1. උත්පත්තියේ දී සකසන ජන්මපත්‍රයේ මේෂ රාශියේ රාහු සහ කේතු තුලා රාශියේ තැන්පත් ජන්මින්ගේ පෙර ආත්මය ඉතා වාසනාවන්තය. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත විය. ආගම දහම ගැන උසස් දැනුමකින්ද යුක්‌ත විය. තම අරමුණ බවට පත්ව තිබී ඇත්තේ කිසිවෙකුට කරදරයක් නොවන යහපත් ජීවිතයක් ගත කිරීමය.
මෙම භවයේ දී බුද්ධිය ඥනය ප්‍රභලව පිහිටා ඇත. අධ්‍යාපනය දැනීම ප්‍රධාන ධනය බවට පත්වේ. මහන්සියෙන් තොරව ඉඩකඩම් දේපළ හිමිවේ. පවුලේ සාමය සමගිය ආරක්‍ෂාවේ.
මෙම ජන්මින්ගේ ඊළඟ භවය මෙම භවයටත් වඩා යහපත් කර ගැනීමට වාසනාව ඇත. ලැබෙන සම්පත් නිසිලෙස පාලනය කර ගැනීමත් තම සිත කය සහ වචනය යහපත්ව පවත්වාගෙන යාමත් මේ සඳහා අවශ්‍ය වේ.
2. මේෂ රාශියේ කේතුද තුලා රාශියේ රාහුද උපතින් ජන්ම පත්‍රයේ තැන්පත් ජන්මීන් පෙර ආත්ම භවයේ බොහෝ වැඩකටයුතුවල නියෑළී ඇත. එසේම බොහෝ ආරවුල් වලට මැදිවී ඇත. ගැටලු වලටද මුහුණ දී ඇත. එම ගැටලු නිසි ලෙස පාලනය කර ගැනීමට නොහැකි වී ඇත. එම නිසාම එම භවයේ දී හිමිවීමට තිබූ බොහෝ දැ අහිමි කරගෙන ඇත.
මෙම භවයේ දී මෙම ජන්මින් ඉතා කල්පනාකාරීය. සෞම්‍ය මෘදු ගතිගුණ වලින් යුක්‌තය. කරන සෑම කටයුත්තක්‌ම සාධාරණව කිරීමට හැකි සෑම උත්සාහයක්‌ම ගනී. දුර දැකීමේ ශක්‌තිය ප්‍රභලව පිහිටා ඇත. බොහෝ සැප සම්පත් අනුන්ගෙන් ලැබේ.
ලැබෙන සැප සම්පත් තෝරා බේරාගෙන විඳීම ඊ ළඟ භවය මීට වඩා යහපත් වීමට හේතුය.
3. උත්පත්ති කේන්ද්‍රයේ රාහු වෘෂභ රාශියේ ද කේතු වෘශ්චික රාශියේ ද සිටින ජන්මින්ගේ පෙර ආත්මය අගතිගාමීය. අනුන් දුකට පත්කර ඇත. මත්ද්‍රව්‍ය, ආයුධ, මස් මාංශ, ශරීර වෙළෙ¹මෙහි යෙදී ඇත. විකෘති ලිංගික කටයුතුවල යෙදී ඇත. තමාට ලැබී තිබූ බලය අයුතු ලෙස යොදවා ඇත. විකෘති කාමාශාවන්ගෙන් යුක්‌තවී ඇත. තම යටත් සේවකයනට හිංසා කර ඇත. වැරදි කාම සේවනයේ යෙදී ඇත. මෙම ජන්මය ලැබීමට පෙර දැඩි දඬුවම් වලට භාජනය වී ඇත. අනේකවිධ දුක්‌ඛ දොaමනස්‌සයනට භාජනය වී ඇත.
මෙම පෙර කර්මවලට දඬුවම් විඳ ඇති බැවින් මෙම භවය තුළ උරුම දක්‍ෂතාවය එලෙසින්ම පිහිටා ඇත. මානුෂික නිදහසá පරිසර නිදහසá සමාජ නිදහස පිළිබඳව සහ සමාජ සාධාරණත්වය ගැන යහපත් අදහස් වලින් යුක්‌තය. එම අදහස් සහ දැනුම වර්ධනය කර ගැනීම උදෙසා තව තවත් ඉගෙනීමෙහි යෙදීමට වාසනාව ඇත. තමා තමාට පුස්‌තකාලයක් බවටම පත්කර ගනී. ඒ සඳහා දේශ දෙශාන්තරයන්හි සංචාරය කිරීමට අවස්‌ථා ලැබේ. එහෙත් තම ශරීරය පිනවීමට ඇති උනන්දුව වැඩිය.
තම ශරීරය පිනවීමේ අධික ආශාව හේතුවෙන් ඊඟළ භවය දුක්ත තත්ත්වයට පත්විය හැකිය. එබැවින් යහපත්දේට තම සිත මෙහෙයවා ගැනීමට වගබලා ගැනීම වැදගත්ය.
4. උපතේ දී රාහු වෘශ්චික රාශියේ ද කේතු වෘෂභ රාශියේ ද තැන්පත් ජන්මීන් පෙර භවය අධික කාමභෝගී බවෙන් යුක්‌තව ගෙවා ඇත. තම ශරීරය පිනවීම සැප විඳීම එකම අධිෂ්ඨානය වී ඇත. සිත මෙහෙයවා කටයුතු කර නැත. උසස් ඉගෙනීමක් ලබා නැත. කිසිවෙකුටත් කන් නොදුනි.
මතු භවයේ දී මානසික සහනය ඉතා අඩුය. තමා බලාපොරොත්තුවන බොහෝ දේ නොලැබී යැමට පිළිවන. උසස් ඉගෙනීමක් ලබා ගැනීමට නම් තම උනන්දුව අත්‍යවශ්‍යවේ. මෙම පිහිටීම සහිත දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා නිතර සොයා බලා උනන්දු කළ යුතුය. මෙම ජන්මින් කරනු ලබන වරදකට සමාවක් කිසිම විට නොලැබේ. නිතර විමසිල්ලෙන් සිටීම මෙම ජන්මියාගේ සිරිතය. එමෙන්ම තමාට හානියක් වන අවස්‌ථාවන්හිදී එයට එරෙහිව නැගී සිටීමටද සමත්වේ. මෙම භවයේ දී ආගම දහම පිළිබඳව යහපත් ෙච්තනාවක් ඇතිකරගත යුතුය.
කෙසේ නමුත් මෙම ජන්මින්ගේ ඊළඟ භවය යහපත් වීමටනම් මෙම භවයේ බොහෝ පුණ්‍ය කර්මවල නියෑළිය යුතුය. මෙම භවයේ දී ආගම දහම පිළිබඳව යහපත් ෙච්තනාවන් ඇතිකරගත යුතුය. නොඑසේනම් එම භවයද අන්ත දුක්ත එකක් විය හැකිය.
5. රාහු මිථුන රාශියේද කේතු ධනු රාශියේද උපතේ දී තැන්පත් ජන්මීන්ගේ පෙර භවය ඉතා වාසනාවන්තය. විවිධ ආගමික දර්ශනයන් මෙන්ම ධ්‍යානයන්ද උපදවාගෙන සිට ඇත. ආගමික ජ්‍යෙdතිෂ හා ගුප්ත විද්‍යා වැනි කටයුතු වලින් සමාජයට අපරිමිත සේවයක් කර ඇත. නිදහස් දිවිය අගයකර ඇත. එම භවයේ අවසන් කාලය බැඳීම් වලින් ඈත්ව ස්‌වෛරීයව කටයුතු කර ඇත.
මෙම ජන්මීන්ට මෙම භවයේ දී කුමන හෝ අධ්‍යාත්මික පැත්තක් ප්‍රබලව ඉස්‌මතුවේ. උගුල් වලින් ගැලවීමට සමත්වන අතර කිසිවෙකුටත් උගුල් අටවන්නේ ද නැත. කිසිවෙකුත් අනතුරේ දමන්නට සිත ඉඩ දෙන්නේද නැත. තමා යහපත් අයෙකු ලෙස පිළිගැනීම පමණක්‌ම මෙම ජන්මීන් සමාජයෙන් පතයි. දේපළ වස්‌තුව ඉඩකඩම් යාන වාහන රැස් කිරීම පිළිබඳ අශාවක් නොදක්‌වන අතර සැමට සාධාරණ අයිතිවාසිකම් සහ අවස්‌ථා ලැබිය යුතු බව නිතර සිතයි. මේ නිසා ලෞකික සම්පත් හීන වන බැවින් බැඳීම් අවමවේ. දැහැමි දැනුමින් පොහොසත්ය. නිතර සමාජයෙන් ඈත්ව තම අරමුණු කරා යැමට උත්සාහ කරයි. නමුත් ඔහු / ඇය දැනුමින් පොහොසත් බැවින් සමාජය එයට ඉඩ නොදේ. සොර සතුරු බිය නැත. ජීවිතයේ එකතු කරගෙන ඇත්තේ සොරුන්ට ගැනීමට නොහැකි දැනුම වේ.
මෙම ජන්මින්ගේ ඊළඟ නවාතැන්පළද ඉතා සාමකාමීය. තවදුරටත් චෛතිසික දියුණුව ලබා ගැනීමට හැකියාව ලැබේ. වාසනාවන්ත ජන්මයකි.
6 උපතේ දී ධනු රාශියේ රාහුද මිථුන රාශියේ කේතුද තැන්පත් ජන්මින් පෙර ආත්මයේ පුද්ගල සමාජ සම්බන්ධතා කටයුතුවල නියෑලී ඇත. ආගමික නායකයන් පුවත්පත් කතුවරු මාධ්‍ය ආයතන කළමනාකරුවන් නිවේදක නිවේදිකාවන් ප්‍රචාරක ලේකම්වරු ප්‍රචාරක නිලධාරීන් යහපත් දේශපාලකයන් සමාජ දැනුවත් කරන්නන් වැනි අය මින් ප්‍රධානවේ.
සමාජයට යහපත් ලෙස ප්‍රචාරක කාර්යයේ නියෑළී ඇති අයගේ මෙම භවය ඉතා යහපත්ය සාමාකාමීය. සමාජයට අයහපත් ලෙස කටයුතු කර ඇති ජන්මීන්ට මෙම භවයේ දී ඉවසීමක් නැත. යමක් කර එසැනින් ප්‍රතිඵල බලාපොරොත්තුවීම ද මෙම ජන්මින්ගේ දුර්වලකමකි. ආත්මාර්තකාමී ගතිය වැඩි බවක් බලා සිටින්නාට පෙනේ. තමා පමණක් නිදහස් ලෙස නිතර සිතීමද දුර්වල කමකි. ගෘහ ජීවිතයේ වුවද ගැටලුකාරී තත්ත්වයන් මතුවේ. නිතර පිරිසක් සමඟ සිටීමට කැමැත්ත යෙදේ.
ලෞකික සම්පත්වලට ඇති දැඩි ඇල්ම නැතිකර ගැනීම මගින් ඊළඟ භවය වඩා යහපත් කර ගැනීමට හැකිය. එමෙන්ම මෙම ලැබුවාවූ මිනිසත් භවේ උපරිම පල ලබා ගැනීමට නම් ඊළඟ භවය වඩා සුවපත්කරගත යුතුය. මේ සඳහා අධ්‍යාත්මික නැඹුරුව වඩ වඩා ජීවිතයට අවශ්‍යවේ.
7 උපතේ දී කටක රාශියේ රාහුද මකර රාශියේ කේතුද තැන්පත් ජන්මීන්ගේ පෙර භවය අතිෂය බිහිසුණුය. බොහෝ දුෂ්කරතාවනට මුහුණදී ඇත. යුග දිවිය නීරසව ගත කර ඇත. කලකිරීමෙන් යුතුව කල්ගෙවා ඇත.
මෙම භවය නව හැඟීම් වලින් අදහස් වලින් යුක්‌තය. පවුලේ සමගිය නිතර වැදගත් කොට සලකයි. තරමක ආඩම්බරකාරී ගතියක්‌ද ඇත. දුක්‌විඳින අය කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ට උදවු උපකාර කරයි. නිර්ධන පංතිය හා කිසිවක් කර ගැනීමට නොහැකි අයගේ ගැලවුම් කරුවා වීමට නිතර උත්සාහ ගනී. මෙම භවයෙ අවසානයේ දී යහපත් අයෙකු ලෙස සටහන් තබමින් ඊළඟ නවාතැන් පළට යා හැකිය.
ඊළඟ භවය වඩා යහපත් කර ගැනීමට නම් සමාජ සාධාරණත්වය පතා කටයුතු කරන්නාසේම ආගමට දහමටද නැඹුරුව කටයුතු කළ යුතුය.
8. ජන්මියෙකු මෙලොව ජන්මය ලබන විට මකර රාශියේ රාහුද කටක රාශියේ කේතුද තැන්පත්වී සිටීනම් ඔහු / ඇය පෙර ආත්මයේ තම කුටුම්භයටම කොටුවී සිටියෙක් විය. දේපළ හිමි යහපත් ස්‌වාමි පුරුෂයෙක්á හොඳ ගෘහනියක්á බිරියක්á රටකට පළාතකට පමණක් සීමා වූ දේශපාලන පක්‍ෂයක නායකයෙක් වී සිට ඇත. තම කුටුම්භයට ඉටුකළ යුතු යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටුකරන ලද බැවිනි වෙනත් සමාජ සම්බන්ධතා පැවැත්වීමටද කාලයත් නොතිබී ඇත.
මෙම ආත්මයේ දී මෙම ජන්මින් අනුන් කෙරෙහි දයාව අනුකම්පාව නොඅඩුව දක්‌වනවා ඇත. තර්කානුකූලව කතාකරයි. ඉඩකඩම් දේපළ යාන වාහන රැස්‌කර ගැනීමට දැඩි ආශාවක් දක්‌වයි.
ලෞකික සම්පත් ලැබීමට ඇති අසීමිත ආශාව පාලනය කර ගැනීමෙන් ඊළඟ භවය වඩා යහපත් කර ගැනීමට හැකිය.
9. රාහු සිංහ රාශියේ ද කේතු කුම්භ රාශියේද උපතේ දී තැන්පත් ජන්මීන්ගේ පෙර භවය ඉතා වාසනාවන්තය. තම ජීවිතය අසාමාන්‍ය කටයුතු වෙනුවෙන් කැප කර ඇත. තම වගකීම් සහ යුතුකම් නොපිරිහෙලා ඉටුකර ඇත. තම පෞද්ගලික ජීවිතය වුවද පොදු යහපත වෙනුවෙන් කැපකර ඇත.
මෙම භවයේ දී විශාල දේපළ වත්කම් හිමිවිය හැකිය. සුළුවෙන් පටන්ගන්නා කටයුතු දියුණුවේ හිණිපෙත්තටම නැග්ගවීමට සමත්වේ. අනුන් පාලනය කිරීමට සහ අනුන්ගෙන් වැඩ ගැනීමට උපන් හපන්කම් ඇත. ඉතා ලාබාල වයසේදීම වගකීම් ලැබීමට වාසනාව ඇත. විශාල මන්දිර හිමිවීමට හේතුය. දෙස් විදෙස් සංචාර නොඅඩුව ලැබේ.
පෙර භවයේ කරන ලද පින්කම් දස්‌කම් හේතුවෙන් මෙම භවයේ දී මෙසේ වාසනාව හිමිවුවත් තමාට හිමි දේ පමණක් තෝරා බේරාගෙන ලබා ගැනීමට කටයුතු කිරීමෙන් ඊළඟ භවය මීටත් වඩා වාසනාවන්ත කර ගැනීමට හැකියි.
10 කේතු සිංහ රාශියේ ද රාහු කුම්භ රාශියේ ද උපතින් තැන්පත් ජන්මීන්ගේ පෙර භවය ආත්මාර්තකාමී වී ඇත. සමාජයෙන් ගරු නම්බු සැලකිලි ලැබීමට වාසනාව හිමිව තිබිණි. එම ගරු නම්බු ලබාගෙන ඇත්තේ ඉතා සූක්‍ෂමව ගුප්තව හා රහසිගතව සමාජය නොමග යවමින්ය.
මෙම භවයේදී අන්‍යයන් සමඟ උරෙනුර ගැටී කටයුතු කිරීමට දක්‍ෂය, අනුන්ගේ ප්‍රශ්න තම ප්‍රශ්න ලෙස කරට ගෙන කටයුතු කරයි. සමාජ කටයුතුවලදී කොපමණ හොඳ කළත් අසන්නට ලැබෙන්නේ නරකමය. තම පෞද්ගලික කටයුතු හා ගෘහ කටයුතු ඉතා මන්දගාමීය.
ඊළඟ භවය යහපත් කර ගැනීමට අනුන්ගේ ප්‍රශ්න සේම තම කුටුම්භයේ ප්‍රශ්නද කරට ගෙන කටයුතු කළ යුතුය. යහපත් දහම් මාර්ග පමණක් ජීවිතයේ ජයග්‍රහණයන් සඳහා පාවිච්චි කළ යුතුය. අනුන් සතු සම්පත් තමා වෙත අයහපත් මාර්ගවලින් උරුමකර ගැනීමට ඇති ආශාව පාලනය කරගත යුතුය. ආගමට දහමට නැඹුරුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
11. රාහු කන්‍යා රාශියේද කේතු මීන රාශියේ ද උපතේදී තැන්පත් වී ඇති ජන්මීන්ගෙ පෙර බවය වඩා ප්‍රසිද්ධ එකක් නොවීය. තමා ජීවත් වූ සමාජයෙන් හිමිදේ ලබා ගැනීමටද මෙම ජන්මින් සමත් වී නැත. පෙර භවය අඳුර ස්‌වභාවයකින් ගෙවී ඇත. එහෙත් නිහඬ සමාජ සේවයක් ඉටුකර ඇත.
මෙම භවයේ දී සමාජය සමඟ ගැටෙමින් කටයුතු කිරීමට ශක්‌තිය ලැබී ඇත. ඉතා හොඳ ඉවසීමෙන් ගුණයකින් යුක්‌තය. තම අවශ්‍යතා පිරිමසා ගැනීමට බොහෝ අවස්‌ථාවන් ලැබෙනු ඇත. හදිසි ධනයක් ලැබීමේ වාසනාව ඇත, ධනට පිනට ඉතා කැමැතිය.
ඊළඟ බවය යහපත් කර ගැනීමට දානය සමඟ සීලවන්ත භාවයද ගොඩනගාගැනීම අවශ්‍යවේ.
12. උපතේදී රාහු මීනයේ ද කේතු කන්‍යාවේ ද තැන්පත් ජන්මීන්ගේ පෙර භවය ඉතා ක්‍රමානුකූල විය. සමාජයට සේවය කිරීම තම යුතුකමක් සේ සලකා ඇත. බාහිර සමාජය සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ අවශ්‍යතා තම අත්‍යාවශ්‍යතා බවට පත්කරගෙන කටයුතු කර ඇත. ලෞකිකව ලැබූ සම්පත් වලට වඩා සිතෙහි දියුණුව පිළිබඳ තිර අදිටනින් කටයුතු කර ඇත.
මෙම භවයේදී ආගමික ජ්‍යෙdතිෂ ගුප්තවිද්‍යා යන්ත්‍ර මන්ත්‍ර වැනි කටයුතු සඳහා සහජ දක්‍ෂතාවක් පිහිටා ඇත. පරීක්‍ෂණ නිරීක්‍ෂණ වැනි දැ නිහඬව කරමින් සමාජයට අලුත් අදහස් එක් කිරීම තම යුතුකමක් සේ සලකයි. සිදුකරන කටයුතු තර්කානුකූලව කරනු ලැබේ. තම කටයුතු හැකිතාක් කාර්යක්‍ෂමවත් ඵලදායීතාවයකින් යුතුවත් කිරීමට උත්සාහ ගනී. ලෞකික දියුණුවට වඩා සිතෙහි ලෝකෝත්තර දියුණුව අගය කරයි.
We found this article from Divaina on 2013/03/15.
Also Sinhala to English Google word to word translation can be found here