[ratings]
ග්‍රහ මඬුල්ලේ සිටින නව ග්‍රහයන් වන රවි, සඳු (චන්ද්‍ර), කුජ, රාහු, ගුරු, ශනි, බුධ, කේතු හා ශුක්‍ර (සිකුරු) යන ග්‍රහයන් කොටස් දෙකකට බෙදා තිබේ. එයින් බුධ, සඳු, ගුරු හා සිකුරු යන ග්‍රහයන් ශුභ ග්‍රහයන් ලෙස නම්කර ඇති අතර ඉතිරි පස්‌දෙනා අශුභ ග්‍රහයන් වේ.
ජන්මියාගේ විවාහ දිවිය හෙවත් යුග දිවියට පාප ග්‍රහයන් ගෙන් අපල උදාකරන අවස්‌ථා අනන්තවත් අප දැක ඇත. නමුත් ශුභ ග්‍රහයන් ගෙන් යුග දිවියට කරදර, බාධක ඇති කරන අවස්‌ථා අප දැක ඇත්තේ ස්‌වල්ප වශයෙනි. නමුත් අපගේ විමර්ශනයන්ට පහසුවෙන් හසු නොවුණද බොහෝ අවස්‌ථාවලදී ශුභ ග්‍රහයන්ගෙන්ද අප නොසිතන අන්දමේ බාධක යුග දිවියට එල්ල වන බව පැහැදිලි වී තිබේ.
ජ්‍යෙdතිෂයේ දී සාමාන්‍යයෙන් පිළිගැනීම වී ඇත්තේ සෑම විටෙකම පාප ග්‍රහයන් අයහපත උදාකරන බවකි. එය සම්මතයක් ලෙස සාමාන්‍ය ජ්‍යෙdතිෂයේ දී භාවිතා වන්නකි. නමුත් අප නොසිතන බොහෝ අවස්‌ථාවලදී ශූභ ග්‍රහයන්ගෙන්ද බාධක යෙදෙන බව එම ග්‍රහයන් පිහිටි ආකාරයෙන් පැහැදිලි වී තිබේ.
බුධ, සඳු, ගුරු හා ශුක්‍ර යන ග්‍රහයන් හැම විටෙකම හැම මොහොතකදීම ශුභ ඵල උදා නොකරති. ඔවුන් ජන්ම කේන්දරවල ශුභ පල හානිකරන අවස්‌ථා එමට ඇති බව ධර්මාචාර්ය, ජ්‍යෙdතිර්වේදී ඩේවිඩ් ධර්මසේන මහතා බොහෝ අවස්‌ථාවල පෙන්වා දී තිබේ. එතුමාණන් විසින් රචිත
පැරැණි ලිපි, ලේඛන තුළින් එය මොනවට පැහැදිලි වේ.
ග්‍රහ මඩුල්ලේ ඉතාම ශුභ ග්‍රහයා ලෙසින් විරුදාවලි ලත් සුරගුරු හෙවත් ගුරු (බ්‍රහස්‌පති) ග්‍රහයාට කේන්ද්‍රස්‌ථාන දෙකක් අයිති වීම හේතුවෙන් මිථුන සහ කන්‍යා ලග්න දෙකට ශුභ පල ගෙන දෙනුයේ අඩුවෙනි. කන්‍යාව ලග්නය වූ විට හතරවැන්න ධනුව වේ. විවාහ ස්‌ථානය වූ හත්වැන්න මීනය වන අතර එම රාශි දෙකෙහිම හිමිකාරීත්වය පැවරී ඇත්තේ ගුරු ග්‍රහයාටමය. එබැවින් මිථුන, කන්‍යා රාශි දෙකටම බ්‍රහස්‌පති හෙවත් ගුරු පාපයකු වන බැවින් එම
දෙරැසෙහි උපන් ස්‌ත්‍රී, පුරුෂ ජන්මීන්ගේ විවාහ ජීවිත කෙරෙහි අනිටු පල උදාකරවීමට ගුරු මැදිහත්a වන බව පවසා තිබේ.
කන්‍යා ලග්නයෙන් උපත ලද අයගේ විවාහය, ප්‍රමාදවීම, අසාර්ථක වීම නොඑසේ නම් විවාහයක් සිදු නොවීම යන කවර අවස්‌ථාවකට හෝ භාජනය විය හැක. මා දන්නා කන්‍යා ලග්න හිමි කාන්තාවක් විවාහ වීමෙන් පසු අවුරුදු පහළොවක් පසුවීත් අදටත් දෙදෙනා රටවල් දෙකකය. ඇයගේ කේන්දරයේ ගුරු ග්‍රහයා විවාහ ස්‌ථානය වූ හත්වැන්න වූ මීනයේ ස්‌වක්‌ෂේත්‍රව සිටී. ගුරු දෙදෙනාට එකතු වන්නට ඉඩ නොදෙනවා මිස මෙහිදී දෙදෙනා වෙන්කර ඇත්තේ නීතියෙන් නොවේ. දෙරටක වුවද ඇයගේ සැමියා යුරෝපීය රටක සිට හරි හම්බ කරන ශතය පවා තම බිරිඳට එවන අතර ඇයද එම මුදල් අර පරිස්‌සමෙන් වැය කරමින් නව පන්නයේ තට්‌ටු නිවසක් ඉදිකරමින් සිටී. ඔවුන්ගේ ජීවිතවලට ඇත්තේ එක් අඩුවක් පමණි. ඒ සහකාර සම්බන්ධය නැතිකම පමණි. ගුරු ග්‍රහයා තම නිසඟ ගතිය නිසි ස්‌ථානයේ රැඳෙමින් පෙන්වූ හැටි අපුරු නොවේද?
මෙම සිදුවීම්වලට ප්‍රධාන හේතුව වන්නේ මිථුන හා කන්‍යා ජන්ම පත්‍රවල විවාහ ස්‌ථානයේ දී ගුරු බලවත් බාධක ග්‍රහයකු ලෙස ක්‍රියාත්මක වීමය. විවාහ ජීවිතය සම්බන්ධයෙන් බ්‍රහස්‌පති දක්‌වන ආකල්පය ඉතා පැහැදිලිය. මෙම ග්‍රහයා බොහෝ විට ජන්මියා ලෞකික බැඳීම්වලින් ඉවත් කිරීමට උත්සාහ දරන අතර විවාහ වුවත් පසුව පවුල් ජීවිතය මන්දෝත්සාහි කරවයි.
ලග්නය, මිථුන හෝ කන්‍යා දෙකෙන් එකක් වී ගුරු ග්‍රහයා 1, 4, 7, 10 යන කේන්ද්‍රස්‌ථාන ගතව සිටියේ නම් එහිදී ගුරුගේ බලය වැඩි බැවින් විවාහයක් සිදු නොවීමට ඉඩ ඇත. මෙම පිහිටීම විවාහයට බාධකයක් වුවද මහා දාර්ශනිකයකු, බුද්ධිමතකු බිහිකරලීමට තරම් සමත් ග්‍රහ පිහිටීමක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. එසේ නොමැති වුවහොත් ඉතා උසස් පෙළේ සංඝ පීතෘවරයකු බිහිකර වනු ඇත. නැතිනම් අවිවාහක බ්‍රහ්මචාරි (අනගාරික) බුද්ධිමතෙකු ලොවට දායාද කිරීමට එම ග්‍රහ පිහිටීම ඉවහල් වනු නොඅනුමානය.
සඳු, බුධ, සිකුරු යන ග්‍රහයන් ජන්මියා ගිහි ජීවිතයෙන් ඉවත් කර තැබීමට තැත් නොකරති. එහෙත් දුර්වලව, බල රහිතව පිහිටි විටදී යුග දිවි සැපතට බොහෝ සේ බාධක පමුණුවන බව අත්දැක තිබේ. සිකුරු ග්‍රහයා උච්චව සිටින අයගෙන් බොහෝ දෙනකුගේ විවාහ ජීවිත අසාර්ථක වී ඇති අන්දම මෙතෙක් කරන ලද පර්යේෂණවලින් සනාථ වී ඇත. සිකුරු උච්ච වන්නේ ගුරු හිමි මීන රාශියේදීය. ලග්නය කුමක් වුවත් මීනයේ සිකුරු සිටී නම් එවිට සිකුරු උච්ච බලයෙන් පිහිටීමකි. නමුත් සිකුරු 1, 7, 8 යන ස්‌ථානයක පිහිටියේ නම් පමණක් විවාහය කෙරෙහි බලපෑම් ඇතිවීම සත්‍යයකි. මීන ලග්නයේ දී 1 භාවය හෙවත් ලග්න ස්‌ථානයේත්, කන්‍යාවට හත්වැන්න වූ මීනයේදීත්, සිංහ ලග්නයට 8 වැන්න වූ මීනයේදීත්, සිකුරු උච්ච බලයෙන් යුක්‌ත වන බැවින් මීන, කන්‍යා, සිංහ ලග්නවලින් උපත ලද ජන්මීන්ගේ විවාහයද මද කලකින් අසාර්ථක වී ඇත. යුග දිවි සැපතට බාධා කරන බලය සිකුරුගෙන් එල්ල වන්නේ වැඩි වශයෙන්ම කුජ සමග සංයෝගව සිටීමෙනි. ලග්න විශේෂයක් නොමැතිව කුජ හා ශුක්‍ර යන ග්‍රහයන් ලග්නය හත යන ස්‌ථාන ගතවුණි නම් ජන්මියා ළාබාල වයසේදීම විවාහයකට පොළඹවන බව මෙතෙක් පරීක්‌ෂා කරන ලද ජන්ම පත්‍රවලින් අපට පැහැදිලිව ඇත.
රාහු, ශනි දෙදෙනාගේ යෝගය ලිංගික බෙලහීනත්වය ඇති කරවන්නකි. ඊට හේතුව වනුයේ අයථා ක්‍රම හා අයථා මාර්ගවලින් ලිංගික තෘප්තිය ලැබීමට දිගින් දිගටම මහත් ආශාවක් දැක්‌වීමය. තමාට වඩා වයසින් වැඩි අය සමග ලිංගික ක්‍රියාවලියේ නියෑලීමට මොවුන් දක්‌වන්නේ පුදුමාකාර උනන්දුවකි. එමෙන්ම වයසින් වැඩි අය හා විවාහ වන්නේද බොහෝ දුරට මෙම රාහු, ශනි සංයෝගය හත්වැන්නේ යෙදුන ජන්මීන් බව අපගේ පරීක්‌ෂණවලින් වැඩිදුරටත් හෙළිවී ඇත. බොහෝ විට මොවුන් විවාහයට බියෙන් කල්ගෙවන අතර සමහර විට මානසික රෝගීන් වීමටද ඉඩකඩ තිබේ.
ලග්නයේ හෝ සත්වැන්නේ ස්‌ථානගතව සිකුරු කවර පාප ග්‍රහයකු සමග එක් වුවත් විවාහයට අගුණදායකය. විවාහක බිරිඳ සිටියදී අනියම් සබඳතා පවත්වන්නෝද දික්‌කසාදවලට පැටලෙන්නෝද කුජ, ශුක්‍ර සංයෝග වූ ජන්ම පත් හිමියන් බව නිබයව පැවසිය හැක.
සිකුරු උච්චවීම සාර්ථක විවාහයකට අයෝග්‍ය බව මීට ඉහතින් දක්‌වන ලදී. එලෙස වන්නේ කෙසේදැයි විමසා බැලීම වටී. සිකුරු උච්ච වූ විට ජන්මියා වගකීමකින් තොරව විනෝදකාමී බවකින් කටයුතු කිරීමට පෙළඹෙයි. ජන්මියාගේ මෙම නිදහස් විනෝදකාමී බව අඩුකොට වගකීමක් ඇති සැමියකු හෝ බිරිඳක වශයෙන් විවාහ දිවිය ගතකළ යුතුය. එසේ නැතිවුවහොත් යුග දිවියට කණකොකා හැඬලීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.
විවාහයේ පරමාර්ථය වනුයේ විනෝදකාමීව මෙවුන්දම් සේවනයේa යෙදීම ම පමණක් නොවේ. උතුම් සාරධර්ම රාශියක් යුග දිවියෙන් අපේක්‌ෂා කරන අතර යුතුකම් ඉටුකිරීමක්‌ද එමගින් සිදු කෙරේ. සිකුරු උච්ච වී සිටී නම් විවාහය නමැති මන්දිරයේ පිවිතුරුකම පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය. අසීමිත ලෙසින් විනෝදයට මුල්තැන දීමෙන් ඇතැම් විට මොවුන්ගේ විවාහ කෙළවර වනුයේ උසාවියෙන් නැතිනම් දිවියෙන් සමුගැනීමෙනි. ගුරු සිකුරු දෙදෙනාගේ සංයෝගයද විවාහයට අශුභදායක වේ. මෙම ග්‍රහයන් දෙදෙනා එකිනෙකාට වෛරීය. විවාහය සම්බන්ධයෙන් මේ දෙදෙනාගේ ආකල්පයන්ද පරස්‌පර විරෝධී වේ.
කේන්දරයක 1-7-8-9 භාවයන් හී ගුරු, ශුක්‍ර සංයෝගය යෙදීම යුගදිවි සැපතට බොහෝ බාධා පමුණුවන පිහිටීමකි. නව වැන්නේ යෙදුන මෙකී සංයෝගය විවාහයට එතරම් බල නොපාන නමුත් පවුල් දිවිය ගෙන යැමට සිදු වනුයේ දැඩි අගහිඟකම් මැද වීම විශේෂත්වයකි. මෙයද එක්‌තරා අන්දමක අසාර්ථක යුග දිවියකි.
සඳු, බුධ දෙදෙනාගේ සංයෝගය පවුල් ජීවිතයට බාධාවක් වන්නේ කලාතුරකිනි. අවපස සඳු ද, පාපයන් සමග වූ බුධද පාපයන් ලෙස සැලකේ. මෙයින් ගුරු, බුධ සංයෝගය ඉතාම අහිතකර පිහිටීමක් ලෙස පෙන්වා දිය හැක. ගුරු, ශුක්‍ර මෙන්ම, ගුරු, බුධද මහා වෛරකාරී ග්‍රහයන් ලෙස සැළකේ. බුධ සමග කුමන ස්‌ථානයකදී එක්‌වූවත්, ගුරු බුධගේ භාව පල නසනු ඇත. මෙසේ හෙයින් ධනු, මීන ලග්න දෙකෙන් උපත ලද අයට බුධගෙන් විවාහ සැපතට බාධා කරවන අහිතකර කිරණ විහිදුවනු ඇත.
ධනු, මීන ලග්නවලදී, බුධ ග්‍රහයා ලග්නයේ සිටියේ නම් එම පිහිටීම යහපත් නොවේ. ගුරු, බුධ සංයෝගව සිටියේ නම් තත්ත්වය තව තවත් නරක් වනු ඇත. නමුත් විවාහයට මෙම ගුරු බුධ යෝගය අයහපත් වුවද ශාස්‌ත්‍ර ඥනය සම්බන්ධයෙන් උසස්‌ම ඵල ගෙන දෙන යෝගයක් ලෙස මෙම යෝගය හඳුන්වා දිය හැක.
සඳු හෙවත් චන්ද්‍රයා සිතට හා රාගාන්විත හැඟීම්වලටද බලපාන ග්‍රහයෙකි. එබැවින් ලිංගික ජීවිතයේ දී මතුවන ගැටලුවලදී විවාහය දෙදරා යැමට බොහෝ විට සඳු හේතු වෙයි. නමුත් කිසිම දිනක සඳු ග්‍රහයාට තනිවම එවැනි කඩාකප්පල්කාරී වැඩක් කළ නොහැක. සඳු, කුජ අටවැන්නේ යෝගවීම හෝ හය හත භාවයන් හී සිටීමද ලිංගික ආබාධ ඇති කරවන පිහිටීමකි. ලිංගික ආශාවන් සපුරා ගැනීමේදී ඇතිවන බාධාවන් හේතුවෙන්ද බොහෝ විට විවාහ කඩාකප්පල් වී යනු දක්‌නට ලැබෙයි. මෙය “චන්ද්‍ර මංගල” යෝගය නමින් ජ්‍යෙdතිෂයේ හැඳින්වෙයි. තවද සඳු ග්‍රහයා ශනි, රාහු, කුජ සමග සංයෝග වීමෙන්ද විවාහය කඩාකප්පල් වීමට බොහෝ දුරට ඉඩ ඇත.
ශුභ ග්‍රහයන්ගෙන් යුග දිවි සැපතට එල්ල වන බාධක අළුයට සැඟවුන ගිනි පුපුරු වැනිය. පාප ග්‍රහයන් ගෙන් එල්ල වන බාධා බැලු බැල්මට අවබෝධ කරගත හැකි නමුත් ශුභ ග්‍රහයන්ගේ චාරය, බලය, දෘෂ්ටිය මැනවින් අවබෝධ කර ගැනීමෙන් විනා ශුභ අශුභ ඵල කිව හැකි නොවේ.
යුග දිවියක චිරස්‌ථිතිය වාසනාවන්ත පැවැත්ම සඳහා පරීක්‌ෂාවට ලක්‌කළ යුතු ග්‍රහ පිහිටීම් හා ග්‍රහ බලපෑම් ප්‍රමාණය අපමණය. සප්ත මහා සාගරය වන් ජ්‍යෙdතිෂ විද්‍යාවේ පරක් තෙරක් තවමත් නොපෙනෙන බැවින් වැඩි වැඩියෙන් පරීක්‌ෂණයන්හි යෙදෙමින් මෙම අනගි ශාස්‌ත්‍රය තව තවත් බබළවන්නට උගත් ජ්‍යෙdතිෂවේදීන්ගේ සහාය ඉදිරියටත් අප වෙත ලැබිය යුතුමය.
We found this article from Divaina on 2012/06/08.
Also Sinhala to English Google word to word translation can be found here