[ratings]
එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයෙහි විශාලා මහනුවර වැසි නොවැටීමෙන් මහා දුර්භික්‌ෂයක් ඇති විය. දරුණු ආහාර හිඟය නිසා බොහෝ දෙනා ජීවිතක්‍ෂයට පත් වූහ. මළ සිරුරු බැහැර කිරීමද අපහසු වූයෙන් ඒවා තැනින් තැන කුණුවීමෙන් දරුණු ලෙඩ රෝග හටගත්තේය. එයින් සිදුවූ මරණ සංඛ්‍යාවද දෙගුණ තෙගුණ විය. ඒ නිසාම අමනුෂ්‍යයින්ගේ පැමිණීමෙන් අමනුෂ්‍ය උපද්‍රවද ඇති විය. මෙකී රෝග – අමනුෂ්‍ය – දුර්භික්‍ෂ යන ත්‍රිවිධ උපද්‍රවයන් නිසා විශාලානුවර වැසියන්ට අපමණ දුක්‌ඛ දොමනස්‌සයන්ගෙන් පෙළෙන්නට සිදු විය.
එදවස එරට රජ කළ ලිච්ඡවි රජවරු රැස්‌ව සාකච්ඡා කොට මෙයට කළ යුතු එකම පිළියම බුදුරජාණන් වහන්සේ විශාලානුවරට වැඩම කරවීම බවට තීරණය කර බුදුරජාණන් වහන්සේ පුද පෙරහැරින් වඩම්මවනවාත් සමඟම මහ වැසි වැටී රටේ පිරී තිබූ මළ කුණු හා සියලු අපිරිසිදු දෑ සේදීගොස් රටවැසියන්ගේ සිතට සැනසිල්ල උදා විය.
අනතුරුව බුදුරජාණන් වහන්සේ අනඳහිමියනට “යංකිඤaචි චිත්තං ඉධ වා හුරං වා” යනාදී වශයෙන් රතන සූත්‍රය උගන්වා ලිච්ඡවි රජ කුමරුන් ද සහභාගි කරගෙන පාත්‍රයට පැන් රැගෙන “රතන සූත්‍රයෙන්” පිරිත් කර එම පැන් මුළු නුවරම ඉසින්නට නියම කළ සේක.
එසේ කිරීමෙන් සියලු උවදුරු දුරු වී මුළු රටටම අප්‍රමාණ ශාන්තියක් සැලසුණේය.
අර්ථවත් විව නම් වූ යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විවන් අභිබවා යන අසීමිත බුදධ ආඥා බලය පිහිටියා වූ මහානුභාවසම්පන්න රතන සූත්‍ර දේශනාවෙහි අදෘශ්‍යමාන ආඥා ආනුභාව බලමහිමය කෝටි ලක්‍ෂයක් සක්‌වල මුළුල්ලේ පැතිර පවතින්නේ ප්‍රාතිහාර්යයක් වශයෙනි. බොහෝ අතුරු ආන්තරා බහුල කාල විපත්තියෙන් ගහණව පවත්නා මේ කාලයේ තමන්ටත් අනුන්ටත් රටටත් ලොවටත් ආරක්‍ෂාව සෙත ශාන්තිය පතා මෙත් කරුණා ගුණයෙහි පිහිටා සෑම බෞද්ධයෙක් විසින්ම මෙකී බලගතු රතන සූත්‍ර දේශනාව උදේ සවස ගායනා කිරීම බොහෝ ප්‍රතිඵලදායකය.
මේ රතනසූත්‍ර දේශනාවේ මුලටම තියෙන්නෙ දෙවියන්ට කළ ආරාධනයක් සහ අනුශාසනාවක්. ඊළඟට මැද ගාථා දොළහක් තියෙනවා. බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ දැක්‌වෙන සත්‍යක්‍රියා ගාථා. අවසානයට ගාථා තුනක් තියෙනවා සක් දෙවි රජ අහසේ සිට බිමට බැහැලා සර්වඥායන් වහන්සේගේ සිරිපතුල වඳිමින් සියලු දෙවියන් වෙනුවෙන් වන්දනා කළ ගාථා. මැද තියෙන ගාථා දොළහ තමයි සත්‍යක්‍රියා ගාථා.
මෙසේ අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් යුත් රතන සූත්‍රයේ එන අති ප්‍රබල ගාථා පාඨ යොදා ගනිමින් අපේ පැරණි සෘෂිවරු රතන යන්ත්‍රය නමින් යන්ත්‍ර කිහිපයක් ප්‍රස්‌ථාරගතකොට ඇති අතර මෙම යන්ත්‍ර නිවසේ තබා පුදසත්කාර කිරීම හෝ කර පැළඳීමෙන් බොහෝ සුබඵල ළඟාකර ගත හැකිය.
මෙම යන්ත්‍ර භාවිතා කරමින් රතන සූත්‍රය උදේ සවස
සඡ්Cධායනා කරන ඕනෑම පුද්ගලයෙක් සෑම දිනකම සැපෙන් නිදනවා. අවදිවෙනවා. නපුරු සිහින නොදකිනවා, දෙවියන්ට මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්‍ෂාව ලැබෙනවා. සිතේ සමාධි ගුණය වැඩෙනවා. මුහුණ හා ශරීරය ප්‍රසන්න වෙනවා. යන එන ගමන බිමන කරන කියන සෑම කටයුත්තක්‌ම සාර්ථක වෙනවා. බිය උවදුරු නැතිවෙනවා. සතුන්ගෙන් සර්පයන්ගෙන් ඇතිවන හිංසාවන්ගෙන් වළකිනවා. යක්‍ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්‌ඩාදීන්ගෙන් ඈත් වෙනවා. මරණාසන්න මොහොතේ මනා සිහියෙන් යුක්‌ත වෙන්න සමත් වෙනවා. මරණින් මතු අගතිගාමී වෙනවා.
තවද සසර ගමනේදී නිවන් දකිනතුරු මිසදිටු නොගන්නෙක් වෙනවා. උපදින සෑම භවයක් පාසා සම්මා දිට්‌ඨික වෙනවා. සසර ගමනේදී පිට සක්‌වල නූපදින අතර මංගල සක්‌වළ උපදිනවා. හැම භවයකදීම කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබනවා. සද්ධර්මය අහන්න ලැබෙනවා.ඒ නිසාම යෝනියෝ මනසිකාරයක් ලැබෙනවා ලොව්තුරා බුදු කෙනෙකුන් වහන්සේ නමක පහළ වුණොත් තමා වෙත උන්වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේගෙන් ධර්මය ඇසූ පමණින් මග ඵල නිවන් ලබන්න වාසනාවන්ත වෙනවා.
රතන යන්ත්‍රය මනාව ප්‍රස්‌ථාරගත කර රතන සූත්‍රයෙන් 108 වරක් හෝ 336 වරක් පිරිත් කර පැළඳීමෙන් මාරක ඒරාෂ්ඨක අපලවලින් මිදී යහපත් ජීවිතයක් ගතකළ හැකි වෙනවා මෙන්ම සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට හැකිය.
ඒ සඳහා යොමු වන ඔබ ශාස්‌ත්‍රය පිළිබඳ මනා වැටහීමක් ඇති අයෙකු ලවා නිසිලෙස යන්ත්‍රය ප්‍රස්‌තාර ගත කොට අදාළ වාර ගණනින් ජීවම්කරගන්න. පසුව දෙහි කපා දෝෂ ඉවත් කරගෙන කර පැළඳීමට මතක තබාගන්න.
යන්ත්‍ර ප්‍රස්‌ථාරගත කරන ඇදුරන්ද මස් මාංස වලින් මත්වතුර වලින් තොරව දැහැමිව ඊශාන දිසාව බලා මල් බුලත්තටුවක් තනා කරණීය මෙත්ත සූත්‍රය 3 ක් වරක් ගායනාකොට සතරවරම් දෙවියන් ඇතුළු දේවතා මණ්‌ඩලයට ආරාධනා කොට පිං පෙත් අනුමෝදන් කර ජීවම ආරම්භ කළ යුතුය.
රතන සූත්‍ර ආරක්‍ෂා බන්ධනය
එතෙන සච්ච වජ්ජෙන දුක්‌ඛා වූපසමෙන්තු මෙ (තෙ)
එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (තෙ)
එතෙන සච්ච වජ්ජෙන රොගා වූපසමෙන්තු මෙ (තෙ)
එතෙන සච්ච වජ්ජෙන ආයු තෙ අභිවඩ්ඪතු
එතෙන සච්ච ව්ජ්ජෙන වණ්‌ණො තෙ අභිවඩ්ඪතු
එතෙන සච්ච වජ්ජෙන සුඛං තෙ අභිවඩ්ඪතු
එතෙන සච්ච වජ්ජෙන බලං තෙ අභිවඩ්ඪතු
එතෙන සච්ච වජ්ජෙන පඤaඤදා තෙ අභිවඩ්ඪතු
එතෙන සච්ච වජ්ජෙන ආරොග්‍යං තෙ අභිවඩ්ඪතු
එතෙන සච්ච ව-ජෙන ඉමස්‌මිච ඝරස්‌මිං ඉමස්‌මිඤචඝර වත්ථුස්‌මි, භික්‌ඛුනං භික්‌ඛුණීනං උපාසකානං උපාසිකානං නෙවාසිකානං අප්පියා අමනාපා අනත්ථකාමා අභිතකාමා අයොගක්‌ඛෙම කාමා අඵාසුක කාමා ම්ච්ඡා දිට්‌ඨිකා මච්ඡා පටිපන්නා පිළිබොධ කාරකා යෙ තෙ භූතා පිසාචා කුම්භාණ්‌ඩා යක්‌ඛා පෙතා භෙරවා අමනුස්‌සා චොරා ආගුචාරිනො පාප මිත්තා දීඝ ජාතිනො සිරිංසපා ඩංසා මකසා මංකුණා මූසිකා ඝරගොලිකා කුන්ථකි පිල්ලිකා කුක්‌කුර සුනඛා බිළාරා මූසිකාසතපදී උණ්‌ණානාහි අපාද දීපාද චතුප්පාද බහුප්පාදා. තෙපි සබ්බෙ සදා අරොගා අබ්‍යාප-ධා අනිඝා චිරං දීඝමද්ධානං ස‚ අත්තානං පරිහරන්තු. තථාපි තෙ ඉමම්හා ච ඝරම්හා ඉමම්භාච ඝරවත්ඨුම්හා පටික්‌කමන්තු පලායන්තු නස්‌සන්තු විනස්‌සන්තු දූරෙ වස්‌සතු මා පුනරාගමිංසු එතෙන සච්ච ව-ජෙන රක්‌ඛං බන්ධාම සබ්බසො///
සිංහල තේරුම
මේ රතන සූත්‍රාන්ත දේශනාවේ ආනුභාවයෙන් මේ ගෘහයෙහිද, මේ ගෘහ වස්‌තුවෙහිද භික්‍ෂූන්ටද, භික්‍ෂුණීන්ටද, උපාසකයන්ටද, උපාසිකාවන්ටද, නේවාසිකයන්ට අප්‍රිය, අමනාප, අනර්ථකාමී, අහිතකාමී, විපත් කරනු කැමැති, අපහසුතා කරනු කැමැති, මිථ්‍යා දෘෂ්ටික, මිථ්‍යා ප්‍රතිපන්න, පළිබොධ කරන යම්තාක් භූතද පිසාච, කුම්භාණ්‌ඩ, යක්‍ෂ, ප්‍රේත, භෛරව අමනුෂ්‍යයෝ වෙත් නම් ඒ සියල්ලෝම ද නපුරු සොර සතුරු පාපමිත්‍රයෝ ද දීර්ඝ ජාතික සර්පයෝද මැසි මදුරුවෝද මකුණෝද, මීයෝ ද සූණු, සිකනල්ලුද, කුහුඹු, කඩි, දිමියෝද, සුනඛයෝද, බළල්ලුද, ගරුඬ-පත්තෑයෝද, දිය මකුළුවෝ ද පා නැති සත්තු ද දෙපා ඇති සත්තු ද සිව්පා සත්තුද බොහෝ පා ඇති සත්තු ද යන ඒ සියලු සත්ත්වයෝ ද සෑම කල්හි නිදුක් වෙත්වා· නීරෝගි වෙත්වා· සුවපත් වෙත්වා· දීර්ඝ කාලයක් සුවසේ ජීවත් වෙත්වා· එසේ වුවත් ඒ සියල්ලෝම මේ ගෘහයෙන් ද මේ ගෘහ වස්‌තුවෙන් ද ඉවත් වෙත්වා· පලා යත්වා· රැඳී නොසිටිත්වා· විශේෂයෙන් රැඳී නොසිටිත්වා· දුරස්‌ථව වෙසෙත්වා· නැවත ආපසු නොපැමිණෙත්වා· මේ රතන සූත්‍රාන්ත දේශනාවේ සත්‍යානුභාව බලයෙන් හාත්පසින් ආරක්‍ෂා බණ්‌ධනය කරමි.
සැ. යු. ඝරස්‌මිං – ඝර වත්ථුස්‌මිං යන තැනට අවශ්‍ය වචනයක් යොදාගත යුතුය. විහාරස්‌ථානයකට නම් ආරාමස්‌මිං – ආරාම වත්ථුස්‌මිං යනුවෙනි. කෙත් වතු ආදියකට නම් ඛෙත්තස්‌මිං – බෙත්ත වත්ථුස්‌මිං යනුවෙනි.
(දැහැමින් ජීවත් වන්නා වූද, ශීලාදී උතුම් ගුණ වඩන්නා වූද, ගිහි පැවිදි සෑම දෙනාටම මුහුණ පෑමට සිදුවන බාහිර බාධවන් වළකාගෙන ආරක්‍ෂාව සලසා ගැනීම පිණිස විශේෂයෙන් පිහිටවන සත්‍ය ක්‍රියාමය ආරක්‍ෂා බන්ධනයකි.)
මෙම රතන සූත්‍ර ආරක්‍ෂක බන්ධනය නිවැරදිව භක්‌තියෙන් උදේ සවස නිවසේදී හෝ ව්‍යාපාරික ස්‌ථානයේදී බුදුන් වැඳීමෙන් අනතුරුව ගායනා කිරීමෙන් සියලු කරදර නිමාවී ආරක්‍ෂාව සැලසේ.
We found this article from Divaina on 2011/10/28.
Also Sinhala to English Google word to word translation can be found here