මුදුන් යටලීය කුඩා වුවහොත් ගෙයි හිමියාගේ ආයුෂ කෙටිවෙයි

2285
මුදුන් යටලීය
මුදුන් යටලීය

[ratings]

ලංකාවේ බොහෝ පළාත් වල එක බඳු දේශගුණයක්‌ නොපවතී. මේ නිසා වර්ෂාව හා සුළං රටාව නිරන්තරයෙන් වෙනස්‌ව දැකිය හැකිය. මේ තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි පැරණියන් ගෙවල් නැඟූහ. වහළ සැලසුම් කිරීමේ දී සතර පළය වඩාත් සුදුසු යෑයි සිතූහ. සතර පළය නොහොත් හුලූ පළය ගෘහ පිණ්‌ඩය ආවරණය කරන කුඩයක්‌ වැනිය. ඉලුක්‌ මානා හෝ පිදුරු වහළක්‌ වුවද මේ ක්‍රමයට දිගු කලක්‌ පවත්වාගෙන යා හැකිය. මේ ක්‍රමයට වහළ ගැසීමේදී මුදුන් යටලීය ට මූලපරාළ හතරක්‌ සම්බන්ධ වේ. බිත්ති මත ඇති බිත්ති යටලී දෙක සමග එකට බැඳුණු ලී කූඩුවකින් වහළ ශක්‌තිමත් වේ. සතර පළ වහළකට ඉදිරි පැන්නුමක්‌ ද තිබිය හැකිය. එවිට එම පැන්නුමේ සිට ගෙට යාවෙන තවත් මුදුන් යටලීයක්‌ ඇත. මුදුන් යටලීය මිනිසකුගේ උසකට වඩා කුඩා නොවිය යුතු බව පැරණි මතයක්‌ ඇත. කුඩා වුවහොත් ගෙයි හිමියාගේ ආයුෂ කෙටි වන බවට විශ්වාසයක්‌ පවතී.

විහාරස්‌ථාන හා දේවාලවල තිබෙන තනි ඉත්තේ මඩොල් කුරුපාවට වදින පරාල හා යටලී ක්‍රමය නිවසකට කිසිසේත්ම නොගැළපෙන බවද කිව යුතුය. ඇතැම් නවීන නිවෙස්‌ වල අලංකාරය උදෙසා මේවා යොදා තිබූ නමුත් ගෙහිsමියාගේ මරණයද ඉක්‌මන් වූ බව ද කිව යුතුය. සතර පළයේ යටලී තුනකි. මේ සතර පළය දිගු කොට තවත් යටලීයක්‌ තැනීම ද යාලත්තක්‌ බෑමද ගෙයි හිමියාගේ දියුණුව නැති කරන්නකි. එම නිසා යටලී ගණන ඔත්තේ ගණනක්‌ විය යුතුයෑයි කියා තිබේ. එයට හේතුව ගෙයි වහළ දරා සිටින්නේ යටලී පේළිs වලින් වීමයි. එහිදී ඉතිරියක්‌ ඇති වීම අවශ්‍ය වෙයි. ගෙයි අය වැයට ද මෙය බලපාන බව කිව යුතුය. නමුත් මුදුන් යටලීය හෝ තුලේ යටලීය දරා සිටින කුරුපා ගණන ඉරට්‌ටේ ගණනක්‌ විය යුතු යෑයි සම්මතයකි. යටලී උඩ දරා සිටියද කුරුපා මගින් වහළ ඔසවාගෙන සිටී. මෙහිදී සමබරව මේ දරා ගැනීම සිදු විය යුතුය. ඉතිරියක්‌ ඇති වුවහොත් සමබරතාවය ගිලිහී යයි. ඇතැම් නිවැසියන් මේවායේ සමබරතාව ඇති කරලීමට පරාල කෑලි හෝ වෙනත් අක්‍රමවත් දැව භාවිත කරති. ඒ මගින් දොස්‌ වැඩි වී නිවැසියන්ට අනතුරු ළඟා වේ.

මුදුන් යටලීයත් බිත්ති යටලීයත් අතර යටලීය තුලේ යටලීයයි. මෙය තැනීමේ දී එක්‌ පැත්තක්‌ බෙදී යන ලෙසට නොතැනීමට ශිල්පීන් පරිස්‌සම් වෙති. එසේම මුදුන් යටලීය තැනීමේ දී ද ගෙයි බිත්ති සමව බෙදී යන ලෙසට නොතැනීමට ද පරිස්‌සම් වෙති. මුදුන් යටලීය ගෙය දෙකට බෙදෙන රේඛාවට සමාන්තරව හරි මැද තැනීමෙන් ගෙයි හිමියාගේ කොඳුනාරටියට බලපෑමක්‌ ඇති වෙයි. හදිසි අනතුරු කොන්දේ ආබාධ හට ගැනීම සුලභය. තුලේ යටලීය ද එසේමය. නොයෙකුත් රෝගාබාධ වලට එය හේතුවක්‌ වනු ඇත. මුදුන් යටලීය දරා සිටින කුරුපා පේලිය යටින් උලුවහු හෝ දිග බරාඳයක්‌ පැවතීමද අසුභය. මේ මගින් ද යටකී ප්‍රතිඵල ඇති වීමට පසුබිම සැකසෙනවා ඇත.

මුදන් යටලීය තුලේ යටලීය හා බිත්ති යටලීය සම්බන්ධ කරන පරාල ගැසීමද ඉතා පරිස්‌සමින් කළ යුත්තකි. යටලී මූට්‌ටු උඩට පරාල ගැසීමද තුන් මූට්‌ටු ඇති කිරීමද ඇණ ගැසීමද මගින් ගෙයි හිමියා විපතට පත් කරයි. පැරණි ගෙවල් වල පරාල ගැසීමේ දී දෙපැත්තෙන් එන ලී දෙක එකට එක්‌ කිරීමේ දී තොත්තුවක්‌ ඇති වේ. වර්තමානයේ දී නම් එම තොත්තුව මුදුන් යටලීයට සම්බන්ධ වෙන බව කිව යුතුය. ඉලුක්‌ මානා හෝ පිදිරු සෙවිලි කරන පැරණි ගෙවල් වල වහළ සකස්‌ කිරීමේදී පරාල දෙක සම්බන්ධ වන තැන කොඩුව නම් කෝටුවක්‌ ගසා ඇත. පරාළ විද එය කුලින් මේ කෝටුව ඇතුළු කෙරේ. එහිදී ඇණ ගැසීම් හා මූට්‌ටු නොමැති බැවින් දොස්‌ නොපවතී. පරාල උඩින් නණ????? නොහොත් රීප්ප ගැසීමද පරිස්‌සමින් කළ යුත්තකි. යටලී මූට්‌ටු උඩට මේවා සම්බන්ධ කිරීම බෙහෙවින් අසුභය. රීප්ප ගැසීමට හා පරාල ගැසීම ආරම්භයට සිකුරු හෝරාව සුභ දායක බව පැරණි ග්‍රන්ථයන්හි සඳහන්ය.

දෙපළ පියසි වහළක එතරම් දොස්‌ ඇති වීමට ඉඩක්‌ නැත. දෙපස බිත්තිය කුරුන්චි කොට යටලී පේලි තුනක්‌ හෝ පහක්‌ ඇතිව සකස්‌ කරන බැවින් මූට්‌ටු පැවතීම ඉතා අල්පය. නමුත් සතර පළය හා අට්‌ටවහළ හැරීමේදී මෙලෙස මූට්‌ට හා පිරිද්දුම් රාශියක්‌ ඇතිවේ. එහිදී යටකී ලෙස පරාල හා යටලී තැනීමෙන් දොස්‌ රහිත නිවසක්‌ තැනිය හැකිය. අට්‌ටවාල ඉතා ශක්‌තිමත් වහළකි. යටලී කූඩුවකින් වහළ ශක්‌තිමත් වේ. මෙම කූඩුව සකස්‌ කරන විටදී ද මූට්‌ටු පිරිද්දුම් සියල්ල පෙර පරිදි විය යුතුය. මෙම අට්‌ටවහළ බින්දමකින් කැඩී ඉඳිවන සමනල වහළ සාමාන්‍ය නිවාස සඳහා යොදා නොගනී. මහනුවර යුගයේදී මේ වහළ බෙහෙවින්ම ජනප්‍රිය වී තීබු බව පෙනේ. විහාර දේවාල සඳහා ඉතා ප්‍රයෝජනවත් එමෙන්ම අලංකාරය දෙන සමනල වහල ද ඉතා ශක්‌තිමත්ය.

We found this article from Divaina on 2012/06/29.
Also Sinhala to English Google word to word translation can be found here