[ratings]
රත්නද්වීපය, රත්න දේශය ආදී මිණිකැට සම්බන්ධිත නාමයන්ගෙන් ශ්‍රී ලංකාව හඳුන්වා ඇති බව පැරැණි ග්‍රන්ථවල සඳහන් ය. ලක්දිව ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රධාන හේතුවකි මාණික්‍ය රත්නය. මේ නිසාම වෙළෙඳුන්ගෙන් හා ආක්රමණිකයන්ගෙන්ද අපට අනේක විධ කරදර ඇති වී ඇත. එකල මැණික් පිටරට යෑවූ වෙළෙඳ ද්‍රව්‍යයකි. ඒ බව කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්රයේ ද දැක්වේ. ඉන්දියාවේ යුධීශ්වර රජුට මෙරටින් තෑගි පිණිස මැණික් යවා ඇත. ඒ බව මහා භාරතය පවසයි. අරාබි නැව් පහළොවක් ශ්‍රී ලංකාවේ මැණික් ගැනීමට පැමිණ තිබුණ බව වජිරපානී නමැත්තා දුටුවේ යෑයිද ඉතිහාසය කියයි.
මහ පැරකුම්බා රජතුමා මැණික් කර්මාන්තය විමසීමට ආකර භාර නිලමේ කෙනකු පත් කර තිබේ. එකල අනවසරයෙන් මැණික් ගැරීමට මරණ දඬුවම නියම විය. සංස්කෘත මහා කාව්‍යයේ ශ්‍රී විෂ්ණුගේ පැහැය ලංකාවේ ඉන්ද්රනීල මාණික්‍යයට උපමා කර ඇත. පැරැණි රාජ මාළිගා තුළ බිත්ති හා ආසන මැණික්වලින් අලංකාර කර තිබුණු වග සන්දේශ කාව්‍යවල සඳහන් ය. කොළඹ කටුගෙයි ඇති පැරැණි සිංහාසනයට මැණික් අල්ලා ඇති සැටි අදත් දැකිය හැකිය. මැණික් පුටුවක අරගලයක් නිසා බුදුන් වහන්සේ ද ලක්දිවට වරක් වැඩි සේක.
හියුංසියෑං නමැති චීන ගවේශකයා ශ්‍රී ලංකාවේදී දුටු පද්මරාග මාණික්‍යයක් ගැන කියයි. ශ්‍රී රාමචන්ද්‍ර කවි භාරතී පැරැණි පඬිවරයා සිය වෘත්තමාලා ව්යාඛ්යාවේ “නවරත්නයන්ගෙන් පිරී ඉතිරී ගිය ලංකාව” යෑයි ලියා තිබේ. ලෝකයේ ඉතා අලංකාරම මාණික්‍ය ඇත්තේ ලංකාවේ බව “මාර්කෝ පෝලෝ” පවසා ඇත. පාහියන් ද වරාහ මිහිර ද ලංකා මාණික්‍ය ගැන පවසා තිබේ.
වෛරෝඩි, මරකත, රත, නිල, හා පුෂ්පරාග ලංකාවේ ලැබෙන ප්‍රධාන මැණික් වර්ගයන්ය. තෝරමල්ලි, පදියම්, රබහ, පුනක්නම් ආදිය මැණික් ආශ්‍රිතව ඇති පාෂාණයන්ය. ඒවායේ මිල අඩුය.
ඉන්ද්‍රනීලය, චන්ද්රකාන්තිය, සූර්යකාන්තිය යන මැණික් ලැබීම දුර්ලභ වෙයි. වෛරෝඩි ප්‍රධාන ලෙස කොටස් හතරකි.
වෛරෝඩි, සූර්ය, කෘෂ්ණ හා ක්ෂීර යනුවෙනි. අතීතයේදී ශ්‍රී ලංකාවට පැමිණි මුක්කරු නම් මිනිස්සු ලක්දිව සැරිසරා මැණික් ගරා ඇත. සද්ධාතිස්ස රජතුමා මොවුන් පන්නා දමා ගමන් කළ නැවද ගිල් වූ බව කියති.
නූල් හයක් මෙන් බැබලෙන මිණි කැටයකට ආරුනූල් යෑයි කියති. පුෂ්පරාග මැණික චෛත්‍ය මස්aතකයට පළඳවති. රාජකීය ළඳුන්ගේ “මෙවුළා” නම් ආභරණයට මැණික් කවා තිබුණි. ලෝකයේ සියලුම කාන්තාවන් අදත් මැණික් කෙරෙහි ආශා කරති. සිරුරේ මිණිකැට පළ¹ කාන්තිමත් ලෙස ජීවත් වීමට රුචි කරති. අදත් ඇතමුන් ළඳුන්ට “මැණිකේ” කියා අමතනු ලබති.
ගැඹුරු හා නොගැඹුරු ලෙස ලබා මැණික් පතල් ක්‍රම දෙකකි. කැරට් ගානට මැණික් කැට මනිනු ලබයි. මිල විවිධය. මැණික් කෙනකුගේ ජීවිතය බැබළවීමට මෙන්ම විනාශයට ද හේතු වෙයි. “හෝප් දියමන්තිය” මිනිසුන් විනාශ කළේය. ගමන් මැණික් නමින් විනාශකාරී මිණිකැටයක් ද මහපොළව යට තිබේ. පුද්ගලයාගේ ග්‍රහ බලය අනුව මැණික් ලාභ ලබයි. මැණික් හා ග්‍රහ වස්තූන් අතර බැඳීමක් වෙති. මිණිකැට ඇතමුන්ගේ පයටද ගැටේ. ග්‍රහ අපල සඳහා ද මිණිකැට උපකාරී වෙයි.
විවිධ මාණික්‍යයන්ගේ රශ්මි කිරණ ශරීරයේ ඒ ඒ දුබලතාවන්ට ගුණදායක වෙයි. “නවරත්න” මුදුව “නවරත්න මාලය” ධනවතුන් විසින් පරිහරණය කරති. රජුගේ ඔටුන්නටද මිණිකැට අල්ලන ලදී. සාමාන්‍ය කෙනකු අගනා මැණිකක් පළ¹ සිටියොත් ඔහුට ගුණයට වඩා අගුණයක් සිදුවීමට හැකිය. එබැවින් උසස් මිණිකැට වර්ග සිරුරෙහි පැළඳීමට නොගනිති. ඉතා කුඩාවට කපා ඔප දමා පළඳිනු ලැබේ. එය අල්ලන්නේ රන් තැල්ලකටය.
වාසු‚, නමැති උසස් කුලයේ නාගයාගේ උගුරෙහි නාග මාණික්‍ය පිහිටයි. එය දැකීමට පවා විරලය. ග්‍රහ දශාවට අනුව සිරුරින් නිකුත් වන රශ්මියන්ට මිණිකැටවල කිරණද ඇදී එයි. එබඳු අයට මිණිකැට වාසනාව ඇත. ගැරුම්කරුවන් මැණික් ලබා, ලබාගන්නේ මුදල්ය. එබැවින් මැණික්වලට වඩා මුදල් අගනා බව පෙනී යයි.
We found this article from Divaina
Also Sinhala to English Google word to word translation can be found here