යහපත් දරුවකු බිහි කරන්නට…..

1892
දරුවකු
දරුවකු

[ratings]

දරුවා ජාතියේම සම්පතයි. ඒ සම්පත ජාතියේ වාසනාවට ලැබෙන තිළිණයක්‌ කිරීමට සෑම දෙමාපියෙකුම මහන්සි ගත යුතුය. ඒ සඳහා විශාල කාර්යභාරයක්‌ මවට හිමිවේ. “තොටිල්ල පදවන අත ලොව ආණ්‌ඩු කරයි” අතීතයේදී පැවැසුවේ සෙල්ලමට නොවය.

මවක යහපත් දරුවකු ගොඩ නඟන්නට උනන්දු විය යුත්තේ එම දරුවා උපදින්නට පෙර සිටය. ඒ සඳහා යහපත් සිතුවිලි, සුදුසු ආහාර පාන, අධ්‍යාත්මික ගුණ වගාවන් ඇතිsකර ගත යුතුය. භාවිතයට ගත යුතුය. යහපත් සිතුවිලි ප්‍රාර්ථනා මතුවට වාසනාව ගෙන එනු ඇත.

මෙලෙස යහපත් දරුවකු බිහි කරන්නට මවක්‌ විසින් නිබඳව කළයුතු ප්‍රාර්ථනාවක්‌ නැකත තුළින් ඔබට තිළිණ කිරීමට අප අදහස්‌ කරමු. ඒ සඳහා ඔබ කළ යුත්තේ දරුවකු මව් කුස තුළ තබාගෙන සිටින ඔබ උදය සහ සවස තිසරණ සහිත ආජීවක අට්‌ඨමක ශීලය සමාදන්ව තෙරුවන් නැමද මෙම සම්මා පැතුම ඔබට පහසු අයුරක සිටිමින් කියවීමයි. මෙලෙස දවසකට දෙවරක්‌ උදය සවස කියවා දෙවියන්ට පින් දෙන්න. මෙම පැතුමේ හිස්‌ තැනට ඔබේ නම යොදා ගන්න. මෙය කියවීමෙන් දැනට මව්වරු රාශියක්‌ යහපත් ප්‍රතිඵල ලබාඇත.

නමෝ තස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් මා සුවපත් වේවා· නිදුක්‌ වෙත්වා· නිරෝගී වෙත්වා· බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ බලයෙන් මා සුවපත් වෙත්වා· නිදුක්‌ නිරෝගී වෙත්වා· ඒ ශ්‍රී සද්ධර්මය ලොව ප්‍රචලිත කළා වූ රැක ගත්තා වූ පවත්වාගෙන ආවා වූ ඒ දහමෙන් සසර දිනාගත් ආර්ය පුද්ගල මහ සඟරුවනේ බලයෙන් මා සුවපත් වෙත්වා· නිදුක්‌ වෙත්වා· නීරෝගී වෙත්වා· (තුන් වාරයයි)

එමෙන්ම මේ උතුම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් මාගේ කුස තුළ පිළිසිඳගෙන සිටින දරුවා සුවපත් වෙත්වා· නිදුක්‌ වෙත්වා· නිරෝගී වෙත්වා· (තුන්වාරයයි)

එමෙන්ම මා විසින් පෙර සසර පටන් මේ මොහොත දක්‌වා සිදුකළ සියලු පින්, කුසල් බලයෙන් මාද මාගේ කුස තුළ පිළිසිඳ සිටින දරුවා ද සුවපත් වෙත්වා· නිදුක්‌ වෙත්වා· නිරෝගී වෙත්වා· එම දරුවාද පෙර සසර පටන් කරගෙන ආ පින්, කුසළ බලයෙන් දරුවාද මාද සුවපත් වෙත්වා· නිදුක්‌ වෙත්වා· නිරෝගී වෙත්වා· (තුන් වාරයයි)

…………………. වන මාත් මාගේ සහජීවනයෙන් මෙලොව දැකීමට මාගේ කුස තුළ පිළිසිඳ සිටින දරුවා සුවපත් වෙත්වා· නිදුක්‌ වෙත්වා· නිරෝගී වෙත්වා· දරුවාගේ මව වන මාත් පියා වන අයත් මේ සසර පුරා අද දක්‌වා සිදුකළ සියලු පින් කුසල බලයෙන් සුවපත් වෙත්වා· නිදුක්‌ වෙත්වා· නිරෝගී වෙත්වා· ඒ ලෙස අපි තිදෙනාම සිදුකළ සියලු පින් කුසල් බලයෙන් මට තිබෙනා ශාරීරික සියලු ලෙඩ රෝග වාත ආබාධ, පිත් ආබාධ, සෙම් ආබාධ සියල්ල දුරු වේවා· දුරු වේවා· දුරු වේවා· සියල්ල සුවපත් වේවා දරුවාටද ඇති සියලු අපහසුතා දුරුවේවා· සුවපත් වෙත්වා· සුවපත් වේවා· සුවපත් වේවා·

මාගේ කුස තුළ පිළිසිඳ සිටින දරුවා බෝසත් දරුවෙක්‌ වේවා· යහපත් වේවා· යහපත් දරුවෙක්‌ වේවා· නැණවත් දරුවෙක්‌ වේවා· ගුණවත් දරුවෙක්‌ වේවා· නැණවත් දරුවෙක්‌ වේවා· පවට බිය දරුවෙක්‌ වේවා· පිනට දහමට ලැදි දරුවෙක්‌ වේවා· වීර දරුවෙක්‌ වේවා· රටට, ගමට, ජාතියට, ආගමට රැකවරණ දෙන දරුවෙක්‌ වේවා· සියලු සතුන්ට මෙත් වඩන ගරු කරන සුරකින දරුවෙක්‌ වේවා· ඔහු මා ඇතුළු මගේ පවුලට ගමට හා රටට මුළු ලෝකයට පමණක්‌ නොව විශ්වයටම සම්පතක්‌ වූ ආශීර්වාදයක්‌ වූ යහපත් දරුවෙක්‌ වේවා· එම දරුවා මනුෂ්‍ය අමනුෂ්‍ය සියලු දෙනාට ප්‍රිය වේවා· පරිසරය මුල් වූ විශ්ව ශක්‌තියට ප්‍රිය වේවා· දෙවියන්ට ප්‍රියවේවා· බඹුන්ට ප්‍රියවේවා· ඒ උතුම් ශක්‌තිය බලයෙන් තෙරුවණේ අනන්ත ගුණ බලයෛන් ඒ දරුවා ලෙඩ දුක්‌වලින් දුරුවූ ශාරීරික මානසික පීඩාවලින් දුරුවූ ආබාධ රහිත වූ දීර්ඝායුෂ ඇත්තා වූ යහපත් මානව සම්පතක්‌ වේවා· උගත් වේවා· බුද්ධිමත් වේවා· දක්‍ෂ වේවා· යහපත් සිත් ඇත්තෙක්‌ වේවා· ඔහුගෙන් මතු ලොවැඩම වේවා·

දෙමාපියන්ට කීකරු වූ ගුරුවරුනට හිතෛෂී වූ නෑදැ හිත මිතුරනට සලකන්නා වූ යහපත් අයකු වේවා· මතු අනතුරු නොවේවා· අල්ප ධන ඇත්තෙක්‌ නොවේවා· අල්ප ආයුෂ ඇත්තෙක්‌ නොවේවා· කල්ප ගණන් ලොවට වැඩ සලසන දරුවෙක්‌ම වේවා·

මා තෙරුවන් නැමද බණ භාවනා කරමින් සිල් රැක මේ ගොඩනඟන උතුම් සම්මා පැතුම, ප්‍රාර්ථනය මා හමුවේ මා ඉදිරිපිටම සඵල වේවා· මගේ මේ සියලු සම්‍යක්‌ ප්‍රාර්ථනා සම්‍යක්‌ සිතුවිලි හෙට හිරු පායන්නා මෙන් ඉටුවේවා· උතුම් වූ බුදුගුණ බලයෙන් දහම් ගුණ බලයෙන් සඟ ගුණ බලයෙන් ඒ උතුම් තෙරුවන් ගුණ බලයෙන් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ප්‍රමුඛ සියලු බෝධි රාජයාණන් වහන්සේලාගේ ගුණ බලයෙන් රත්නමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රමුඛ සියලු චෛත්‍ය රාජයාණන් වහන්සේලාගේ ගුණ බලයෙන් සියලු සම්දිටු දෙව් දේවතාවන් වහන්සේලාගේ රැකවරණයෙන් ස්‌වභාව ධර්මයාගේ අනන්ත ශක්‌ති බලයෙන් මා කළ සියලු පින් කුසල බලයෙන් දරුවාත් දරුවාගේ පියාත් කළ සියලු කුසල බලයෙන් මමත් මාගේ දරුවාත් සුවපත් වේවා· නිදුක්‌ වේවා· නිරෝගී වේවා· මේ දරුවා කුස තුළ සිටින කාලය තුළ මටත් දරුවාටත් කිසි අතුරු ආන්තරාවක්‌ නොවේවා· දරුවා යහපත්ව වැඩී යහපත්ව බිහිවේවා· සුරැකේවා· ජීවත් වේවා· සියලු ප්‍රාර්ථනා ඉටුවේවා· ඉෂ්ඨ වේවා· සැනසිල්ල වේවා· සතුට වේවා· සෞභාග්‍ය වේවා· දීර්ඝායුෂ වේවා· සියලු පැතුමන් සඵල වේවා· මාගේ මුළු පවුලම සැනසේවා· දිනේවා· සුරැකේවා· තිසරණ සරණයි·

We found this article from Divaina on 2012/01/13.
Also Sinhala to English Google word to word translation can be found here