මැණික්‌ පළඳා අපල දුරු කරගන්න

3240
මැණික්‌
මැණික්‌

[ratings]

මැණික්‌ ගැන අප කවුරුත් අසා ඇත. පොළොවෙහි යට ඇති මෙම මැණික්‌වලට අධිපති වශයෙන් හැඳින් වනුයේ පොළොව මහී කාන්තා දෙවියන් සහ බහිරව බව පුරාණයේ සිට එන මතයකි. මැණික්‌ කැටයක්‌ පැළඳීමත් එක්‌තරා වාසනාවක්‌ බව අප කවුරුත් දන්නා දෙයකි. නමුත් අද වැඩි වශයෙන් මැණික්‌ වෙනුවට පළඳින්නේ වීදුරුය. එයට හේතුව මැණික්‌ ගැන නොදන්නා නිසාය.

ජ්‍යෙතිෂ් ශාස්‌ත්‍රය ලොවට බිහිකළ පැරැණි ඉසිවරු මනුෂ්‍යයාට පැවැතෙන නවග්‍රහයන්ගේ අපල සඳහා නොයෙක්‌ විදියේ නා නා ආකාරයට ශාන්තිකර්ම කරති. තමාට බල පැවැත්වෙන ග්‍රහ අපලය සඳහා මැණික්‌ බැඳි ආභරණයක්‌ පැළඳීමෙන් අපල දුරු වී වාසනාවන්ත කාලයක්‌ උදාවන බව පැරැණි ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයන්ගේ මතයයි. මෙයට අමතරව ග්‍රහයාට හිමි වෘක්‌ෂයක්‌ද ඇත.

රෝග වළක්‌වාලීමේ හා රෝග සුව කිරීමේ ශක්‌තිය මැණික්‌වලට තිබෙන බව ඈත අතිතයේ සිට බොහෝ රටවල පිළිගෙන ඇති මතයයි. ග්‍රහයන්ගේ දශා කාලවලදී වැළඳිය හැකි රෝග කරදර දුරුකර දියුණුව උදාකර ගැනීම උදෙසා ලංකාවේ වාගේම පිටරටවල මිනිසුන් මැණික්‌ කැට ඔබ්බවා ස්‌වර්ණාභරණ පළඳී.

ග්‍රහ අපල සඳහා පළඳින මැණික ඉතාම පිරිසිදුව පළුදු නොමැතිව තිබිය යුතුය. සමහර අයගේ මතය වී ඇත්තේ ග්‍රහ අපල සඳහා පළඳින මැණික ත්‍රාත් දෙකක්‌ පමණ බර අවශ්‍ය බවය. නමුත් කුඩා ළදරුවකුට යම් ග්‍රහ අපල ඇත්නම් ඒ දරුවාට ත්‍රාත් දෙකක්‌ බර ඇති මැණිකක්‌ පැළඳීමට නොහැක. එයට කරනුයේ එම ග්‍රහයාට අවශ්‍ය කුඩා මැණික්‌ ගෙන පංචායුධයකට සවි කිරීමය. නමුත් අද බොහෝ දෙනා මැණික්‌ කියා පළඳින්නේ වීදුරු කැටය. නවරත්නයට මැණික්‌ 9 ක්‌ පමණය. මෙයට මුතු ද එක්‌වේ. එක්‌ එක්‌ ග්‍රහයා හට පහත සඳහන් ආකාරයට මැණික්‌ පළඳී.

රවි – ඉරු පැළඳිය යුතු පාෂාණ – පද්මරාග. හිමි වෘක්‌ෂය – ඉඹුල් වෘක්‌ෂයට සාත්තු කිරීම. මෙහි පැහැය නෙළුම් මල් රොන්වල පාටට සමකළ හැක. තවත් සමහර අය කොරල් පළඳී.

කුජ අඟහරු – පැළඳිය යුතු පාෂාණ – කොරල්, රතු මැණික්‌. හිමි වෘක්‌ෂය – කොළොන් වෘක්‌ෂයට සාත්තු කිරීම.

චන්ද්‍ර සඳු – පැළඳිය යුතු පාෂාණ – මුතු. දිඹුල් වෘක්‌ෂයට සාත්තු කිරීම. චන්ද්‍ර යන නමින් හැඳින්වෙන ග්‍රහයා හට චන්ද්‍රකාන්ත යන නම පළඳී. නමුත් මෙයට පළඳින්නේ මුතුය. මෙය ගැඹුරු මුහුදේ මුතු බෙල්ලන්ගෙන් ලබාගන්නා මුතුය. (බෙල්ලන්ගෙන් ලබාගනී.)

සිකුරු – පැළඳිය යුතු පාෂාණ – සුදු නිල්. හිමි වෘක්‌ෂය – කරඳ වෘක්‍ෂයට සාත්තු කිරීම.

බුධ – පැළඳිය යුතු පාෂාණ – මරකත පච්ච. කොහොඹ වෘක්‌ෂයට සාත්තු කිරීම. මෙය ඉංග්‍රීසියෙන් කියනුයේ (EMARALD) කියාය. මෙම මරකත පච්චය ඉතාම කොළ පාටය. මැණික්‌ කැටයක්‌ විය යුතුය.

බ්‍රහස්‌පතී – පැළඳිය යුතු පාෂාණ – පුෂ්පරාග. – හිමි වෘක්‌ෂය – බෝ වෘක්‌ෂයට සාත්තු කිරීම. මෙම මැණික කහ පාටය. මෙය ඉංග්‍රීසියෙන් කියනුයේ (Yellow sapphire) යනුවෙනි.

සෙනසුරු – පැළඳිය යුතු පාෂාණ – කාක නිල් ඉන්ද්‍රණීල. හිමි වෘක්‌ෂය – නුග වෘක්‍ෂයට සාත්තු කිරීම. මෙය සෙනසුරුගේ අපලයට, තමාගේ ආරක්‌ෂාවට මැණික වේ. මෙය බැලූ බැල්මට නිල්පාටට පෙනේ. මෙය කරුවල ස්‌ථානයක සුදු රෙදි කැබැල්ලක්‌ මත ටෝච් එළියකින් බැලූ විට රත් පැහැය පෙනේ. නමුත් ඉන්ද්‍රනිල් මැණික වෙනුවට සෙනසුරු අපලයට කාකනිල් මැණික්‌ පළඳී. මෙය බැලූ බැල්මට කපුටගේ කපුටු පාට (කළුපාට) පෙනේ. සැර විදුලි එළියට මෙයින් යාන්තමට නිල්පාට පෙන්නුම් කරයි.
රාහු – පැළඳිය යුතු පාෂාණ – ගොAමේද. හිමි වෘක්‍ෂය – වැටකෙයියා වෘක්‌ෂයට සාත්තු කිරීම. මෙහි පාට තද තැඹිලි රන්වන් පාටට හුරුයි. මෙසේ විය යුතු අතර මේ ගෝමේද මැණික ඉතාම පිරිසිදු විය යුතුය. මෙයට ඉංග්‍රීසියෙන් ඇසනයිට්‌ ගානට්‌ යෑයි කියනු ලැබේ.

කේතුට – පැළඳිය යුතු පාෂාණ – වෛරෝඩි. හිමි වෘක්‌ෂය – කෙසෙල් වෘක්‌ෂයට සාත්තු කිරීම. මෙයට ඉංග්‍රීසියෙන් ( කැට්‌ස්‌ අයි යෑයි කියනු ලැබේ. වෛරෝඩි මැණික්‌ ගලක්‌ කපා ඔපදැමූ විට තනි ඉරක්‌ මෙන් එළියකA මැණික්‌ ගල යට පාසා නමින් මතු වේ. මෙය ලා කහපාටයි. ලා කොළ පාට, මූ ඇට පාට, පැණි පාටවලින් ඇත. පැණි පාට වෛරෝඩියට හනිකැට්‌ස්‌ අයි යනුවෙන් හඳුන්වයි.

ගණිත ක්‍රමය අනුව උපන් මාසවල මැණික්‌ පැළඳීම

උපන් අවුරුද්ද, මාසය, දිනය මෙය ඉලක්‌කම්වලින් එකතු කළ යුතුය. ඉන්පසු එකතු කළ ගණන එකතු කළ විට එකේ සිට නවය දක්‌වා අතරතුර ගණනක්‌ වේ. එවිට එම ඉලක්‌කම් අනුව රතු, මුතු, ඇඹකිස්‌, ගෝමේද, නිල්මරකත පච්ච, වෛරෝඩි, නිල් මැණික්‌, පද්මරාජ වැනි මැණික්‌ වර්ග පළඳී.

පසින්ගල් – මෙම මැණික ඉතාම දුර්ලභ ගණයේ මැණිකක්‌ය. මෙය වැඩි වශයෙන් කෙසෙල් දල්ලේ පාටට කොළ පාට පෙනේ. මෙම මැණික සුදු රෙද්දක්‌ මත තබා කරුවල ස්‌ථානයකදී ටෝච් එළියකින් බැලූ විට රතු පාටට පෙනේ. මෙයට ඉංග්‍රීසි භාෂාවෙන් කියනුයේ ඇලෙක්‌සන්ඩ්‍රයිට්‌ යනුවෙනි. පසින්ගල් වෛරෝඩිද ඇත. මෙයට ඉංග්‍රීසියෙන් ඇලෙක්‌ස්‌න්ඩ්‍රයිට්‌ කැට්‌ස්‌ අයි කියයි. පුරාණ මතයක්‌ වී ඇත්තේ පසින්ගල් නමැති මැණික්‌ ඉතාම වාසනාවන්ත මැණිකක්‌ බවයි.

විශේෂයෙන් පසින්ගල් මැණික්‌ පළඳින්නේ දියුණුව උදෙසා බව පුරාණයේ සිට එන මතයයි. දැන් ඔබ මැණික්‌ ගැන සාමාන්‍යයෙන් දැන හැඳින ඇතැයි සිතන අතර අද සමහර කූටයෝ මුදල් හම්බ කරන ෙච්තනාවෙන් මැණික්‌ කියා වීදුරු කැබැලි කපා ඔප දමා විකුණති. තවද පිටරටවල්වලින් වීදුරු බාර් එති. එය කපා ඔපදමා මැණික්‌ කියා විකුණති. මුදල් හම්බ කිරීම සඳහා ග්‍රහ අපලයට මැණික්‌ ගන්නා විට විශ්වාසවන්ත ස්‌ථානයකින් විශ්වාසවන්ත මැණික්‌ හඳුනන අයකුගෙන් මැණික්‌ ගත යුතුයි. නවරත්න මුද්දක්‌ පැළඳිය යුත්තේ රාහු කාලයට පෙරයි. මුද්දට මැණික්‌ එබ්බවිය යුත්තේ රාහු කාලයට පෙරයි. නියම මැණික්‌ පැළඳීමෙන් ග්‍රහ අපල දුරු වී සැපත ශාන්තිය දියුණුව උදා කරයි. ග්‍රහ අපල ඇති බෞද්ධ අය බෝධි පූජා පැවැත්වීම සුබයි. ග්‍රහ අපලවලට පළඳින මුද්ද බෝධීන් වහන්සේගේ යට සිට ඉර පායන නැගෙනහිර බලා පැළඳීම සුබයි. රාහු කාලයට පෙර දෙමළ ජාතිකයන් කෝවිලේ නවග්‍රහ පූජාව පවත්වා අපලවලට ගල් බැඳී මුදු පළඳී. ක්‍රිස්‌තියානු ආගමිකයන් දේව මෙහෙයෙන් පසු පල්ලියේ පූජක තුමාට මැණික්‌ ගල් බැඳි මුද්ද දී ආශිර්වාද කර පැළඳ ගැනීම සුබයි. තනි මැණික්‌ ගල් පැළඳීමේදී තමාගේ කේන්ද්‍රය පළපුරුදු ශාස්‌ත්‍රඥ මහතකු ලවා බලාගෙන ඒ අනුව මැණික්‌ පැළඳිය යුතු බව පුරාණයේ සිට එන මතයකි. මෙය සත්‍යයකි. නමුත් අද වැඩි වශයෙන් දුකට, කරදරයකට පත් වූවාට පසු මිනිසුන් පන්සල්, කෝවිල්, පල්ලිවලට පිහිට පතා යයි. යම්කිසි අයෙක්‌ බෝධි පූජා, ග්‍රහ පූජා පවත්වා හරියාකාරව තමාගේ ආගම හිතට එකඟව ඇදහීමෙන් සියලු දොස්‌ දුරු වෙයි. හරක්‌ මස්‌ කෑමෙන් වළකින අයට සැපත ශාන්තිය දියුණුව උදා කරයි.

We found this article from Divaina on 2012/06/08.
Also Sinhala to English Google word to word translation can be found here