[ratings]
කේන්දරයක් සෑදීම අතීතයේ තරමක් අමාරු කාර්යයක් වූවද, වර්තමානයේදී නම් එය ඉතාම පහසු කටයුත්තකි. නවීන විද්‍යාවට අනුව බිහිවූ නවීන තාක්ෂණයට පිං සිදුවන්නට විනාඩියෙන් දෙකෙන් කේන්දරයක් සෑදීමට පුළුවන. එවැනි පරිගණක ජ්‍යෙdතිෂඥයන් අද සමාජය තුළ බහුලව ඇත. කාලය පිරිමසා ගැනීමට නවීන තාක්ෂණික මෙවලම් උපයෝගිකර ගැනීම වරදක් නොවේ.
එහෙත්a ගැටලුව මතුවන්නේ පලාඵල ප්රකාශනයේදීය. පරිගණකය ඇසුරෙන් කේන්දර සටහන සාදා ගත්තද පලාපල ප්‍රකාශය කළ යුතු වන්නේ ජ්‍යෙdතිෂඥයාගේ අත්දැකීම් හා පළපුරුද්ද මත බැවිණි. ජ්‍යෙdතිෂයේදී ඉතා අමාරුම කාර්ය වනුයේ පලාපල ප්‍රකාශ කිරීම බව දක්ෂ ජ්‍යෙdතිෂවේදීහු මනාව දන්නා කාරණයකි.
විනිසුරුවරයකු නඩුවක තීන්දුවක් දීමට පෙර එම නඩුව පිළිබඳව දිවා රැයේ වෙහෙස වෙමින් දැඩි කැපවීමකින් යුතුව මනා අධ්‍යයනයක යෙදෙයි. මන්ද ඔහු දෙන තීන්දුව සාධාරණ විය යුතු බැවිනි. එලෙසින්ම දෛවඥයා ද ජන්මීන්ගේ කේන්දර සටහන මැනවින් හැදැරීම කළ යුතුමය. එය පැයකින් දෙකකින් දවසකින් හමාරකින් කළ හැකි දෙයක් නොවේ. එසේ කළහැකි යෑයි යමෙකු කියනවා නම් එතරම් බොරුවක් තවත් මිහිපිට නැත.
ජන්ම සටහනක් බලා නිවැරදි පලාඵලයක් ප්‍රකාශ කිරීමට ප්‍රථම අධ්‍යයනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් වෙයි. ඒ අතරින් “සාත්විකාදි” නැකත් ජ්‍යෙdතිෂඥයාට පිහිට කොට ගත හැකි බව පුරාණාචාරීන් විසින් පෙන්වා දී ඇත.
සාත්වික, රාජසික, තාමසික යන කොටස් තුනකට ග්‍රහයන් බෙදා ඇති අතර එම ග්‍රහයන්ට හිමි නැකත් එම ගුණයෙන්ම යුක්ත වේයෑයි කියා ඇත.
සාත්වික (සත්ත්ව) ගුණ දෙන නැකත් –
ගුරුට හිමි – පුනාවස, විසා, පුවපුත්රප
බුධට හිමි – අස්ලිස, දෙට, රේවතී
රාජසික (රජස්) ගුණ දෙන නැකත් –
රවිට හිමි – කැති, උතුරුපල්, උතුරුසල
සඳුට හිමි – රෙහෙණ, හත, සුවණ
සිකුරුට හිමි – බෙරණ පුවපල්, පුවසල
තාමසික (තමස්) ගුණ දෙන නැකත් –
කුජට හිමි – මුවසිරස, සිත, දෙනට
ශනිට හිමි – පුෂ, අනුර, උතුරුපුටුප
රාහුට හිමි – අද, සා, සියාවස
කේතුට හිමි – අස්විද, මා, මුල
ග්‍රහයන් අතර සාත්විකාදි මිත්‍ර භාවය
ග්‍රහයා සාත්වික රාජසික තාමසික
* රවිට ගුරු චන්ද්‍ර කුජ
* සඳුට ගුරු රවි ………
* ගුරුට රවි චන්ද්‍ර කුජ
* කිවිට බුධ …… ශනි, රාහු
* ශනිට බුධ කිවි …….
* බුධට …….. කිවි …….
* රාහුට …….. කිවි …….
* කේතුට ගුරු ……. …….
* කුජට ගුරු ……. …….
සත්ත්ව, රජස් හා තමස් ගුණයෙන් යුතු නැකත්වල පිහිටි ග්‍රහයන්ගේ සුභා සුබ ඵල
රවි, චන්ද්‍ර ගුරු – මෙම ග්‍රහයන් කුජ, ශනි, කේතු හා රාහු යන ග්‍රහයන්ගේ නැකත්a වල සිටි විට තමස් ගුණයෙන් යුක්ත වේ. අශුභ ඵල ගෙන දෙනු ඇත.
රවි ග්‍රහයා – සඳුගේ සහ ගුරුගේ නැකත් වල සිටි විට රජස් ගුණයෙන් යුක්ත වේ. ශුභ ඵල ගෙනදේ. රවි තමාගේම හා බුධගේ නැකත් වල සිටි විට සාත්වික ගුණයෙන් යුක්ත වේ. ශූභ ඵල ගෙන දෙයි.
චන්ද්‍රයා – තමාගේ නැකත් වල සිටි විට රජස් ගුණයෙන් යුක්ත වේ. අධික ශුභ ඵල ගෙනදෙයි. රවි, බුධ දෙදෙනාගේ නැකත්වල සිටි විට සාත්වික ගුණයෙන් යුක්තවෙයි.
ගුරු ග්‍රහයා – රවි, බුධ දෙදෙනාගේ නැකත් වල සිටි විට සාත්වික ගුණයෙන් යුක්ත වෙයි. ගුරු තමාගේ හා සඳුගේ නැකත් වල සිටි විට රජෝ ගුණයෙන් අනූන වෙයි. රාහුගේ නැකත් වල සිටි විට තමෝ ගුණයෙන් සමන්විත වෙයි. එවිට ප්‍රතිඵල ශුභදායක නොවේ.
ශූක්‍ර ග්‍රහයා – රාහු, රවි සහ බුධ යන ග්‍රහයන්ගේ නැකත් වල සිටි විට රජෝ ගුණයෙන් යුක්ත වන අතර පිළිවෙළින් ශූභ ඵල වැඩිවනු ඇත.
ශූක්‍ර හෙවත් සිකුරු ගුරු සහ සඳුගේ නැකත්වල සිටි විට සාත්වික ගුණයෙන් යුක්ත වෙයි. මිශ්‍ර ඵල ගෙන දෙයි.
කිවි හෙවත් සිකුරු ශනි, කුජ හා තමාගේම නැකත් වල සිටි විට තමෝ ගුණයෙන් යුක්ත වන අතර අශුභ ඵල වලකා යහපත උදාකරනු ඇත.
ශනි ග්‍රහයා – ශනි හෙවත් සෙනසුරු කේතු, ගුරු හා චන්ද්‍ර හෙවත් සඳුගේ නැකත් වල සිටි විට තමෝ ගුණයෙන් යුක්ත වේ. මෙහිදී විපාක දෙන්නේ පහත සඳහන් පරිදිය.
කේතුගේ නැකත් වල සිටි විට ශුභ ඵලද ගෙන දෙන අතර ගුරුගේ නැකත් වල සිටි විට මධ්‍යම ශුභ ඵලද, සඳුගේ නැකත් වල සිටි විට මිශ්‍ර ඵල ද ගෙන දෙනු ඇත.
ශනි ග්‍රහයා බුධගේ සහ රවිගේ නැකත් වල සිටි විට සාත්වික ගුණයෙන් යුක්ත වෙයි. එවිට ශුභ අශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි.
එමෙන්ම ශනි තමාගේ සහ කුජ, සිකුරු ග්‍රහයන්ගේ නැකත් වල සිටි විට රජෝ ගුණයෙන් යුක්ත වෙයි. එවිට අශුභ විපාක වැළකෙනු ඇත.
බුධ ග්‍රහයා – චන්ද්‍ර, ගුරු සහ තමාගේ නැකත් වල සිටි විට සාත්වික ගුණයෙන් යුක්තවන අතර පිළිවෙලින් ගුණ අධික වේ.
බුධ ග්‍රහයා සිකුරුගේ නැකත්වල සිටි විට රජස් ගුණයෙන් යුක්ත වේ. මිශ්‍ර ඵල ගෙන දෙනු ඇත.
ශනි, කුජ, රාහු සහ කේතු යන ග්‍රහයන්ගේ නැකත් වල බුධ සිටි කල තමස් ගුණයෙන් යුක්ත වෙයි. එවිට අශුභ ඵළ ගෙන දෙනු ඇත.
කුජ ග්‍රහයා – කුජ හෙවත් අඟහරු, රාහු, බුධ සහ රවි ග්‍රහයන්ගේ නැකත් වල සිටි විට රජස් ගුණයෙන් යුක්ත වෙයි. ක්‍රමයෙන් ශුභ ඵල අධික වේයෑයි සෘෂිවරු කියා තිබේ.
මෙම සාත්විකාදි නැකත් වල රවි ආදි ග්‍රහයන්ගේ පිහිටීම් වල ශුභ අශුභ ඵල පෙන්වා දීමේදී ඒ ඒ නැකත් වල රාහු – කේතු දෙදෙනා සිටි විට ඇතිවන ශුභාශුභ විශේෂයෙන් සඳහන් කර නැත.
රාහු කේතු දෙදෙනා පිළිවෙලින් ශනි හා කුජට සමාන කර ඇති බැවින් ඔවුන් දෙදෙනාට කියා ඇති ඵල විපාකම රාහු හා කේතුටත් ගත යුතුයෑයි සිතා ගැනීම වටී.
තවද ඉහත කී ශුභාශුභ පිළිබඳව විශේෂයෙන් සිහිතබා ගතයුතු කාරණයක් ඇත. ශූභ ග්‍රහයකු හෝ අශුභ ග්රහයෙකු හෝ වේවා සත්ත්වාදි ශුභාශුභ නැකතක සිටීමෙන් එක එල්ලේම ශුභඵල ගෙන නොදෙනු ඇතැයි පුරාණාචාරීන් පවසා ඇත. මෙය විශේෂය.
We found this article from Divaina on 2011/11/18.
Also Sinhala to English Google word to word translation can be found here