රාශ්‍යාධිපති පොරොන්දම වැදගත් එකකි. දෙදෙනාගේ අෙන්‍යාන්‍ය සම්බන්ධතාව හා ඔවුනොවුන් අතර ගැටුම්, කරදර සතුරුකම් යනාදිය ඇති නොවී සාමයෙන් සමගියෙන් යුතුව යුගදිවිය ගත කිරීමට ලැබේද යන්න බැලීම පිණිස මෙම ලග්න හා චන්ද්‍ර රාශ්‍යාධිපති පොරොන්දම ගලපා බලනු ලැබේ.
රාශ්‍යාධිපති පොරොන්දමේදී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනා උපන් ලග්නයට අධිපති ග්‍රහයන් දෙදෙනා සහ දෙදෙනාගේම චන්ද්‍රයා පතිතව ඇති ලග්න රාශි අධිපතීන් දෙදෙනා මිත්‍ර නම් ශුභයි. සතුරු නම් අශුභයි. සම නම් මධ්‍යමයි. ග්‍රහයන්ගේ සතුරු මිතුරු සමභාවය පංචාංග ලිතක් මගින් ඔබට බලාගත හැක. ඉහත කාරණය උදාහරණයකින් දක්‌වතොත් මෙසේය. ස්‌ත්‍රිය මීන ලග්නයෙන්ද පුරුෂයා වෘෂභ ලග්නයෙන්ද උපත ලබා ඇතැයි සිතමු. මීන ලග්නයට අධිපති ගුරුට වෘෂභ ලග්නයට අධිපති ශුක්‍ර සතුරුය. එහෙයින් අශුභය. චන්ද්‍රයා සිටින ලග්න රාශියට අයිති ග්‍රහයින් දෙදෙනා පිළිබඳද මෙසේම බැලිය යුතුය.

දෙනොම එකම ලග්නයකින් උපත ලබා ඇත්නම් හෝ දෙදෙනාගේම චන්ද්‍රයා එකම ලග්න රාශියක පිහිටා ඇත්නම් ශුභයි. උදාහරණයකින් විමසා බලමු. ස්‌ත්‍රිය වෘෂභ ලග්නයෙන් උපත ලබා ඇත්නම් එය ශුභයි. උදාහරණයකින් එය විමසා බලමු. ස්‌ත්‍රිය වෘෂභ ලග්නයෙන් උපත ලබා සිටියදී පුරුෂයාද වෘෂභ ලග්නයෙන්ම උපත ලබා ඇත්නම් එය ශුභයි. ස්‌ත්‍රියගේ චන්ද්‍රයා තැන්පත් ලග්න රාශිය කටකය වී පුරුෂයාගේ ද චන්ද්‍රයා ලග්න රාශිය කටකය නම් ශුභයි. දෙදෙනා ලග්න දෙකක උපත ලබා ඇතත් එම ලග්න දෙක එකම ග්‍රහයාට අයත් වෙතොත් එයද ශුභයි. එනම් ස්‌ත්‍රිය වෘෂභ ලග්නයේ හා පුරුෂයා තුලා ලග්නයේ වීම ගත හැකිය. මමද එම ලග්න රාශි දෙකම සිකුරු ග්‍රහයාට අයත් බැවිනි.
රාශ්‍යාධිපති පොරොන්දමේ ලග්න රාශි
චන්ද්‍රයා තැන්පත් ලග්න රාශිය පිළිබඳද මේ ආකාරයට බැලිය යුතුවේ. එයද නිදසුනකින් දක්‌වතොත් මැනවයි සිතේ. ස්‌ත්‍රියගේ චන්ද්‍රයා පතිත ලග්න රාශිය කන්‍යාව වී පුරුෂයාගේ චන්ද්‍රයා තැන්පත් ලග්න රාශිය මිථුන නම් එම ලග්න රාශි දෙකම බුධ ග්‍රහයාට අයත්ය. ශුභයි.
රාශ්‍යාධිපති පොරොන්දමේදී ලග්න රාශි දෙක හා චන්ද්‍රරාශි ලග්න දෙක වෙන වෙනම බැලිය යුතුය. ලග්නය හා චන්ද්‍ර ලග්න රාශි අධිපතීන්ගේ ගැලපීම මිතුරු නම් ශුභයි. දෙදෙනාම සතුරු නම් අශුභයි. දෙදෙනාම සම නම් මධ්‍යස්‌ථ ප්‍රතිඵලය. එකක් සතුරු වී අනෙක මිතුරු වී නම් ද මධ්‍යස්‌ථ ප්‍රතිඵලය. සම සතුරු නම් අශුභය.
මෙතෙක් අප රාශ්‍යාධිපති පොරොන්දම ගලපා බැලුවේ ග්‍රහයින්ගේ නෛසර්ගික හෙවත් ස්‌වභාවික මිත්‍රත්වය. සම සතුරුභාවය ප්‍රමුඛ කර ගනිමින්. එහෙත් නෛසර්ගික මිත්‍රත්ව ආදී ගුණ ගැන පමණක් බලා රාශ්‍යාධිපති පොරොන්දමෙහි ශුභ අශුභ භාවය තීරණය කරනු නොලැබේ. එහෙයින් ග්‍රහයින්ගේ තත්කාලීන මිත්‍රත්වාදී ගුණ ගැනද විමසා බැලීමෙන් පසුව ශුභ අශුභ භාවය තීරණය කර ගනිමු.
තත්කාල ග්‍රහ මිත්‍රත්වය යනු දෙදෙනාගේම කේන්ද්‍ර දෙකෙහි ලග්නයට අයිති (ලග්නාධිපති) ග්‍රහයන් දෙදෙනා සහ චන්ද්‍රයා තැන්පත් ලග්න රාශි අයිති ග්‍රහයින් දෙදෙනා ලග්න රාශි වශයෙන් කොතෙක් දුරින් පිහිටා ඇත්දැයි ගැන බලා කරන නිගමනයකි.

තත්කාල ග්‍රහ මිත්‍රත්වය
ලග්න හෝ චන්ද්‍ර ලග්න අධිපති ග්‍රහයන් පිහිටා ඇති ලග්න රාශි දෙක එකිනෙකම 2-3-4-10-11-12 යන දුරකින් පිහිටා ඇති විට එම ග්‍රහයින් තත්කාලීන මිතුරන්ය. එසේ වී නම් ශුභ ප්‍රතිඵලය. ලග්න රාශි අධිපතීන පිහිටා ඇති ලග්න රාශි දෙක එකිනෙකට 1-5-6-7-8-9 දුරින් පිහිටි විට එම ග්‍රහයින් තත්කාලීන සතුරන්ය. මෙහි ප්‍රතිඵලය අශුභයි.
නිදසුනක් මගින් දක්‌වතොත් මෙසේය. ස්‌ත්‍රිය වෘෂභ ලග්නයෙන් හා පුරුෂයා මීන ලග්නයෙන් උපත ලබා ඇතැයි සිතමු. ස්‌ත්‍රී කේන්ද්‍රයේ චන්ද්‍රයා කටක ලග්න රාශියේද පුරුෂ කේන්ද්‍රයේ චන්ද්‍රයා වෘෂභ ලග්න රාශියේ තැනපත්ව ඇතැයිද සිතමු. මෙම කේන්ද්‍රවල ස්‌ත්‍රී ලග්නයට අයිති (ලග්නාධිපති) සිකුරු ග්‍රහයා දෙවැන්න වූ මිථුන ලග්න රාශියේද පුරුෂ ලග්නයට අයිති (ලග්නාධිපති) ගුරු ග්‍රහයා වෘශ්චික ලග්න රාශියේද තැන්පත්ව ඇත. ස්‌ත්‍රී කේන්ද්‍රයේ චන්ද්‍ර රාශ්‍යාධිපති චන්ද්‍රයාමය. කටකයේ තැන්පත්ව ඇත. පුරුෂ කේන්ද්‍රයේ චන්ද්‍ර රාශ්‍යාධිපතිය) සිකුරු ග්‍රහයාය. වෘෂභ රාශියේ තැන්පත්ව ඇත.
අප මුලින්ම ලග්නාධිපතින්ගේ තත්කාලීන ස්‌වභාවය විමසා බලමු. ස්‌ත්‍රියගේ ලග්නයට අයිති (ලග්නාධිපති) සිකුරු තැන්පත්ව මිථුන ලග්න රාශිය මුලට තබා පුරුෂයාගේ ලග්නයට අයිති (ලග්නාධිපති) ගුරු තැන්පත් වෘශ්චික ලග්න රාශියට ගැන ගනිමු. රාශි හයක් දුරින් පිහිටා ඇත. ඊළඟට පුරුෂ ලග්නයට අයිති ග්‍රහයා (ලග්නාධිපති) තැන්පත් වෘශ්චික ලග්න රාශියේ සිට ස්‌ත්‍රී ලග්නයට අයිති ග්‍රහයා (ලග්නාධිපති) තැන්පත් මිථුන ලග්න රාශිය ගැන ගනිමු. රාශි අටක දුරකි. 6-8 යුගලය වැටෙනුයේ තත්කාලීන සතුරු සංඛ්‍යාවන්ටය. එහෙයින් ලග්න වලට ග්‍රහයින් (ලග්නාධිපති) තත්කාලීන සතුරන් වේ. අශුභ ප්‍රතිඵලය.
මීළඟට චන්ද්‍ර ලග්නයට අයිති ග්‍රහයින් (රාශ්‍යාධිපතීන්ගේ) තත්කාලීන ස්‌වභාවය විමසා බලමු. ස්‌ත්‍රී කේන්ද්‍රයේ චන්ද්‍ර රාශ්‍යාධිපති සඳු තැන්පත් කටක රාශියේ සිට පුරුෂ චන්ද්‍ර රාශ්‍යාධිපති සිකුරු තැන්පත් වෘශ්චික රාශියට ගැන ගනිමු. රාශි 5 ක් දුරින් පිහිටා ඇත. ඊළඟට අනෙක් අතට බැලූ විට එනම්, පුරුෂ චන්ද්‍ර රාශි අධිපති තැන්පත් රාශියේ සිට ස්‌ත්‍රී චන්ද්‍ර රාශි අධිපති තැන්පත් රාශියට ගැන බැලූ විට රාශි 9 ක දුරකි. 5-9 යුගලය වැටෙනුයේද තත්කාලීන සතුරු සංඛ්‍යාවන්ටය. එහෙයින් චන්ද්‍ර රාශ්‍යාධිපතීන්ද තත්කාලීන සතුරන්ය.

නෛසර්ගික සහ තත්කාලීන ග්‍රහ මිත්‍රත්වය
රාශ්‍යාධිපති පොරොන්දමෙහි ශුභ අශුභ භාවය තීරණය කළ යුත්තේ නෛසර්ගික සහ තත්කාලීන ග්‍රහ මිත්‍රත්වය ආදී ගුණයන් සලකා බැලීමෙන්ය. එය පහත පරිදි වේ.
නෛසර්ගික මිතුරු ග්‍රහයා තත්කාලීන මිතුරු නම් ඉතා ශුභයි
නෛසර්ගික සතුරු ග්‍රහයා තත්කාලීන සතුරු නම් ඉතා අශුභයි
නෛසර්ගික සතුරු ග්‍රහයා තත්කාලීන සතුරු නම් මධ්‍යස්‌ථයි
නෛසර්ගික සතුරු ග්‍රහයා තත්කාලීන මිතුරු නම් මධ්‍යස්‌ථයි
නෛසර්ගික මිතුරු ග්‍රහයා තත්කාලීන සම නම් ශුභයි
නෛසර්ගික සම ග්‍රහයා තත්කාලීන මිතුරු නම් ශුභයි
නෛසර්ගික සම ග්‍රහයා තත්කාලීන සතුරු නම් අශුභයි
නෛසර්ගික සතුරු ග්‍රහයා තත්කාලීන සම නම් මධ්‍යස්‌ථයි
මේ අනුව අවසාන ප්‍රතිඵලය නිගමනය කරගත යුතු අතර නක්‌ෂත්‍ර පොරොන්දම හා රාශි පොරොන්දම ශුභවීමෙන් රාශ්‍යාධිපති පොරොන්දමේ දෝෂ භංග වේ.
We found this article from Divaina on 2014/04/13.