පොදු ගොඩනැඟිලි තැනීමේදී මේ ගැනත් හිතන්න

1937
ගොඩනැඟිලි
ගොඩනැඟිලි

වාස්‌තු නිර්මාණයේ දී නිවාස මෙන්ම පොදු ගොඩනැගිලි වලට ද හිමි වන්නේ සුවිශේෂී තැනකි. විහාරස්‌ථාන දේවාල මෙන්ම රජයේ ගොඩනැගිලිද මේ අතර වෙයි. පොදු කටයුතු වලට පරිහරණය වන බැවින් මේවායේ ස්‌ථිර අයිතිකරුවෙක්‌ නැත. එබැවින් නිවාස සකස්‌ කරන ආකාරයට සහ එAවායේ දී අනුගමනය කරන සීමා වන්ට මේ ගොඩනැගිලි යටත් නොවන බව කිව යුතුය. එක්‌ උදාහරණයක්‌ ගත හොත් එල් හැඩයේ ගොඩනැගිලි නිවාස සඳහා අනුමත නැත. එමගින් දියුණුව ඇන හිටින බව පැවසේ.

නමුත් මෙම ස්‌වරූපයේ ගොඩනැගිලි පොදු කටයුතු සඳහා යොදා ගැනීමේ වැරැද්දක්‌ නැතැයි පැවසේ. දෙමහල් ගණනාවකින් යුත් කාර්යාල ගොඩනැගිලි සෑදීමේ දී මේ ආකාරයට තැනිය හැකි අවස්‌ථා ඇත. නමුත් එහිදී එම ගොඩනැගිල්ල දිශා ගත කිරීම පිණිස යම්කිසි මූලධර්මයක්‌ භාවිතා වේ. මෙම ගොඩනැගිලි දකුණට හා බස්‌නාහිරට බරව තැනීමට මෙහිදී අනුමැතිය තිබේ. නමුත් උතුරට හා නැගෙනහිර ප්‍රදේශයට මෙම ගොඩනැගිල්ල දිශා ගත කළහොත් එA මගින් දියුණුවක්‌ ඇති නොවේ. එසේම එA පිහිටීම මාරක විපත් ඇති කරන්නට ද සමත් වේ. එසේම උතුරු පෙදෙස අවහිර කොට උතුරට හා බටහිරට ගොඩනැගිල්ල දිශා ගත වීමද විපත්ති දායක වෙයි. එමෙන්ම දකුණ හා නැගෙනහිරට යාවෙන ගොඩනැඟිල්ලද මේ ලෙස සුදුසු නොවන බව කිව යුතුය.

වර්තමානයේ දී පොදු ගොඩනැගිලි තැනවීමේ දී වාස්‌තු නිර්මාපකයින් අනුගමනය කරන්නේ අලංකාරය හා වානිජ වටිනාකම් ඉස්‌මතු වන පිහිටීම්ය. එA සැලසුම් ඇතැම් විට නිවැසියන් සඳහා වූ මහල් සංකීර්ණ වලට ගැලපෙන්නේම නැත. නවසිය අසූව දශකයේ සිටම කොළඹ නගරය තුල ගොඩනැගිලි සැලසුම් කිරීමේ දී මේ අඩුපාවු සිදු වී ඇත. වසර එක්‌දහස්‌ අටසීයක්‌ පමණ අඛණ්‌ඩව පැවති අනුරාධපුර නගරය සැලසුම් කරලීම පිණිස පැරණි වාස්‌තු විද්‍යාඥයින් අනුගමනය කළ පාරිසරික මූලධර්මයන් අද නොසලකා හැර ඇති බව කනගාටුවෙන් වුවද කිව යුතුය. මේ තත්ත්වය මත නිවැසියන් මෙන්ම නගර පාලකයින් ද අසීරුතාවයට පත් වීම ස්‌වභාවිකය. එකිනෙකා අතර විරසක වීම් සණ්‌ඩු දබර මෙන්ම ලෙඩ රෝග වසංගත තත්ත්වයන්ද ඇති වීම මෙහිදී සිදු වේ.

මෙරට බොහොමයක්‌ම පාසල් ගොඩනැගිලි ඉඳි කර ඇත්තේ බෙහෙවින්ම අක්‍රමවත් ලෙසටයි. විසිවන සියවසේ ආරම්භ කර ඇති ඇතැම් පාසල් බෞද්ධ දානපතියන්ගේ පරිත්‍යාගයන්ය. ඇතැම් විට පර්චස්‌ විස්‌සක පමණ ඉඩමක්‌ ආරම්භ කර පසුව රජයේ උදව්වෙන් මේවා පුළුල් කර ඇති ආකාරය නිරීක්‌ෂණය කළ හැකිය. එල් හැඩයේ ගොඩනැගිලි මෙන්ම යූ හැඩයේ ගොඩනැගිලි ද මෙහිදී දක්‌නට හැකිය. ඇතැම් විට ළඟ ළඟින් තනා අවකාශය අහිමි කර ඇත. මෙම ගාල් ක්‍රමය කිසිසේත්ම නිවැරදි කර ගත නොහැකි තක්‌ත්වයක පවතී. නමුත් බ්‍රිතාන්‍ය පාලකයින්ගේ ආශිර්වාදයෙන් තැනූ ආගමික ඉස්‌කෝල මේ තත්ත්වයේ නැත. එAවා මැනවින් සැලසුම් කොට තනා ඇත. වාස්‌තු විද්‍යාව ඔවුන් පිළිනොගත්තද ගොඩනැගිලි පුළුල් කිරීමේ දී වඩා පරිස්‌සම් වීමට උත්සාහ කර තිබේ.

යූ හැඩයේ ගොඩනැගිලි රටාවද පොදු භාවිතයට ඉතා සුදුසුය. එහිදී බටහිර දකුණ හා නැගෙනහිරට යාවෙන ලෙස ගොඩනැගිල්ල තනා උතුරට විවරය තැබූ කල්හි ස්‌ථානයට මනා දියුණුවක්‌ අත් වන බව කිව යුතුය. මෙයට හේතුව උතුරු දිශාවෙන් ලැබෙන ශක්‌තිය කෙළින්ම ගොඩනැගිල්ලට ලැබීමයි. එසේම නැගෙනහිරට මුහුණලා උතුර දකුණ හා බටහිර ආවරණය වන පරිද්දෙන් තැනූ යූ හැඩයේ මහල් ගොඩනැගිල්ල ද දියුණුව සලසන ස්‌ථානයක්‌ බවට පත් වේ. මෙම ස්‌ථානයට සූර්යයාගේ සෘජු බලපෑම ඇති වන බැවින් ධනය ලැබීම යහපත්ය. එසේම සෞඛ්‍ය පැවැත්මද තහවුරු වෙයි. දකුණට ප්‍රවිෂ්ඨය තබා නැගෙනහිර උතුර හා බටහිර ආවරණය කරන ලද යූ හැඩයේ ගොඩනැගිලි තුළ ආරම්භ කරන බොහෝ දේ අතර මග නැවැත්වීමට සිදු වේ. සෞඛ්‍ය තත්ත්වයන් ද පිරිහීමට ලක්‌ වන බව කිව යුතුය. ප්‍රධාන දිශාව වන උතුර ආවරණය කර තැබීම මීට හේතුවයි. එසේම බටහිරට ප්‍රවිශ්ඨය තබා දකුණ නැගෙනහිර හා උතුර ආවරණය තොට යූ හැඩයේ ගොඩනැගිල්ලක්‌ ස්‌ථාන ගත කළ විටද වාසය කරන්නන්ට යහපතක්‌ සිදු නොවේ. වෙසෙසින්ම ඊළඟ පරම්පරාව විනාශයට පත් වේ.

සියලුම දිශාවන් ආවරණය කොට තනන මැදු මිදුල් සහිත මහල් ගොඩනැගිල්ල සුමංගල යනුවෙන් හැඳින්වේ. එම ගොඩනැගිල්ල හැම අතින්ම ධනය ලබා දෙන අවකාශය සලසා දෙන ස්‌ථානයක්‌ බවට පත් වේ. එසේ වන්නේ නැගෙනහිර හා උතුරු දිශාවන්හි වැඩි ප්‍රදේශයක අවකාශයක්‌ ඇති කොට සුදුසු ස්‌ථානයක දොරටු තැබීමෙනි. මෙම ගොඩනැගිලි විශේෂය අතීතයේ සිටම ලංකාවේ පොදු වාසය සඳහා යොදා ගත් ස්‌වරූපය ලෙසට හඳුනා ගත හැකිය. විහාරස්‌ථාන වල මැද මිදුල් සහිත ආවාස ගෙවල් මෙම ගණයට අයත්ය. නමුත් අනුරාධපුර යුගයේ ඉදිකළ පංචාවාස විශේෂ නිරීක්‌ෂණය කරන්නෙකුට තේරුම් ගත හැකි එක්‌ කාරණයක්‌ තිබෙන බව මෙහිදී මතක්‌ කළ යුතුය. මධ්‍යයේ ප්‍රධාන ගොඩනැගිල්ල තනා එයට සාපේක්‌ෂව ඉඩමේ මුළු හතරේ අනෙක්‌ ඉදිකිරීම් තනා ඇත. එA මගින් බවුන් වඩන රහතුන් වහන්සේලාගේ ලෞකික ජීවිතය ආධ්‍යාත්මික මට්‌ටමකට ඔසවා තැබීමක්‌ බලාපොරොත්තු වන බව පැවසිය යුතුය.

We found this article from Divaina on 2012/08/17.
Also Sinhala to English Google word to word translation can be found here