යන්ත්‍ර මන්ත්‍ර ඇත්තද?

575
යන්ත්‍ර
යන්ත්‍ර

යන්ත්‍ර මන්ත්‍ර යනු කවරේද? එහි ඇතැයි සැලකෙන ගුප්ත බලය සත්‍යයක්‌ද? එම බලය යමෙකුගේ යහපතට හෝ අයහපතට යොමු කළ හැකිද? යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රය පිළිබඳව එහි නියුතු ඇදුරන් දක්‌වන ආකල්පය කෙළෙසකද?

වර්තමානයේ දී ග්‍රහ අපලයක්‌ නිසා යන්ත්‍රයක්‌ පැළඳීමට සිදුවුවහොත් කේන්ද්‍ර සටහන හිමියා එම යන්ත්‍රය පැළඳීම පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්නේද?

ශිව සූර්ය මණ්‌ඩලය, චන්ද්‍ර මණ්‌ඩලය, කන්ද කුමාර යන්ත්‍රය, විෂ්ණු ආඝෝරය, අභිසම්භිදානය, නවනාථය, නීලමණ්‌ඩලය, නාගාර්ජුණය, නාග මණ්‌ඩලය වැනි යන්ත්‍රයන් ග්‍රහ උවදුර දුරු කිරීමට බලපවත්වයි. වේදයෙහි පසුකාලීනව යන්ත්‍ර නමින් ග්‍රන්ථ රැසක්‌ විය. එහි අන්තර්ගතය විශාල වූ පරාසයකි. යන්ත්‍රයක්‌ තුළින් සිදුවන්නේ නොපෙනෙන බලවේගයක්‌ වෙත බැඳීමක්‌ ගොනුකර එය තුළින් සොබාදහම තමන් වෙත නතුකර ගැනීමකි. ජීවම්කර බලවත් වූ යන්ත්‍රයක්‌ තම ශරීරයේ කලවය තුළ රුවා කලවය මසා දැමීමෙන් වෙඩි පහර වැදීමෙන් වැළකීමට හැකි වූ සත්‍ය චරිත අපේ ඉතිහාසගත මුඛ පරම්පරාගතව ඇත. එහිදී යන්ත්‍රය තුළ බලවත් කර ඇත්තේ හෙණරාජ නම් තෛලයයි.

සරස්‌වතී තෛලය

මතක තබා ගැනීමේ ශක්‌තිය බලවත් කළ සරස්‌වතී තෛලය පානය කිරීමෙන් වසර ගණනාවක්‌ පසුවුවද තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සිරුර නොදිරා පවතියි. මන්ත්‍ර තුළින් එම තෙල් ජීවම්කර බලවත් කිරීම මත ගොඩනැඟුණු බලවේගය එයින් පැහැදිළි වෙයි. යන්ත්‍රයක්‌ බලවත් වන්නේ මන්ත්‍රයෙනි. බෞද්ධයන් විසින් ගාථා, පිරිත් බලවත් කර භාවිතා කරන යන්ත්‍රයෝද ඇත. නවගුණ යන්ත්‍රය, රතන යන්ත්‍රය එයට උදාහරණය. මෙම ආගමික යන්ත්‍ර තුළින් යහපත් සහජීවනය සඳහා යමෙකුට විශාල පිටිවහලක්‌ ලද හැකිවෙයි. ග්‍රහදොaෂ මර්දනයට, ආරක්‍ෂාවට, විෂ බැස්‌සවීමට, දේව වරප්‍රසාදය ලැබීමට ආදී වශයෙන් බලගුණ වඩවන යන්ත්‍රයන් රාශියකි.

යන්ත්‍රයක්‌ තුළින් පුද්ගලයකුගේ යහපතටත් අයහපතටත් බොහෝ බලපෑම් කළ හැකිය. සමස්‌තයක්‌ ලෙස යන්ත්‍ර-මන්ත්‍ර යනු යමෙකුට ආරක්‍ෂාව සලසන ආරක්‍ෂකයෙකි.

කුඩා දරුවන් හට ආරක්‍ෂාව පිණිස පළඳවන පංචායුධය ද එවැන්නකි. පීඩාවට පත්, දුබල ගත සිත බලවත් කරනු වස්‌ සිරුර සහ මන්ත්‍ර අනුව කොටු යොදා කොටු අනුව අක්‍ෂර පිහිටුවා යන්ත්‍ර ඇඳීම කරනු ලැබෙයි. එයද යහපතට නම් යහපත් ග්‍රහබල අනුව පුර පක්‍ෂයෙන් ඇරැඹෙයි.

යන්ත්‍ර

කිළි හරණය

කිළි හරණ සුවිශේෂි බලයක්‌ තඹ සහ රන් වල ඇති හෙයින් විශේෂයෙන් තඹ පත් තුළ යන්ත්‍රය ඇඳීම කරනු ලැබෙයි.

යකඩ යනු භූත උපද්‍රව දුරු කිරීමට භාවිත කරනු ලබන ලෝහයකි. සුදු යකඩ සුර යොදා ගනු ලබන්නේ එවැනි කරුණු සඳහාය. පුළුටු ආහාර නිවසින් පිටතට ගෙන යැමේදී එහි යකඩ කැබැල්ලක්‌ තැබීමද වෙනත් බලවේගයන්ගේ යොමුව පලවා හැරීමකි. අමනුෂ්‍ය බලවේගයන් යකඩ වෙත දක්‌වන භීතිය මත එම උපද්‍රවයන්ගෙන් වැළැකීමට මිනිසා යකඩ ප්‍රධාන ආරක්‍ෂක උපකරණයක්‌ ලෙස සලකනු ලබයි.

වෙහෙරගල පන්සලේ සීලරතන හාමුදුරුවෝ කොණ්‌ඩදෙනියට සැපත්වීමෙන් පසුව උන්වහන්සේ එම ග්‍රාමයෙහි නාමයෙන් සිරිලක පුරා ප්‍රචලිත විය. එම ස්‌වාමීන් වහන්සේ තම අතවැසියා සමඟ අගනුවරට පැමිණ දානය වැළඳීමේදී එම ආපන ශාලාවේ කොලුවෙකුගේ උපහාසයට බඳුන් විය. ඔහුගේ නොසරුප් වදන් නොඉවසූ කොණ්‌ඩදෙනියේ හාමුදුරුවෝ තම අතවැසියා ලවා බුලත්විටක්‌ ගෙන්වා ආපනශාලාවේ මේසය මත බුලත් විටෙහි හුණු වලින් ඉරක්‌ ඇඳ නික්‌ම ගියහ. හිමිනම කෝපයෙන් ආපනශාලාවෙන් පිටව යනු ආපනශාලා හිමියා සහ බසයේ රියෑදුරුද දුටුවේය.

ආපනශාලාව එකම කළබැගෑනියකි. තේ පානයට පැමිණි පිරිසද සේවක පිරිසද ගැටුමකි. මේස-පුටු කැඩී යයි. පිඟන්-කෝප්ප ඉගිලෙයි. එකම විනාශයකි. රාත්‍රියේම විහාරස්‌ථානය සොයා පැමිණියේ ආපන ශාලාවේ හිමිකරුය. ඔහුගේ බයාදු ස්‌වරයට අනුකම්පා කළ කොණ්‌ඩදෙනියේ හිමිපාණෝ ආගන්තුකයනට සංග්‍රහශීලීව සලකන ලෙස උපදෙස්‌ දී ආපන ශාලාවට සහ සේවක පිරිසට ඉසීමට පිරිත් පැන් බෝතලයක්‌ දී ඔහු පිටත්කර හැරියහ, කොණ්‌ඩදෙනියේ හාමුදුරුවන්ගේ මන්ත්‍ර බල මහිමය එලෙසය.

යන්ත්‍ර

අමනුෂ්‍ය බලවේගයන්, පාලු ස්‌ථානයන්හිදී මිනිසුන් භීතියට පත් කිරීමේ දී තෙල් මැතිරීම්, නූල් බැඳීම් කළ යුතු වෙයි. යක්‌-ඇදුරන් විසින් කරනු ලබන මෙම කටයුතු සඳහා දොස්‌ හරණ ශාන්තිකර්ම රාශියකි. මේ සියල්ල මන්ත්‍ර භාවිතයෙන් මල්පැල, පන්දම්, පිදවිලි පුදා කෙරෙන කටයුතුය.

අපලයන් සඳහා යන්ත්‍ර දැමීම

ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීමේදී ග්‍රහ අපලයන් සඳහා මන්ත්‍ර මෙන් යන්ත්‍ර දැමීමද අවැසි වෙයි. යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳී යන්නේ එයට නොගැලපෙන පුද්ගලයන් අනුගතවීම මතය. පුද කටයුතු සඳහා අමතර භාණ්‌ඩ රැසක්‌ උපයෝගී කර ගැනීම සහ මුදලට මූලිකත්වය දීම තුළින් පුද කටයුතු තුළ විශාල බැරෑරුම්කමක්‌ ආරෝපණය කිරීමට යැම තුළින් ආතුර පක්‍ෂයේ විශ්වසනීයත්වය ඇත්aවෙයි. කොණ්‌ඩදෙනියේ හාමුදුරුවන් භාවිතා කළ යන්ත්‍ර-මන්ත්‍ර ගුප්ත කටයුතු තුළ පිදවිලි – බලියාග නැත. මන්ත්‍රයෙහි අක්‍ෂර කෙටිය. කෙම් ක්‍රම පොඩිය, ගුණදොස්‌ කඩිනම්ය.

එහි විශ්වසනීයත්වයක්‌ බලයෙන් ආරෝපණය කිරීමක්‌ නැත. යන්ත්‍ර මන්ත්‍ර තුළින් බලවත් වූ හුණු ඉරකින්, වැලි අහුරකින්, දිය දොaතකින් හෝ අසුරු ගැසීමෙන් බලවත් වූවක්‌ විය හැකිය.

යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රයේ දී කෙම් ක්‍රමද ප්‍රබල වෙයි. ඇදුරන් මුදලට සරිලන ශිල්පීය දක්‍ෂතාවයද සත්‍ය ලෙසම එළිදක්‌වන්නේ නම් එය යන්ත්‍ර මන්ත්‍ර කරණයේ යහ පැවැත්මට මූලික හේතුවක්‌ වෙයි.

නිසි ලෙස නියමිත වේලාවේදී නිශ්චිත ස්‌ථානයකින් ගනු ලබන වැලිමිටකින් අක්‍ෂර දහතුනක භාවිතයෙන් නිවසකට කරනු ලබන අයහපත එක්‌ ආගමික පුද කර්මයකින් අහෝසි වන්නේය. ආපිට යන්නේය. මන්ත්‍ර ශාස්‌ත්‍රයේ බලගතු ආවේගයන් විනාශකාරීව ආපසු හැරවිය හැකි ක්‍රමවේදයන් ද ඇත්තේය. මිනිසාගේ යහපතට යන්ත්‍ර මන්ත්‍ර ශාස්‌ත්‍රයේ පිහිට නිවැරැදිව ලබා දීම යහපත් ඇදුරන්ගේ වගකීම සහ යුතුකමය. අද අපට සහ රටට අවැසි වන්නේ එවැනි ඇදුරු උතුමන්ගේ පිහිටමය.

We found this article from Divaina on 2014/01/12.