බබාට ලස්‌සන නමක්‌ තියමු

66433
බබාට
බබාට

දරුවකුට නමක්‌ තැබීමේදී දරුවාගේ ලග්නය, ජන්ම නැකත හා පාදය, උපන් දවස සැලකිල්ලට ගෙන සුදුසු අක්‌ෂරයක්‌ තෝරා නමක්‌ තැබීම සුදුසුය. ජ්‍යෙතිර්වේදියකුගේ උපදෙස්‌ ලබාගෙන ශුභ ගණ සහිතව අර්ථවත් නමක්‌ තැබීම වඩාත් සුදුසුය.

පැරැණි සමාජය මේ පිළිබඳව කෙතරම් දුරට සැලකිලිමත් වූයේද යන්න බෞද්ධ ඉතිහාසයේ අපට පැහැදිලි වේ. අප මහා බෝසතාණන් උපන් අවස්‌ථාවේදී සුද්ධෝදන රජතුමා ප්‍රවීණ පඬිවරුන් රජ මැඳුරට ගෙන්වා සංග්‍රහ කොට උපන් වේලාවට ගැළපෙන අර්ථවත් නමක්‌ තැබීමට කටයුතු කළ බව සඳහන්ය.

මහෞෂධ පඬිතුමාට නමක්‌ තබන ලද්දේ ද උපන් අවස්‌ථාවේ වටිනා ඖෂධයක්‌ අතින් රැගෙන උපන් නිසා බව ඉතිහාසයේ සඳහන් වේ. සිද්ධාර්ථ, මහෞෂධ, මිහිඳු, සාරිපුත්ත, උන්මාද චිත්‍රා, සිරිසඟබෝ, දුටුගැමුණු යන නම් අර්ථාන්විතය. අර්ථවත් නමක්‌ ලද තැනැත්තා ඒ අනුව ජීවත්වීම ඉතා වැදගත්ය. මුදල් නැති ධනපාලද, පන්සලටවත් නොයන බුද්ධදාසද, නපුරු ගති ඇති කරුණාවතී ද තම නමට නිගරු කරති.

රටක පවතින සමාජ පසුබිම නම් තැබීමේදී බොහෝ දුරට බලපාන බව ඉතිහාසය සාක්‌ෂි දරයි. පෘතුගීසි, ඕලන්ද පාලන සමයේ දී අපගේ සිංහලයෝ පෙරේරා, සිල්වා, සිංඤේඤො, සපරමාදු වැනි නම් භාවිත කරන්නට වූහ. පසු කාලයේ දී ඉංග්‍රීසි පාලන සමයේ දී වික්‌ටර්, හෙන්රි, රිචඩ්, ජස්‌ටින්, මාග්‍රට්‌ වැනි නම් භාවිත කරන්නට වූහ.

බටහිරට ගැතිවූ නම් වෙනුවට සිංහල සංස්‌කෘතියට ගැළපෙන නම් තැබීමට අප දිරිමත් කළේ අනගාරික ධර්මපාලතුමා වැනි වියතුන්ය. පසුව කරුණාසේන, ආරියරත්න, ලීලාරත්න, සිරියාවතී, මාලනී යන සිංහල තේරුම් සහිත නම් අප අතර ප්‍රචලිත විය.

වර්තමාන පරපුර බොහෝ දුරට තම දරුවන්ට නම් තැබීමේදී අර්ථ ශූන්‍ය විකෘති තේරුම් සහිත නම් තබන අවස්‌ථා ඇත. “මහීෂ” යන්නෙහි තේරුම මී හරකාය. සමහරු තම පුතාට ඒ නම තබති. “කාමිණී” කාමයෙන් මුසපත් වූ තැනැත්තිය යන අරුත දෙයි. තම සුරතල් දියණියට මේ නම තබන අයද ඇත. “තිවංක” යනු තුන් පලකින් නැවුණු යන තේරුම සහිතය. තම පුතාට තැබීමට මේ නම සුදුසුද?

ශබ්දයට පමණක්‌ මුල් තැනදී නමේ තේරුම ගැන නොසලකා, අකුරු කීපයක්‌ ගැට ගසා වචනයක්‌ සාදා එය නමක්‌ හැටියට තැබීම වැරැදිය. වර්තමානයේ බොහෝ දෙමව්පියෝ කරනු ලබන්නේ මේ වැරැද්දය. ස්‌ත්‍රී පුරුෂ භාවය හඳුනා ගැනීමද නමකින් සිදුවිය යුතු වැදගත් කාර්යයකි. දරුවන්ට මෙන්ම ව්‍යාපාරවලටද නම් තැබීමේදී හෙළ බසට ගරු කරමින් රටට විශාල සේවයක්‌ කළ මහා වියතෙකි මෑතකදී අප අතරින් වියෝ වූ අරිසෙන් අහුබුදු ශූරීන්.

ජ්‍යෙතීර් විද්‍යාවට අනුව දරුවාට යහපතක්‌ වීම සඳහා දරුවාගේ ලග්නය, නැකත හා පාදය, උපන් දවස අනුව සුදුසු අකුරක්‌ තෝරාගෙන, ශුභ ගණ සහිතව අර්ථවත් නමක්‌ තැබීම දෙමාපියන් සතු වගකීමකි. එම නාමයෙන් සියලු දෙනාම දරුවා අමතන හෙයින් ශබ්ද විද්‍යාව අනුවද දරුවාට යහපතක්‌ සිදු වේ.

අර්ථ ශූන්‍ය නමකින් දරුවා නිතර ඇමතීමෙන් කිසිම යහපතක්‌ සිදු නොවේ. “පිස්‌සා” යන වචනයෙන් කෙනකු නිතර ඇමතුවහොත් ඔහු සමාජයට ඉබේම පිස්‌සකු වේ. ජ්‍යෙතිෂයට අනුව ලග්න දොළහට සුදුසු අක්‌ෂර පහත දැක්‌වේ.

බබාට

උපන් දවස අනුව හිමි අක්‌ෂර පහත දැක්‌වේ.

බබාට

උපන් නැකත හා පාද අනුව හිමි අක්‍ෂර මෙසේය.

බබාට

ගණ පරීක්‌ෂා කර බලා නම් තැබීමේදී ශුභ ගණ වශයෙන් භූමි ගණය, දේව ගණය, චන්ද්‍ර ගණය හා ජල ගණය හැඳින්වේ. සූර්ය, අග්නි, වායු, ආකාශ අශුභ ගණ වශයෙන් හැඳින්වේ. ගණ පිළිබඳ විස්‌තර පහත දැක්‌වේ.

බබාට

උදාහරණයක්‌ හැටියට මේෂ ලග්නයෙන් කැති නැකතේ පළමු පාදයෙන් ඉරිදා දවසක දියණියක්‌ උපන්නා යෑයි සිතමු. ඇයට නමක්‌ තැබීම සඳහා සුදුසු අක්‌ෂරය “අ” යන්න වේ. “ආලෝකා” යන නාමය ගුරු තුනක්‌ ඇති භූමි ගණයට අයත් ශුභ නමකි. එහි අර්ථයක්‌ද ඇත. මකර ලග්නයෙන් විසා නැකතේ පළමු පාදයෙන් බ්‍රහස්‌පතින්දා දවසක දුවක උපන්නා යෑයි සිතමු. ඇයට “තිළිණි” යන නම සුදුසුය. ලඝූ තුනක්‌ ඇති දේව ගණයට අයත් අර්ථවත් නමකි.

දරුවා දෙමව්පියන්ට මෙන්ම රටටද ජාතියටද සම්පතකි. නියම සම්පතක්‌ කරගැනීමට නම් හෙළ බසට ගැළපෙන අර්ථවත් ශුභ නමක්‌ තැබීම සුදුසු බව සඳහන් කරමි.

උපන් වෙලාව අනුව නමේ මුල් අකුරු ලබාගන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න.
Baby Names

We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here