කුළඟන සීදේවිය හෝ මූදේවිය වන වාස්‌තු බල

0
493
වාස්‌තු
වාස්‌තු

නිවසක්‌ මුල්කරගෙන ගොඩනැගෙන කුඩා සමාජ කණ්‌ඩායම තුළ ගෘහ මූලික සියලු කල්හිම, සපයන්නා, ආරක්‌ෂකයා මෙන්ම සියල්ලේම භාරකරාත්වය දරයි. එම ඒකකය තුළ ගෘහණිය නො මැති නම් අසම්පූර්ණය. ස්‌වාමි දුව, පවුල, ගම මහගේ, ගම හාමිනේ, යනුවෙන් ඇයගේ ගම්භීරත්වය , තේජවන්ත බව, ඔප දමමින් ඇමැතිණි. සිය කුල පරම්පරා දැනුම හා දැන උගත්කම් ද සහජ හැකියාවන්ද උපයෝගී කර ගනිමින් ජන සම්මත පවුල නැමති ඒකකය, දුගතියට හෝ සුගතියට සුන්දර හෝ අමිහිරි ව රැගෙන යන අද්විතීය භූමිකාව රඟ දක්‌වන්නේ එදා මෙන් ම අද ද ඇයයි. එය මැනවින් දැන සිටි හෙළයා අපේ පවුල, ගෙදර හාමිනේ ආදී ගෞරවාන්විත නාමයෙන් නිසි තැන දුන්නේය.

ගෘහ දෝෂ නිසා ගෘහණියට වන හානි

නිවසක කාන්තා නියෝජනය කරන නිවාස අංග හා පුරුෂයා නියෝජනය කරන නිවාස අංග යනු වෙන් කොටස්‌ දෙකකට බෙදේ. නිවසක්‌ තනන විට එම නිවසේ වසන කාන්තාවන්ට හානි, විපත්, සුව නොවන ලෙඩ රෝග දරුඵල හීනවන , විවාහ මංගල කටයුතු කල්යැම, ගෞරවයට හානිවීම, අනියම් සම්බන්ධතා ගෙන දෙන නිවාස අංග නිවැරදි වාස්‌තු ශිල්පය අනුවම ගොඩ නැඟීම කළ යුතුය. එසින් ඇය ගේ හැකියාවන් තවත් වැඩි දියුණු වනු ඇත.

ගින්දර පත්තු කිරීම

නිවසේ ඊසාන දිසාවේ ගින්දර පත්තු කරන කාන්තාව සුව නොවන රෝගයක්‌ වැළඳගන්නේය. එම නිසා ඒ තුළින් පවුලේ සතුට නැති කර ගෙන මහත් දුකක්‌ විඳ අකාලයේ මරු වැළඳ ගන්නේය. එම නිවසේ දරුවන්ට ද යහපතක්‌ නොවේ.

අයහපත් බලය

පුරුෂයාට වැඩියෙන් කාන්තාව අපිරිසිදු වේ. එබැවින් කාන්තාවට අයහපත් ආත්ම බලයන්ගේ නැඹුරුව වැඩිය. එබැවින් කාන්තාවන් තෙල් බැදුම් ආහාර ගැනීමට පෙර ටිකක්‌ ඉවත ලෑම අගනේය.

වැසිකිළිs

කැළිකසළ , වැසිකිළි ,ආදිය ද, අපිරිසිදු යට ඇඳුම් ආදිය ද නිවසේ ඊසාන දිසාවේ තිබීම නිසා පහත් ආත්ම බලයන්ගේ ඇල්මබැල්ම නිවැසියන්ට ඇතිවේ. මෙම හේතුව නිසා කෑමට ගන්නා ආහාර අමියාට පත්වීම නිසා නිවැසියන් ගේ ශරීරය තුළට ඇතුල් වීමට ද හැකි වේ. ශරීරය තුළට වී අසාර්ථකත්වය ඇති කර ජීවිතයට දුක කලකිරීම කනගාටුව ඇති කරයි. දරුපල ද අහිමි කරවයි.

ළිඳ හා ජලය

නිවැසියන්ට අනියම් සම්බන්ධතාවයන් හා ගිනි අනතුරු ධනහානි අකල් මරණ සිදුවේ. නිවසේ සිට ළිඳ ට ඇති දුර හා ළිඳ පිහිටන දිසා, ළිඳ පිහිටි ස්‌ථානය හා ළිඳ කපන ලද නැකත ද විනාශය ගෙන දීමට හේතු වේ

දොර

නිවසේ වසන කාන්තාවන්ට නින්දා අපාහාස ලැබීම, ගෞරවයට හානිවීම, අන්බසට අවනතවීම,

රැවටිලිවලට අසුවීම, යහපත්ව නොදැකීම, ආදිය නිසා නිවැසියන්ට යහපතක්‌ නොවේ. නිවසේ දොර තබා තිබෙන දිසාවන් මේ සඳහා බල පැවැත්වේ. ඒ අනුව නිවසට ඇතුළු වන පිටවන දොරවල් දෙක දකුණ හා නැගෙනහිර තැබීම ඉතා අයහපත්ය. උතුරු නැගෙනහිර දෙදිසා ගතවීම ද අයහපත්ය.

නිවසේ කාන්තාව ට නිතරම හිසේ අසනීප, මානසික අසහනය ,අසතුට හා යසස පිරිහීම ට මහත් හේතුවකි උතුරු නැගෙනනහිර අන්ධ බිත්ති (ජනෙල්, දොරවල්, කවුළු නොමැති බිත්ති) තිබීම.

ගෘහය මුල්කරගෙන වසන්නෝ

ගෘහය මුල් කරගෙන වනාන්තරයේ වසන තවුසා ද , ගමේ නගරයේ වසන පූජකයා ආදී සියල්ලෝම යෑපෙන්නෝයි. ගස්‌ වැල් හා අපා දෙපා සිව්පා පමණක්‌ නොව ඇසට නොපෙනෙන පිං කැමති ආත්ම බලයන් ද ඇල්ම බැල්ම දාමින් ආමියාවට කැමැත්තේ ද වෙසේ. මෙසේ හෙයින් ගෘහය වාස්‌තු දෝෂ නොමැතිව යහපත්ව ඉදිකර ඇත්නම් නම් යහපත ලැබේ. හොඳ පල පෙර පිං බලය වැඩියෙන් ඇති ඇත්තා පළමුව ලබයි. ගෘහය අයහපත්ව ඉදිකර ඇත්නම් අයහපත ද එම නිවැසියන් හට ලැබේ. එම නිවැසියන් අතුරෙන් ද අපල වැඩියෙන්ම ඇති සාමාජිකයාට අයහපත් පල පළමුවම ලැබේ. වාස්‌තු දෝෂ පවතින නිවසක පළමු ව හොඳ හෝ නරක ගෘහ හිමිට ලැබිය යුතු වුවද, ගෘහ හිමි ගේ කුසල අකුසල බලය අනුව, එම නිවසේ වෙනත් අයෙකු හට පළමුව බලපෑම් ඇතිවිය හැක.

නිවාස තනා තමා ද තනා ගන්නේය.

ගෘහ සැලසුම් ශිල්පියා ගේ සිට පින්තාරු කරු දක්‌වා ගෘහයක්‌ ඉදි කිරීමට මුදලට හෝ වෙනත් අයුරකින් හෝ සහාය වන්නේ ද කිසිවෙක්‌ එම අයට ද එම නිවස තුල වාසය කරන්නන්ට ද , ඉතා යහපත්ව සිරි දෙව් දුව වැඩ සිටින ස්‌ථානයක්‌ ලෙස කළේ ද, සැම දෙනාම ද, ගෘහය ඇසුරු කරන්නෝ ද, දෙලොව ජය ගන්නේය. මුදෙව් දුව වැඩ සිටින තැනක්‌ කළේ ද , (සතර අපා) පා නැති ප්‍රේත ලෝකයට යන්නේය. සෙම්, සොටු, මළ, මෘත, කිළි ඇසුරු කරන්නේය. මෙහි ඇති බිය ජනක බව වන්නේ වාස්‌තු දෝෂ දැනගෙන කලත් , වාස්‌තු දෝෂ නොදැන කළත්, ඉදිකළ නිවසේ වැඩ සිටින්නේ මූ දේවි ද , සිරි දේවි ද නිවසේ පලය කුමක්‌ ද යන්න ය. එහි පල අපල ඉහත දැක්‌ වූ සැමට ලැබීමය.

පුරාණ දැනුම

කාන්තාවන් ශිල්ප හැටහතරක්‌ ද, පුරුෂයන් ශිල්ප හැට හතරක්‌ ද අතීතයේ ඉගෙන ගෙන ඇත. ඒ තුළින් බුදුදහමේ දැක්‌වෙන පෙර විසූ කඳ කලව දැකීමේ නුවණ ද , අනාගතයේ උපදින ආත්ම භාවය ගැන දැන ගැනීමේ නුවණ ද, පරසිත් කියවිය හැකි නුවණ ද පිහිටයි. එබැවින් කර්මශක්‌තිය දකින බැවින් පවට බිය වේ. පෙර දවස පර සතුරු බලය ට , දේශය පවාදීම හා පර සතුරන් ද දේශීය සතුරන් ද ශිල්ප උගත් ගුරුවරු විනාශ කිරීම නිසා ද වර්තමාන මනුස්‌සයා මුලා වී ඇත.

ශිල්ප හැට හතරෙන්

පුරාණ ශිල්ප හැට හතරෙන් වාස්‌තු නමින් හැඳින්වෙන ශිල්ප තුළින් නිරීක්‌ෂණය වන මරණ, ලෙඩ දුක්‌, හදිසි අණතුරු ආදිය නිසා අසරණවීම. සතුට, දියුණුව, උනන්දුව අහිමිවීම. කලකිරීම , ජීවිතය ජීවත් කිරීම අත හැරුම, මෙන්ම මේ ලොවට ණය වී විශාල පිං බලයක්‌ සමග මෙලොව උපදින මිනිසා අසාර්ථක බව යට පැමිණ අපාගත ව හෝ සිව් පා ගතව ගත් ණය ගෙවනු දැකිය හැක. මෙයට හේතුව මනුස්‌සයාට පමණක්‌ හැකි, බොරු වචන තුළින් ලබන තාවකාලික සතුට ද, පවුල තුළ හා සිය කුල පරම්පරාව තුළ සත්ගුණ දහම් පිරිහිම වේ. වාස්‌තු නැමති අති විශාල නිර්මාණ ශිල්පය බිංදුවක්‌ භාවිතා කර යහපත්වීම තුළින් අතීත අකුසල බලය යටපත් කර දමා කුසල බලය පැන නඟිනු ඹබ ටත් දැකිය හැක. එය දැන්වීම් පුවරුවක හෝ කිසියම් විෂය දැනුම ඇත්තෙක්‌ ළඟ හෝ නොසොයන්න. ඔබ ඔබගේම කටින් නොමිලේ පිට කරන වචන යෙන් පව් නොකර අවබෝධ කර ගන්න.

වහළයේ පල

කිසියම් නිවසක පුරුෂයන් නියෝජනය කරන කොටස්‌ ඔත්තේ ගණන් ද, කාන්තාවන් නියෝජනය කරන කොටස්‌ ඉරට්‌ටෙ ගණන් ද වන්නේය. වහළය මගින් සිය දරු පවුල දෑතින් තුරුලු කර ගෙන ඉන්න බව නියෝජනය වේ. එසේ නොවුන විට බැඳීම අඩුව අසමගිය ඇතිවේ.

නිවසේ නොපැවතිය යුතු ශබ්ද

නෑ සහ බෑ යන අකුරු ශබ්ද කිරීම වෙනුවට වෙනත් වචන භාවිතාව යහපත් වේ. නිවැසි ගෘහණිය ඒවා භාවිතය ගෙදරට වින කැඳවීමකි.

නිවසක හිස්‌ නොකළ යුතු දේ

දිය ලුණු දැමීමට පැරැන්නෝ කෙඳි සහිත පොල් කටු භාවිතා කළේ ලුණු පොල්කට්‌ටේ වටේට ලුණු බැඳීම නිසා ලුණු හිස්‌ වීම වැළැක්‌වීමට ය.

දිය ලුණු, බුලත් විට කෑමට ගන්නා හුණු, ගිනිs පෙට්‌ටි හා ඉඳි කටුව නිතරම අවසන් නොවී තිබිය යුතුය.

කොස්‌ස සහ ඉදල

නිවස හා මිදුල අතුගාන කොස්‌ස සහ ඉදල එකතැන නොතබන්න. ධනය අතු ගෑවේ.

සවස අඳුරත් සමග අඟුරු, දිය ලුණු, හුණු, ඉඳිකටු, සහ ගින්දර නිවසෙන් පිටතට දීම නොකරන්න. කිසියම් අවස්‌ථාවක මෙවැනි දෑ අන්අයෙකුට දීමට සිදුවන අවස්‌ථාවක්‌ ඇති වුවහොත් අතට නොදී පැත්තකින් තබා ගැනීමට සලස්‌වන්න. වින දෝෂයකි. නිය පොතු හිස කෙස්‌ නොකැපිය යුතුය.

මාරු කාසි

දේශීය හෝ විදේශීය හෝ පුරාණ හෝ දැනට භාවිතා නොවන ආදී කුමන වර්ගයේ වුවද , කාසි හා මුදල් නෝට්‌ටු නිවසේ හැකි තරම් රැස්‌ කර තබා ගන්න. නිවසට ධනය ලැබේ.

මංගල දොර

මංගල දොරෙන් එළියට අතු ගෑමෙන් වළකින්න. මංගල දොර පොළොවේ ඇතිල්ලවීම හා දොර ඇලවීම අසුබය. දොර උළුවස්‌ස මත සිට හිස පිරීම, ආහාර ගැනීම අසුබය. කාන්තා හානි සහ ධනය පිරිහීම ඇතිවේ.

හැසිරීම

බොරුකීම, අන්සතු දේ ලබා ගැනීම, යහපත් චරිතයක්‌ පවත්වා නොගැනීම හා නිවැසියන් ගේ කුමන වරදක්‌ වුවත් නුවණින් නිවැරදි කර නො ගැනීම. නිසා වේදනාසහගත මරණ හිමි වේ.

වාස්‌තු දෝෂ හඳුනා ගැනීම

නිවසේ ලී භාණ්‌ඩ කෙටි කාලයක්‌ තුළ දිරාපත් වීම, මකුළු දැල් නිතර නිතර බැඳීම. නිවසේ නිතරම වැලි ඇතිවීම යම් යම් දේ වලින් නිවස පිරී තිබීම. වහළයෙන් වතුර කාන්දුවීම නිවසේ වාස්‌තු දෝෂ ඇති බවට සලකුණුය.

නිවසේ නොකළ යුතු වින දෝෂ

හඬනඟා කිවිසුම් පිට කිරීම, හඬනගා ඈණුම් හැරීම, හඬනඟා කෑරීම. හඬනඟා වාතය පිට කිරීම අසුබය. මේ තුළින් නගන ස්‌වර අයහපත කැඳවයි.

නිවසේ තිරිසන් සතුන් සිර කර තැබීම

පියාඹන සතුන් කොටුකර තැබීම ගෘහ මූලික හිරේ වැටීමට , බන්ධනාගාරගත වීමට තරම් බලවත් දෝෂයකි.

කිසියම් නිවසක කාන්තාව අසතුටුව ජීවත් වේද , එම නිවැසියන් පරිහානියට පත්වේ . කාන්තාව කුමන අයහපත් තත්වයක හෝ සතුටු ඇතිව නිවැසියන් සනසා ද , ගෘහ මූලිකට යුතුකම් ඉටු කරයි ද, විනීත ගති පැවතුම් දරයිද, පිරිසිදුකම අගයයි ද, අන්සතු දේ නොගනී ද දෙලොව දියුණුව ලබයි.

We found this article from Divaina on 2013/07/14.
Also Sinhala to English Google word to word translation can be found here