගේ බලය ක්‍රියාත්මක වී ඇති බවට සාක්‍ෂි ඇත. මෙතුමා ද කුඩා කල සිටම හිරුමෙන් බබළන්නට වූ බව ඔහුගේ ජීවන චරිතය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ.
3. දෛනික අංකය හෙවත් ජීවන අංකය(-
විලියම් ෂේක්‌ස්‌පියර්ගේ ජීවන අංකය හෙවත් දෛනික අංකය වන්නේ අංක 8 ය. එය සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාට අයත් අංකය වන අතර ඔහුගෙන් නියෝජනය වන්නේ ලෝකෝත්තර සුවයයි. එය ලෞකික සුවය ගෙන එන ශුක්‍ර හෙවත් සිකුරුගේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම ලෙස පෙන්වා දිය හැකිය.
‘සෙනසුරු’ යනු ජීවිතයේ ‘දුක’ හෙවත් යථාර්ථය නියෝජනය කරනු ලබන ග්‍රහ තාරකාවයි. සෙනසුරුට අයත් ජීවන 08 න් උපත ලද විලියම් ෂේක්‌ස්‌පියර්ගේ නිර්මාණයන් හී ශෝකාන්තයන් වැඩි වශයෙන් දක්‌නට ඇති බව විචාරකයන් පවසා ඇත.
4. ප්‍රධාන නාම අක්‍ෂරය සෙවීම(-
විලියම් ෂේක්‌ස්‌පියර් (WILLIAM SHAKESPEARE) ගේ ප්‍රධාන නාම අක්‍ෂරය වන්නේ ,උ, අක්‍ෂරය වන අතර එහි අංක විද්‍යාත්මක අගය ලෙස සැලකෙන්නේ බුධ ග්‍රහයාට අයත් අංක 5 ය. බුද්ධියට අධිපතියා වන අතර ව්‍යාපාරයන්ට අත හිත දෙන හිරුට ළඟින්ම පිහිටි ග්‍රහයා වන්නේ බුධය. සූර්යාගේ සිට බුධ ග්‍රහයා දක්‌වා ඇති දුර ප්‍රමාණය කි.මී. මිලියන පනස් අටකි.
බුධ පැතුරුණු බුද්ධියකින් යුත් ග්‍රහයකු වන අතර සර්ව සාධාරණ ග්‍රහයකු ලෙස ද ප්‍රචලිතව ඇත. බුධ පොත පත, සන්නිවේදන මාධ්‍යය, තැපැල්, විදුලිය වැනි දේට කාරක වන අතර ප්‍රභල චින්තකයන් බිහි කිරීමට ද බුධ මුල්වේ. නියම මානව හිතවාදි ගුණයෙන් යුත් බුධ කොයි කා හටත් සෞම්‍යාකාරයෙන් සලකන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ.
බුධ තම සේවාදායකයා වන විලියම් ෂේක්‌ස්‌පියර් ට තම යුතුකම් කොටස උපරිම අයුරින් ඉටුකරමින් නාම අක්‍ෂර 5 බලය නිසිලෙස ප්‍රදානය කරන ලදී, LORD CHAMBERLINS MEN” නමැති ජනප්‍රිය ලන්ඩන් නාට්‍ය සමාගම ද විළියම්ට ලබාදීමට කටයුතු කරන ලද්දේ අංක 5 හිමි බුධ විසින් බව අවිවාදයෙන් පැවසිය හැකිය. ව්‍යාපාරික ඥනය හා දස දෙස පතළ කීර්තිය ද, ෂේක්‌ෂ්පියර් වෙත ගෙන ආවේ බුධ ග්‍රහයා සතු නෛසර්ගික ගති ගුණයම බව අංක විද්‍යාවට අනුව පැවසිය හැක.
“W” ප්‍රධාන නාම අක්‍ෂරය කරගනිමින් උපත ලද අය සතුරන් සමඟද මිත්‍රත්වයකින් වැඩ කටයුතු කිරීමේ දක්‍ෂතා ඇත්තෙකි. බුද්ධිමත් භාවය හා දයාන්විත බව මොවුන් සතු මහඟු ගුණාංගයන්ය. දියුණු වන්නට බොහෝ උත්සාහයන් දරන මෙම පුද්ගලයන් කෙසේ හෝ ජීවිතය ජයගන්නා අතර ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් බවට පත්වේ. විචිත්‍ර අයුරින් බස හැසිරවීමේ සමත් කමක් මෙවුනට උපතින් පිහිටා ඇත. ජනප්‍රිය මෙන්ම කීර්තිමත් ජීවිතයක් ගත කිරීමේ භාග්‍ය ලද “W” නාම අක්‍ෂර හිමියන් සදා නොමැකෙන නමක් ලොවට ඉතිරිකර තබන, දුර්ලභ ගණයේ පුද්ගලයෝ වෙති, ඒ බව විලියම් ෂේක්‌ෂ්පියර් චරිතය විසින් මනාව සනාථ කර ඇත. මොහුගේ “බලගතු අංකය” මෙලෙසින් සාදා ගන්න.
විලියම් ෂේක්‌ස්‌පියර් මැතිඳුන්ගේ බලගතු අංකය වන්නේ ගුරු ට අයත් අංක 03 ය. ගුරු ග්‍රහ මඬුල්ලේ පුරෝහිත යාය. උපදෙස් සපයන්නාය. ගුරුවරයාය. යුක්‌තිය පසිඳලන්නා ලෙස නම් දරා ඇත්තේ ද ගුරු ග්‍රහයාය. නීතියේ මුර දෙවියා ය. සත්‍ය ආරක්‍ෂා කරන්නාය. සාධාරණත්වයේ නිර්මාතෘවරයා මෙන්ම ස්‌වභාව ධර්මයේ හිමිකාරයා ලෙස හඳුන්වන්නේද ගුරු හෙවත් ජුපිටර් ග්‍රහයා නොහොත් බ්‍රහස්‌පතිය.
ගුරු ධනකාරකය, පුත්‍ර කාරකය, විලියම් ෂේක්‌ස්‌පියර් හට, ගුරු ග්‍රහයාගේ ආකර්ෂණීය බලගතු අංක 3 න් නොඅඩුව ලබාදුන් අතර ගුරුගෙන් නියෝජනය වන සෑම දෙයක්‌ම ලබාදීමට තරම් ගුරු ග්‍රහයා පරිත්‍යාගශීලී වී ඇත. “ලොව ඉතාම ජනප්‍රිය ලේඛකයා” ලෙස සම්භාවනීය තත්ත්වයෙන් අදටත් සැලකුම් ලබන්නට, විලියම් ෂේක්‌ස්‌පියර් හට, වාසනාව ලබා දුන්නේ බලගතු අංක 3 න්, ගුරු ග්‍රහයාත් බව අවිවාදයෙන් පැවසිය හැක.
විලියම් ෂේක්‌ස්‌පියර් සම්භාවනීය තත්ත්වයට පත්කරලීමට ඔතෙලෝ, වැනීසියේ වෙළෙන්¹, රෝමියෝ ජුලියට් වැනි ඔහුගේ සම්භාව්‍ය කෘති ඉවහල් වූ බවට කිසිම සැකයක් නැත. ෂේක්‌ස්‌පියර් මැතිඳුන්ගේ අභාවය 1616 අප්‍රේල් මස 23 වැනි දින සිදුවූ අතර ඔහුගේ දේහය ස්‌ට්‍රෑට්µර්ඩ් නුවර ශුද්ධ වූ ත්‍රිත්ව දේවස්‌ථානයේ භූමිදාන කරන ලදී.
We found this article from Divaina on 2013/07/28.
Also Sinhala to English Google word to word translation can be found here