සකල ලෝවැසි සත්වයන්ගේ හිත සුව පිණිස තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය තරම් ආරක්‍ෂාවක් මිනිසාට වෙනත් ක්‍රමයකින් ලබාගත හැකි නොවේ.
“ධමෙමා භවෙ රක්‌කතී ධම්මචාරි” යනුවෙන් දේශනා කර ඇත්තේද, ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්‍ෂා කරනු ලබන නිසාවෙනි.
එසේ නම් දෙලොවටම යහපත සලසන බුද්ධ දේශනාව අනුව කටයුතු කිරීමෙන් විශේෂයෙන් බෞද්ධයන්ට ලබාගත හැකි විපුල ඵල ප්‍රයෝජන අසීමිතය.
බුද්ධ දේශනාව සඳහන් සෑම පාලි ගාථාවකින්ම ලබාගත හැකි ආරක්‍ෂාවත්, මෙලොව දියුණුවට හිතකර තත්ත්වයක් උදාකර ගැනීමත් සඳහා බොදුනුවන් කටයුතු කිරීම දෙලොවටම වැඩදායක වනු නොඅනුමානය.
බුදුරජාණන් වහන්සේ වදාළ “සබ්බ පාපස්‌ස අකරණං” යන ගාථාව මහත් බල සහිත ගාථා රත්නයකි. ගුප්ත විද්‍යාත්මකව එයින් යහපත් වැඩ රාශියක් කළ හැකිය.
පොදුජන යහපත සඳහා එම ගාථාවෙන් කළ හැකි යහපත් ගුරුකම් කිහිපයක් පෙන්වාදීම මෙම ලිපියේ අරමුණයි.
විශේෂයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා එම ගාථා උපයෝගී කරගෙන කළ හැකි විවිධ ගුරුකම් රැසකි. වගාවන්ට හානි කරන කෘමි සතුන් ආදීන් අහිංසාවෙන් ඉවත්කර ගැනීමට මෙම ගාථා ඇතුළත් කෙම් ක්‍රමවලින් හැකියාව ලැබේ.
වී වගාවට හානි කරන ගොයම් මැස්‌සන්ගෙන් කුඹුර ආරක්‍ෂා කරගැනීමට මෙම ගාථා මුල්කරගත් කෙම් ක්‍රමයක් මෙසේ සඳහන් කළ හැක. ඒ සඳහා වූ සම්පූර්ණ ගාථා මෙසේය.
සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
එතං බුද්ධානු සාසනං
සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
එතං ධම්මානු සාසනං
සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
එතං සංඝානු සාසනං
එතං බුද්ධානු ඡෙදනං
එතං ධම්මානු ඡෙදනං
එතං සංඝානු ඡෙදනං
කළ යුතු කෙම් ක්‍රමය
පන්සලකින් සිවුරු කෑල්ලක් ගෙන එයින් පහන් තිර අඹරාගත යුතුය. කුඹුර මැද මල් පැල සාදා පහනට මීතෙල් දමා එහි තබා මෙම ගාථාවලින් 108 වරක් හෝ ඊට වැඩි වාර ගණනක් මී තෙලට මතුරන්න. එම තෙල් සහිත පහනට සිවුරු පහන් තිර දමා පහන දල්වා කතා නොකර පස්‌සෙන් පස්‌සට ගොස් කුඹුරෙන් පිටවන්න. වරු තුනක් ගතවන තුරු කුඹුරට නොයා යුතුය.
තුන්වරුව ගතවන විට මැස්‌සෝ කුඹුරෙන් පිටව යති. කුඹුරට හා වගාවන්ට හානි කරන තවත් සතකු ලෙස මීයෝ හැඳින්විය හැක. මීයෝ වගාව පමණක් නොව ගොවීන්ද විනාශ කරන තත්ත්වයට පැමිණ ඇත. මී උණ වැළඳුණ ගොවීහු සැලකියයුතු පිරිසක්‌ද පසුගිය කාලයේ අකාලයේ මරු වැළඳගත්හ.
මෙම ගාථාවන් උපයෝගී කරගෙන මීයන්ගෙන් වගාවට සිදුවන හානි වළකාගත හැක. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමය මෙසේය.
පූජනීය ස්‌ථානයක පිහිටි බෝධියකින් වියළී වැටී ඇති බෝපත්‍ර ටිකක් අහුලාගෙන පුලුස්‌සා අළු ගන්න. ගලායන දිය පහරකින් ලබාගත් නොපෑගුණ වැලි ටිකක් ගෙන බෝපත් පුලුස්‌සාගත් අළු සමග කලවම් කර මෙම ගාථාවලින් 108 වරක් මතුරා ගාථා කිය කියා කුඹුරේ ඉසින්න. ගොයම් ගස් මීයන් කැපීම නවතී. නොපෑගුණ වැලි ගත යුත්තේ දියපාර ගලාගෙන එන දිසාව බලාගෙනය.
කුඹුර වපුරන අවස්‌ථාවේ මෙම ගාථා කියමින් වී වපුරන්නේ නම් කෘමීන්ගෙන් වගාවට වන හානි වැළකේ.
රන් තැඹිලි තෙල් හෝ මී තෙල් මල් පැලක තබා මෙම ගාථාවලින් 108 වරක් මතුරා තිලක තබා ගැනීමෙන් ආරක්‍ෂාව සැලසේ. නූල් මතුරා කර දමා ගැනීමෙන්ද ආරක්‍ෂාව ලබාගත හැක.
නොපෑගුණ වැලිගෙන මෙම ගථාවලින් 108 වරක් මතුරා කැලයට දැමූවිට එම කැලයේ සතුන් දඩයම් කිරීමට නොහැකි වේ.
මාළු දැලකට මතුරා ගැටයක් ගැසුව හොත් මාළු අසුනොවේ. අසුවුවත් දැල පළාගෙන යති. වැලි ජලයට දැම්මොත් ඒ ස්‌ථානයේ මාළු අසු නොවේ. දඩයමේ යන අයගෙන් හුණු ටිකක් ඉල්ලගෙන මෙයින් මතුරා ගසක ගෑවොත් ඒ ගාපු තරමට ඉහළින් වෙඩිල්ල යයි. බිම ගෑවොත් වෙඩිල්ල බිමට වදී. සතුන්ට නොවදී.
දැඩි වේදනා සහිත හිස රදයට මෙම ගාථාවලින් තලතෙල් මතුරා ගාන්න. හිසරදය නැවතී සහනය සැලසේ.
මෙය බුදුන්වහන්සේ වදාළ ගාථාවක් නිසා පංචශීලයෙහි පිහිටා ප්‍රතිපත්තිගරුකව කටයුතු කිරීමෙන් ක්‍ෂණිකවම ප්‍රතිඵල ලබාගත හැකිය.
මෙම ගාථාවලින් යහපත් වැඩ 108 ක් ද, අයහපත් (නුගුණ) වැඩ 108 ක් ද කළ හැකි බව සඳහන් වේ. දැනගෙන කරනු නුගුණ නොකරනු යනුවෙන් ගුරු පොතේ සඳහන් වේ.
We found this article from Divaina on 2012/07/13.
Also Sinhala to English Google word to word translation can be found here