[ratings]
ජන්ම පත්‍රයක් නොහොත් කේන්ද්‍රයක් ගැන විධිමත්ව පරීක්ෂා කිරීමේදී එකට පැටලුන නූල්බෝලයක් ක්‍රමවත්ව ලිහන්නාක් මෙන් ඉතා සියුම්ව අවශ්‍ය කරුණු කාරණා ගැන සැලකිලිමත් විය යුතු වන්නේය. ඉපැරණි ජ්‍යෙතිෂ්‍ය කතුවරුන් පවා මරණය සිදු වන කාලය ගැන නිශ්චිතවම ප්‍රකාශ කිරීමට නිර්දේශ කර නැති බව අදාළ ග්රන්ථ මගින් හෙළිවෙයි. ආයුෂ හීන වීමෙන්ම මරණය සිදු වන්නේ නැත. ආයුෂ ඇති අයගෙන් සමහරක් අතුරු අනතුරු (උදා – ජලගැලීම් සුනාමි, හදිසි ආබාධ, යුද්ධ, හදිසි රිය අනතුරු ආදී) වලට භාජන වී ජීවිත අවසන් කරගනිති.
කේන්ද්‍රයේ මරණය ගැන පරීක්ෂා කිරීමේදී දෙවැන්න, තෙවැන්න, හත්වැන්න සහ අටවැන්න යන ස්ථානවලින් මරණය හා ආයුෂ ගැන බැලේ. මරණය සිදුවන ක්‍රමය, ලෙඩ රෝගවලින් මරණය සදුවේද ඒ කොතෙක් කල්යාද, යන්න නිශ්චය කළ හැකිය. යටකී සිව් ස්ථානයන්හි ග්‍රහ අධිපතිත්වය දරන්නන් දුර්වලව සතුරු රාශි ගතව සිටී නම් ආයු බල අඩුවේ. කේන්ද්‍රය විසි දෙවැනි දෙකාර්ණයට අධිපති ග්‍රහයා සහ සිව් සැටවන නවාංශක අධිපතියාද මාරක අවස්ථා උදා කරයි. එපමණක්ම නොව හත්වන දෙකාර්ණයත් දහනම වන නවාංශක අධිපතියාගෙන්ද මාරක ගෙන දෙයි. කේන්ද්‍රයේ 06-08-12 වැනි ස්ථාන වලට අධිපති ග්‍රහයින් සේම දුෂ්ඨ මහදශා අධිපතියන්ගේ කාලයේදී අතුරු දශා විදශා, වලදීද මාරක අපල ගෙනදීමට ඉඩ ඇත.
කෲර ග්‍රහයින් අටවැන්නේ අධිපතිවීම හා අටවැන්න දැකීම අශුභයි. මේ අනුව ආයුෂ හීන කරන ග්‍රහ පිහිටීම තිබුණත් අටවැන්න අධිපති ග්‍රහයා උච්චව සිටී නම් විශ්‍රාමික අවස්ථාව තෙක් (වයස 60 ක් පමණ) ජීවත් විය හැකිවේ.
ටීකාකාරයන්ගේ මතයට අනුව (වරාහ මිහිර) ලග්න චන්ද්‍ර දෙදෙන එකම ස්ථානයක හෝ වෙන් වෙන්ව හෝ පාප ග්‍රහයින් දෙදෙනකු අතර (මැද) සිටිවිට සෞම්‍ය ග්‍රහයින් විසින් නොදකින විට ගැබිනියක වූ ස්ත්‍රිය මරණයට පත්වන වග පසක් කරයි. ග්‍රහණ වු සඳු ශනි සමග ලග්නයෙහි (01) සිටි කල හා කුජ 08 වැන්නේ වීමෙන් මවත් දරුවාත් දෙදෙනාම මරණයට පත්වන වග සඳහන්වෙයි.
08 වැන්න අධිපතියාගෙන් ශුභ ඵල අපේක්ෂා කළ නොහැකි තරම්ය. මොහු සෞම්‍ය නොවන ග්රහයෙකු නම් ( කෲර) යහපතක් සිදු වන්නේ නැත. එහෙත් අට අධිපති ග්‍රහයා 08 වැන්නේම උපතේදී සිටි විට ලෙඩ රෝග වලින් වැළකේ. එහෙත් ජීවන රටාව දූෂිතවේ.
අට අධිපති ග්‍රහයා ලග්න ගතව (01) සිටි විට එවන් තැනැත්තාට, තැනැත්තියට, ලෙඩරෝග, හදිසි අනතුරු වලට භාජන වීම සිදු වන්නේය. අට අධිපතියා පාපියෙකු නම් ආයුෂ අඩුයි. එසේ වන්නේ ඔහු 02 වැන්නේ සිටිවිටය.
අට අධිපතියා 06 වැන්නේ සිටීමද ශුභ දායක නැත. මොහු ගුරු සමග සිටී නම් මරණයට ළඟාවන රෝගී අයකු වන්නේය. කෲර වූ ග්‍රහයින් අට වැන්නේ අධිපති වීම හෝ තැන්පත්වීම හෝ අට දැකීම හෝ අශුභ පල ලබා දීමට හේතුවක් වන්නේය. මධ්‍යම ආයුෂ ගෙන දීම සිදුවන්නේ ජන්ම පත්‍රයේ කේතු ග්‍රහයා අට වැන්නේ ධනු හෝ වෘශ්චික රාශියක සිටි විටය. ලෙඩ රෝග වලින් පෙළෙන අයකු ද කරයි. අට වැන්නේ කේතු නීචව මිථුන හෝ වෘෂභ රාශි ගතව සිටිවිට වාහන අනතුරු වලට ලක්වේ. අර්ශස් රෝග පීඩා වලින්ද පෙළේ. කුජ (අඟහරු) නීචව හා සතුරුව, ( කටක හා වෘෂභ, තුලා, කුම්භ රාශියක) 08 වැන්නේ සිටිවිට ආයුෂ අඩුවේ.
අට අධිපතියා 07 වැන්නේ වීමෙන් (බිරිඳ/ ස්වාමීපුරුෂයා) බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට අකල් මරණ යෙදෙයි. පාප ග්රහයෙකු සතුරුව නීච ස්ථානව 08 ට පැමිණියහොත් හෝ පාප ග්රහයින්ගේ දර්ශනයට ලක් වුවහොත් බිරිඳට ඉතාමත් බරපතල අශුභ තත්ත්වයක් ඇති කරයි. 08 වැනි ස්ථානයේ ග්රහයෙකු නැති හඳහනක් ඇති අයකුට යම් සහනයක් උදා වනු ඇත. කොහොම නමුත් කේන්ද්‍රයේ අට වැනි ස්ථානයේ යම් ග්රහයෙකු උච්චව හෝ ස්වක්ෂේත්රව බලයෙන් සිටීනම් මරණය ගැන බියක් ඇති කර ගත යුතු නැත.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here