ප්‍රභව සංවත්සර පලාපල

0
585
ප්‍රභව
ප්‍රභව

[ratings]

(තුන්වන කොටස)

ජ්‍යෙතිෂයෙහි සඳහන් ප්‍රභව සංවත්සරයේ පටන් සෞම්‍ය සංවත්සරය දක්‌වා සංවත්සර 43 ක උපත ලැබූ හෝ උපත ලබන හෝ අයට අදාළ පලාපල මේ වන විට ලියා ඇති අතර මේ ලිපියට ඇතුළත් වන්නේ ඉතිරි සංවත්සර 17 පිළිබඳ පලාපලය.

සාධාරණ සංවත්සරය

ධෛර්යවත්, පින්දහම්වලට කැමැත්තක්‌ දක්‌වන, නිහතමානී දිවි පෙවෙතකට කැමැත්තක්‌ දක්‌වන, මන්ත්‍ර ගුරුකම් ආදියද දැන උගත් කෙනකු විය හැකිය.

විරෝධ කෘත සංවත්සරය

වහා පහදින සේම වහා කිපෙන ස්‌වභාවයක්‌ද, ස්‌වකීය නෑදැයන් හා සමඟ විරුද්ධ වන ස්‌වභාවයක්‌ද පවතින කෙනකු වන සෙයකි.

පරිධාවි සංවත්සරය

තැන් තැන්වල ඇවිදීමට කැමැතක්‌ දැක්‌විය හැකි, වැඩ කටයුතුවලදී එතරම් උත්සාහයක්‌ නොගන්නා, එතරම් නුවණක්‌ද නොමැති කෙනකු වීමේ ඉඩකඩ ඇත.

ප්‍රසාදී සංවත්සරය

මලින් හා සුවඳින් සිට පුද පූජා පැවැත්වීමට කැමති වැඩ කටයුතුවලටද රුචියක්‌ දක්‌වන කෙනකු වන්නට පුළුවන.

ආනන්ද සංවත්සරය

ආගන්තුක සත්කාරයට කැමැත්තක්‌ දක්‌වන නිරතුරුවම වාගේ සතුටකින් කල දවස ගෙවන, තමන්ගේ අයට ධනය පරිත්‍යාග කිරීමට වුවද කැමැත්තක්‌ ඇති කෙනකු විය හැකිය.

රාක්‌ෂස සංවත්සරය

සුරා පානයට කැමැත්තක්‌ දක්‌වන, සත්ත්ව ඝාතනය වැනි ක්‍රියාවලට පවා පෙළඹිය හැකි, මස්‌ මාළු අනුභවයට ප්‍රියමනාප කමක්‌ දක්‌වන, පව් වැඩ කරන්නටද පසුබට නොවන කෙනකු වන ලක්‍ෂණ දක්‌නට ඇත.

නල සංවත්සරය

බොහෝ දරුවන් ලබන, බොහෝ මිතුරු මිතුරියන් සහිත ලෝභ ගතියක්‌ද පැවතිය හැකි සෝදුක්‌ හානිවලටද ලක්‌විය හැකි පව් වැඩ කරන කෙනකු විය හැකිය.

පිංගල සංවත්සරය

යාන වාහන බොහෝ තිබිය හැකි පිත් කෝප ගතියක්‌ මෙන්ම විවිධ ලෙඩ රෝගද පැවතිය හැකි කෙනකු වන සෙයක්‌ දක්‌නට ඇත.

කාලයුක්‌ත සංවත්සරය

වෙළහෙළ¹ම් කටයුතුවල නිරත විය හැකි, තෙල් බෙහෙත්, බඩු භාණ්‌ඩ ගනුදෙනු කළ හැකි කෙනකු වන්නට පුළුවන.

සිද්ධාර්ථ සංවත්සරය

රජයෙන් පුද සත්කාර ලැබිය හැකි මොළොක්‌ ගති ලක්‍ෂණ සහිත, පිරිසිදු හදවතකින් යුතු කාව්‍යකරණයෙහි හපන්කමක්‌ දැක්‌විය හැකි නොයෙකුත් ශාස්‌ත්‍ර දැන උගත් කෙනකු විය හැකිය.

රුද්‍ර සංවත්සරය

නින්දා ගෙන දෙන පහත් පෙළේ කටයුතු සිදු කළ හැකි බියක්‌ සැකක්‌ නොමැති අනුන්ගේ වස්‌තුවට ආශාවක්‌ දක්‌වන ස්‌ථිරසාර ගති ගුණයක්‌ නොමැති සොරකමෙහි නියෑළිය හැකි කෙනකු වන ස්‌වභාවයකි.

දුර්මත සංවත්සරය

වැරදි කල්පනා සහිත වධ හිංසා යනාදියෙහි ඇලෙන පාප ක්‍රියාවලද නිරත විය හැකි කෙනකු වන සෙයක්‌ දක්‌නට ඇත.

දුන්ද්‍රහි සංවත්සරය

සියලු ගුණයෙන් සපිරි, ශිල්ප ශාස්‌ත්‍ර, යන්ත්‍ර මන්ත්‍ර හා ඖෂධ පිළිබඳව මෙන්ම ගායනය හා වාදනය පිළිබඳවද අවබෝධයක්‌ සහිත කෙනකු වන්නට පුළුවන.

රුධිරෝද්ගාරී සංවත්සරය

සමහර විට බොරු සාක්‌ෂි දීමට පවා පෙළඹිය හැකි වාතයෙන් හා සෙමෙන් මෙන්ම වාත රක්‌තයෙන්ද හටගත් රෝගවලින් පීඩා විඳිය හැකි කෙනකු විය හැකිය.

රක්‌තාක්‌ෂ සංවත්සරය

ධනය රැක ගත නොහැකිව එයින් පිරිහෙන, රට හැර වෙනත් රටකට යැමට ඉඩකඩ ඇති තම බිරිඳ ආරක්‍ෂා කර ගැනීමට අවධානයක්‌ යොමු කරන කෙනකු වන්නට පුළුවන.

ක්‍රොධ සංවත්සරය

පරාක්‍රම ගති ලක්‍ෂණ තිබිය හැකි, අනුන්ගේ පිහිටෙන් ජීවිතය ගෙන යා හැකි, වෙදය පිළිබඳ අවබෝධයක්‌ සහිත ක්‍රෝධ ස්‌වභාවයක්‌ද තිබිය හැකි කෙනකු වන සෙයකි.

ක්‍ෂය සංවත්සරය

දහම අදහම පිළිබඳ අවධානයක්‌ යොමු නොකරන මත්පැනට ඇලුම්කරන පර පුරුෂ හෝ පර ස්‌ත්‍රී සේවනයෙහි නියෑළීමට ඉඩ ඇති නිතර දෙවෙලේම වාගේ නිවසේ අය සමඟ රණ්‌ඩු සරුවල් ඇති කර ගන්නා කෙනකු විය හැකිය.

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here