රාශි චක්‍රයේ තුන්වැනි රාශිය මිථුනයි. මෙය වායු ගුණයෙන් යුත් රාශියක් වෙයි. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය, තිර ගුණයෙන් යුක්‌ත අග්නි දිගින් උදාවන පුරුෂ රාශියක් වන මිථුන රාශියෙන් උපන් ඔබ පැහැපත් සිරුරකට හිමිකම් කියයි. උස් වූ සම්පූර්ණ වැඩුණු ශරීරයක් වෙයි. දිගු අත්පා බොහෝ දෙදෙනකුට පිහිටයි. කාන්තාවන්ද මනා රූ සපුවකින් යුක්‌ත වේ. කිසියම් ලතාවකට ගමන් කරයි. පැහැදිලි ලෙස වචන පාවිච්චි කරයි.
උභය රාශිවලින් වැඩියෙන්ම උභය ගතියක් තිබෙන්නේ මිථුන රාශියේය. එනිසා ගති දෙකක් ඇති කරයි. තරුණ වයසේදී වයසට වඩා වැඩි මහලු ගතියක් ඇති කරයි. තරුණ වයස ගෙවුණාට පසු තැන්පත් වයසට තරුණකමක් පෙන්වයි. නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාවද ඔවුන්ගේ සිත්වල බොහෝ විට ඇති වේ. මෙම ලග්නයෙන් උපදින අය හැමවිටම ඥනය මෙහෙයවා කටයුතු කරන්නෝ වෙති. කරුණාවන්තභාවය සහ සියලු සත්වයන්ගේ දුකට පිහිටවන මොවුහු කිසිදු ලෝභකමක් නොමැති ත්‍යාගශීලී අය වේ. මිථුන ලග්න හිමියෝ ඉක්‌මනට කලබලයට පත්වන අය නොවෙති. යමක් ගැන තීරණයට පළමු වඩාත් කල්පනාකාරීවේ. සිත චංචල ගතියෙන් යුක්‌ත වෙති. පොතපත කියවීමට වැඩි ආශාවක් දක්‌වති. හැම දෙයක්‌ම දන්නා අයකු මෙන් කතා කරයි. දක්‍ෂ ලෙස අන් අයට කරුණු පැහැදිලි කිරීමට සමත් වේ. නැටුම්, ගැයුම්වලට විනෝදවීම වැනි දේට ප්‍රියතාවයක් දක්‌වයි. අධික කාමුක ආශා ඇති අයෙකු විය හැක. ඇතැම්විට ශරීර අංග හීනවීම හෝ අංග වැඩිකමක් ඇති අයකු වීමටද ඉඩ ඇත. ගුරුවරයන් හා තාපසයන් මෙම ලග්නයෙන් උපන් අයට ප්‍රිය මනාප වෙයි. ගුණවත්භාවය ඇති වේ. නොයෙක් ආකාරයෙන් මුදල් උපයමින් නොයෙක් ආකාරයෙන් වියදම් කරයි.
මිථුන ලග්නයෙන් ඔබ උපදිනවිට ඔබේ ලග්නාධිපති බුධ බලවත්ව සිටියේ නම් හොඳ කථිකයකු / ලේඛකයකු / සංගීතඥයකු වීමට ඉඩ ඇත. හැමවිටම වෘත්තීන් දෙකක නිරත වෙයි. චිත්‍රකර්මයට, කලාත්මක දේට, කැටයම් ශිල්පයට ලැදියාවක් දක්‌වති. කවදාවත් නොකළ කාර්යයක් වුවත් තමන්ට කිරීමට භාරදුන හොත් එය කෙසේ හෝ නිම කරයි. වැඩෙහි යෙදී සිටිනතුරු දක්‍ෂ ලෙස එම වැඩය කරගෙන යැමටද හැකිය. එකදෙයක් ගැන දිගටම කල්පනා කරගෙන සිටින ගතියක් ඇත. හැම දෙයක් ගැනම සුළුවෙන් හෝ ඉගෙනගනී. නියම අවස්‌ථාවට උවමනා දේ කීමටත් කිරීමටත් හැකියාව ඇත. වරක් කළ කී දේට විරුද්ධව කටයුතු කිරීම මිථුන ලග්න හිමියාට නුපුරුදු දෙයක් නොවේ. නන්නාඳුනන අය සමග වුවත් පහසුවෙන් මිතුරුකම් ඇතිකරගත හැක. නමුත් වැඩි කලක් මිතුදම් පවත්වා නොගනී. ළඟ සිටින අයට උවමනා විදියට මිථුන ලග්න හිමියා පහසුවෙන් හැඩගස්‌වා ගත හැකිය. අන්‍යයන්ගේ සිත් සතුටු කිරීමට ආශා කරන බැවින් ඔවුන් හා විරුද්ධවීමේ ප්‍රවනතාවය බොහෝදුරට අඩුය. පටන් ගන්නා වැඩ පිළිවෙළ වෙනස් කිරීම හෝ අතහැර දැමීම, වෙනස්‌වන සුලුගතිය විවේක නොගැනීම, නොඉවසිලිමත් බව ඔවුන් තුළ දැකිය හැකි දුර්වලකම් වේ.
මිථුන ලග්නයෙන් උපන් කාන්තාවෝද බුද්ධිමත්වෙති. සිහින් මුහුණ, පළල් නළල සිත් ඇද ගන්නා ඇස්, පැහැදිලි නාසය, උල් නිකට, සිහින් තොල් සඟලෙන් යුත් කුඩා මුඛය, සිහින් තරමටම උස සෘජු ශරීරයක් මිථුන ලග්නයෙන් උපන් කතුන්ගේ මතුකර පෙන්වන ලක්‍ෂණයන් වේ. බොහෝ විට ඇවිදීමේදී බිම බලාගෙන පියවර නගයි. යමක් දුටු පමණින් කී පමණින් අවබෝධ කර ගැනීමේ ශක්‌තියක් ඔවුන් තුළ ඇත. ඉක්‌මනින් තැති ගැනෙන අනුකම්පාව අවියක් මෙන් පාවිච්චි කරයි. වෙනත් කෙනකුට ඉඩක් නොතබාම සාවද්‍ය බස් තෙපලන ගති ඇය කෙරෙහි කැපී පෙනෙයි. විහිළු, තහලුවලට වඩා කැමැති නොවේ.
මිථුන ලග්න කාරියන් තැන්පත්ය. පෙම් සබඳතාවයන්ට ඔවුන් එතරම් උනන්දුවක් නොදක්‌වයි. දෙමාපියන්ගේ ආශිර්වාද මැද විවාහ වීමට කැමැත්තක් දක්‌වයි. මේ නිසා බොහෝ තරුණියන්ගේ විවාහයන් ප්‍රමාද වෙයි. තම සහකරුට දේවත්වයෙන් සැලකීමට මිථුන ලග්න හිමි කාන්තාවෝ කැමැති වෙති. ඒ අනුව ඔවුන්ගේ පවුල් ජීවිතය සතුටින් හා සාමයෙන් ගතවෙයි. මිථුන ලග්නයෙන් උපන් ඔබට සිංහ ලග්නය, තුලා ලග්නය, ධනු ලග්නය, කුම්භ, මීන සහ මේෂ ලග්න හිමියන් විවාහයට වඩාත් යෝග්‍ය වේ. විවාහයේදී මෙවන් ලග්න හිමියන් තෝරා ගැනීමෙන් වඩාත් වාසනාවන්ත දිවියක් ගත කිරීමට හැකිය.
මිථුන රාශිය වායු රාශියක් බැවින් අවුරුදු 45 ඉක්‌මවූ පසු අත් පාවලට වායුව තදින්ම බලපානු ඇත. මේ නිසා දණහිස් ඉදිමෙයි. ඇවිදීමට අපහසු බවක් ඇතිවේ. අතපය වෙහෙසා වැඩ කිරීමට අලස බැවින් ශරීරය මහත් වෙයි. එය පසුව රෝගවලටද හේතුවෙයි. ඔවුන්හට වැලඳෙන අනික් රෝග අතර උණ රෝග, ලේ හීනතා රෝග, අත්වල හා උරහිස්‌වල කැඩුම් බිදුම් මොළයේ ව්‍යාකූල ගතියෙන් සෑදෙන මානසික රෝග ආදිය වේ. පෙණහැල්ලේ රෝග හා හුස්‌ම ගැනීමේ අපහසුතාවයද වේ. සරසවි කථිකාචාර්යවරුන්, දක්‍ෂ කාර්මිකයන් ඡායාරූප ශිල්පීන්, ග්‍රන්ථ කර්තෘවරුන්, ගුප්ත විද්‍යාඥයන් සංගීත හා නාට්‍ය ශිල්පීන්. මැහුම් ශිල්පීන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මිථුන ලග්නයෙන් ඉපදී ඇත. මිථුන ලග්නයෙන් උපන් ඔබට මාරක ග්‍රහයන් වන්නේ රවි, කුජ හා ශනිය, මෙම ග්‍රහයන්ගේ මහ දශා, අතුරුදශා කාලවලදී මාරක විපත් කරදර පමුණුවති. විශේෂයෙන්ම සෙනසුරු ඉතා දරුණු මාරක ග්‍රහයා වෙයි. ගංගා, වැව්, මුහුදු වැනි ස්‌ථානවලදී වඩාත්ම ප්‍රවේශම් විය යුතුය. පිහිනුම් තටාකවල නෑමෙන්ද වැළකී සිටිය යුතුය. රවි, ගුරු, කුජ, ඔබට අශුභ පළ දෙයි. ශුභඵල දෙන එකම ග්‍රහයා සිකුරුය. මිථුන ලග්නයෙන් උපන් ඔබට ජයග්‍රාහී දිනය අහරුවාදා වේ. ජයවර්ණය කොළපාට, ජය අංකය 3 වේ. අපල සඳහා පැලඳීමට ශුභ මැණික් පද්ම රාගල ගල් වේ.
We found this article from Divaina on 2012/10/12.
Also Sinhala to English Google word to word translation can be found here