යම රජුගෙන් බේරෙන්න පස්‌ පවින් වලකින්න

1934
අගෝස්‌තු
අගෝස්‌තු

[ratings]

ලෝබේ සිතින් පව්කල හැම සතටා

සබේ කියති ගෙනගොස්‌ යම රජුටා

ඉබේ ඉන්ට නොයෙදී සිතු රඟටා

ලැබේ නිරාදුක්‌ පැමිණි එවිටා

ලෝකයේ දෙලෝ අභිවෘද්ධිය උදෙසා මහාර්ඝ ධර්මාවවාදයෙන් පිඬුකොට වීදාගම මහා ඝනානන්ද පරිවේනාධිපතිවූ මහා නේත්‍ර ප්‍රසාද මූල මෛත්‍රිය මහා ස්‌ථවිරපාදයන් වහන්සේ විසින් දැනට අවුරුදු 700 කටත් පෙර චිරපාවර කාව්‍ය ප්‍රබන්ධයක්‌වන ලෝවැඩ සඟරාවේ යමරජු ගැන එසේ සඳහන් වේ.

බුදුගුණලංකාරයෙහිද මෙසේ දැක්‌වේ.

අටතුරු සිය සුබ ලකුනෙන් සිටීමත්

යටකර බව දුක්‌ එබුදුන් බුදුවත්

වටසිය යොදුනක ගන ගිනි දැල්ගත්

අටමහ නරකය වියවුල් සියපත්

අටතුරු සියක්‌ (108 ක්‌) මංගල ලක්‍ෂණයන්ගෙන් විචිත්‍රවුද, ශ්‍රීමත්වූද, ඒ ගෞතම බුදුරජානන් වහන්සේ සසර දුක්‌ගෙවා බුද්ධත්වයට පත්වූ කල්හි හාත්පස සියක්‌ යෙදුනක්‌ අග්නි ජාලාවලින් වටවූ අටමහ නිරය නෙළුම් මලෙන් ආකුල වූ බව ධර්මයෙන් පැහැදිලි කර ඇත.

යම රජු කලක්‌ දිව්‍ය සම්පත් අනුභව කරන්නාවූද, පුර්ව කළ අකුසලයෙන් අපායට නුදුරුව හිඳ මනුෂ්‍යයන් කළ පව් පින් විනිශ්චය කරන්නාවූද, ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති පුරණය කරන්නා වූද, විමාන ප්‍රේතයෙකි. ඔහු දුබල මිනිසත් බවද, බුද්ධ දර්ශනයද සද්ධර්ම ශ්‍රවණයද ස්‌වර්ගා පවර්ග සම්පත්තියද ප්‍රාර්ථනා කරන මේ මානික ප්‍රේත රජෙක්‌ද මේ.

යමරජු රෝමන්වරු “ප්ලුටෝ” කියාද, ශ්‍රීකවරු “හේඩිස්‌” කියාද හඳුන්වයි. වේද සාහිත්‍යයේ පීතෘපති, හීමසාසන, කෘතාන්ත, දණ්‌ඩදර, කාල දේව, ධර්මරාජ මෘක්‌යුත්පති, ප්‍රේත රාජ, වෛස්‌වන ආදී විවිධ නම්වලින් හැඳින්වේ. “යම විස්‌සං ප්‍රේත ලෝකං” නමැති බෞද්ධ ග්‍රන්ථයේ සඳහන්ව ඇත්තේ යම ලෝකයත් ප්‍රේත ලෝකයත් එකක්‌ බවයි. බෞද්ධ මතය අනුව යමරජු මරණ අධිපති බවත් ෙච්තරණී නමැති නිරය පිහිටා ඇත්තේ යම රජුගේ රාජධානියට යාවද, යමභවන දුඨ සඳ නිරය බවද ඔහුගේ මහලේකම් වීබීඳ ගූප්ත බවද, පිං පව් පොත අග්‍රසන්ධනිය බවද කියා ඇත. යමරජුගේ රූප ලක්‍ෂණයන් මෙසේය. ශරීරය කොළපාටය, ඇස්‌ තද රතුපාටය, මුහුණ බියකරුය. උරහිස්‌ පළල්ය. දෙකන් දිගිටිය, අත්පා ආදියේ ඇඟිලි හය බැගින්ද විශාල උදරයකින්ද හෙබි බවත්, ඇඳිවත රත්පැහැ වර්ණද, ගමන කඩිසර වුවත් විඩාවක්‌ නැති, රෞද්‍ර බැල්මක්‌ ඇති ඉවසීමක්‌ නැති. වහා කිපෙන, ගොරහැඬි කටහඩක්‌ ඇති, ඇසිපිය නොහලන, රෝගවලින් මිදුන සිහසුනේ වාඩි වී සිටින විට එක්‌ කකුලක්‌ බිම තබා අනිත් කකුල දණ හිසඋඩ නමා තබාගෙන සිටින ගාත්‍රා මහත් ශරීරය ස්‌ථුල ශක්‌තිධරයෙකි.

මොහුගේ වාහනය මී ගොනෙකි, එක්‌ අතක තොණ්‌ඩුවකි අනිත් අතහි මුගුරකි, යම් අයකු මියගිය වහාම මෙම තොණ්‌ඩුවෙන් ඔහු බැඳතබාගනී බටහිර දෙසට මුහුණලා සිටින යමරජුට ගෞරවයක්‌ වශයෙන් අප මියගිය පසු මලසිරුරේ හිස බටහිර දිසාවට හරවා තබයි. මෙය ආදීන කාලයේ සිට අද දක්‌වා පැවත එන චාරිත්‍ර විධියකි. එහි තේරුම එයයි.

යම රජුගේ රුව ප්‍රතිමාකලාව අනුව නිර්මාණකර ඇත්තේ ත්‍රිවංක ආකාරයටය. මහීස මහනාරූඨව, දේව සංකල්පයට සමාන අයුරින් අත් හතරකින්ද, ඉහළ දකුණු අතහි මුගුරක්‌ද දරමින්, වම් අතහි පින් පව් පොතද පහළ දකුණු අත, පන්හිඳක්‌ද, පහල වම් අතහි දණ්‌ඩක්‌ද සහිතවය. මේ නිසා යමරජු දේවත්වයේලා සැලකිය යුතු අයකු බවට අපට විශ්වාසයක්‌ද ඇතිවේ.

යමරජු අටදිශාවම පාලනය කරන්නෙකි. එයින් විශේෂයෙන්ම ජ්‍යෙdතිෂ්‍යය, ගුප්ත විද්‍යාව හා සිංහල වෛදය පොත්පත්වල සඳහන්ව ඇත්තේ ශනි දිනය යමයාගේ දිනය ලෙසටය. එය සත්දිනට මරු සිටින දිශාවන් අනුව යමරජු ශනි දිනයේ නැගෙනහිර සිට ලොව පාලනය කරයි. එම නිසයි මංත්‍ර විද්‍යාවේදීන් යමකාල ගුරුකම් කිරීමේදී පමණක්‌ මුළු ශනි දිනයම තෝරා ගන්නේ. එය යමකාල, නැකැත් හා මංත්‍ර ගුරුකම් පොතහි මැනවින් පැහැදිලි කර ඇති නිසාය.

බෞද්ධ මතයන් අනුව යමලොව අපායවල් අටකි. ඒවා සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය හා අවිච්චියයි, මේ බව “සංජීවඃ කාල සූත්‍රඤාව සංඝාතො රෞරව ස්‌ථතාමහා රෞරව තාපÆච ප්‍රතාපාවීවී නාමකා,” යන ශ්ලෝකයෙන් හොඳින් පැහැදිලිව ඇත. ඒවායේ විස්‌තරද මෙසේය (ධර්ම ප්‍රදීපාකාව)

සංජීවය අපාය (- යමපල්ලන් තියුණු ආයුධ ගෙන කපාකොට සිඳනා ලද සත්වයන් පුන පුනා දිවි ඇතිවන නරකයයි.

කාලසූත්‍රය අපාය (- යමපල්ලන් ආයුධ ගෙන අශ්ඨාංග සොඩාශාංශකොට නස්‌නා නරකයයි.

සංඝාතය (- අයෝමය පර්වතයෙන් සතුන් සුන්කොට මිරිකන නරකයයි.

රෞරවය (- නව ද්වාරයෙන් වැද සකල ශරීරයහුයනක්‍ෂාර ධ්‍රමයෙන් ගුගුරා පස්‌නා සතුන් ඇති නරකයයි.

මහාරෞරවය (- රත්න ලෝහිත ජවාලයෙන් පරිපූර්ණ වූ බලවත් දුඃධයෙන් අභීභූත සත්වයන් ඇති නරකයයි.

තාපය (- යමපල්ලන් විසින් රත්වූ යකඩ උල් යහුල්හි හිඳුවන ලද සත්වයන් දිලිහී නිශ්චලව හිඳ පස්‌නා නරකයයි.

ප්‍රතාපය (- තාප නරකයටම සමාන ප්‍රකර්ෂයෙන් තවනලද නරකයයි.

අවීචිය (- -මාලායෙනුදු සත්වයන් විසිනිදු දුඃධයෙනුදු වීඩිනැති නරකයයි

මෙලොව වෙසෙන සත්වයින් අතරින් උලමාද යමරජුගේ අවතාරයක්‌ ලෙස සැලකේ. කණ කොකා හා පොල් කිච්චා යම රජගෙන් නරලොවට පණිවිඩ ගෙන එන්නන් සේ සැලකේ. මේ සතුන් දැකීම මෙන්ම හඬටද මිනිසුන් මහත් බියක්‌ දක්‌වයි. කණ කොක්‌ හඬත් පොල්කිච්චා ගෙට උඩින් පියාසර කිරීමද අශුභ දසුනක්‌ ලෙස සැලකේ. උළුකෑමා (බකමූණා) තපොතයා (කොබෙයියා) යමරජුගේ සම්බන්ධිකාරකයෝය. කියා විශ්වාසයක්‌ද ඇත. බකමූණා මැදියම් රැයේ හැŽමත් කොබෙයියා හිමිදිරි පාන්දර දැකීමත් අශුභ ලෙස සැලකේ. මරණ ආරංචි අසන්නට ලැබේ. බල්ලන් උඩ බිරීම අශුභ නිමිත්තකි. යම් අයකු මරණාසන්නව සිටින විට බල්ලන් උඩු බුරයි නම් ඒ යම රජුගේ බල්ලන් දෙදෙනා දැකීමෙන් බවත් ඔවුන් ඇවිදින විට අපට නොපෙනුනත් බල්ලන්ටද පෙනෙන බවත් කියවේ.

හින්දුන්ගේ භාගවත් පුරාණය හි අපායවල් දහස්‌ ගණනක්‌ ඇති බවට විශ්වාසයක්‌ ඇත. ඉන් කීපයක්‌ නම් කමිශ්‍රය, අන්ද කමිශ්‍රය, අසීපත්‍ර, අන්ධ කූප, ශූක්‍රමුඛ, තාපකසුරන්, වජිරකණවක, අග්නි පුත්‍ර යනාදී නමින් හැඳින්වේ. තවුසන්ට. පරිබ්‍රාජිකයන්ට, ශ්‍රමණවේශධාරී, තීර්ථිකයන්ට, සන්‍යාසීන්ට හා අනිකුත් පැවිද්දන්ට විරුද්ධව කටයුතු කළවුන් මල, මුත්‍ර, සොම්සොටු, කෙළ ආදීය අපවිත්‍ර අමෙධ්‍යයෙන් පිරුණු වලකට දමා දුක්‌දෙන බවද, එය ෙච්තරණීපාය කියා හඳුන්වන බවත් ඒවා පාලනය කරන්නේ යමරජුගේ නායකත්වය අනුව බව හින්දු භක්‌තිකයන් කියති.

විශ්ණු පුරාණයේ සඳහන් වන්නේ විශ්ණු දෙවිඳුගේ අණසකින් ධර්මාධිකරණයට පත්වූ යමරජුට පින් පව් විනිශ්චය කිරීමට අවසරය ලැබුනොත් පව්කාරයිනට දඬුවම් දීමටද විෂ්ණු දෙවිඳුන් ඔහුට නියෝග කර ඇති බවයි.සෘග්වේදයේ සඳහන්ව ඇත්තේ යමරජුගේ පියා විවස්‌වති නමැති සුරිය දිව්‍ය රාජයාය. ඔහු විශ්වකර්ම දිව්‍යපුත්‍රයාගේ දියනිය වන සරන්‍යාය යමයා සහ යමී ඔවුන්ගේ දරුවන්ය. මිනිස්‌ ආත්මයේ උපන් පළමු යුවල මේ දෙන්නා බව කියවේ. තම පරපුර ඉදිරියට ගෙනයැමටත් අවශ්‍ය දාර කෝප්පතිනි ප්‍රතිලාභ පිණිස දෙදෙනා අඹු – සැමි වශයෙන් ජීවත්වූ බවත්, නර ලොවින් නරකයට ගිය පළමු වැන්නා යමයා බවත්, ඒබැවින් යමලොව අධිපතිකම ඔහුට ලැබුණ බවත් සඳහන් වේ.කෙසේ වෙතත් නරකය-අපාය නම් සුරසැප විදින තැනක්‌නම් නොවේ. බියකරුයි දුකයි. යම රජුට ඉතා රෞද්‍ර, භයානක බියජනක බල්ලන් දෙදෙනකු සිටී. ඔවුන් එකාට ඇස්‌ හතර බැගින් ඇත. නාස්‌ පුඩු පළල් ගැඹුරට පිහිටා ඇත. අපාගතවන පව්කාර නරයන් එහි විදින වද බන්ධන දැක බියවී ආපසු ඇදෙන විට මෙම බල්ලන් පැමිණ නරයට එලවා දමන බවත් සඳහන්ව ඇත.මහා ශිව රාත්‍රි දිනය ඊශ්වර හා යමරජ පිළිබඳ කථාවක්‌ පසුබිම් කොටගෙන ඇත. නවම් මහේ අමාවක දිනයක අඳුරු රාත්‍රියේ කැළයක අතරමංවූ දඩයක්‌ කරුවකු ලිංග පූජාවක්‌ පවත්වා ඇත. නමුත් ප්‍රාණ ඝාත අකුසල් හේතුවෙන් යම ලොවට ගියේය. එහිදී සතුන් මැරීමේ පාපයට දඬුවම් වශයෙන් යමරජු ඔහු රෞරව නරකයට ඇඳගෙන යනලෙස අණ කළේය. එහෙත් යමරජුගේ මහලේකම් වන විචිත්‍ර ගුප්ත පිංපව් පොත කියවා නරයා කරනලද අග්‍රේෂර ලිංග පූජාව ගැන දිගු විස්‌තරයක්‌ පවසා ඇත. එවිට මෙම පුණ්‍ය කර්මයේ මහානුභාවය ගැන දැනගත් යමරජු නරයා නිදහස්‌ කර කෛලාසභවනට පිටත් කළේය. මෙය දැනගත් ඊශ්වර දෙවිඳුන් යමරජුට ප්‍රශංසා කළේය. යමයාගේ ග්‍රහණයෙන් මිදුනු නරයා දිව්‍ය ලෝකයේහි ප්‍රාප්තව දිව්‍ය සම්පත් අනුනය කරන්නට පටන් ගත්තේය.”තමෙනං භික්‌ඛවෙ නිරයපාලානානා බාහුසො ගහෙත්වායමස්‌ස රඤ්ඤ දස්‌සෙන්ති”දේව සූත්‍ර සූත්‍රයේ සඳහන් මෙම ශ්ලෝකයේ අදහස මෙසේ දත යුතුයි. “මහණෙනි කුසලා කුසල ධර්මයන් හේතුකොට ගෙන උස්‌සද නිරය සමීපයෙහි උපන්නාවූ අපාය ගාමී මිනිසුන්ට අනේක ප්‍රකාර (තාලස්‌ කන්දච සදෘශ) අත්වලින් දැඩිකොට අල්ලා ගත් යමපල්ලෝ යමරජුවෙත යුක්‌ති සාධනය සඳහා ඉදිරිපත් කරති.එබැවින් අප යම රජුගේ ග්‍රහණයෙන් මිදෙන්ට ධර්මය අනුව බුද්ධ මංත්‍රයේ දැක්‌වෙන පව් පහෙන් වැළකී, දිව්‍ය ලෝකයේ ඉපදී සැප සම්පත් විඳින්නට අධිෂ්ඨාන කර ක්‍රියාවේ යෙදෙමු.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here